Yamaha MT - 15 ලංකාවේ බලගතුම 150cc Naked වණ්ඩියේ ගුණ අගුණ - Wandi - වණ්ඩි

Wandi - වණ්ඩි

Sri Lanka's leading website about Motorcycles. Keep in touch with us...

Click here to read this post in ENGLISH


Thursday, March 26, 2020

Yamaha MT - 15 ලංකාවේ බලගතුම 150cc Naked වණ්ඩියේ ගුණ අගුණ



අද මාතෘකාව මේ වෙනකොට ලංකාවේ ජනප්‍රියත්වය අතින් ඉහල තැනක ඉන්න Yamaha MT - 15 යතුරුපැදිය. මේ MT කියන යතුරුපැදි පවුල යමහා සමාගමේ Naked යතුරුපැදි පවුල විදියට සැලකෙනවා. 125cc සිට 1000cc දක්වා යතුරුපැදි මේ MT නොහොත් Master Of Torque යතුරුපැදි පවුලේ දැකගත හැකියි.

ඉතිහාසය 

මීට පෙර යමහා විසින් MT පවුලේ 150 හිඩස පිරවීමට යොදාගනු ලැබුවේ Yamaha M-Slaz 150 යතුරුපැදියයි. මෙය 2015 දි හඳුන්වා දුන් යමහා විසින් 2018 වසර මුලදි නිෂ්පාදනය නතර කර ඒ වෙනුවට නවතම MT 15 යතුරුපැදිය හඳුන්වා දෙනු ලැබුවා. මේ යතුරුපැදිය වර්ග දෙකකින් එන අතර International මාදිලියේදි USD Suspension, Dual Channel ABS, Aluminum Swing Arm සහ ඉහල ප්‍රමිතියෙන් එන ප්ලාස්ටික් වලින් සමන්විත වනවා මේ මාදිලිය ඉන්දුනීසියාවේ සහ තායිලන්තයේ දී නිෂ්පාදනය වනවා.

මෙහි අනෙකුත් මාදිලිය වන ඉන්දියානු මාදිලිය මෙරට වෙලඳපොළට හඳුන්වා දී ඇති අතර මේ යතුරුපැදියට Telescopic Suspension, Single Channel ABS යන අංග යොදාගෙන තිබෙනවා මේවා සම්පුර්ණයෙන්ම FZ Version 3.0 යතුරුපැදියෙන් ලබාගත් කොටස් වනවා. එමෙන්ම සාමාන්‍ය Box Type Swing arm එකක් යොදාගෙන තිබෙනවා. තවද මෙහි Engine, Chassis, සහ Gear Box සම්පුර්ණයෙන්ම R15 යතුරුපැදියෙන් ලබාගෙන ඇත

Engine

ඕනෑම යතුරුපැදියක හදවත එන්ජිමයි. මේ යතුරුපැදියේ එන්ජිම ලෙසට Yamaha විසින් YZF - R15 V3 යතුරුපැදියෙහි එන 155cc තනි සිලින්ඩර වෑල්ව 4ක VVA තාක්ෂණය ( R15 ලිපියේ මේ VVA ගැන සඳහන් කර ඇත) සහිත එන්ජිමම ලබා දී ඇති නමුත් වෙනස් ආකාරයකට එන්ජිම සුසුර කර ඇත.

අශ්වබල 19ක බලයක් 10,000RPM හී ද 13.9ක Torque එකක් 8,500RPM හී ද ලබා දෙන මේ යතුරුපැදිය R15 යතුරුපැදියට වඩා 0-60 වේගය ඉක්මනින් ලබා ගත්තද 100kmph වලින් පසුව යම් වේගයේ හීන බවක් දක්වනවා ඒ වගේම R15 මෙන් 145kmph පසු කරන උපරිම වේගයක් මේ යතුරුපැදිය සතු වන්නේ නැහැ. මෙහි උපරිම වේගය පැයට කිලෝමීටර් 130 පමණ වනවා.

සිසිලන පද්ධතිය සහ ඉන්ධන සැපයුම

මේ යතුරුපැදියටත් R15 හී මෙන් ද්‍රව සිසිලන පද්ධතියක් ලබා දී තිබෙනවා මේ නිසා ඉතාම හොදින් එන්ජිමේ උෂ්ණත්වය පාලනය කරගැනීමට MT15 සමත් වනවා. මෙරට 150 Naked යතුරුපැදි අතර ද්‍රව සිසිලන පද්ධතියක් ඇති එකම යතුරුපැදිය MT15 වන අතර 125 කාණ්ඩයේ Duke 125 සහ Duke 125 EU යතුරුපැදි දෙක හට ද ද්‍රව සිසිලන පද්ධතියක් යොදාගෙන තිබෙනවා.

ඉන්ධන සැපයුම Electronic Fuel Injection (EFI) තාක්ෂණය මගින් සිදු වන අතර පෙට්‍රල් ලීටර එකකට කිලෝමීටර් 40 පමණ ධාවනයට ඉඩ සලසන මේ MT15 යතුරුපැදිය  ට මේ EFI පද්ධතිය නිසා දෙදරීම් අවම සුමට ධාවනයකට ඉඩ ද නඩත්තු අවමයෙන් භාවිතා කිරීමේ පහසුව ද ලැබි තිබෙනවා.

Design

යමහා MT පවුලේ වැඩිමල් සොහොයුරු වන MT 10 සහ 09 ආභාශයෙන් එන මේ MT15 හට ද LED සහ Projector lamps සමහ එන Headlamp එකක් යොදාගෙන තිබෙනවා. එමෙන්ම MT 09 එකේ අභාශයෙන් එන ලීටර 10ක ඉන්ධන ටැංන්කියක් ද යොදාගෙන තිබෙනවා.  R15 හී එන Delta Box චැසිය මේ යතුරුපැදිය ට යොදාගෙන ඇති යමහා සුවපහසු ධාවනයකට සහ හැසිරවීමකට ඉඩ ලබා දෙන Seating position එකක් සහ Handle position එකක් ලබා දී තිබෙන නමුත් මෙහි පසුපස ගමන් ගන්නා කෙනාට නම් වැඩි ඉඩක් නොලැබෙන අතරම පහසුවෙන් අල්ලා ගැනිමට Hump Holders ද ගැලපෙන තැනක පිහිටා නැත.

යතුරුපැදියෙහි බර කිලෝග්‍රෑම් 138 වන අතර Seat Height සහ Ground Clearance පිලිවෙලින් 810mm සහ 170mm ලෙස දැක්වෙනවා.

Instrument Cluster

යතුරුපැදියේ Meter එක ආකර්ෂණීය නෙගටිව් වර්ණ වලින් නිර්මාණය කර ඇති යමහා මෙහි Speed, RPM, ODO, Time, Fuel Gauge, Trip සහ Gear Position Indicator ඇතුලත් කර තිබෙනවා. කෙසේ වෙතත් ඉර එලිය හෝ බාහිර ආලෝකය වැඩි පරාවර්තනයක් කරන අවස්තාවන් වල මේ මීටරය තරමක් අපහැදිලි බවක් ගන්නවා.

තවත් විශේෂ කරුණක් සඳහන් කලොත් මෙහි Switches වල පිහිටීම තරමක් පැටලිලි සහගතයි එනම් මෙහි Horn එක පිහිටා ඇති තැන Signal ද Signal ඇති තැන  Horn ද ලෙස ස්ථාන මාරු කර තිබෙනවා. මෙය MT පවුලේ අනෙකුත් යතුරුපැදි වලද දැකගත හැකියි.

Gears සහ Clutch

වේග 6ක ගියර් පද්ධතියකින් එන මේ  MT 15 හට R15 හී එන Slipper Clutch එක ද ලබා දී තිබෙනවා. මේ නිසා ගියර් මාරු කිරීමේදි සහ එක වර ගියර් කිහිපයක් පහලට කැඩීමේදි ගියර් හිර වීම සහ පසුපස රෝදය හිර වීම මගහරවා ගැනීමට අවස්තාව ලැබි තිබෙනවා.

Suspension

මේ යතුරුපැදිය සඳහා FZ හී එන Suspension පද්ධතිය එලෙසම යොදා ගැනීමට Yamaha තීරණය කර තිබෙනවා ඒ බොහො විට නිෂ්පාදන පිරිවැය අඩු කරගැනීමට විය හැකියි. මෙහි ඉදිරිපස සාමාන්‍ය Telescopic Forks යුගලයක්ද පසුපස Monoshock සමඟින් Box Type Swing arm එකක් ද යොදාගෙන තිබෙනවා.

Brakes

Suspension මෙන්න බ්‍රේක් ද FZ V3 යතුරුපැදියෙන් ලබා ගෙන ඇති Yamaha මේ යතුරුපැදියට ඉදිරිපස 282mm Disk එකක් සමඟ Single Channel ABS සමඟ Dual Piston Caliper එකක් යොදාගෙන තිබෙනවා. පසුපස  220mm Disk එකක් සමඟ තනි පිස්ටන් කැලිපරයක් ද යොදාගෙන ඇත. MT 15 හී ABS අඩංගු උන ද මෙහි වේගය සහ බලය සමඟ සැසදු විට Stopping power එක හොඳ මට්ටමක නැති බව සඳහන් කල යුතුමයි. අනෙකුත් ABS යතුරුපැදි වන Duke 125 Dke 125 EU වැනි යතුරුපැදි වල හොඳ Stopping power එකක් මීට සාපෙක්ශව ඇති බව සඳහන් කල යුතුයි.

Tyres

ඉදිරිපස 100/80-70 සහ පසුපස 140/70 ප්‍රමාණයෙන් ටියුබ් රහිත ටයර් යොදාගෙන තිබෙන අතර මෙහි Grip එක හොඳ මට්ටමක පවතිනවා කෙසේ වෙතත් Duke මාදිලි වල මෙන් 150 ප්‍රමාණයෙන් ටයරයක් ලබා දුන්නා නම් තවත් පෙනුම සහ ඝර්ෂණ වැඩි වීමට ඉඩ තිබෙනවා.

වෙනත් කරුණු සහ මිල 

මේ යතුරුපැදිය සමඟ Naked කාණ්ඩයෙන් තරඟයට සිටිනා යතුරුපැදි දෙක වන්නේ Duke 125 සහ Duke 125 EU යතුරුපැදි දෙක පමණි ඒ යතුරුපැදි වල USD Suspension, BOSCH ABS, Trellis Fram, පුලුල් වැනි අංග ඇති නමුත් වේගය සහ බලය අතින් නිතරඟයෙන් MT 15 ජයග්‍රහණය කරනවා. මේ ලිපිය පල කරන මොහොත වෙන විට MT 15හී මිල රුපියල් 579,900 පමණ වන අතර මිල ගනන් දැණුම් දීමකින් තොරව වෙනස් විය හැකියි.

යතුරුපැදිය ගැන ගුණ අගුණ මෙසේ සටහන් කරා තීරණය ඔබට බාරයි. ගැටලු යෝජනා චෝදනා අපේ FB පිටුවට යොමු කරන්න. MT15 ගැන අදහසක් පහල ඡායාරූප වලින් ලබා ගන්න.

කරුණාකර කතෘ අයිතිය සුරකින්න.

Wandi - වණ්ඩි©











No comments:

Post a Comment