අද මාතෘකාව වර්ථමානයේ ඉතාමත් ජනප්‍රිය 160 කාණ්ඩයේ යතුරුපැදියක් වන බජාජ් පල්සර් N160 යතුරුපැදිය මෙම යතුරුපැදිය ගැන හඳුන්වා දීමට පෙර මේ ලිපිය කියවන ඔබ පල්සර් ලෝලියෙක් නම් ප්‍රථමයෙන් පල්සර් ඉතිහාසය ලිපිය මෙතනින් කියවා පැමිණෙන්න.
Bajaj Pulsar N160 ඉතිහාසය සහ මාදිලි
මෙම යතුරුපැදිය නිකුත් වීමට මුල් අඩිතාලම සිදු වන්නේ 2021 වසරේදි බජාජ් විසින් Yamaha FZ250 යතුරුපැදිය හා කරට කර තරඟ කිරීමට පල්සර් N250 හා F250 නිකුත් කිරීම සමඟයි. පසුව 2023 වසරේදි N250 හී දැඩි ආභාශය සමඟ මුල් වරට DTS-i තාක්ෂණය සමඟ N150 හා N160 නිකුත් කරන අතර 150 කාණ්ඩයේ යතුරුපැදිය අලෙවිය 2024 දී නවතා දමා N160 යතුරුපැදිය මාදිලි 3කට වෙන් කරනු ලබනවා.
ඒ තනි සීට් එකක්,සෙමි ඩිජිටල් මීටර් පද්ධතියක්, ටෙලස්කොපික් ෆෝක් හා තනි ABS සහිත බේස් මාදිලිය, වෙන් වූ සීට් සහ Dual ABS සහිත Regular මාදිලිය සහ Up Side Down Suspension , LED Indicators, Bluetooth,Navigation, Riding Modes සහිත ප්‍රිමියම් මාදිලියත් ලෙසටය.
මෙම මාදිලි 3න් දෙකක් මෙරට මිලදී ගැනීමට ඇති අතර Suspension, Eletronics හා වර්ණ රටා හැර සාමාන්‍ය N160 මාදිලියේ හා ප්‍රිමියම් මාදිලිය අතර සුවිශේෂ කැපි පෙනෙන අංග දැක ගැනීමට හැකියාවක් නොමැත.
මෙම N සීරිස් මාදිලියෙන් බජාජ් සමාගම බලාපොරොත්තු වූයේ ක්ලැසික් පල්සර් යතුරුපැදියෙහි ඉන්ධන කාර්‍යයක්ෂමතාව සහ සුව පහසුව මෙන්ම NS මාදිලියේ වේගය බලය ජවය හා පෙනුම ලබා දීමය
එන්ජිම
164.82 සීසී තනි සිලින්ඩර තනි කෑම් ශාෆ්ට් වෑල්ව 2ක ෆුඑල් ඉන්ජෙක්ෂන් එන්ජිමකින් බල ගැන්වෙන මෙම යතුරුපැදියෙහි ප්‍රිමියම් මාදිලිය එයා කූල් හරහා ද අනෙක් මාදිලිය ඔයිල් කූල් තාක්ෂණය හරහා ද සිසිල් කර ගැනීම සිදු කරනවා. මේ සමඟ ඉතා සුලු වශයෙන් ප්‍රිමියම් මාදිලියට වඩා ඉක්මනින් එන්ජිම සිසිල් කර ගැනීමේ හැකියාවක් සාමාන්‍ය 160 යතුරුපැදිය සතුව තිබුනද එය කැපි පෙනෙන වෙනසක් ලෙසට පෙන්වා දීමට අපහසුයි. අනෙක් අතෙන් 160 ප්‍රිමියම් යතුරුපැදිය එයා කූල් වීම සමඟ නඩත්තු කටයුතු අවම වීම සහ හදිසි අනතුරකදි නඩත්තු පිරිවැය දැරීමද අවම විය.
මීට අමතරව අදාල කාණ්ඩයේ එනම් 160සීසි ස්පොර්ට් කම්‍යූටර් කාණ්ඩයේ හොඳම 0-60 වේගය ද ඉහලම ඉන්ධන කාර්‍යයක්ෂමතාව ද ලබා දීමට මෙම එන්ජිමට හැකියාව ලැබි තිබෙනවා ඒ 8750RPM හී අශ්වබල 16ක බලයක් ද නිව්ටන් මීටර් 14.65ක ටෝර්ක් එකක් 6750RPM හී ද ජණනය කර දෙමිනි.
ගියර් පද්ධතිය
වේග 5ක ඉතාම සුමට හා කාර්‍යයක්ෂම ගියර් පද්ධතියක් මෙම යතුරුපැදියට එක්කර තිබෙනවා මෙමගින් යතුරුපැදියෙහි සම්පුර්ණ බලයෙන් 85%කට වඩා මුල් ගියර් 4න් ලබා ගැනීමටත් නගරාන්තර ගමන්වලදි ගියර් හුවමාරුව අවම කර දීමටත් සමත්ව තිබෙනවා. බජාජ් සමාගම තම වේග 6ක ගියර් පද්ධතිය 160 වේගය සහ ජවය ඉලක්ක කර නිමැවු නේකඩ් ස්පොට් කාණ්ඩයේ NS160 යතුරුපැදියට සහ නවතම KTM 160 යතුරුපැදිය සඳහා වෙන් කොට තිබෙනවා.
ඉලෙට්‍රොනික පද්ධතිය
යතුරුපැදි දෙකම Eletronic Fuel Injection තාක්ෂණය බල ගැන්වෙන අතර පාලන කටයුතු සියල්ල නවතම ECU එකක් හරහා සිදු කරගනු ලබනවා මෙම ECU පද්ධතිය යතුරුපැදියෙහි Sensor සහ Actuator සියල්ල පාලනය කරනු ලබන අතර ඉතාම නිරවද්‍ය සහ කාර්‍යයක්ෂම ධාවනයකට ඉඩ සලසා දෙනවා. මීට අමතරව ප්‍රිමියම් මාදිලිය සඳහා Turn By Turn Navigation, Caller ID, Call Answer or Decline හැකියාව සහිත බ්ලූටුත් සම්බන්ධතාව සහිත මීටර් පද්ධතියක් ද එක්කොට තිබෙනවා.
එමෙන්ම වෘකයෙකුගේ මුහුණේ ආභාශය සහිත ප්‍රොජෙක්ටර් හෙඩ් ලාම්පුව සහ DRL (Daytime Running Lamps) යතුරුපැදිය සඳහා ආකර්ෂණීය පෙනුමක් ද රාත්‍රී ගමන්වලදි ඉතා හොඳ පරාසයකට විහිදෙන ආලෝකයක් ද ලබා දෙනවා. එමෙන්ම සුලු වශයෙන් මෙම හෙඩ් ලයිට් එකේ ආලෝකය පතිත වන ස්ථානය හෙඩ් ලයිට් සීරු මාරු නොබ් එක හරහා සීරු මාරු කර ගැනීමේ හැකියාවද පවතිනවා.
මීට අමතරව සිග්නල් ඉන්ඩිකේටර් සහ ටේල් ලයිට් කොටස ද සම්පුර්ණයෙන් LED ආලොකයෙන් බල ගන්වා තිබෙනවා මේ නිසා අඩු විදුලියකින් වැඩි ආලොකයක් ජණනය කිරීමටත් ආකර්ෂණීය පෙනුමක් ලබා දීමටත් හැකියාව හිමි වී තිබෙනවා.
Design
ලීටර 14ක යකඩ ඉන්ධන ටැංකිය ආකර්ෂණීය සහ සුවපහසු වෙන් වූ සීට් කට්ටලය, Single Piece හැඩල් එක යතුරුපැදියෙහි පෙනුමට මෙන්න දුර ගමනකට සුවපහසුව එක්කර දීමට සමත්ව තිබෙනවා.
මෙම යතුරුපැදියෙහි සීට් උස මිලිමීටර් 795 ලෙසත් බර කිලෝ 154 ලෙසටත් සටහන් වනවා මෙම සීට් හයිට් එක ඕනෑම උසක අයෙකුට ගැලපෙන අතර අඩි 5ක වැනි උසක අයෙකුට උනත් යතුරුපැදිය පහසුවෙන් හසුරුවා ගැනීමට උපකාර වනවා.
Suspension
මෙහි ප්‍රිමියම් මාදිලියේදි ශැම්පේන් ගෝල්ඩ් වර්ණයේ මිලිමීටර් 37 Up Side Down Suspension කට්ටලයක් ද සාමාන්‍ය මාදිලියෙදි මිලිමීටර් 37 ටෙලස්කොපික් ෆෝක් කට්ටලයක්ද අන්තරගත කර තිබෙනවා. ප්‍රිමියම් මාදිලිය USD වෙනවාත් සමඟ වඩා වැඩි සුවපහසු හැසිරවීමක් මෙන්ම හොඳ පෙනුමක්ද යතුරුපැදියට එක්කර තිබෙනවා. එමෙන්ම පසුපස එජස්ටබල් මොනෝ සස්පෙන්ශන් කට්ටලයක් යොදාගෙන තිබෙනව.
Brakes
150 හා 160 කාණ්ඩයේ විශාලම ඩිස්ක් යුගලය සහ බ්‍රෙකින් මොඩ්ස් ඇති එකම මාදිලිය ලෙසට හඳුන්වා දිය හැකි මෙම යතුරුපැදියෙහි ඉදිරිපස මිලිමීටර් 300 ඩිස්ක් එකක් සමඟ ග්‍රිමේකා කැලිපරයක් ද පසුපස මිලිමීටර් 230 ඩිස්ක් එකක් සාමඟ ග්‍රිමේකා කැලිපරයක් ද දැකගන්න ලැබෙනවා. මීට අමතරව රෝඩ්, රේන් සහ ඕෆ් රෝඩ් නමින් ABS මොඩ්ස් 3ද අන්තර්ගත කර තිබෙනවා.
ඇලෙවියෙන් පසු සේවා සහ අමතර කොටස්
මාගේ පෞද්ගලික අද්දැකීම් ද සමඟ මේ ගැන කතා කලොත් 2020 වසරේ ඇති වූ කොරෝණා තත්වයේදි වාහන සහ වාහන අමතර කොටස් ආනයනය නවතා දැමූවද හැකි සෑම අවස්ථාවකම අත්‍යාවශ්‍ය අමතරකොටස් හෝ සපයා දෙමින් සහ සේවා ස්ථාන වන ගුණාත්මක බව නඩත්තු කරමින් පවත්වාගෙන ගිය සන්නාමයක් ලෙසට බජාජ් පෙන්වා දිය හැකියි. එමෙන්ම දිවයිනේ වැඩිම අමතර කොටස් අලෙවි ජාලය සහ සේවා ජාලය, බ්‍රේක් ඩවුන් සේවා වැනි ගුණාංග සමඟ යතුරුපැදි හොඳින් නඩත්තු කර ගැනීමේ හැකියාව ලැබි තියෙනවා .
මෙම ගුණාංග මෙම කාණ්ඩයේ අනෙකුත් තරඟකාරි සන්නාම අතර තරමක් අඩුවෙන් දැක ගැනීමට ලැබෙන සුවිශේෂ ගුණාංග ලෙස පෙන්වා දිය හැකියි.
මෙම යතුරුපැදිය සමඟ තරඟය Yamaha FZ V2, V4, Hero Hunk 160 වැනි යතුරුපැදි මෙරට සිටින අතර ඒ යතුරුපැදි ගැන ඉදිරියේදි කතා කරමු.
මෙම යතුරුපැදියෙහි මිල ප්‍රිමියම් මාදිලිය
995,950 ලෙසටත් අනෙක් මාදිලිය 934,950 ලෙසටත් මිල සඳහන් වනවා.
මෙම මිල ගණන් පූර්ව දැණුම්දීමකින් තොරව වෙනස් විය හැක.
කරුණාකර කතෘ අයිතිය සුරකින්න.











No comments:
Post a Comment