Demak DTM 200 ගැන සිංහලෙන් - Wandi - වණ්ඩි

Wandi - වණ්ඩි

Sri Lanka's leading website about Motorcycles. Keep in touch with us...

Click here to read this post in ENGLISH


Thursday, October 5, 2017

Demak DTM 200 ගැන සිංහලෙන්

අද මාතෘකාව Demak DTM 200 සමහර කට්ටිය කිව්වානේ ඩිමැක් එකට මඩ ගැහුවා ඒ ගැන කතා කරන්නේ වත් නෑ කියලා මුලින්ම කිව්වොත් අපි ඩිමැක් එකට මඩ ගැහුවේ නෑ කිව්ව හැමදේම ඇත්ත මොකක් හරි දෙයක් බොරු නම් ඔප්පු කරන්න පුලුවන් නේ බහුතරයක් බයික් වලට උන දේ තමයි අපේ ඩිමැක් ඇත්ත කතාව කියන ලිපියේ ලිව්වේ.කොහොම හරි අද ඉතින් DTM 200 එකේ review එකක් අරන් ආවා DTM එක තෝරගත්තේ ලංකාවේ වැඩියෙන්ම අලෙවිවෙන demak bike එක DTM නිසාත් ලෙඩ නඩු අනිත් demak ඒවට වඩා සාපේක්ෂව අඩු නිසාත් එහෙනම් review එකට සෙට් වෙමු.

මුලින්ම මේ බයික් එකේ Engine එක ගැන කතා කරලා ඉමු 193cc,Single-cylinder, SOHC, 4-stroke 4 valve එන්ජින් එකක් සහිත මේ බයික් එකට 18bhp(අශ්වබල) උපරිම බලයක් ලබා ගැනීමට හැකි අතර 0-60 වේගයට ලඟා වීමට තත්පර 4.6ක වගේ කාලයක් ගත වෙන අතර bike එකේහි අන්තරගත මීටර් එකේ සාමාන්‍ය 60kmph වේගය 65-66kmph වේගයක් ලෙස පෙන්නුම් කෙරෙනවා මොකද තරමක් වැඩියෙන් ඩිමැක් බයික්ස් වලට මීටර් එක කැරකෙනවා.

0-100 වේගයට ලඟාවීමට තත්පර 10.4ක පමණ කාලයක් ගත වෙනවා ඒවගේම ඩිමැක් මීටර් එකට අනුව 140kmph පමපම වේගයකුත් සැබෑවටම 130kmph පමණ වේගයකුත් ලබා ගැනීමට ඉඩ ලැබෙනවා මේ බයික් එකේ බර හා එන්ජින් capacity එක අනුව මේ වේගය හොද වේගයක් විදියට සදහන් කරන්න පුලුවන් ඒත් වසර 2ක් පමණ කාලය යත්ම එන්ජින් එකේ කාර්යක්ෂමතාව තරමක් අඩු විය හැකී (30000km පැද්ද dtm 150 එකක් පැද්දා ලගදි කොච්චර ඇක්සිලේට් කලත් එක දැන වගේ සද්දේ විතරයි.ගත්ත අලුත ගැම්ම තිබ්බේ නෑ)කෙසේ වෙතත් නිසි ආකාරයට නඩත්තු කටයුතු වලට ලක් කලා නම් තරමක් දුරට ඒ ආකාරයට අපහසුතාවට පත් වීම අවම කර ගත හැකියි.

Wet multiplate disc clutch එකක් හා වේග 5ක ගියර් පද්ධතියක් සහිත මේ බයික් එක තරමක් gear ඉහලට shift කිරීමකදී ගියර් හිරවීමකට තද බවක් දැනීමට ඉඩ තිබෙනවා.

Carburettor එකක් හරහා ඉන්ධන සැපයිම සිදුවෙන අතර ලීටර් එකකින් 38-40km පමණ දුරක් ලීටර් එකකින් ධාවනය කීරීමට ඉඩ ලැබෙනවා.මේ එන්ජින් ධාරිතාව හා ස්කන්ධයට සාපේක්ෂව මේ ඉන්ධන කාර්යක්ෂමතාවද හොද තැනක ඉන්නවා.නමුත් carburettor එක නිතරම පිරිසිදු කිරීමට ලක් කිරීමට බොහෝ DTM හිමි කරුවන්ට කෙටි කලකින් සිදු වෙනවා.

ලීටර් 5.5ක ඉන්ධන ටැංකියක් සහිත අතර සාමාන්‍ය SM බයික් එකක්ට එය හොද ඉන්ධන ටැංකියක් එමෙන්ම මේ ටැංකිය plastic හා තවත් අමුද්‍රව්‍ය යොදා නිමවා ඇති අතර මේ නිසා ටැංකිය මල කෑමකට ලක් වීම සිදු නොවෙන අතර නැවත අලුතෙන් ටැංකියක් යොදා ගැනීමේ cost එකද අඩුයි.එය තරමක වාසියක් නමුත් විදුලි කාන්දුවකදී එහෙම ගිනි ඇවිලීමට ඇති අවධානම වැඩියි.

මෙහි සරල meter panal එකක් ඇති අතර එහි speed,odo,trip,gear position indicator පෙන්නුම් කරන අතර සාමාන්‍ය dirt/sm බයික් එකක්ට මේ මීටර් එක හොදටම ප්‍රමාණවත් එමෙන්ම මුලු meter panal එකම digital ලෙස නිම කර තිබෙනවා.

මේ බයික් එකේ සම්පූර්ණ බර 195kg වෙන අතර Honda Hornet 250 එකට වඩාද මේ බයික් එක බරින් වැඩී මේ බර සාමාන්‍ය dirt හෝ supermoto බයික් එකකට අනවශ්‍ය බරක් වෙන අතර handling ද ඉන්ධන කාර්යක්ෂමතාව තරමක් මේ නිසා අඩු වෙනවා නමුත් 80-100kmph වේගයකින් ගමන් කරද්දි ඉතාම ස්තාවර බවක් දැනෙන අතර semi double craddle chassi එකකින් යුත් මේ බයික් එක 70-80 අතර වේගයකදි තරමක් දෙදරීමට ලක් වෙනවා.

Suspension විදියට ඉදිපස Up side down telescopic forks යොදා ඇති අතර මේ නිසා හොද පෙනුමක් ලැබෙනවා නමුත් ඉතා හොද සුවපහසුවක් නම් දැන්නේ නෑ වෙනත් dirt bikes වලට සාපේක්ෂව නම් පසුපස monoshock යොදා ඇති අතර ගැට්ටවල් වලවල් ව්ලින් එහෙම ගමන් කරද්දි තරමක් අනවශ්‍ය ශබ්ද හා අපහසුවක් දැනෙනවා සාමාන්‍යයෙන් dirt bike එකකින් එසේ සිදු වීම සුදුසු නෑ මොකද මේ බයික්ස් නිර්මාණය වෙන්නේ heavy duty offroad rides වලටම සුවිශේශීව නිසා

Breaking ගැන කතා කලොත් ඉදිපස හා පසු පස දෙපසම disc break යොදා ඇති අතර මෙහි ප්‍රමාණයන් ගැන officially සදහන් කර නෑ මගේ මතකයේ හැටියට 265mm ඉදිපස හා පසුපස 200mm ඩිස්ක් එකක් යොදා ඇත්තේ කෙසේ වෙතත් ඉතා හොද break response එකක් ඇති නමුත් ඉතා ඉක්මනින් break pads මරු කිරීමට සිදු වෙනවා.

Tyres විදියට ඉදිපස 100/70 හා පසුපස 130/70 යොද ඇති අතර ටයර් tubeless ලෙස නිම කර තිබෙනවා අගල් 17ක ඇලෝයි රිම් දෙකක් දෙපසට යොදා තිබෙනවා.

Sporty look එකක් එන ලෙස exhaust එක ලබා දි ඇති අතර මෙහි beat එක සීරූ මාරු කර ගැනීමට හැකියාව පවතින්වා.

12v battery එකකින් සමන්විත මේ බයික් එක මුල් කාලය තුල සමහර විට බැටරි බැසීමට ලක් වීමක් දැක ගත හැකි අතර විටෙක අනවශ්‍ය ලෙස බැටරි ඇසිඩ් ගලා යෑමද දැකගන්න ලැබෙනවා කෙසේ වෙතත් kik හා self start දෙකම ඇති නිසා ඒවැනි අවස්තාව වල ලේසියෙන් යතුරුපැදිය පන ගන්වා ගත හැකි අතර 500km පමණ ධාවනය කල පසු බොහෝ දුරට මේ ගැටලුව නැති වී යා හැකියි.

අමතර කොටස් වල හිගයක් මේ බයික් එකේ මුල් කාලයේ තිබුනද දැන්  ඒ අඩුවද බොහෝ දුරට අඩු වී තිබෙනවා

අවසාන වශයෙන් මේ බයික් එක ගැන සටහනක් කලොත් දැනට ඩිමැක් සතුව ඇති ඉහලම ඉල්ලුමක් සහිත හා කල්පැවැත්ම වැඩිම බයික් එක විදියට DTM 200 පෙන්නුම් කල හැකී.දැනට ලංකාවේ අඩු මිලට brand new sm bike නොමැති වීමත් ktm sm bike එකට සමාන වීමත් නොයෙක් modification කිරීමට හැකි හැකියාවත් නිසා මේ බයික් එක හොද සාර්ථක අලෙවියක් පෙන්නුම් කරනවා එමෙන්ම stafford  Honda Xr 125 එකෙන් පසුව ලංකාවට පැමිනි එකම dirt bike එක මෙය වෙන අතර දැන් xr125 stafford motors ආනයන නොකරන නිසා ලංකාවේ brand new එකම dirt/sm bike එක වීමේ අවස්තාවද Demak DTM 200 එකට හිමි වී තිබෙනවා මෙහි 150 මාදිලියෙන්ද බයික් එකක් නිකුත් කර ඇති අතර එහි එන්ජින් එක හා පෙනුමෙන් හැර වෙන වෙන්ස්කමක් ඇත්තේ නැහැ.

මිල විදියට 375,900 ලෙස  අවසානයට මම ධාවනය කරන ලද DTM 200 එකට මිල නියම වී තිබුනි බොහෝ විට දැන් එම මිල ගනන් එහා මෙහා වීමට ඉඩ තිබෙනවා.
නමුත් මෙහි second hand market එක නම් ඉතාම අඩුයි.

ගුණ අගුණ සදහන් කලා ගන්න නොගන්න එක ඔබට බාරයි.

පහල තියෙන PHOTOS බලලා බයික් එක ගැන අදහස් ගන්න MODIFIED DTM 200/150 PHOTOS වගයකුත් ඇති අපේ FB PAGE එකට LIKE එකක් දාලා සෙට් වෙලා ඉන්න ස්තූති.

කරුණාකර කතෘ අයිතිය සුරකින්න.

Wandi - වණ්ඩි©











No comments:

Post a Comment