පාරට නැවක් Honda PCX - Wandi - වණ්ඩි

Wandi - වණ්ඩි

Sri Lanka's leading website about Motorcycles. Keep in touch with us...

Click here to read this post in ENGLISH


Wednesday, October 4, 2017

පාරට නැවක් Honda PCX



අද මාතෘකාව තවත් බොහෝ දෙනෙක්ගේ ඉල්ලීමක් උන Honda PCX Scooter එක මේ ස්කූටර් එක නිශ්පාදනය ආරම්භ වෙන්නේ 2009 වර්ශයේදීය Honda Japan සම්පූර්ණය අධීක්ෂණය යටතේ තායිලන්තය තුල Thai Honda කර්මාන්තශාලාව තුලදි එකලැස් වූ අතර පසුව මේ ස්කූටරය Honda Vietnam යටතේ 2014 සිට නිෂ්පාදනය ආරම්භ විය power scooter මාදිලියට අයත් වෙන මේ ස්කූටර් එක 150cc හා 125cc යන එන්ජින් ධාරිතාවන් යටතේ මාදිලි 2ක් නිකුත් කරන අතර අද PCX 150 ගැන තමයි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ සුලු සුලු වෙනස්කම් කීපයක් ඇරෙන්න මේ මාදිලි දෙකේ ලොකු වෙනසක් දැකගන්න ලැබෙන්නේ නෑ.මුලදි 125 මාදිලිය නිශ්පාදන කල අතර වැඩි ඉඩකඩක් ඉන්ධන ටැංකියේ ධාරිතාවයේ වැඩි වීමක් හා තවත් අංග කීපයක් සමග 2014 අගදී PCX150 අලෙවිය ආරම්භ කලා

මුලින්ම මේ ස්කූටර් එකේ එන්ජින් එක ගැන කතා කරමු.
153cc,Liquid-cooled, 1-cylinder, 4-stroke එන්ජින් එකකින් සමන්විත වෙන අතර 13.4 BHP බලයක් මේ එන්ජින් එක තුලින් ලබා ගැනීමට හැකිය.0-60 වේගය ලබා ගැනීමට තත්පර 6ක පමණ කාලයක් වැය වෙන මේ ස්කූටර් එකට මෙහි උපරිම වේගය ලෙස සදහන් වෙන 112 kmph වේගයට ලඟා වීමට තත්පර 18ක පමණ කාලයක් ගත වෙනවා.

Liquid cooling එන්ජින් එකක් සතු නිසා ඉතා සුවපහසුව එන්ජින් එකේ උෂ්ණත්වය පාලනහ කර ගනිමින් ඉහල වේගයක උනත් ගමන් කිරීමට ද වාසිය ලැබෙනවා.නමුත් නඩත්තුව හා අමතර කොටස් සාපේක්ෂව මිල අධික අතර බොහෝ විට දැනට ලංකාවේ වෙලදපොලේ ඇති liquid cool bikes වලට වඩාද නඩත්තු වියදම තරමක් වැඩි විය හැකියි.

Honda V-Matic belt-converter තාක්ෂණයෙන් යුත් automatic transmission (auto gear) පද්ධතියක් සහිත මේ ස්කූටර් එක දුර ධාවනයේදී ඉතාම පහසුවක් සලසනවා commuter 150 bike එකකට හා දැනට ලංකාව තුල brand new marketහී ඇති Dio,dash,wego වැනි ස්කූටර් වලට වඩා ඉතාම පහසුවක් මේ ස්කූටර් එක ධාවනය කිරීමේදී ලබා ගත හැකි වෙනවා නමුත් ඉහත සදහන් කරන ලද ස්කූටර් වලට වඩා ප්‍රමාණයෙන් හා බරින් තරමක් වැඩි මේ ස්කූටර් එක කාන්තාවක් හසුරද්දී හා traffic riding වලදි තරමක් riderව අපහසුතාවට පත් කරනවා.

PGM-FI fuel system එකක් සහිත මේ ස්කූටර් එකේ ඉන්ධන කාර්යක්ෂමතාව ගැන කතා කලොත් ලීටර් එකකින් 40-45 අතර වගේ දුරක් ධාවනය කිරීමට ඉඩ ලැබෙන අතර ලීටර් 8ක ඉන්ධන ටැංකියක් ලබා දී තිබෙනවා 125 මාදිලියේද ලීටර 6.2 ඉන්ධන ටැංකියක් තමයි දැකගන්න ලැබෙන්නේ.ඒ වගේම ලීටර එකකින් 50km වගේ දුරක් ධාවනය කිරීමට ඉඩ සැලසෙනවා.

මේ ස්කූටර් එක power scooter එකක් මෙන්ම cruising bike එකක් ලෙසද සලකන අතර ඉතාම පහසුවෙන් 80km පමණ වේගයට ලඟා විය හැකි අතර ධාවනයේදී ඉතාම සුවපහසුවක් දැනෙනවා සරල උදාහරණයක් ගත්තොත් Alto car එකක් හා Audi car එකක් එකම මාර්ගයක එකම වේගයකින් යද්දි දැනෙන වෙනස වගේ වෙනසක් සාමාන්‍ය ස්කූටර් එකක් හා මේ ස්කූටර් එක ධාවනය කිරීමේදී riderට ඉතාම පැහැදිලිව විදගැනීමට ලැබෙනවා.

මෙහි මීටර් පද්ධතිය ගැන කතා කලොත් semi-digital meter පද්ධතියක් යොදාගෙන ඇති අතර මෙහි Speed Analog ලෙසත් fuel gage,trip,odo,time ඩිජිටල් ලෙසත් පෙන්නුම් කරන අතර මේ meter panal එකේ premium look එකක් දැකගන්න ලැබෙනවා.

Waterproof under seat cubby එකක් සහිත අතර මේ නිසා ඉතා ආරක්ෂාකාරීව වැසි වෙලාවක උනත් වැදගත් ලිපිගොනු මෙන්ම ජංගම දුරකතන වැනි ඉලෙක්ට්‍රොනික උපාංග ද තැබිය හැකීයි.සාමාන්‍ය ස්කූටර් වලද මේ under seat cubby එක තිබුනද waterproof යැයි සටහනක් නැති අතර පුද්ගලිකව මම මුහුණ දී ඇති අත්දැකීම වලට අනුව සාමාන්‍ය ස්කූටර් එකක් වැස්සකට අසු උනොත් under cubby එකට ජලය කාන්දු වී තිබීම දැකගන්න ලැබෙනවා.
එමෙන්ම PCX හී cubby එකේහි 12v power adapter එකක් ඇති අතර මේ තුලින් ජංගම දුරකතන වැනි උපාංග charge කරගැනීමේ හැකියාව ලැබෙනවා.

මෙහි බර විදියට 130 kg සදහන් වෙනවා.


Suspension ගැන කතා කලොත් ඉදිපස 31 mm telescopic hydraulic  forks හා පසුපස Monoshock යොදාගෙන තිබෙනවා ඉතාම සුවපහසුව දුර ගමන් යෑමට ඉඩ ලැබෙන අතර පුලුල් හා දිග සීට් එක නිසා දෙදෙනෙකුට ඉතාම සුවපහසුව ගමන් කිරීමට හා අත්‍යවශ්‍ය විටෙක 4-5 දෙනෙකු හෝ අසුන්ගනිමින් ධාවනය කිරීමට තරම් අවස්තාව පවතිනවා.

Breaks ගැන කතා කලොත් ඉදිපස පිස්ටන් 3කින් යුත්  කැලිපරයක් හා 220mm disc එකක් ද පසුපස 130 mm drum brake ද CBS තාක්ෂණයද යොදා තිබෙනවා මෙහි වාසි අවාසි පසුගිය ලිපියක අපි සටහන් කල නිසා ඒ  ගැන සදහන් කරන්නේ නෑ.

Tyre ගැන කතා කලොත් ඉදිපස 90/90 tubeless හා පසුපස 100/90 tubeless  යොදාගෙන තිබෙනවා ලංකාවේ නිතර දෙවේලේ දකින සෑම ස්කූටර් එකකම පාහේ ඉදිපස හා පසුපස දෙපසම 90/90 ප්‍රමාණයෙන් යුත් ටයර් තිබුනද මෙහි පසුපස 100/90 යොදා ගැනිම නිසා හොදින් ස්කූටර් එක පාලනය කිරීමට අවස්තාව ලැබෙනවා.යම් හේතුවක් නිසා 90/90 ටයර් දෙපසම යොදාගෙන තිබුනානම් යම් අපහසුවක් ධාවනයේදී දැනීමට ඉඩ තිබෙනවා.

විශාල halogen head එකක්ද යොදා ඇති අතර රෑක හා මීදුම් ඇති මාර්ග වල හොදින් ආරක්ෂාකාරීව ධාවනය කිරීමට මේ නිසා අවස්තාව ලැබෙනවා.

අවසාන වශයෙන් මේ ස්කූටර් එක ගැන සටහනක් කලොත් මේ නැවත් එක්ක කරට කර ඉන්නේ Yamaha Smax, Aprilia SR150,Vespa VXL 150  වගේ ස්කූටර් යුරෝපය ඇමරිකාවද ඇතුලුව තාමත් ඉතා සාර්ථකව අලෙවි වෙන මේ ස්කූටර් එක ලංකාවේ වලංගු මුදලින් brand new ලක්ෂ 7-8ක් පමණද දැනට රටතුල ඇති ස්කූටර් ලක්ෂ 5-6 වැනි මිලකටත් අලෙවි වෙනවා( මිල ගනන් මීට වඩා වැඩි විය හැක)මෙහි එක් අවාසියක් ලෙස coverling වල මිල අධික බව හා හදිසි අනතුරකදී මේ කොටස් ලංකාව තුල හිඟ වීම පෙන්වා දිය හැකී.

පහල තියෙන photos බලලා ස්කූටර් එක ගැන අදහසක් ගන්න අපේ FB page එකට ලයික් එකක් දාල youtube subscribe කරලා insta follow කරලා සෙට් වෙලා ඉන්න.

කරුණාකර කතෘ අයිතිය සුරකින්න.

Wandi - වණ්ඩි©






No comments:

Post a Comment