ලංකාවේ Petrol වැඩ්ඩෝ 10ක් - Wandi - වණ්ඩි

Wandi - වණ්ඩි

Sri Lanka's leading website about Motorcycles. Keep in touch with us...

Click here to read this post in ENGLISH


Tuesday, October 3, 2017

ලංකාවේ Petrol වැඩ්ඩෝ 10ක්

අද වණ්ඩි කතා කරන්න සෙට් උනේ මැද පන්තියේ ලක්ෂ 3ට අඩු ලංකාවේ තියෙන හොදම බයික්ස් 10 ගැන බයික්ස් වල මිල වැඩි වෙන පිලිවෙලට එහෙනම් බයික්ස් 10 ගැන සටහනක් කරන්නම්.

1.TVS Metro 100



99.70cc  Single cylinder, 4-Stroke, Air Cooled එන්ජින් එකකින් සමන්විත මේ බයික් එකට 7.5bhp උපරිම බලයක් හා 80kmph උපරිම වේගයක් සටහන් වෙනවා වේග 4ක ගියර් පද්ධතියක් ඈති අතර ලීටර් එකකින් 65-70km ප්‍රමාණයක් ධාවනය කිරීමට අවස්තාව ලැබෙනවා.
Kick හා self start යන පණ ගැන්වීම් දෙකම අඩංගුයි.
මිල 199,300 ලෙස සදහන් කල හැකියි.


2.Bajaj Platina 100 



102cc,air cooled 4 stroke,single  cylinder එන්ජින් එකකින් සමන්විත වෙන මේ බයික් එකට 8.2bhp උපරිම බලයක් හා 85kmph උපරිම වේගයක් ලබා ගැනීමේ හැකියාව පවතිනවා.වේග 4ක ගියර් පද්ධතියක් සහිතයි එමෙන්ම 100cc කාණ්ඩයේ සුපිරිම ඉන්ධන පිරිමැසුම්කාරය ලෙස සලකන මේ බයික් එකට ලීටර් එකකින් 85-95km දුරක් ධාවනය කිරීමට අවස්තාව ලැබෙනවා.
මෙහි kick start මාදිලිය 207,950 ලෙසත් electric start මාදිලිය 220,950 ලෙසද සදහන් කල හැකියි.



3.Hero HF Deluxe 100




97cc,aircool single cylinder 4 stroke එන්ජින් එකකින් සමන්විත මේ බයික් එකට 7.7bhp උපරිම බලයක් හා 85kmph උපරුම වේගයක් ලබා ගැනීමට හැකි වෙනවා.වේග 4ක ගියර් පද්ධතියක් ඇතුලත්ව වන මේ බයික් එකට ලීටර් එකකින් 75-80km දුර ප්‍රමාණයක් ධාවනය කිරීමට ඉඩ ලැබෙනවා.
Kick හා self start යන පණ ගැන්වීම් දෙකම අඩංගුයි.
මිල විදියට 214,500 සදහන් කා හැකියි

4.Honda CD Dream 110


109.19cc single cylinder,4 stroke,aircooled එන්ජින් එක සහිත මේ බයික් එකට 8.31bhp උපරිම බලයක් හා 86kmph උපරිම වේගයක් ලබා ගැනීමට අවස්තාව ලැබෙන අතර වේග 4ක ගියර් පද්ධතියකින් සමන්විතයි.එමෙන්ම ලීටර් එකකින් 65-70km දුර ධාවනයට ඉඩ සැලසෙනවා.Kick හා self start යන පණ ගැන්වීම් දෙකම අඩංගුයි.
මිල ගැන සදහන් කලොත් 216,500 සදහන් කල හැකියි.

5.TVS Metro Plus 110


109.7cc  Four stroke, single cylinder, air cooled එන්ජින් එකකින් සමන්විත මේ බයික් එකට 8.4bhp උපරිම බලයක් හා 86kmph උපරිම වේගයක් ලබා ගැනීමට ඉඩ ලැබෙනවා.ගියර් 4ක වේග පද්ධතියක් සහිත මේ බයික් එකට ලීටර් එකකින් 65-75km අතර දුරක් ධාවනය කිරීමට ඉඩ ලැබෙනවා.Kick හා self start යන පණ ගැන්වීම් දෙකම අඩංගුයි.
මිල ගැන සදහන් කලොත් 225,000 දැක්විය හැක.

6.Hero Splendor ismart 100




97cc aircooled 4 stroke single cylinde එන්ජින් එකකින් සමන්විත මේ බයික් එකට 8.20bhp උපරිම බලයක් හා 87kmph උපරිම වේගයක් ලබා ගැනීමට ලැබෙන අතර වේග 4ක ගියර් පද්ධතියක් ලබා දී තිබෙනවා.ලීටර් එකකින් 85-95km දුරක් ධාවනය ඉඩ ලැබෙනවා.Kick හා self start යන පණ ගැන්වීම් දෙකම අඩංගුයි.
මිල ගැන සදහන් කලොත් 235,500 ලෙස සදහන් කල හැකියි.

7.Yamaha Sluto 125




125cc,single cylinder aircooled 4 stroke එන්ජින් එකකින් සමන්විත මේ බයික් එකට 8.20bhp උපරිම බලයක් හා 90kmph උපරිම වේගයක් ලබා ගත හැකි අතර වේග 4ක ගියර් පද්ධතියක් ලබා දි ඇති අතර ලීටර් එකකින් 65-75km අතර දුරක් ධාවනය ඉඩ ලැබෙනවා.Kick හා self start යන පණ ගැන්වීම් දෙකම අඩංගුයි.
මිල විදියට 235,300 සදහන් කල හැකියි.

8.Honda CB Twister 110


109.19 cc,Air-cooled, 4-stroke, SI engine එකකින් සමන්විත මේ බයික් එකට 9bhp උපරිම බලයක් හා 90kmph වේගයක් මෙන්ම වේග 4ක ගියර් පද්ධතියකින්ද සමන්විතය.ලීටර් එකකින් 65-75km අතර දුරක් ධාවනය කල හැකි අතර Kick හා self start යන පණ ගැන්වීම් දෙකම අඩංගුයි.මිල විදියට 241,500 සදහන් කල හැකී.

9.Bajaj Discover 125




124.6 cc, single cylinder,4 strike aircooled එන්ජින් එකකින් සමන්විත මේ බයික් එකට 10.90bhp උපරිම බලයක් හා 100kmph උපරිම වේගයක් ලබා ගත හැකි වෙනවා.වේග 5ක ගියර් පද්ධතියක් සහිත මේ බයික් එකට ලීටර් එකකින් 65-75km අතර දුරක් ධාවනය කල හැකි අතර Kick හා self start යන පණ ගැන්වීම් දෙකම අඩංගුයි. මිල විදියට
125disc-267,500
125drum-250,900
125M-253,200
ලෙස දැක්විය හැකියි.

10.Hero Glamour 125




124.7cc single cylinder 4 stroke aircooled එන්ජින් එකකින් සමන්විත මේ බයික් එකට 8.90bhp උපරිම බලයක් හා 90kmph උපරිම වේගයක් ලබා ගැනීමට ඉඩ ලැබෙනවා.වේග 5ක ගියර් පද්ධතියක් හිමි මේ බයික් එකට ලිටර් එකකින් 55-65km දුර ධාවනය කිරීමට ඉඩ ලැබෙනවා.Kick හා self start යන පණ ගැන්වීම් දෙකම අඩංගුයි.
මිල ගැන සදහන් කලොත් 275,000

ඉහත සදහන් කරන ලද සෑම බයික් එකක්ම ලංකාවේ දැනට ඇති ලක්ශ 3ට අඩුව ලබා ගත හැකි උපරිම වේගය පහසුව හා ඉන්ධන කාර්යක්ෂමතාව ඉහලින්ම ඇති බයික්ස් 10 ලෙස නම් කල හැකියි ct100 හා boxer ගැන සටහනක් නොකල අතර යම් කෙනෙකුට අවශ්‍ය නම් ඒ ගැන විස්තර අපේ fb පිටුවට message එකක් යොමු කර ලබා ගත හැකියි.

මේ සියලුම උපරිම වේගයන් මීට වඩා වැඩි විය හැකි අතර ඉන්ධන කාර්යක්ෂමතාවද යතුරුපැදිය ධාවනය කරන අන්දම අනුව වෙනස් විය හැකී ලබා ගත හැකි සාමාන්‍ය ඉන්ධන කාර්යක්ෂමතාව සටහන් කලේ ඒ නිසයි.
මේ බයික්ස් අතරින් වැඩිම ඉල්ලුම ඇති බයික් එක ගැන full review එකක් කිරීමටද බලාපොරොත්තු වෙනවා මීට අමතරව යමක් දැනගැනීමට අවශ්‍ය නම් අපට message එකක් දාන්න ස්තූති.

කරුණාකර කතෘ අයිතිය සුරකින්න.

Wandi - වණ්ඩි©

No comments:

Post a Comment