අද මාතෘකාව මෙරට පමණක් නොව ලොව පුරා රටවල් 104ක කෝටි දෙකක එනම් මිලියන විස්සක තරුණ සිත් තමාගේ යතුරුපැදිය ලෙසට තෝරාගත් මසකට ලොව පුරා යතුරුපැදි 90,000කට වඩා අලෙවි වන Bajaj Pulsar මාදිලිය පිලිබඳවයි.
මෙහි උපත 90 දශකය තරම් ආපස්සට ගලා යන අතර එකල ඉන්දියාව තුල වේගය හා බලය ලබා ගත හැකි ඉන්දියානු යතුරුපැදි නොවීය. මෙම හිඩැස 1999 වසරේදි හීරෝ සහ හොන්ඩා සමාගම් එක්ව නිපැයු Hero Honda CBZ 150 යතුරුපැදිය මගින් පිරවූ අතර ඉහල හා මධ්‍යමපාන්තික තරුණ ප්‍රජාව අතර අතිමහත් ජනප්‍රියතාවයට පත් විය.
![]() |
HERO HONDA CBZ 150 With Hrithik Roshan |
මෙම අලුත් වෙලඳපොල වටහාගත් බජාජ් ඔටෝ සමාගම ඉන්දියානු රුපියල් බිලියන 1ක් එනම් මිලියන 1000ක් Research & Development සඳහා වැය කොට ලොව ජනප්‍රියම යතුරුපැදි නිර්මාණකරුවෙකු වන Glynn Kerr මෙන්ම ජපානයේ කවසාකි සමඟ කැටුව 2001 වසරේ නොවැම්බර් 24 වන දින බජාජ් පල්සර් 150 සහ 180 යතුරුපැදි වෙළඳපොලට හඳුන්වා දෙන ලදි.
2001 ප්‍රථම පරම්පරාව
![]() |
1st Gen Bajaj Pulser 150&180 |
පල්සර් 150 සහ 180 යතුරුපැදි මුලින්ම කරළියට ගෙන ආ අතර මෙම යතුරුපැදි දෙක පිලිවෙලින් අශ්වබල 13ක් හා 15ක් ජණනය කරන ලදි. ඒ එකල වූ බලගතුම සහ වේගවත්ම ඉන්දියානු යතුරුපැදි ද්විත්වය ලෙසටයි. එමෙන්ම ප්‍රථම පරම්පරාවේ පල්සර් යතුරුපැදි Single Spark එන්ජින් වු අතර 180 මාදිලියේ පමණක් ඉලෙට්‍රික් ස්ටාටර්, හොන් යුගලයක් හා එන්ජින් කිල් ස්විච් අඩංගු විය. 150 මාදිලියට මෙය Optional එනම් අවශ්‍ය නම් පමණක් එක් කරනා පහසුකමක් විය.
ප්‍රථම පරම්පරාවේ පල්සර් සඳහා ලීටර 18ක විශාල ඉන්ධන ටැංකියක් ද ස්පෝක් වීල් ද රවුම් හෙඩ් ලයිට් එකක් ද යොදා ගන්නා ලදි.
2003 දෙවන පරම්පරාව
![]() |
2nd Gen |
බජාජ් පේටන්ගත කර ඇති ප්‍රථම DTS-i එනම් ඩිජිටල් ට්වින් ස්පාක් ඉග්නිශන් සිස්ටම් තාක්ෂණය මෙම යතුරුපැදි දෙක සඳහා යොදා ගන්නා ලදි මේ නිසා අශ්වබල 1 කින් යතුරුපැදි දෙකේම බලය වැඩි වූ අතර ඉන්ධන කාර්‍යයක්ෂමතාව ද කිලෝමීටර් 5කින් පමණ වැඩි විය.
![]() |
Meter Panel |
මෙම පරම්පරාවේ යතුරුපැදි සඳහා වර්ථමානයේ භාවිතා වෙන හෙඩ් ලයිට් එකට සමාන ලයිට් එකක් යොදා ගත් අතර මීටර් එකට ඇනලොග් ට්‍රිප් මීටරයක් ද එක් කරන ලදි. මේ වෙන විට පල්සර් යතුරුපැදි ලොව පුරා අපනයනය කිරීම ආරම්භ කර තිබු බජාජ් ඔටෝ සමාගම තම ප්‍රථම යතුරුපැදි ලක්ෂ 5+ වසර 2 තුල අලෙවි කරන ලදි.
2005 වසරට වෙනස්කමක්
![]() |
2005 Pulser with alloy wheels |
ප්‍රථම වතාවට පල්සර් මාදිලිය සඳහා අඟල් 17ක ඇලොයි වීල් යොදා ගන්නා ලදි එමෙන්ම ලිටර් 18ක ටැංකිය ලීටර 15කට අඩු කරමින් එන්ජිමේ බලය 150 හී අශ්වබල 13.5කට ද 180 හී බලය අශ්වබල 16.5කට වැඩි කෙරිනි.සුවපහසුව වැඩි කිරීම සඳහා නයිට්‍රොක්ස් ගෑස් පිරවූ පසුපස ශොක් ඇබ්සෝබර් යොදා ගැනීම ද මෙම වසරේ සිට ආරම්භ විය.
2006 තෙවන පරම්පරාව හෙවත් පල්සර් UG3
![]() |
3rd Upgrade (UG3) |
මෙම වසරේදි හෙඩ් ලයිට් එක සුළු වශයෙන් වෙනස් වූ අතර ඩිජිටල් මීටර් එකක් හා LED ආලෝක පද්ධතියක් සමගින් කරළියට ආ ප්‍රථම ඉන්දියානු යතුරුපැදි ලෙසට මෙම පල්සර් 150 හා 180 වෙළඳපොල ආක්‍රමණයට නතු කරගන්නා ලදි. එමෙන්ම එම වසරේ බජාජ් බොඩි කන්ට්‍රොල් තාක්ෂණය හරහා ස්වංක්‍රීයව ක්‍රියා විරහිත වන ක්ලියර් ලෙන්ස් ආලෝක සංඥා පද්ධතියක් ද එක් කරනා ලදි.
![]() |
LED Tail Assy |
2007 පල්සර් 220F ආගමනය
![]() |
Pulser 220F-FI |
මෙම වසරේදී නැවතත් පල්සර් සන්නාමය ඉන්දියානු යතුරුපැදි ක්ෂේත්‍රයේ දැවැන්ත වෙනසක් සිදු කරනා ලදි. ඒ 220F DTS FI යතුරුපැදිය හඳුන්වා දීමෙනි. මෙය Fuel Injection තාක්ෂණය, Dual Disk Brake, Oil cool ප්‍රොජෙක්ටර් හෙඩ් ලයිට් වැනි අංග හඳුන්වා දුන් ප්‍රථම ඉන්දියානු යතුරුපැදියයි. එමෙන්ම මෙම යතුරුපැදිය එකල වූ වේගවත්ම හා බලගතුම යතුරුපැදිය ලෙසටත් ඉන්දියානු අධිවේගි මාර්ග වල ධාවනයට අතිශයින්ම සුදුසු යතුරුපැදියක් ලෙසටත් ප්‍රසාදය හිමි වුනි.
2008 වසර
මෙහිදී යතුරුපැදියෙහි මිල අඩු කිරීම පිණිස 220F හී FI පද්ධතිය ඉවත් කොට කාබ් එකක් එක්කරනු ලැබිය. 150 හා 180 පල්සර් මාදිලි වන මීටර් පද්ධතිය සුළු වශයෙන් වෙනස් විය.
2009 Pulsar UG4
![]() |
UG4 ALL BLACK |
මෙහිදි යතුරුපැදියෙහි පෙනුම බලය මෙන්ම තාක්ෂණය ද අලුත් විය. මෙම පල්සර් යතුරුපැදිය අද අපි දකිනා පල්සර් UG මාදිලියට 90%කින් සමාන අතර මෙහිදි සම්පූර්ණයෙන් කලු චැසියක්,එන්ජිමක් හා ඇලොයි වීල් මුල් වරට හදුන්වා දීය තවද 220 හී ආ වෙන් කල සීට්,ක්ලිප් ඔන් හැඩල් බාර් යන අංග ද කන්ට්‍රොල් ස්විච් සියල්ල බැක් ලයිට් හරහා ආලෝක ගැන්වීම, සම්පුර්ණයෙන් Direct current එනම් DC ආලෝක පද්ධතියක් ද එක්කල බජාජ්, එන්ජිම ක්‍රියාවිරහිත වී සුළු මොහොතකින් ස්වංක්‍රීයව නිවී යන හෙඩ් ලයිට් එකක් ද එක්කරනා ලදි.
![]() |
180 UG4 |
තවද 3D පල්සර් ලෝගෝව, පුළුල් ටයර්, මහතින් වැඩි ෆෝක් කට්ටලය, ටැංකිය මත එක්කල කුඩා ස්කුප් කට්ටලය අශ්වබල 17ක එන්ජිම පල්සර් 180 යතුරුපැදිය සඳහා වැඩි ආකර්ෂණීය බවක් ගෙන ආවා.
![]() |
Pulser 135 LS 4V |
මෙම වසරේදී තවත් සුවිශේෂ යතුරුපැදියක් පල්සර් සන්නාමය යටතේ එක් කරනු ලැබු අතර එය Bajaj Pulsar 135 Light Sport එනම් LS නමින් හඳුන්වා දෙනු ලැබීය මෙය වෑල්ව 4කින් බල ගැන්වූ ප්‍රථම ඉන්දියානු යතුරුපැදිය විය. තවද පෙට්‍රල් ලීටර එකකට කිලෝමීටර් 70කට ආසන්න ඉන්ධන කාර්‍යයක්ෂමතාවක් 135LS හට ලබා දීමට හැකි විය.
එමෙන්ම 2004 වසරේ සිට බජාජ් යොදාගත් ExhausTEC තාක්ෂණය 2009 වසරේදි පේටන්ට් ගත කරනා ලදි.
2010 PULSAR UG 4.5
මෙම වසරේ දී පල්සර් 150 යතුරුපැදිය අශ්වබල 15.06ක බලයක් ජණනය කිරිම දක්වා වැඩි වූ අතර 220S එනම් Pulsar 220 StreetFighter හඳුන්වා දෙන ලදි. තවද 2011 වසරේ වර්ණ රටාවල වෙනසක් හැර රැඩිකල් වෙනසක් 2012 වසර වනතෙක් නොවීය.
![]() |
220S Streetfighter |
2012 Bajaj + KTM දීගයේ උපත ලොව ප්‍රථම Triple Spark එන්ජිම සහිත වේගවත්ම ඉන්දියානු යතුරුපැදිය
![]() |
1St Gen 200NS |
2012 වසර පල්සර් ලෝලින් හට කිසි දිනක අමතක කල නොහැකි වසරකි මේ වෙන වට ලතින් ඇමරිකාව,උතුරු ඇමරිකාව, දකුණු ඇමරිකාව, අප්‍රිකාව හා මැද පෙරදිග ඉහලම අලෙවියක් සහිත යතුරුපැදි සන්නාමය විය.
![]() |
Tripple Spark Tec |
මේ වන විට අති සාර්ථක සන්නාමයක් බවට පත්ව තිබු පල්සර් මාදිලිය, පල්සර් මේනියාවක් බවට පත් වන්නේ KTM හා Bajaj තාක්ෂණය සම්මිශ්‍රණයෙන් 200NS කරළියට ගෙන ඒමිනි. මෙම යතුරුපැදිය ලොව ප්‍රථම හා එකම ට්‍රිපල් ස්පාක් එන්ජිම සහිත යතුරුපැදිය වූ අතර Liquid cool එනම් ද්‍රව සිසිලන පද්ධතියක් හරහා එන්ජිම සිසිල් කරගන්නා ප්‍රථම ඉන්දියානු යතුරුපැදිය ද විය.
![]() |
Edgar Heinrich with 200NS sketch |
තවද මෙම යතුරුපැදිය නිර්මාණය කිරීම BMW S1000RR, BMW R1200GS BMW K1200R වැනි අති ජනප්‍රිය යතුරුපැදි නිර්මාණය කල Edgar Heinrich ගේ අතින් සිදු විය. මෙම 200NS (Naked Sports) යතුරුපැදිය අශ්වබල 23.17ක් ජණනය කල අතර වේග 6ක ගියර් පද්ධතියක් එක්කල ප්‍රථම ඉන්දියානු යතුරුපැදිය ද විය.
2014 Pulsar Mania ආරම්භය හා RS200 උපත.
![]() |
Concept |
මෙම වසරේදී සියළුම ඉන්දියානු යතුරුපැදි නිෂ්පාදකයන් වික්ශිප්ත කරමින් බජාජ් විසින් Auto Expo හීදි Bajaj SS400 එනම් Super Sports නමින් Concept යතුරුපැදියක් එළිදක්වනු ලැබිය මෙය හිරෝ හොන්ඩා Karizma ZMR යතුරුපැදියෙන් පසුව නිපදවූ ප්‍රථම ෆුලි ෆෙයාර්ඩ් ස්පොර්ට් යතුරුපැදිය වන අතර රෝයල් එන්ෆීල්ඩ් හැරුනු කොට විශාලම එන්ජින් ධාරිතාවය දැරු යතුරුපැදිය විය.
![]() |
1st gen 200RS |
කෙසෙ වෙතත් මෙම සුපර් ස්පොර්ට් යතුරුපැදිය වෙළඳපොල වෙත අද (2025) වෙන විටත් නිකුත් නොවු අතර ඒ වෙනුවට Bajaj RS200 නිකුත් කෙරුනි මෙය SS හි පෙනුමට 100% සමාන වු twin projector lamps, 300mm Disc Brake, ABS, EFI වැනි අංගයන් ද 200NS හී එන්ජිම හා චැසියෙන්ද බල ගන්වා තිබුනි. මෙය ABS හා EFI තාක්ෂණය එකට එක්කරමින් නිපදවූ ප්‍රථම ඉන්දියානු යතුරුපැදිය වූ අතර එකල වේගවත්ම ඉන්දියානු යතුරුපැදිය ද විය.
![]() |
Pulser Mania |
එමෙන්ම 2014 ජුනි මස 25 ප්‍රථම වතාවට පල්සර් මේනියා සතියක් ප්‍රකාශයට පත් විය මෙය අදටත් ලොව පුරා පල්සර් ලෝලින් එක්ව සමරනා සතියකි.
2015 Pulsar AS උපත NS විපත
![]() |
AS200 & AS150 |
මෙම වසරේදී ඇඩ්වෙන්චර් ස්පොර්ට්ස් නමින් නව මාදියක් හඳුන්වා දෙනු ලැබීය මෙහි ප්‍රොජෙක්ටර් හෙඩ් ලයිට් එකක් සමඟ සෙමි ෆෙයාර්ඩ් මුහුනක් ද ඕෆ් රෝඩ් ධාවනයට වඩා සුදුසු ඉදිරි ෆෝක් කට්ටලයක් ද එක් කරන ලදි 150 සහ 200 ධාරිතාවයෙන් වෙළඳපොල කරා ආ මෙම යතුරුපැදියෙහි 150 මාදිලිය මෙරට ද අලෙවි වූ අතර පල්සර් සන්නාමය යටතේ අඩුම අලෙවියක් සිදු කල යතුරුපැදියක් ලෙසට වසර 2ක් තුල නිෂ්පාදනය නවතා දැමීය.
![]() |
200NS BS3 |
එමෙන්ම නව BS4 වායු විමෝචන තත්වයන්ට නොගැලපෙන නිසා 200NS යතුරුපැදිය නිෂ්පාදනය තාවකාලිකව බජාජ් විසින් නවතා දමන ලදි. මේ නිසා KTM Duke 200, TVS Apache RTR 180 වැනි යතුරුපැදි වල අලෙවිය සීග්‍රයෙන් ඉහල ගිය අතර RS200 හී මිල හා පෙනුමට නේක්ඩ් යතුරුපැදි ලෝලින් වැඩි ඇල්මක් නොදැක්වු නිසා ඉහත මාදිලි සමඟ දැඩි තරගක් එල්ල කිරීමට RS හට හැකි නොවීය.
2016 බජාජ් Pulsar CS400 (Cruising Sports) හෙවත් Dominar 400 උපත.
![]() |
Bajaj Dominar 400 2021 |
2014 දී එලි දැක්වු SS400 හී එන්ජිම මත පදනම්ව කෘසින් යතුරුපැදියක් ලෙසට හඳුන්වා දෙනු ලැබු ඩොමිනාර් 400 යතුරුපැදිය මුලින් පල්සර් කෘසින් ස්පොර්ට් 400, Pulsar VS400 හෝ ක්‍රෙටොස් 400 ලෙස නම් කිරීමට සැලසුම් කලද අවසානයේ ඩොමිනා නමින් සන්නාම ගත කොට බජාජ් Flagship යතුරුපැදිය ලෙසට වෙනමම කාණ්ඩ කරන ලදි.
එකල මෙම යතුරුපැදිය වේගවත්ම හා බලගතුම ඉන්දියානු යතුරුපැදිය විය, අදටත් මෙම යතුරුපැදිය අශ්වබල 40ක් සමඟ බලගතුම ඉන්දියානු යතුරුපැදිය වන අතර වේගය අතින් Apache RTR 310 සමඟ කරට කර සිටිනවා.
![]() |
NS 150 |
එමෙන්ම මෙම වසරේදි මුල් වරට ඉන්දුනීසියාවේ ද පසුව ඉන්දියාවේද NS150 මාදිලිය හඳුන්වා දෙනු ලැබීය මෙම යතුරුපැදිය 200NS හී ආභාශය ගත් අතර 150 සීසී ඔයිල් කූල් එන්ජිමකින් බල ගැන්විය.
2017 NS200 නැවත උපත හා ලේසර් ඒජ් වර්ණ රටා.
BS4 තත්ව යටතේ නැවතත් 200NS මාදිලියට කරළියට ආ අතර NS 150 මාදිලිය වෙනුවට NS160 මාදිලිය ද පෙර වූ 200NS සන්නාමය NS200 ලෙසට වෙනස් වීමද මේ වසරේදි සිදු විය.
![]() |
Leser edged colors |
මෙම වසරේ දි ප්‍රථම වරට ABS තාක්ෂණය NS 200 මාදිලියට එක් කල අතර නිල් වර්ණයේ මීටර් පද්ධතියක් සියළුම පල්සර් මාදිලි වලට එක් විය තවද AHO (Always headlamp On) හා නව වර්ණ රටාව ලේසර් ඒජ් ලෙසට නම් කරනු ලැබීය.
![]() |
NS200 BS4 Meter Panel |
2019 යතුරුපැදි ලක්ස 200ක් අලෙවිය පසු කිරීම හා පල්සර් 125
![]() |
Kawasaki Rouser 200 |
මේ වන විට ලොව පුරා යතුරුපැදිය මිලියන 20කට අධිකව අලෙවි කර තිබු පල්සර් මාදිලිය ඉන්දුනීසියාවේ සහ ඇමරිකානු මහද්වීපය තුල Kawasaki Rauser නමින්ද අති සාර්ථකව අලෙවි වෙමින් තිබුනි.
![]() |
Pulser 125 |
මේ සියළුම සාර්ථකත්වයන් හමුවේ හැම කෙනෙකුට පල්සර් එකක් යන තේමාවෙන් පල්සර් UG 4.5 යතුරුපැදිය මත පදනම්ව Pulsar 125 ද Pulsar 150 Neon නමින් ද මිලෙන් අඩු යතුරුපැදි දෙකක් එක් විය. මෙම 150 නියෝන් මාදිලිය මෙරට වෙළඳපොල තුල ද අති සාර්ථකත්ව අලෙවියක් සිදුකල යතුරුපැදියක් විය.
![]() |
150 Neon |
2021 නැවතත් රැඩිකල් වෙනසක්
![]() |
N250 & F250 |
පල්සර් 20 වන සංවත්සරය සැමරීම නිමිත්තෙන් The Biggest Pulsar තේමාවෙන් Bajaj Pulsar N250 හා F250 නිකුත් විය. N250 යතුරුපැදිය ඔයිල් කූල් 250 කාණ්ඩයේ වෑල්ව 2ක එන්ජිමකින්ද F250 එම එන්ජිමෙන්ම සහ චැසියෙන්ම බල ගන්වා සෙමි ෆෙයාර්ඩ් යතුරුපැදියක් ලෙසද කරළියට ගෙන එනු ලැබීය.
![]() |
NS 125 |
එමෙන්ම NS200,150,160 අතර කුඩාම නේකඩ් ස්පොර්ට් සාමජික ලෙස NS 125 මෙම වසරේදී හඳුන්වා දෙන ලදි. මෙම යතුරුපැදිය NS200 මත පදනම්ව නිර්මාණය කර ඇති අතර එන්ජිම, ටයර්, බ්‍රේක් සහ suspension වෙනස් විය.
2022 අති සාර්ථක N 160 උපත
![]() |
1st gen N 160 |
වර්තමානයේ මෙරට උන්මාදයක් බවට පත්ව ඇති N 160 යතුරුපැදියේ මුල් වරට වෑල්ව 2ක 160 කාණ්ඩයේ EFI DTS-i එන්ජිමකින් බල ගැන්වුනු අතර roll-over sensor (යතුරුපැදිය හදිසි අනතුරකට ලක් වූ විට එන්ජින ස්වංක්‍රීයව ක්‍රියා විරහිත කරගන්නා උපාංගයකි) එක වෙනමත් ECU එක වෙනමත් පිහිටන ලෙසට සකසා එනව ලදි.
මීට අමතරව බජාජ් පල්සර් ඉතිහාසයේ අසාර්ථකම යතුරුපැදිය වු Bajaj P150 යතුරුපැදිය ද එම වසරේම නිකුත් කරන ලදි නමුත් මෙම යතුරුපැදිය කෙතරම් අසාර්ථක වූවාද කිවහොත් එලඹෙන 2023දී එනම් වසරක් තුල නිෂ්පාදනය නවතා දැමීය.
![]() |
Rebranded Dominar 200 |
මෙම වසරේදී USD Suspension සමඟ නිකුත් කල NS200 හා NS160 යතුරුපැදි බ්‍රසීලයේදී Dominar 200 හා 160 ලෙසට Rebrand ගත කර වෙළඳපොල වෙත නිකුත් කරනා ලදි.
2023 විශාල වෙනසකට මුල් පිරුමක්
![]() |
Non DTS-i N160 |
2023 වසරේදී නිෂ්පාදනය නවතා දැමු P150 යතුරුපැදිය වෙනුවට N160 ආභාශය ගත් N150 හඳුන්වා දෙන ලදි. එමෙන්ම වසර 20කට පසු ප්‍රථම වතාවට DTS-i තාක්ෂණයෙන් තොරව නිමැවු පල්සර් එකක් ලෙස 2024 නිෂ්පාදන වර්ෂය වෙනුවෙන් Bajaj Pulsar N 160 BS6 එළි දක්වනු ලැබීය.
2024 DTS-i තාක්ෂණයට තිත තැබීමේ මුල් පියවර, NS400Z හා අලුත් වූ NS හා N යතුරුපැදි සහ හැඩකාර N125 උපත
![]() |
Bajaj NS400Z 2024 |
පල්සර් ඉතිහාසයේ තවත් සුවිශේෂ වසරක් බවට 2024 හඳුන්වාදුන් හැක. මෙම වසරේදී විශාලම පල්සර් සාමාජිකයා සහ කුඩාම සාමාජිකයා පිලිවෙලින් NS400Z ලෙසත් N 125 ලෙසත් වෙළඳපොල කරා සේන්දු විය. 400cc කාණ්ඩයේ මිලෙන් අඩුම සහ හොඳම යතුරුපැදියක් වීමට NS400Z හට හැකිවූ අතර 125 කාණ්ඩයේ හොඳම 0-60 වේගය ලගා කර ගත හැකි යතුරුපැදිය ලෙසත් හොඳම Power To Weight Ratio එක ඇති යතුරුපැදිය ලෙසත් N 125 හට විරුදාවලි ලැබීමට හැකි විය.
![]() |
N 125 |
මීට අමතරව 2024 වසරේ දී NS200,NS160 හා N 160 යතුරුපැදි බ්ලුටුත් හා Turn by turn navigation සහිත සම්පූර්ණ ඩිජිටල් මීටර් පද්ධතිය වලින් බල ගැන්වීමටත් USD Fork කට්ටල එක් කිරීමටත් සම්පූර්ණයෙන් අලෝක පද්ධතිය LED කිරීමටත් Modes 3කින් වෙන් වූ වැඩි ආරක්ෂාකාරි ABS පද්ධතියක් එක් කිරීමටත් මෙම මාදිලි එකි මාදිලි වල ප්‍රිමීයම් හෙවත් ඉහලම පෙලේ මාදිලි ලෙසට වෙන් කිරීමත් 2024 නිෂ්පාදන වර්ෂය තුල සිදු විය.
![]() |
New cluster with bluetooth&TBT Navigation |
![]() |
N160 PREMIUM |
2025 Triple Spark අවසානය ? Pulsar F250 සමු ගැන්ම...
![]() |
RS 200 2025 |
2025 වසරේ බජාජ් විසින් තමන්ගේ රේසින් ස්පෝට් යතුරුපැදිය වන RS 200 සුළු වෙනස්කම් රාශියක් සමඟ එළි දක්වනු ලැබීය. නමුත් මේ 2025 නිෂ්පාදන වර්ෂයේ RS 200 යතුරුපැදියෙහි සුවිශේෂී එක් වෙනසක් සිදුවී තිබුණි. ඒ පුරා වසර 11ක් RS හා NS 200 හී පැවැති ට්‍රිපල් ස්පාක් එන්ජිම වෙනුවට තනි ස්පාක් ප්ලග් එකක් එක්කර තිබීමයි.(මෙයට හේතුව සහ ගුණ අගුණ ලිපිය අවසානයේ සටහන් කරන්නම්)
2021 වසරේදී කරළියට ගෙනා 250F යතුරුපැදිය පල්සර් 220F හා 180F මෙන් අති සාර්ථක යතුරුපැදි ලෙස අලෙවි වේ යැයි අනුමාන කල ද වෙළඳපොල තුල ඇති වූ අඩු ඉල්ලුම නිසා 2025 වසරේ 250F නිෂ්පාදනයද නවතා දමන ලදි.
DTS-i Twin / Triple ස්පාක් තාක්ෂණයට තිත...
වසර ගණනාවක් පල්සර් ප්‍රමුඛ බජාජ් යතුරුපැදි වල මූලිකාංගයක් වූ මේ DTS-i තාක්ෂණය සෙමින් සෙමින් එම යතුරුපැදි වලින් ඉවත් කිරීම N 160 BS6 යතුරුපැදියෙන් ආරම්භ විය. මේ සඳහා මහඟු උපකාරයක් දෙවෙන පරම්පරාවේ ජර්මන් තාක්ෂණයෙන් එන BOSCH OBD2 Ready ECU පද්ධතිය සිදු කරන ලදි.
මෙම දෙවෙන පරම්පරාවේ ECU එක මගින් ඉතාම නිරවද්‍ය හා කාර්‍යයක්ෂම දත්ත එක් රැස් කොට ඒ හරහා ඉතාම නිරවද්‍ය විධාන දෙමින් යතුරුපැදිය සඳහා අවශ්‍ය දහන පෝශක නිවැරදි ලෙස ලබා දීමට කටයුතු කිරීමත් සමඟ අමතර පුලිඟු පෙනු (Spark Plug) එකක් හෝ දෙකක් යොදා ගැනීම අමතර නිෂ්පාදන හා නඩත්තු පිරිවැයක් පමණක්ම විය.
මෙහි වාසි ලෙස නිෂ්පාදනය සඳහා පිරිවැය අවම වීම, නඩත්තු හා අලුත්වැඩියා කටයුතු පහසු හා මිලෙන් 1/2කට අඩු වීම වැනි දේ පෙන්වා දිය හැකි අතර අවාසි ලෙස කිසිවක් සටහන් කිරීමට තවම නොමැත මන්ද 2 හෝ 3 ප්ලග් වෙනුවට එක් ප්ලග් එකක් භාවිතා කිරීමට ආරම්භ කිරීම සමඟ අඩුම වශයෙන් යතුරුපැදි වල වූ බලය ජවය හා ඉන්ධන කාර්‍යයක්ෂමතාව අඩු වීමක්වත් දැක ගැනීමට නොමැති වූ නිසාවෙනි.
මෙම තත්වය නිසා බජාජ් තම Flagship StreetFighter යතුරුපැදිය වන නවතම NS400Z යතුරුපැදියෙහි එන අශ්වබල 40කට ආසන්නව ජණනය කරන Dual Overhead Cam එන්ජිමද තනි පුලිඟු පෙනුවකින් බල ගැන්වීමට තීරණය කරන ලදි.
2025 අද වන විට මෙරට හා ලොව පුරා Pulsar Maniaව...
![]() |
Pulser DareVenture |
ලොව පුරා මේ ලිපිය කියවන මොහොතේ දීත් Pulsar 125cc ධාරිතාවයේ සිට 400cc ධාරිතාවය දක්වා මාදිලි 11ක් යටතේ අලෙවි වෙමින් පවතිනවා. මෙම යතුරුපැදිය ඉන්දියානු හා සමස්ත යතුරුපැදි වෙළඳපොල තුලම උන්මාදයක් හා වෙනසක් සිදු කල සන්නාමයකි. අදාල කාණ්ඩයේ ප්‍රථම හෝ එකම විශේෂාංග එම කාණ්ඩයේ අනෙකුත් නිෂ්පාදකයන්ගේ යතුරුපැදි මිලට වඩා අඩුවෙන් ගෙන ආ සන්නාමයකි,එසේ නොමැති නම් ලොව පුරා යතුරුපැදිය 20,000,000 අධිකව අලෙවි කිරීමට හැකියාවක් නොලැබෙනු ඇත.
Pulsar Mania, Pulsar Day, Pulsar DareVenture වැනි වැඩසටහන් තුලින් පල්සර් ධාවකයක් එක් තැනකට රැස් කර ගැනීමටත් පල්සර් සන්නාමය ලොව පුරා තව දුරටත් ගෙන යෑමට හැකි වූ අතර තව තවත් පල්සර් සන්නාමය තරුණ තරුණියන් අතර ප්‍රචලිත වීය.
දැන් මෙරට ඔබටත් මේ පල්සර් පවුලේ සාමාජිකත්වය ලබා ගැනීමට හැකියාව 125cc N125 සිට N160, N160 Premium, NS200 Premium මෙන්ම ඉදිරියේදි එළි දැක්වෙන Pulsar NS400Z යතුරුපැදියක හිමිකාරිත්වය සමඟ ලබා ගැනීමට හැකියි.
ඔබ දැනටත් පල්සර් යතුරුපැදියක හිමිකාරිත්වය දරන්ණේනම්, මිලට ගැනීමට අපේක්ෂා කරන්ණේනම් හෝ එක් දිනයක හෝ පල්සර් යතුරුපැදියක් ධාවනය කර තිබෙනවා නම් මෙය තවත් එක් ඉන්දියානු යතුරුපැදියක් නොවන බව මේ ලිපිය අවසානයේ වැටෙහෙනු ඇතයි සිතමු...
කරුණාකර කතෘ අයිතිය සුරකින්න.
Wandi - වණ්ඩි©
නියම Detailed review එකක්.. නියමයි.. තවත් මේ වගේ සුපිරි වැඩක් කරන්න.. ජය වේවා ❤
ReplyDelete