මොකද්ද මේ ABS (ABS explanation in Sinhala) - Wandi - වණ්ඩි

Wandi - වණ්ඩි

Sri Lanka's leading website about Motorcycles. Keep in touch with us...

Click here to read this post in ENGLISH


Monday, October 2, 2017

මොකද්ද මේ ABS (ABS explanation in Sinhala)


කොහොමද ඉතින් කට්ටියටම අදත් වෙනදා වගේම අපි කතාකරන්න සෙට් වුනෙ ගොඩක් දෙනා නොදන්නා කාරන්නයක් වුන ABS ( anti lock breaking system ) සහා CBS ( combi breaking system ) ගැන කතාකරන්න.

මුලින්ම ඉතින් මේකෙන් වෙනදේ ගැන සරලවම බලමු. මුලින්ම ABS ගැන කතාකලොත් ABS වලදී වෙන්නේ අපි බයික් එකේ තිරිංග යොදන වෙලාවට අපි කොච්චර තදින් තිරිංග යෙදීමක් කලත් බයික් එකේ Speed එක අනුව තිරිංග රෝද වලට කඩින් කඩ යෙදීම. මේකෙදි සිදු වන්නේ රෝද lock වීමකින් තොරව තිරිංග යෙදීමයි. ඕනැම මතුපිටක ඕනෑම කාලගුණ තත්වයකදී බය නැතිව මේක නිසා තිරිංග යොදන්න පුලුවන්.

නමුත් CBS වලදී වෙන්නේ මීට වඩා හාත්පසින්ම වෙනස් දෙයක්. CBS වලදී අපි පිටුපස හෝ ඉදිරිපස කුමන තිරිංගය තද කලත් මේකෙන් බයික් එකේ රෝද දෙකටම තිරිංග යෙදෙනවා. නිකමට හිතලා බලන්නකෝ වැලි තියෙන තැනක අපිට පිටුපස තිරිංග පමනක් යොදන්න අවශ්‍ය වුනත් මේකෙන් රෝද දෙකටම තිරිංග නිකුත් කරන නිසා වැටීමට ඇති ඉඩකඩ ගොඩක් වැඩියි.

දැන් මේ System එකේ mechanical පැත්ත ගැන කතාකරමු. ABS වලදී බයික් එකේ රෝද දෙකේම speed sensors දෙකක් සවිකරල තියෙනවා. ඒ sensors දෙකේන් බයික් එකේ ගමන් ගන්න මොහොතේ ඉදන් අවසානය දක්වාම රෝද දෙකේ වේගය මනිනවා. අපි තිරිංග තද කරන වෙලාවට මේ speed sensor එකෙන් බයික් එකේ ECU ( electronic control unit ) එකට පනිවිඩයක් යවනවා බයික් එකේ speed ගැන. එක ecu එකෙන් හදුනාගෙන බයික් එකේ තිරිංග වලට ලබා දිය යුතු බලය මැන ගෙන තිරිංග වලට කඩින් කඩ බලය ලබාදෙනවා. බයික් එකේ ලොකු වේගයක ගමන් කරනවා නම් වාර විශාල ප්‍රමානයක් ලබාදී බයික් එකේ වේගය අඩු වෙන්න වෙන්න එහ් වාර සංඛ්‍යාවත් අඩු කරනවා. මේ කැඩීම් වාර ගනන තත්පරයට 10-30 දක්වා වැඩි අඩු වෙනවා. මේකේ ප්‍රදාන අරමුන රෝද ලොක් වීමකින් තොරව බයික් එක නවත්වා ගැනීම

CBS ගැන කතාකලොත් Car Van Jeep ඔය හැම එකකම වගේ තිරිංග යොදන්න තියෙන්නෙ එක paddle එකකින්. නමුත් බයික් වල එහෙම නෙමේ තිරිංග යොදන්න තියෙන්නෙ වෙන වෙනම. එක නිසා මේ බයික් වල safety එක වැඩිවෙන්න තමයි CBS මුලින්ම හදුන්වා දුන්නේ. CBS වලදී සිදුවන්නේ අපි පිටුපස තිරිංග යොදන විටදී ඉදිරිපස තිරිංග වලටත් ඊට සමාන්තරව තිරිංග යෙදීමයි. මේ විදිහටම ඉදිරිපස තිරිංග යෙදූ විටත් සිදුවනවා. මේක නිසා මුලින් සදහන් කල ආකාරයට රෝද ලිස්සා යාමේ හැකියාව වැඩියි. මේ system එක දැන් ගොඩක්ම දැකගන්න ලැබෙන්නේ scooter වල. එහ් වගේම cb hornet 160r එකෙත් මේ system එක දැක ගන්න ලැබෙනවා.

මේ post එක ලියන්න මූලික හේතුව වුනේ 2018 ඉන්දියාවේ අලුත් නීතියක් ගෙනල්ලා තියෙනවා මීට කලින් සියලුම බයික් වල AHO අනිවාර්ය වියයුතු ආකාරයටම 125cc වලට වඩා වැඩි බයික් වල අනිවාර්යයෙන් ABS තිබිය යුතු අතර සහා 125cc වලට වඩා අඩු බයික් වල CBS අනිවාර්ය විය යුතු ලෙස. මේක නිසා අපිට apache 180 , 200NS , KTM duke 200 වගේ බයික් වල ABS බලාගන්න පුලුවන් වෙයි.

පහලින් photos දාන්නම් තවත් පැහැදිලි වෙන්න. වැරදි අඩුපාඩු තියෙනවානම් comment එකක් දාන්න. අපේ facebook page එකටත් like එකක් දාලා share කරලා සෙට් වෙලා ඉන්න. ලබන සතියේ youtube එකට අලුත් video එකක් අරන් එන්න බලාපොරොත්තුවක් තියෙනවා අපේ youtube channel එකටත් subscribe කරගෙන notification on කරන් ඉන්න.

සියලුම හිමිකම් ඇවිරිණි

Wandi - වණ්ඩි©





No comments:

Post a Comment