Classic වණ්ඩිය Suzuki Volty 250 - Wandi - වණ්ඩි

Wandi - වණ්ඩි

Sri Lanka's leading website about Motorcycles. Keep in touch with us...

Click here to read this post in ENGLISH


Friday, October 6, 2017

Classic වණ්ඩිය Suzuki Volty 250



අද මාතෘකාව Classic Look එකක් තියෙන එලකිරි වගේ බයික් එකක් ඒ තමයි Suzuki Volty 250 බයික් එක ගොඩ දෙනෙක් ඉල්ලපු බයික් එකක් මේක ඒත් review එක ටිකක් කල් දැම්මේ riding experience එකකුත් අරගෙනම review එක කරන්න ඕනේ නිසයි.අපි එහෙනම් review එකට සෙට් වෙමු.

249cc,SOCH,Single cylinder, four-stroke, aircool, 4 valve එන්ජින් එකකින් සමන්විත මේ බයික් එකට 20bhp උපරිම බලයක් ලබා ගැනීමට හැකියාව ඇති අතර තත්පර 4.7කින් 0-60 වේගයටත් 11.3කින් 0-100 වේගයටත් ලඟා විය හැකි අතර උපරිම වේගය ලෙස 125kmph සදහන් වෙනවා. 250cc 4valve එන්ජින් එකක්ට එය තරමක් අඩු වේගයක් ලෙස සදහන් උනත් standard catagory එකේ බයික් එක උන මේ බයික් එකට එය හොද වේගයක් එමෙන්ම මේ බයික් එකේ නිමාව වේගයෙන් යෑමට වඩා සුවපසුවෙන් යෑම ඉලක්ක කර නිර්මාණය කර ඇති බවත් බැලූ බැල්මටම පේනවා.

Single overheard cam shaft air cool එන්ජින් එකක් නිසා නඩත්තු වියදම් අවම උනත් ඉහල වේගයක වැඩි දුරක් ගමන් කිරීමේදි තරමක් එන්ජින් එක අනවශ්‍ය ලෙස රත් වීමක් දැකිය හැකි අතර බොහෝ aircooled එන්ජින් වල එය සාමාන්‍ය ලක්ෂණයක් නඩත්තු කටයුතු නිසි ආකරයට නොකලහොත් බොහෝ විට මේ එන්ජින් එක ආශ්‍රිතව නොයෙක් ගැටලු මතු විය හැකි අතර සාමාන්‍ය ඉන්ඩියන් යතුරුපැදියකට වඩා වැඩි නඩත්තු වියදමක් සාපේක්ෂව වැය කිරීමට සිදු වෙනවා ඒ නිසා විශ්වාසවන්ත තැනකින් නිසි වේලවට services කරගන්න(සෑම බයික් එකකටම අදාල වේ)

තවත් විශේෂ කරුණක් සදහන් කලොත් oil හා air cool එන්ජින් සහිත යතුරුපැදි එන්ජින් අධික ලෙස රත් වී යතුරුපැදිය නැවැත්වූ විට ටික්ටික් ශබ්දයක් ඇසෙන බවත් එය ගැටලුවක් ද බවත් කීප දෙනෙක් අපෙන් අසා සිටියා මේ යතුරුපැදියෙත් එම ටික් හඩ ඇසෙන අතර එය ගැටලුවක් නොවෙන බවත් එයට හේතුව එන්ජින් එක තුල තාපය නිකුත් වෙද්දි ලෝහ ප්‍රසාරණය වීමත් යලි එන්ජින් එක සිසිල් වීමේදි ඒවා යතා තත්වයට පත් වීමත් ය.

Gear හා clutch ගැන කතා කලොත් වේග 5ක ගියර් පද්ධතියක් හා wet multi-plate clutch එකක්ද යොදා ගෙන තිබෙනවා.කිසිම ගියර් එකක් තුලදී කිසිම ආකාරයක සිර වීමක් හෝ පැනීමක් මේ බයික් එක තුල සිදු නොවෙන අතර ඉතාම සුමට ලෙස ගියර් ඉහල පහල මාරු කල හැකියි.

Carburettor එකක් හරහා ඉන්ධන සැපයුම සිදු වෙන අතර ලීටර් එකකින් 20-28 අතර දුරක් ධාවනය කල හැකි අතර 250 එන්ජින් එකක්ට එය හොද ඉන්ධන කාර්යක්ෂමතාවක් ලෙස සදහන් කරන්න පුලුවන්.
එමෙනිම ලීටර් 12ක විශාල ඉන්ධන ටැංකියක් ඇති අතර දුර ධාවනයට එය හොද වාසියක් හා බයික් එකේ පෙනුමටද හොදින් උපකාර කරනවා.metal tank එකක් යොදාගෙන තිබෙන නිසා හදිසි අනතුරකදි වැඩි හානියක් ටැංකියට විය හැකි අතර කුඩා crash guard එකක් යොදා ගැනීමෙන් මේ තත්වය මග හරවා ගත හැකියි.

මෙහි meter panal එක ගැන කතා කලොත් ඉතාම සරල classic look එකකින් යුත් තනි analog meter එකක් යොදා ඇති අතර මෙහි speed,trip හා odo පමණක් පෙන්නුම් කරනවා.මේ මීටර් එකෙහි RPM පෙන්නුම් නොකිරිම අඩුවක් ලෙසත් fuel gage නොපෙන්වීම ඉතාම විශාල අඩුවක් ලෙසත් පෙන්නුම් කල හැකි අතර standard bike එකකට අත්‍යාවශ්‍යම එය නොමැති කම නිසා rider අපහසුතාවට පත් වීමද තරමක අඩුවක්.
එමෙන්ම මේ meter panal එක royal enfield classic 500 එකට සමානකම් දක්වන ලෙස නිම කර තිබෙනවා.

Steel backbone frame එකක් සහිත මේ බයික් එක 80-100kmph අතර වේගයෙන් පසුව තරමක දෙදරීම් ස්වභාවයක් තිබුනද එය විශාල අඩුවක් ලෙස පෙන්විය නොහැකි අතර ඉතාම සුවපහසු riding position එකක් ඇති අතර් ඕනෑම මාර්ගයක හොදින් බයික් එක හසුරුවා ගැනීමට හැකි අතර traffic riding වලදීත් 750mm seat height එකක් හා rider friendly position එක නිසා ඉතාම සුවපහසුව  ධාවනය කිරීමට ඉඩ ලැබෙනවා.
එමෙන්ම බර විදියට 125kg සදහන් කර හැකියි.

Suspension ගැන කතා කලොත් ඉදිපස telescopic forks හා පසුපස double shocks හා swing arm යොදා ගෙන තිබෙනවා ජපන් බයික් වලටම ආවේනික ඉතාම සුවපහසු ධාවන මේ බයික් එක මගිනුත් ලබා ගැනිමට හැකි අතර passenger ටත් සුවපහසුව ගමන් ගැනීමට අවස්තාව ලැබෙනවා.

Breaking system එක විදියට ඉදිපස Tokico two-piston caliper හා 220mm single disc එකක් හා පසුපස drum breaks යොදා තිබෙනවා.

Tyres විදියට ඉදිපස 90/90-18M/C  හා පසුපස 110/90-18M/C ප්‍රමාණ වලින් යුත් ටයර් යොදා ඇති අතර මේ ටයර් බෙහෙවින් මේ සුවපහසු ධාවනයට හා handling වලට උපකාර වෙනවා.

එමෙන්ම අගල් 18ක stainless rim දෙකක් හා ඉදිපස ස්පෝක් 51කින් හා පසුපස ස්පෝක් 61කින්  සමන්විත රිම් එකක් යොදා ඇති අතර කලින් ස්පෝක් රිම් බයික්ස් ගැන කතා කලා වගේම මේ රිම් එකත් හදිසි අනතුරකදී ඇද වීමට වැඩි ඉඩක් ඇති අතර නැවත යතා තත්වයට ගැනීමට වැඩි පිරිවැය දැරීමට සිදු උනත් ඉතාම දැකුම්කළු ආකර්ෂණීය පෙනුමක් මේ ස්පෝක් නිසා ලැබී තිබෙනවා යම් හෙයකින් ඇලෝවීල් ලබා දුන්නා නම් මේ පෙනුම සම්පූර්ණයෙන්ම නැති වීමට ඉඩ තිබෙනවා.

ඒ වගේම engine එක මගින් twin pipe (බට දෙකක්) මගින් පිට කරන  ශබ්දය යලිත් තනි බටයක් හරහා ලයිලැන්සර් එකට යොමු කර ඇති අතරමේ මගින් ඉතාම ආකර්ෂණීය exhaust beat එකක් ලැබී තිබෙනවා.

බයික් එකේ lighting ගැන කතා කලොත් බොහෝ ජපන් බයික් වල මෙන් සියලුම lights maginto මගින් දැල්වෙන අතර යම් ගැටලුවක් මේ මැගින්ටෝ පද්ධතිය තුල ඇති උනොත් පලපුරුදු කාර්මික ශිල්පී උපකාර ලබා ගැනීමට මතක නොකරන්න.මොකද නියපොත්තෙන් කඩන්න තියෙන දේ පොරවෙන් කඩන්න විමට ඉඩ ඇති නිසයි.

අවසාන වශයෙන් මේ බයික් එකත් එක්ක කරට කර තරගයක Yamaha XV250S හා Honda CB250N සිටින් අතර ඉන්දියාව තුල නම් Royal enfield 350 වැනි බයික්ද තරගයට ඉන්නවා classic look එකට
කැමති අයට ඉතාම හොද තේරිමක් වෙන මේ බයික් එක ලංකාවේ දැනට භාවිතා කර ඇති බයික් එකක් ලක්ෂ 2-3.5 අතර මුදලට අලෙවි වෙනවා.

මීට වඩා මේ බයික් එක් ගැන දන්න දේවල් තියෙනවා නම් අපේ FB post එක යට comment කරන්න පහල තියෙන photos බලලා අදහසක් ගන්න අපේ fb page එකට like කරලා අපේ review එක බලපු නැති අය පෝස්ට් පහලට ගිහින් ඒකත් බලන්න ස්තූති.

කරුණාකර කතෘ අයිතිය සුරකින්න.

Wandi - වණ්ඩි©




No comments:

Post a Comment