ලොව බලගතුම තනි සිලින්ඩර වණ්ඩිය Husqvarna 701 Supermoto - Wandi - වණ්ඩි

Wandi - වණ්ඩි

Sri Lanka's leading website about Motorcycles. Keep in touch with us...

Click here to read this post in ENGLISH


Tuesday, February 4, 2020

ලොව බලගතුම තනි සිලින්ඩර වණ්ඩිය Husqvarna 701 Supermoto


අද ලිපියේ මාතෘකාව වෙන්නේ ලොව බලගතුම තනි සිලින්ඩර යතුරුපැදිය වගෙම ලෝකේ සුපිරිම Supermotard යතුරුපැදියක් වන Husqvarna 701 Supermoto යතුරුපැදිය.

ඉතිහාසය


ස්විඩන් යතුරුපැදි සමාගමක් වන Husqvarna ජර්මනියේ BMW සහයෝගීතාවයෙන් වෙන්ව ඔස්ට්‍රියාවේ KTM සමාගමේ අයිතියට පත් වීමත් සමඟ 2014 දි Concept යතුරුපැදියක් ලෙසට EICMA යතුරුපැදි ප්‍රදර්ශනයේදි කරළියට එන 701 යතුරුපැදිය 2015 දි වෙළඳපොළට නිකුත් කරනු ලබනවා. ඒ KTM 690 SMR යතුරුපැදියෙහි බොහෝ කොටස් හුවමාරු කරගනිමිනුයි.


පසුව 2017 දී මෙහි දෙවන පරම්පරාව ආරම්භ කරන Husqvarna විසින් වෙනස්කම් කිහිපයක් සිදු කරනා අතර මේ අතුරින් ප්‍රධානම වෙනස්කම් ලෙසට Ride by wire Technology, ඇලුමිනියම් ආලෙපිත Piston, Double Spark Plugs සහ නව Counter balncer දෙකක් යොදාගෙන තිබෙනවා. මේ නිසා පෙර මාදිලියට වඩා 1000rpm ක වැඩි වීමක් ද අශ්වබල 7ක පමණ බලයකින් ද වැඩි වීමක්ද දැකගත හැකියි.

Engine


692cc SOHC තනි සිලින්ඩර වෑල්ව 4ක මෙම එන්ජිම අශ්වබල 74ක් ජණනය කරන අතර පෙර මාදිලියේ එනම් 2017 ට පෙර මාදිලි වල අශ්වබල 67ක් ජණනය කර දෙනු ලැබීය. එමෙන්න පෙර සඳහන් කල පරිදිම මෙම එන්ජිම වෙනස්කම් කිහිපයකට ලක් කිරීම නිසා වැඩි බලයක් ජවයක් වේගයක් පමණක් නොව දෙදරීම් අවම බවක් ද ලැබි තිබෙනවා. ඉතාම පහසුවෙන් පැයට කිලෝමීටර් 220ක පමණ වේගයක් කිසිදු Racing Modification එකකින් තොරව ලබා ගත හැකි 701 යතුරුපැදියට Racing Modification සමඟ පැයට කිලෝමීටර් 250ක වේගය ඉක්මවා යෑමේ හැකියාව පවතියි.

එමෙන්ම  ප්‍රභල අශ්වබල 74ක එන්ජිම සිසිල් කිරීමට විශාල ද්‍රව සිසිලන පද්ධතියක් ද එකතු කර ඇති Husqvarna හැකි සෑම අයුරකින්ම එන්ජිම හරහා සුලඟ ගමන්කිරීමට හැකි අයුරින් යතුරුපැදිය නිමවා තිබෙනවා.

Ride By Wire Technology සහ ඉන්ධන සැපයුම

සාමාන්‍යයෙන් යතුරුපැදියක Throttle කිරීම පාලනය වන්නෙ  කේබල් මගිනි නමුත් වර්තමානයේ බොහෝ නව යතුරුපැදි මේ Ride by wire තාක්ෂණය භාවිතා කරනු ලබනවා මේ නිසා ඉතාම සුමට සහ නිවැරදි throttle එකක් ලබා ගැනීමට ඉඩ සලසන අතර ඉන්ධන සැපයුමද කාර්යයක්ෂම කරනු ලබනවා.

Keihin 50mm EFI පද්ධතියකින් එන මේ Husqvarna පෙට්‍රල් ලීටර එකකට කිලෝමීටර් 15ක පමණ ඉන්ධන කාර්යයක්ෂමතාවයක් ලබා දෙන අතර මෙවැනි එන්ජිමකට එය බොහෝ සෙයින් ප්‍රමාණවත්.

Gears සහ Clutch


හයිඩොලික් Slipper clutch එකකින් එන මේ Husqvarna 701 යතුරුපැදියෙහි ගියර් ඉහල පහල කීරීම ඉතාම සුමටම සහ පහසුවෙන් කරගත හැකියි ඒ මේ හයිඩොලික් ස්ලිපර් ක්ලච් එකෙන් ලැබෙන සහය නිසාවෙනි එමෙන්ම 2020 මාදිලියට නව Quick Shifter එකක් යොදාගෙන ඇති නිසා Clutch එක භාවිතා නොකර ගියර් මාරු කර ගත හැකියි. 
මෙය 2020 ට පෙර එන යතුරුපැදි වලටත් after market කොටසක් ලෙස එකතු කල හැකියි. තවද වේග 6ක ගියර් පද්ධතියකින් මේ 701 සමන්විතයි.

Design

701 යතුරුපැදියෙහි Design එක බොහෝ දුරට KTM 690 SMRC යතුරුපැදියට සමානකමක් දක්වනවා මෙයට හේතුව KTM සහ Husqvarna එකම පවුලේ සහෝදර සමාගම් විමයි.

මෙහි මීටර් එක ඉතාම සරළ බොහෝ Supermoto යතුරුපැදි වල දැකගත හැකි ආකාරයේ මීටර් එකකි මෙහි වේගය, මෙතෙක් ගමන් කර ඇති දුර, Trip, time පෙන්නුම් කරනවා. මෙහි RPM, Fuel Gauge සහ gear position වැනි අංග නම් පෙන්නුම් කරන්නෙ  නැහැ.

මෙහි ඉන්ධන ටැංකිය යතුරුපැදියෙ පසුපස ස්ථාන ගත කර තිබෙනවා. මේ නිසා යතුරුපැදයෙහි බර සමානව බෙදි යනවා. එපමනක් නොව මේ ටැංකිය සමග එන මෙහි Sub Frame එක නිමවා ඇත්තේ POLYAMIDE නම් අමුද්‍රවයෙනි. මෙය ශක්තිමත් බරින් අඩු sub frame එකක් 701 හට ලබා දී තිබෙනවා. තවද මේ ඉන්ධන ටැංකිය ලීටර 13කින් සමන්විත වන අතර එය සාමාන්‍යයෙන් මෙවැනි එන්ජින් ධාරිතාවයක යතුරුපැදියකට සෑහිමකට පත් විය හැකි ඉන්ධන ටැංකියකි.


තවත ඇලුමිනියම් ශක්තිමත් Swing Arm එකක් මේ යතුරුපැදියට එකතු කර ඇති Husqvarna මෙමගින් යතුරුපැදියට වංගු වල සහ ඕනෑම මාර්ගය ධාවනයේදි උපරිම පහසුව ලබා දීමට ඉඩ සලසා දී තිබෙනවා.
මේ යතුරුපැදියෙහි උස 890mm (අඟල් 35) ද Ground Clearance 237 (අඟල් 9) ද සම්පුර්ණ බර කිලෝග්‍රැම් 147ක්ද ලෙසට සටහන් වනවා.

Frame

Steel Trellis ෆ්‍රේම් එකක් මේ යතුරුපැදිට යොදා තිබෙනවා. ඉතා සැහැල්ලු නමුත් ශක්තිමත් මේ Frame එක යතුරුපැදියට ස්ථාවරභාවයක් වගේම අලංකාර පෙනුමක් ද එකතු කර තිබෙනවා.

Suspension



WP සන්නාමයෙන් එන Up Side Down 48mm Fully adjustable Forks ඉදිරිපසටත් පසුපස WP Monoshock එකක්ද යොදාගෙන ඇති අතර ඕනෑම මාර්ගයට සුපිරි ධාවනයකට ඉඩ මේ Suspension මගින් ලබා දී තිබෙනවා.

Brakes

Brembo සහ BOSCH බලගන්වා ඇති Husqvarna 701 හී තිරිංග පද්ධතිය ඉදිරිපස 320mm Disk එකක් ද Brembo කැලිපරයක් ද පසුපස 240mm Disk එකක් සමඟ Brembo කැලිපරයක් ද යොදා නිමවා ඇත එමෙන්ම BOSCH 9.1MP ABS පද්ධතියකින් ද සමන්විත මේ යතුරුපැදියෙහි ABS On, Supermoto ABS එනම් පසුපස ABS ක්‍රියා විරහිත කර ද සම්පුර්ණයෙන්ම ABS ක්‍රියා විරහිත කර ද ධාවනය කිරීමට ඉඩ සලනවා.

Tyres


ඉදිරිපස 120/70 ප්‍රමාණයෙන්ද පසුපස 160/60 ප්‍රමාණයෙන්ද ටයර් යොදා ඇති 701 හී Alloy spoke 17 රිම් යුගලයක් ද යොදාගෙන තිබෙනවා. මේ නිසා ඉතා හොඳින් යතුරුපැදිය ධාවනය කිරීමටත් හොඳ ඝර්ශනයක් මාර්ගය සමග ඇති කරගැනීමටත් හැකියාව ලැබෙනවා. එමෙන්ම වංගු වලදි යතුරුපැදිය ඉතාම ස්ථාවරව ධාවනය කල හැකියි.

මිල සහ අමතර කරුණු


2020 වන විට මේ Husqvarna 701 Supermoto හී මිල ඇමරිකානු ඩොලර් 10,899 ලෙසට සටහන් වන අතර එය මෙරට මුදලින් බදු රහිතව රුපියල් ලක්ෂ 21 ඉක්මනවන මුදලකි. වසරකට ඉතාම සීමිත ප්‍රමාණයක් පමණක් නිශ්පාදනය වන මෙම Husqvarna 701 යතුරුපැදියේ 701 Enduro නම් මාදිලියක් ද දැකගත හැකියි.

ඔබේ අදහස් යෝජනා චෝදනා අපේ FB පිටුවට යොමු කරන්න.

කරුණාකර කතෘ අයිතිය සුරකින්න.

Wandi - වණ්ඩි©


No comments:

Post a Comment