ඉන්දියන් බයික් පුරාණේ - Wandi - වණ්ඩි

Wandi - වණ්ඩි

Sri Lanka's leading website about Motorcycles. Keep in touch with us...

Click here to read this post in ENGLISH


Friday, June 29, 2018

ඉන්දියන් බයික් පුරාණේ

අද පෝස්ට් එක ලියන්න කලින් මුලින්ම ස්තූතිවන්ත වෙන්න ඕන පුරා වසරක කාලයක් SL Wandi Blog Site,Youtube,Facebook,Instagram සමඟ එකතු උන ඔබ සියලු දෙනාටම හදවතින්ම.
දැන් ඔබ හැම කෙනෙක්ටම SL Wandi සමඟ Whatsapp හරහාද සම්භන්ද වීමට අවස්තාව ලැබී තිබෙනවා.

අනෙක් කාරණාව තමයි සමහර අය අපෙන් ඇහුවා අපේ මේ නම SL Wandi නැත්තම් "වණ්ඩි" කියන එකේ තේරුම මොකද්ද කියන එක.
හරිම සරළයි අපිට ඕන උනේ ලොකු ලොකු බරපතල පොශ් නම් දාන්න නෙමේ කොල්ලොන්ට කෙල්ලොන්ට මතක හිටින නිතර දෙවේලේ කටෙන් පිටවෙන නමක් දාන්න මේ "වණ්ඩි" කියන්නේ දෙමල වචනයක් තේරුම වාහනය කියන එකයි ඒත් ගොඩක් කොල්ලෝ තමන් වාහනයක් ගෙනාවම නැත්තම් වාහනයක් දැක්කම කියන්නේ මචං මම වණ්ඩියක් ගෙනාවා අඩෝ මේක එල වණ්ඩියක් වගේ වචන අන්න ඒ නිසා තමයි අපි මේ කනට ඇහෙන කටේ මුමුණන මතක හිටින වණ්ඩි කියන නමට SL එහෙම නැත්තම් Sri Lanka කියන අනන්‍යතාව එක්කම නම යෙදුවේ.

දැන් අපි අද පෝස්ට් එකට එමු අද තීරණය කලා යතුරුපැදි ඉතිහාසය ගැන කතා කරන්න ඒ අතුරිනුත් මෙරට වැඩි වශයෙන් දැකගන්න ලැබෙන ඉන්දියානු යතුරුපැදි ගැන කතා කරන්න නම් වශයෙන් Bajaj,TVS හා Hero නම් කල හැකියි.



මේ යතුරුපැදි වල ඉතිහාසය ගැන කතා කිරීමට පෙර ඉන්දියානු යතුරුපැදිය වලට මේ වන විට ලෝකයේ ඇති ස්ථානය හා තත්වය ගැන කෙටි හැදින්වීමක් කිරීමට තීරණය කලා.


මෑත කාලයේදී ඉන්දියානු යතුරුපැදි වල මහත් පෙරලියක් ඇති වූ අතර නිතර දෙවේලේ ගමන් කිරීමට හැකි ඉන්ධන කාර්යක්ෂමතාව ඉහල යතුරුපැදි වලින් ඔබ්බට වේගය හා ඉහල තාක්ෂණික උපාංග යොදා ගනිමින් යතුරුපැදි නිශ්පාදකය කිරීමට පෙලඹී තිබෙනවා උදාහරණ ලෙස ඉන්දියාවේ වේගවත්ම යතුරුපැදිය වන Apache RR 310 ඉන්දියාවෙ බලගතුම යතුරුපැදිය වන Bajaj Dominar 400CS හා ඉන්දියාවේ ප්‍රථම Bluetooth Smart connect Scooter එක වන Ntorq ද නම් කල හැකි එමෙන්ම 2019 හා 2020 දී එලි දැක්වීමට නියමිත දැනට Concept මට්ටමේ පවතින Hero Hastur 600, TVS Zepplin 250, Bajaj RS400 වැනි යතුරුපැදි ද මෑත කාලයේ ඉන්දියානු යතුරුපැදි ක්ෂේත්‍රයේ ඇති වූ ප්‍රගමනයේ සාක්ෂි ලෙස පෙන්විය හැකියි.


තවද 2017 වර්ශය වන විට ලෝකයේ ව්ශාලම යතුරුපැදිය නිශ්පාදකයා වීමට Hero Motor crop සමත් වූ අතර වැඩිම යතුරුපැදිය නිෂ්පාදනයක් ඇති රට ලෙසද ජපානය හා චීනය අභිබවා ඉන්දියාව පත් විය. මේ වන විට ලෝකයේ හොඳම යතුරුපැදි නිශ්පාදකයන් 20 දෙනා අතරද Bajaj,Hero,TVS සිටින අතර ලෝකයේ විශාලතම යතුරුපැදි නිශ්පාදකයන් අතර තෙවෙන තැන බජාජ් හට හිමි වී ඇත.


මේ යතුරුපැදිය නිශ්පාදකයන් බිහි වූ අනුපිළිවෙළින් මොවුන්ගේ ඇති වූ ප්‍රගමනය හඳුන්වාදුන් යතුරුපැදි සටහන් කරන්නම්.

ප්‍රථමයෙන් මීට වසර 72කට පෙර එනම් 1945 නොවැම්බර් මස 29වන දින ඉන්දියාවේ රාජාස්ථාන් හීදී ජමන්ලාල් බජාජ් මහතා  විසින් Bajaj Auto ආරම්භ කරන ලදි.


මුල් කාල වකවානුවේදී එනම් 50 දශකයේ සිට 80 දශකය දක්වා ඉන්දියාවේ ස්කූටර් නිශ්පාදකයන් අතර වැඩිම ඉල්ලුම හා අලෙවිය ඇති බජාජ් චෙටක් 2 Stroke මාදිලි නිශ්පාදනය සිදු කරන ලදී.80 දශකය මැද භාගයේ එනම් 1985 දී ලෝකප්‍රකට එකල මෙන්ම අදද වේගවත්ම යතුරුපැදි ගනනාවක් නිශ්පාදනය කරනා කවසාකි සමාගම ඉන්දියාවට සේන්දු වන අතර මොවුන් බජාජ් සමඟ සහයෝගිතා ගිවිසුමකට එලඹුනි (Partnership) පසුව මොවුනේ Bajaj Kawasaki ප්‍රථම යතුරුපැදිය ලෙස හා Bajaj ගේ ප්‍රථම යතුරුපැදිය ලෙස Bajaj Kawasaki KB100 2 Stroke යතුරුපැදිය වෙලඳපොළට නිකුත් කල අතර ඉතාම සාර්ථක ලෙස මෙහි අලෙවිය සිදුවිය.මේ යතුරුපැදියට තරඟ කිරීමට ලෝක යතුරුපැදි ඉතිහාසයේ අමරණීය යතුරුපැදියක් ලෙස සැලකෙන Yamaha RX100 හා TVS Suzuki AX100 කරට කර විය නමුත් බජාජ්ට හෝ TVS හට Yamaha RX100 හට අභියෝග කිරීමට නොහැකි විය මෙහි පෙනුමට,ඉන්ධන කාර්යක්ෂමතාවට හා වේගයට බොහෝ පිරිස් ආකාර්ෂණය වීම හේතුව ලෙස පෙන්වා දිය හැකියි.


පසුකාලීනව එනම් 1991 දී Bajaj Kawasaki 4S Champion,1996 දී Bajaj Kawasaki KB125 වැනි යතුරුපැදිද වෙළඳපොළට බජාජ් කවසාකි නිකුත් කල අතරම මොවුන්ගේ ප්‍රථම  4 Stroke යතුරුපැදිය ලෙස K-Tec එන්ජිමකින් බලගැන්වූ Bajaj Kawasaki Boxer 100CT හා Boxer 100AR වෙලඳපොළට නිකුත් කිරීම සිදු කෙරුනි.

ඉන්පසුව 1998 දී Bajaj Kawasaki Caliber 2001 දී Bajaj Caliber Chroma, හා ප්‍රථම ඉන්දියානු Premium කාණ්ඩයේ යතුරුපැදිය ලෙස Bajaj Kawasaki Eliminator 180 වෙලඳපොළට නිකුත් විය  පසුකාලීනව Eliminator යතුරුපැදිය Avenger ලෙසට වෙනස් විය.


2003 වසරේදී Bajaj Kawasaki Aspire,2003 දී Caliber 115, දැන් Platina ලෙස හඳුන්වන Bajaj Wind 125 හා තරුණ සිත් වසඟයට ගත් Bajaj Pulsar වෙලඳපොළට නිකුත් විය.

ඉන්පසුවද CT100,Platina,Discover,Avenger,XCD වැනි මාදිලි නිකුත් විය.

ඉන්පසුව 2012 දී Bajaj, KTM හා Kawasaki සහයෝගිතාවයෙන් NS200 වෙලඳපොළට නිකුත් කල අතර මෙය ආසියානු රටවල් මෙන්ම දකුණු ඇමරිකාව හා මධ්‍යම ඇමරිකාවේ රටවල් වලද ඉතාම සාර්ථකව අලෙවි විය.
මේ යතුරුපැදිය හා තවත් මාදිලි කීපයක්ම මේ වන විට රටවල් 48කට පමණ අපණයනය කිරීම සිදු කරණු ලබයි.




එමෙන්ම 2015 දී Bajaj විසින් එවකට වේගවත්ම ඉන්දියානු යතුරුපැදිය වන Bajaj Pulsar Racing Sports 200 (RS200) යතුරුපැදිය වෙලඳපොළට ඉදිරිපත් කල අතර මෙයද ඉන්දියාවේ Value for money (ගන්න ගානට වටින) යතුරුපැදියක් විය.


පසුව 2016දි වර්තමානයේ බලගතුම ඉන්දියානු යතුරුපැදිය වන Bajaj Dominar 400 යතුරුපැදිය වෙලඳපොළට නිකුත් වූ අතර මෙයද ඉතා සාර්ථක ලෙස රටවල් ගනනාවකට අපනයනය කල Value for money යතුරුපැදියක් විය.
2017 අප්‍රේල් මසදී දශක 3ක බජාජ් කවසාකි සහයෝගිතාවය අවසාන වූ අතරම Kawasaki Rouser ලෙස රටවලට අපනයන වූ Pulsar මාදිලි  නැවතත් Bajaj Pulsar ලෙසටම අපනය කිරීම ආරම්භ විය.එමෙන්ම බජාජ් විසින් එකලැස් කරන ලද Kawasaki Ninja 300 හා Ninja 650 මාදිලි සම්පූර්ණයෙන් Kawasaki Indian යටතේ එකලැස් කිරීම ආරම්භ විය මේ නිසාම KTM ප්‍රදර්ශනාගාර හරහා අලෙවි වූ Ninja මාදිලිද නැවත්වුනි.

මේ වන විට Bajaj එංගලන්තයේ Triumph Motorcycles හා ඔස්ට්‍රියානු සමාගමක් වන KTM හී 47%ක කොටස් වලටද හිමිකම් කියමින් 2019දී Husquvrna Motorcycles සමඟද ගිවිසුම් ගත වීමට සැලසුම් කරමින් සිටින මොවුන් Vitpilen 401 හා Svarapilen 401 හා යතුරුපැදි ඉන්දියාවේ එකලැස් කිරීමට හා Triumph හා එක්ව මාදිලි කිහිපයක් නිකුත් කිරීමද සැලසුම් කරමින් පවතිනවා.

ලෝකයේ තෙවන විශාලම යතුරුපැදි නිශ්පාදකයා වන Bajaj ගැන සාරාංශය එලෙස සටහන් කල හැකියි.
මීලඟට ඉන්දියාවේ යතුරුපැදි රේසිං ක්ෂේත්‍රයේ පැරණිම මෙන්ම වැඩිම ජයග්‍රහණ ලාභී යතුරුපැදි සන්නාමය වන TVS ගැන කතා කරමු.

මෙහි පීතෘවරයා ලෙස සැලකෙන T.V සුන්දරම් අයියංගර් මහතා හැදින්වෙන නමුත් TVS යතුරුපැදිය නිශ්පාදනය ආරම්භ වන්නේ මොහුගේ පුතුන් සිව් දෙනාගේ ඇවෑයමෙනි ඒ 1978 වසරේදී දකුණු ඉන්දියාවේ චෙන්නායි,තමිල්නාඩු හීදීය.

මොවුන් විසින් යතුරුපැදි අමතර කොටස් හා මෝපේඩ් නිෂ්පාදන සිදු කල අතර 80 දශකයේ වැඩියෙන්ම අලෙවි වූ මෝපේඩ් එක ලෙස TVS 50 හැඳින්විය එමෙන්ම මෙහි තවත් මාදිලිය වූ TVS XL යතුරුපැදිය මිලියන 10ක් (කෝටියක්) ලොව පුරා අලෙවි වු ඇති  එතෙක් මෙතෙක් ලොව වැඩියෙන්ම අලෙවි වූ මෝපේඩ් එක ලෙස සැලකෙනවා මේ කාලසීමාව තුල වර්තමානයේ ලොව හොඳම යතුරුපැදි නිශ්පාදකයා ලෙස සැලකෙන ජපානයේ Yamaha ඉන්දියාවට පැමීනීමෙන් පසුව යතුරුපැදි ක්ෂේත්‍රයේ දැවැන්තයෙකු වන Suzuki හටද ඉන්දියාවට පැමිණීමේ අවශ්‍යතා ඇති වෙනවා මේත් සමඟම 1984දී TVS හා Suzuki ගිවිසුම් ගතවී IND-Suzuki AX100 යන නමින් යතුරුපැදියක් වෙලඳපොළට නිකුත් කරන ලදි මෙය ඉතාම සාර්ථක ලෙස අලෙවි වූ අතර තරමක තරඟයක් Yamaha RX100 හට ලබා දීමටද සමත් විය.

පසුව 1993 දී Suzuki Supra,Shougun හා Samurai යතුරුපැදි ද නිකුත් වූ අතරම මේ අතරවාරයේ IND-Suzuki නාමය TVS-Suzuki ලෙසට වෙනස් විය TVS Suzuki විසින් තම අවසාන 2T යතුරුපැදිය ලෙස TVS Suzuki Shaolin වෙලඳපොළට නිකුත් කර 2000 වසරේදී තම ප්‍රථම Four Stroke යතුරුපැදිය ලෙස Fiero වෙලඳපොළට නිකුත් කලද මෙය පෙර මාදිලි තරම් සාර්ථක අලෙවියක් නොවිය මීට ප්‍රධානම හේතුව මෙහි භාහිර පෙනුනයි මේ නිසාම TVS Suzuki මෙහි නව මාදිලියක් වෙලඳපොළට නිකුත් කරන ලදි මෙය classic නමුත් ආකාර්ෂණීය පෙනුමකින් හෙබි විය එම නිසා මෙය සාර්ථකව අලෙවි විය.2001 වසරේදී TVS Suzuki අවසාන යතුරුපැදිය ලෙස Vision යතුරුපැදිය එළිදැක්වූ මොවුන් 2002දී තම වසර 20කට ආසන්න සහයෝගිතාවය අවසාන කරන ලදි පසුවද TVS Star Sports,Victor තරුණ පරපුර ජයගත් ඉන්දියාවේ රේසිං කරළිය ජය ගත් Apache RTR,Metro සහ Scooty pept වැනි Scooter ද තව මාදීලී කිහිපයක් ද වෙලඳපොළට නිකුත් කරන ලදි.



වර්ථමාන වන විට වේගවත්ම ඉන්දියානු යතුරුපැදිය යන ගරු නම්බුනාමය TVS හී TVS Akula RR310 හට ලැබී තිබෙනවා එමෙන්ම 2015 දී TVS BMW සමඟ ගිවිසුම් ගත විය.


මේ සමඟම TVS විසින් TVS Draken 250,Akula 310 වැනි මාදිලි වල Concept එලිදැක්වූ අතර මේවා Production යතුරුපැදි ලෙස පිලිවෙලින් Apache RTR200 හා Apache RR310 ලෙස BMW තාක්ෂණය මුසුව නිකුත් විය.

මේ වන විට ලෝපුරා BMW310R හා BMW310GS යන මාදිලි TVS යටතේ එකලැස් වී බෙදා හරින අතර මොවුන් වසර 30කට අධික රේසිං ඉතිහාසයේ Motorcross හා Dakar රැලි වලටද සහභාගී වී ජයග්‍රහණයන් ලබා තිබෙනවා.තවද Hero හැර Dakar රැලියට  ඉන්දියාව නියෝජනය කරන එකම ඉන්දියානු යතුරුපැදි සමාගම TVS ය.
ඉන්දියාවේ එකම හා ප්‍රථම Bluetooth Smart connect සහිත ස්කූටරය වන Ntorq හා ඉන්දියානු වේගවත්ම යතුරුපැදිය වන RR310 යතුරුපැදිය TVS හී යතුරුපැදි වන අතර ඉන්දියානු යතුරුපැදි ඉතිහාසයේ වැඩිම ජයග්‍රහණය ලබා ඇති යතුරුපැදිය ලෙසද Apache RTR සැලකෙනවා.

තවද Ethanol ඉන්ධන ලෙස යොදාගන්න RTR 200 Ethanol මෙන්ම Zepplin 250 වැනි Concept යතුරුපැදි ද TVS මේ වන විට එලි දක්වා තිබෙනවා.


ඉන්දියාවේ දෙවන විශාලම අපනයනකරු වන TVS රටවල් 60කට පමණ තම යතුරුපැදි අපනයනය  කිරීම සිදු කරනවා.

මීලඟට ලොව විශාලම යතුරුපැදි නිශ්පාදකයා හා අඩු කලකින් සාර්ථකම නිශ්පාදකයා වූ Hero Motocorp ගැන කතා කරමු.

මුල් කාලය‍යේදී Hero Cycles නමින් පාපැදි නිශ්පාදකය කල මොවුන්   Yamaha,Suzuki හා Kawasaki ආගමනයෙන් පසු ඉන්දියාවට පැමිනෙන එකල ලොව විශාලතම හා සාර්ථකම යතුරුපැදි නිශ්පාදකයා වන Honda සමඟ 1984 ජනවාරි මස 19වන දින ගිවිසුම් ගත වන අතර එතැන්පටන් Hero Honda ලෙස සන්නාමයක් උපත ලබනවා එමෙන්ම මෙහි නිර්මාතෘ ලෙස ආචාර්ය බ්‍රිජ්මෝහන් ලාල් මුන්ජාල් මහතා හැදින්වෙන අතර නව දිල්ලිය කේන්ද්‍රව මෙය ආරම්භ වනවා.




1985 දී තම ප්‍රථම යතුරුපැදිය ලෙස Hero Honda CD100 වෙලඳපොළට නිකුත් කරනවා එම කාලසීමාව තුල TVS හා Bajaj 2 Stroke Engine සහිත යතුරුපැදි නිශ්පාදනය කලද Hero සහ Honda අසමසම සහයෝගිතාවයෙන් එකල ප්‍රථම ඉන්දියානු 4 Stroke engine එක මගින් බල ගැන්වූ ආකර්ෂණය සපිරි ඉහල ඉන්ධන කාර්යක්ෂමතාවක් සහිත යතුරුපැදියක් වීමට Hero Honda CD100 හට හැකි වෙනවා.




පසුව 1989 දී Hero Honda Sleek,1991 CD100SS හා 1994 දී Splendor නිකුත් වන අතර ඉන්දියාවේ ප්‍රථම Fully Loaded තරුණ පරපුර වෙනුවෙන් නිපදවූ වේගවත් හා ආකාර්ෂණය සපිරි යතුරුපැදියක් ලෙස 1999 දී CBZ වෙලඳපොළට නිකුත් කරනවා. පසුව 2001 දී Passion හා Joy යතුරුපැදි ද නිකුත් කරන අතර 2002 වසරේදී එවකට වේගවත්ම හා අදටත් ආකාර්ෂණීය පෙනුමක් හෙබි Hero Honda Karizma  යතුරුපැදිය වෙලඳපොළට නිකුත් කරනවා මෙය ඉතාම සාර්ථක අලෙවියක් පෙන්නුම් කරන අතර එකල 0-60 වේගයට ලඟා වීමට අඩුම කාලයක් ගන්නා යතුරුපැදිය හා වැඩිම වේගයක් එනම් පැයට කිලෝමීටර් 130 වේගයක් සහිත යතුරුපැදිය මෙය විය.


පසුව 2005 වසරේ ප්‍රථම ඉන්දියානු Fuel InjectInj යතුරුපැදිය ලෙස Hero Honda Glamour යතුරුපැදිය නිකුත් කරන අතර CD Dawn,Passion Pro,Delux,Hunk හා එකල ප්‍රථම ඉන්දියානු Racing Sports fully faired යතුරුපැදිය ලෙස Karizma ZMR වැනි යතුරුපැදි ද පසුකාලීනව නිකුත් කරනවා.


2011 වසරේ Hero සමාගම Honda සමාගමෙන් වෙන්වී Hero MotoCrop ලෙස යතුරුපැදි නිශ්පාදනය කරන මොවුන් මේ වන විට ඇමරිකාවේ Buell සමාගම සමඟ ගිවිසුම් ගතවී සිටිනවා.

තවද වර්තමානයේ එකම සිලින්ඩර දෙකෙහි අධිබැලති එන්ජිමක් සහිත ඉන්දියානු යතුරුපැදි Concept එක ලෙස නම් දරා සිටින Hero Hastur 600 යතුරුපැදිය  Hero සමාගමේ නිර්මාණයක් වන අතර මෙය Buell යතුරුපැදියටද නෑකම් දක්වනවා මොවුන් මෙය 2019දී වෙලඳපොළට නිකුත් කිරීමටද නියමිතය.

මේ වන විට ලොව බලගතුම තනි සිලින්ඩර 250 යතුරුපැදිය වන HX250R හීරෝ සමාගම නිපද වූ යතුරුපැදියක් වන අතර මොවුන් Dakar රැලියට ද සහභාගී වෙනවා එමෙන්ම ඉන්දියාවේ යතුරුපැදි මුලු නිශ්පාදනයෙන් 47%ක් හීරෝ විසින් සිදු කරනවා.

එසේ Hero සාරාංශය සටහන් කල හැකියි.

මේ වන විට මේ ඉහත සඳහන් කල යතුරුපැදි සන්නාම 3 කරට කර ජපානය හා යුරෝපියානු යතුරුපැදි සමඟ අලෙවියක් පෙන්නුම් කරන අතර යතුරුපැදි නිෂ්පාදනය අතින් හරි අඩක් ඉන්දියාව සතු කරගෙන සිටිනවා.කෙසේ වෙතත් මේ එකඳු හෝ යතුරුපැදි නාමයක් ලොව හොඳම යතුරුපැදි නිශ්පාදකයන් 10 දෙනා අතර හෝ දෝශ අඩුවෙන්ම වාර්තාවන යතුරුපැදි නිශ්පාදකයන් 10 දෙනා අතර නැති අතර එම ලැයිස්තුවේ 1 2 හා 3 වන ස්ථාන පිලිවෙලින් Yamaha,Ducati හා Honda සතු වෙනවා.

දෙයක් දැනගත්තා කියලා හිතෙනවා නම් ජපන් ඉන්දියන් යුරෝපීය යතුරුපැදිය පදින යාලුවොන්ට දැනගන්න Share කරන්න.

සියලුම මූලාශ්‍ර අන්තර්ජාලය මඟින් උපුටා ගනිමින් පරිවර්තනය කල අතර අප විසින් වගකියනු නොලැබේ.

කරුණාකර කතෘ අයිතිය සුරකින්න.

Wandi - වණ්ඩි©

No comments:

Post a Comment