හුරුබුහුටි වණ්ඩිය Honda NAVI - Wandi - වණ්ඩි

Wandi - වණ්ඩි

Sri Lanka's leading website about Motorcycles. Keep in touch with us...

Click here to read this post in ENGLISH


Tuesday, July 10, 2018

හුරුබුහුටි වණ්ඩිය Honda NAVI

අද මාතෘකාව විදිහට ගොඩක්ම නවයොවුන් වියේ ඉන්න අය සහ තරුණ අය අතර පසුගිය වසර දෙක තුල ප්‍රචලිත වූ යතුරුපැදියක් වන Honda NAVI ගැන කතා කරන්න තීරණය කලා.

මේ යතුරුපැදිය Scooter එකක් ලෙසට හෝ යතුරුපැදියක් ලෙසට එක එල්ලේ ගැදිවිය නොහැකි නමුත් යතුරුපැදි විචාරකයන් Scooter එකක හා යතුරුපැදියක එකතුවෙන් තැණුනු දෙමුහුන් යතුරුපැදියක් නොහොත් Hybrid එකක් ලෙස මෙය සැලකෙනවා මීට හේතු ලෙස Automatic Gear පද්ධතිය,Honda Activa Scooter එකෙහි එන්ජිම යොදා ගැනීම Scooter එකකට සමාන උසකින් හා දිගකින් යුක්ත වීම මූලික හැදින්විය හැකියි.

නමුත් මෙය ස්කුටර් එකකින් වෙනස් වන්නේ ස්කූටර වල ආසනය යට ඇති ඉන්ධන ටැංකිය මෙහි සාමාන්‍ය යතුරුපැදියක මෙන් ඉදිරියෙහි පිහිටීම නිසායි.

එමෙන්ම මෙම යතුරුපැදිය Honda MSX Groom 125 යතුරුපැදිය පදනම් කරගෙන තරමක් එයට සමානව නිපදවා ඇති අතර ආසියාව පුරා වයස් භේදයකින් තොරව අමුතු හැඩයක මේ හැඩකාරයා තමා සතු කරගැනීමට පාරිභෝගිකයන් පෙලඹී සිටිනවා.

අදත් සුපුරුදු පරිදි මෙහි එන්ජිමෙන් විස්තර කිරීම ආරම්භ කරන්නම්.

මෙහි එන්ජින් එක ලෙස Honda Activa හී එන එන්ජිමම යොදාගෙන ඇති අතර මෙය 109.2cc ධාරිතාවයෙන් යුතු Four-stroke වෑල්ව දෙකක වායු සුසිලන එන්ජිමකි.
මෙමගින් අශ්වබල 8ක උපරිම බලයක් 8000PM හී ලබා දෙන අතර 8.96NM Torque එකක් 5500RPM හී ලබා දෙනවා එම නිසා මෙහි අඩු බර හා Body Design එක නිසා Honda Dio,Ray RZ වැනි යතුරුපැදි වලට වඩා වැඩි Pickup එකක් දැකගැනීමට ලැබෙනවා. එමෙන්ම ඉතාම සුමට හා දෙදරීම අවම මේ එන්ජිමට 0-60 වේගය ලබා ගැනීමට තත්පර 6ක් පමණ ගත කරන අතර පැයට කිලෝමීටර් 70 පමණ පසු වූ පසු තරමක තද ගතියක් එන්ජිමෙහි දැකගත හැකියි.

කෙසේ වෙතත් වේගයෙන් ගාන් කිරීමට තැනූ යතුරුපැදියක් නොවන නිසා මෙවැනි කාණ්ඩයේ යතුරුපැදි හෝ ස්කූටර් වල මෙය සුලබව දැකගත හැකි තත්වයක්.

මෙහි ඉන්ධන කාර්යක්ෂමතාව ගැන කතා කලොත් කාබරේටර් එකක් හරහා ඉන්ධන සැපයුම සිදු වෙන මේ යතුරුපැදිය පෙට්‍රල් ලීටර එකකට කිලෝමීටර් 50-55 අතර දුරක් ගමන් කිරීමට ඉඩ සලසා දෙන අතර අඩු බර හා HET (Honda Eco Technology) තාක්ශනය මෙයට ප්‍රධානම සාධකයයි එමෙන්ම මේ HET තාක්ෂණය හොන්ඩා මෙරටට ආනයනය කරන බොහෝ යතුරුපැදි වල දැකගත හැකියි.

මෙහි ඉන්ධන ටැංකිය ලීටර 3.8 ක ධාරිතාවයකින් යුතු අතරම සෑම කිලෝමීටර් 200කට පමණ වතාක්වම පමණ ඉන්ධන පිරවීම අවශ්‍ය වූවද මෙය මෙහි ඉන්ධන කාර්යක්ෂමතාව හා මෙරට වර්ග ප්‍රමාණය අනුව විශාල ගැටලුවක් නොවෙයි නමුත් ඉන්දියාවෙදි නම් මෙය තරමක ගැටලුවක් බව එරට පාරිභෝගිකයන් පවසනවා.

මෙහි මීටර් පද්ධතිය ගැන අවධානය යොමු කලොත් හොන්ඩා සතු ඉතාම ප්‍රාථමික මීටර් පුවරුවක් මෙයට එක් කල ඇති අතර මෙහි වේග මානය හා ගමන් ගත් මුලු දුර පමණක් පෙන්නුම් කරන අතර Fuel Gage,Trip වැනි Honda Dio හී ඇති අංග මෙහි නොවන අතර මෙයට ප්‍රධානම හේතුවක් ලෙස මේ යතුරුපැදිය ඉතාම සරළ කිරීමට හොන්ඩා තීරණය කිරීම හා පිරිවැය අඩු කිරීම පෙන්වා දිය හැකියි.

මෙහි ගියර් පද්ධතිය බොහෝ ස්කුටර වල මෙන් ස්ව්‍යංක්‍රීය ගියර් පද්ධතියක් (Automatic Transmission) වන අතර ධාවනය කිරීමේදී බොහෝ දුරට Honda Activa ස්කූටරයට සමානකම දක්වනවා.

මෙහි Design එක පෙර සඳහන් කල පරිදි Honda Activa හා MSX125 හී සංකලයක් වන අතර මෙහි Seat Height අඩි 5කට වඩා අඩු අයෙකුට උනත් පහසුවෙන් ධාවනය කල හැකි අතර Traffic ධාවනයේදී ඉතාම පහසු ය කෙසේ වෙතත් තරමක් උස අඩි 5.8 පමණ ඉක්මවන අයෙකුට ධාවනය අපහසු අතර ස්ථූල අයෙකුටද ධාවනය අපහසුයි.

මෙහි Seat Height එක 765mm වන අතර බොහෝ ස්කුටර් සීට් උස ප්‍රමාණයට මෙය සමානයි එමෙන්ම මෙහි Ground Clearance එක 156mm වනවා. එම නිසා  වලවල් ගැටිති ඇති මාර්ග වලදී යතුරුපැදියෙහි යට කොටසට හානියක් නොකොට ධාවනය කිරීමට ධාවකය වග බලාගත යුතුයි.

මෙහි චැසි එක ලෙස Under Bone Type ෆ්‍රේම් එකක් යොදාගෙන තිබෙනවා මෙහි බර කිලෝග්‍රෑම් 101ක් වන අතර මෙරට 100cc යතුරුපැදිය අතර බර අඩුම යතුරුපැදියක් ලෙසද මෙය නම් කල හැකියි.

කෙසේ වෙතත් මෙහි විශාලතම අඩුපාඩු දෙකක් ලෙස Dio හා බොහෝ ස්කූටර වල මෙන් ආසනය යට බහාලුමක් නොමැති වීම හා වර්ගඵලය අඩු ආසනය පෙන්වා දිය හැකියි.

මීලඟට මෙහි  Brake ගැන කතා කලොත් ඉදිරිපස හා පසුපස දෙපසම 130mm Drum Brake පද්ධතියක් යොදාගෙන ඇති අතර Honda Dio හී ඇති CBS (Combi Brake System) එක මෙහි දැකගැනීමට ලැබෙන්නේ නැහැ කෙසේ වෙතත් හොඳ තිරිංග ප්‍රතිචාරයක් මෙහි දැක ගත හැකි නමුත් බොරලු හා තෙත් මතුපිටවල් වල අනෙකුත් යතුරුපැදි වලට සාපේක්ශව ලිස්සා යෑමේ ස්වභාවයක් දැකගත හැකියි නමුත් මේ ඉතාම කුඩා යතුරුපැදියෙන් ඉතා අඩු වේගයක යන අවස්තාවක ලිස්සා යෑමක් සිදු වුවහොත් යතුරුපැදියට හා ධාවකයාට හානි වීමේ සම්භාවිතාව ඉතාම අවමයි.

Tyres ගැන අවධානය ලබා දුනහොත් ඉදිරිපස
90/90-12 54J හා පසුපස
90/100-10 53J යන ප්‍රමාණයන් ගෙන් යුතු Tubeless Tyre හා අඟල් 12ක රිම් දෙකක්‍ යොදාගෙන තිබෙනවා.

අවසාන වශයෙන් මේ යතුරුපැදිය ගැන කතා කලොත් මෙරට මිලට ගත හැකි මිල අඩුම 110cc කාණ්ඩයේ යතුරුපැදියක් වන මෙය වයස් බේදටකින් තොරව  ඕනෑම කෙනෙකුට ධාවන කල හැකි යතුරුපැදියකි.

Honda Dio හෝ Ray ZR එකකට මුදල් සැලසුම් කරගත නොහැකි නම්  වෙනම පෙනුමකට කැමති නම් Honda NAVI HET හොඳ තෝරාගැනිමක් ලෙස නම් කල හැකියි.

මෙහි මාදිලි දෙකක් මෙරට දී මිලදී ගත හැකි අතර ඒවා

Honda Navi Standard - 181,900
Honda Navi Modified - 206,900

ලෙස නම් කල හැකි අතර ඉන්දියාවේ මේ වන විට Honda Navi Adventure මාදිලියක් ද වෙලඳපොළට නිකුත් කොට ඇත.

මේ හුරුබුහුටි බයික් එක ගැන අදහසක් පහල ඇති ඡායාරූප බලල ලබාගන්න ඔබේ අදහස් යෝජනා චෝදනා අපේ FB පිටුවට යොමු කරන්න.

මෙහි ඇති මිල ගණන් දැණුන් දීමකින් තොරව වෙනස් විය හැකියි.

කරුණාකර කතෘ අයිතිය සුරකින්න.

Wandi - වණ්ඩි©






STANDARD 


MODIFIED 

 ADVEADVENT

No comments:

Post a Comment