මැද පන්තියට හැන්ඩියෙක් Apache RTR 160 4V - Wandi - වණ්ඩි

Wandi - වණ්ඩි

Sri Lanka's leading website about Motorcycles. Keep in touch with us...

Click here to read this post in ENGLISH


Friday, June 15, 2018

මැද පන්තියට හැන්ඩියෙක් Apache RTR 160 4V

අද මාතෘකාව විදියට මීට මාස කීපයක පෙර ඉන්දියාවේ 150හා 160cc Naked කාණ්ඩයේ විශාල පෙරලියක් සිදු කල TVS Apache RTR 160 4V ගැන කතා කරන්න තීරණය කලා.

Suzuki Gixxer 155GS,Yamaha FZ Version 2.0,Honda CB Hornet 160R හා Bajaj NS160 යන යතුරුපැදි 2018 වසර දක්වා Naked 150 කාණ්ඩය අතර ප්‍රචලිත වූ අතට ඉන්දියාවේ හා මෙරට ද TVS හට ඉතා කැපී පෙනන ස්ථානයක් 160 කාණ්ඩයේ හමු නොවීය Apache 150 හා 160 යන යතුරුපැදි දෙකම Hero Hunk,Hero Xtream,Bajaj Pulsar 150UG වැනි සාම්ප්‍රදායික පැරණි මාදිලි සමඟ සැසදුනු අතර නව පරපුරේ 150,160 කාණ්ඩය අතර කැපී පෙනෙන තැනක් TVS වෙත හිමි නොවීය මේ කාරණය නිසා 2018 වසරේදී TVS Draken 250 මත පදනම් වූ Apache RTR 200 4V හී බාල සහෝදරයා ලෙස 90% 200 එකට සමාන ලෙස Apache RTR 160V හඳුන්වා දුන් අතර 150,160 Naked හෝ Sports commuter කාණ්ඩයේ බල සම්පන්නම යතුරුපැදිය වීමටද අවස්තාව හිමිවිය.

මෙහි එන්ජ්ම ගැන කතා කලොත් 150,160 කාණ්ඩයේ NS160 හැර එකම Oil Cool Engine එක හා වෑල්ව 4ක එන්ජිමට හිමිකම් කීමටද මේ Apache හට හැකි විය.

159.7cc තනි සිලින්ඩර SOHC Four Stroke වෑල්ව 4ක එන්ජිමකින් බලගැන්වූ මේ යතුරුපැදිය අශ්වබල 16.5 ලබා දෙන අතර ඉහත යතුරුපැදිය අතුරුන් බලය වැඩිම එන්ජිම මෙය වනවා.

මෙහි 0-60 වේගය තත්පර 3.7ක් ලෙසත් 0-100 වේගය තත්පර 15ක් ලෙසත් සටහන් වන අතර මෙය 160 කාණ්ඩයේ හොඳම කාලයන් අතුරින් එකක් එමෙන්ම මෙහි උපරිම වේගය පැයට කිලෝමීටර් 117ක් ලෙස කර්මාන්තශාලාව තුල පරික්ශා කර ඇති අතර කල් යත්ම මේ වේගය තවත් වැඩි විය හැකි මෙන්ම යතුරුපැද ධාවකයාගේ උස බර අනුවද වෙනස් විය හැකියි.

මෙහි සිසිලන පද්ධතිය ලෙස පෙර සටහන් කල Oil Cooling System එකක් හා Ram Air Assist එකතු කොට තිබෙනවා මෙය අපාචේ 200 යතුරුපැදියෙන් ලබාගත් සිසිලන පද්ධතියම යැයි කිවත් වරදක් නැහැ.

මෙම ඔයිල් සිසිලන පද්ධතිය එන්ජිමෙහි තාපය පාලනය ඉහල උපකාරයක් කරනවා.

මෙහි ඉන්ධන සැපයුම වෙත අවධානය යොමු කලොත් EFI මාදිලියේදී Keihin VE CT6 EFI පද්ධතියක්ද Carburetor මාදිලියේදී UCAL කාබ් එකක් යොදාගෙන තිබෙනවා.
EFI මාදිලියට සාපේක්ශව Carb මාදිලියේදී 0-60 වේගයට ගත වෙන කාලය අඩු අතර උපරිම වේගයද වැඩිය එසේ උනත් EFI මාදිලියේදී ධාවනය කාබ් මාදිලියට වඩා සුමටය එමෙන්ම EFI පද්ධතියන්හී නඩත්තු අවමය නමුත් යම් ගැටලුවක් ඇති උනොත් EFI පද්ධතිය යලි ස්තාපිත කිරීමට හෝ අලුත්වැඩියා කිරීමට ඉහල පිරිවැයක් දැරීමට සිදු වෙනවා.එය ඕනෑම EFI යතුරුපැදියකට පොදු ධර්මතාවයක්.

ඉන්ධන කාර්යක්ෂමතාව ගැන කතා කලොත් EFI මාදිලියේදී පෙට්‍රල් ලීටර එකක කිලෝමීටර් 48ක් පමණද කාබ් මාදිලියේදී ලීටර් එකකින් කිලෝමීටර් 42ක් පමණ ධාවනයටද ඉඩ හිමි වෙන බව පැවසෙනවා.

මෙහි ගියර් පද්ධතිය ලෙස 200 මාදිලියෙහි මෙන්ම ගියර් 5ක වේග පද්ධතියක් හා Wet Multi-Plate Disc Clutch එකක් යොදාගෙන ඇති අතර ඉතාම සුමට ලෙස ගියර් හුවමාරුවක් ලබා ගත හැකි නමුත් 200 යතුරුපැදියෙහි මෙන් Sliper Clutch මාදිලියක් නිකුත් කර නැහැ කෙසේ වෙතත් 160 කාණ්ඩයට Sliper Clutch එක අත්‍යාවශ්‍ය සාධකයක් නොවේ.

මීලඟට මෙහි Design එක ගැන කතා කලොත් 90%ක්ම RTR 200 4V එකට සමානව නිර්මාණය කර ඇති අතර RTR 200 හීම AHO 12V, 35/35W HS1 Blub එක සහිත Headlamp එකද LED DRLSද LED Tail lamp හා Clear lens signal lights ද යොදාගෙන ඇති අතර ලීටර 12ක පෙට්‍රල් ටැංකියක් යොදාගෙන තිබෙනවා එමෙන්ම RTR 200 Racing Edition හී ඇති 3D TVS Batch එකද මේ 160 එක වෙත ලබා දී තිබෙනවා.
200 හී Clip On Handlbars යොදාගත්තද මෙහි Single piece Handle එකක් යොදාගෙන ඇති අතර 200 හී ඇති Spilt Seat වෙනුවට මෙහි Single seat එකක් යොදාගෙන තිබෙනවා බැලූ බැල්මට 200 එකෙන් මෙය වෙන්කර හඳුනාගත හැකි සාධක මේවා වන අතර 200හී ඇති ගැටලුවම වන උස අයට තරමක් ධාවනයේදී ඇති වෙන අපහසුව මෙහිද දැකගත හැකියි.

කෙසේ වෙතත් ඉතා පහසුවෙන් හැසිරවීමට හා නිතර ට්‍රැෆික් ධාවනයට ගැලපෙනම යතුරුපැදියක් ලෙස මෙය සැලසුම් කර නිර්මාණය කර ඇති අතරම පුලුල් තනි සීට් එක නිසා පහසුවෙන් දෙදෙනෙකුට ගමන් කිරීමට හැකියාව ලැබී තිබෙනවා.

මෙහි Meter panal එක ලෙස RTR200හීම මීටර් පද්ධතිය යොදාගෙන ඇති නමුත් මෙහි Gear position indicator පෙන්නුම් කරන්නෙ නෑ ඔබට Gear position එක අවශ්‍ය නම් RTR 200 හෝ   මෙම මාදිලියේම EFI මාදිලිය තෝරාගැනිමට සිදු වෙනවා.

කෙසේ වෙතත් අනෙකුත් මූලිකාංග වන Speed,ODO,Trip,0 to 60 time,Top Speed Recorder,Time හා Fuel Gage වැනි දේ මෙහි පෙන්නුම් කරනවා.

මෙහි ෆ්‍රේම් එක එනම් චැසිය ලෙස Double Cradle චැසි එකක් යොදාගෙන ඇති අතර මෙයද RTR200හීම චැසියයි. ඉන්දියන් යතුරුපැදි වල ආවේනික දෙදරීම් ස්ව්භාවය මේ චැසියෙහිද දැකගත හැකි නමුත් මෙය පෙර RTR මාදිලි වලට වඩා නම් අඩුයි.

මෙහි Seat height එක 800mm හා Ground clearance එක 180mm වනවා එමෙන්ම 143KG මුලු බරකින් යුක්ත වෙනවා.

Suspension දෙසට අවධානය යොමු කලොත්  ඉදිරිපස Showa Telescopic Forks ද පසුපස සඳහා Showa Monoshock එකක්ද යොදාගෙන තිබෙනවා මෙම Showa ජපානයේ නිශ්පාදිත Suspension system එකක් වන අතර බොහෝ ජපන් යතුරුපැදි වලටද මේ Showa යොදා ගනි කෙසේ වෙතත් RTR200 හී KYB(Kayaba) යොදාගත් නමුත් 160 වෙත Showa යොදාගත් හේතුව TVS සටහන් කර නැහැ.මේ Suspension වල ආධාරයෙන් ඉතාම සුවපහසු ධාවනයකට ඉඩ RTR 160 4V සලසා දෙනවා.

Breaks ලෙස ඉදිරිපස 270mm Petal disk එකක්ද පසුපස 130mm Drum එකක්ද Duble disk මාදිලියේදී 200mm Petal Disk එකක්ද යොදාගෙන තිබෙනවා.නමුත් මෙහි ABS මාදිලියක් නම් RTR 200 හී මෙන් දැනට නිකුත් කර නැහැ.

Tyres ලෙස ඉදිරිපස 90/90-17 49P ප්‍රමාණයෙන්ද පසුපස 110/80-17 57P ටයර් යොදාගෙන ඇති අතර Double Disk මාදිලියේදී 130 ප්‍රමාණයෙන් ටයර් එකක් යොදාගෙන තිබෙනවා.ටයර් දෙකම Tube රහිත ලෙස නිම කර තිබෙනවා.

අවසාන වශයෙන් මේ යතුරුපැදිය ගැන කතා කලොත් ඉදිරි මාස කිහිපය ඇතුලත මෙරට යතුරුපැදි වෙලඳපොළට එකතු විය හැකි අතරම මිල ලක්ශ 4ක් පමණ විය හැකියි.මේ යතුරුපැදිය සමඟ කරට කර තරඟයට Suzuki Gixxer 155GS,Bajaj 160NS ඇති අතර අනෙකුත් යතුරුපැදි ද තරඟයක් දෙනවා එමෙන්ම ලඟකදි 160 කරළියට එකතු වූ Honda CB 160 XBlade ද සැලකිය යුතු තරඟයක් එල්ල කරනවා නොඅනුමානයි.

මේ යතුරුපැදිය ද මෙරට වෙලඳපොළට එකතු වූ වහාම හැකි ඉක්මනින් Onroad Video එකකින්ද හමුවෙමු.

බයික් එක ගැන අදහසක් පහත ඡායාරූප වලින් ලබාගන්න ඔබේ අදහස් යෝජනා චෝදනා අපේ FB පිටුවට යොමු කරන්න.

කරුණාකර කතෘ අයිතිය සුරකින්න.

Wandi - වණ්ඩි©













1 comment: