ලංකාවේ තියෙන Brand New ABS වණ්ඩි සෙට් එක - Wandi - වණ්ඩි

Wandi - වණ්ඩි

Sri Lanka's leading website about Motorcycles. Keep in touch with us...

Click here to read this post in ENGLISH


Saturday, June 2, 2018

ලංකාවේ තියෙන Brand New ABS වණ්ඩි සෙට් එක


අද මාතෘකාව විදියට තෝරගත්තා ලංකාවේ තියෙන Brand New ABS Bikes ගැන පොඩි හැඳින්වීමක් කරන්න මේකත් අපෙන් ගොඩක් අය අහපු ගැටලුවක්.

අපි මීට පෙර ලිපියකින් සරළව ABS ක්‍රියාකාරීත්වය ගැන පැහැදිලි කලා ඒ ලිපිය මෙතනින් කියවන්න.

ගත වූ වසර දෙක ඇතුලත මෙරට යතුරුපැදිය ක්ෂේත්‍රයේ සැලකිය යුතු වෙනසක් සිදු වූ අතර පෙර ආනයන වූ යතුරුපැදි වලට වඩා තාක්ෂණය හා බලය කැටි වූ යතුරුපැදිය කීපයක්ම 2016-2018 කාල වකවානුවේදී මෙරට වෙළඳපොළට එකතු විය

ඒ අතර 250 වලින් ඉහල යතුරුපැදි ලෙස Bajaj Dominar 400,Yamaha FZ250,Honda CRF250L,Yamaha YZF-R3,KTM Duke,RC200,250,390 මාදිලි හැඳින්විය හැකියි.
මේ අතරින් බලය වැඩ්ම යතුරුපැදිය ලෙස Twin Cylinder අශ්වබල 43ක පැයට කිලෝමීටර් 196 උපරිම වේගයක් සහිත Yamaha R3 පෙන්වා දිය හැකි අතර තාක්ෂණය අතින් ඉහලම යතුරුපැදිය ලෙස Riding Modes,ABS Modes,TFT Bluetooth Dashboard,Ride By Wire Technology වැනි තාක්ෂණය කැටි වූ KTM Duke 390 පෙන්වා දිය හැකියි.

මේ යතුරුපැදිය කීපය මිල අඩු වෙන පිලිවෙලට සටහන් කරන්නම්.

1.KTM RC390



 373.2 cc තනි සිලින්ඩර වෑල්ව 4ක ද්‍රව සිසිලන EFI එන්ජිමකින් බල ගැන්වූ මේ යතුරුපැදිය  අශ්වබල 43.5ක බලයක් ලබා දෙන අතර මෙහි Dual Channel ABS එනම් ඉදිරිපස හා පසුපස දෙපසම ABS Brakes යොදාගෙන තිබෙනවා.

මෙහි මිල රුපියල් 1,400,000 පමණ වන අතර දැනට ඇනවුම් කිරීමක් මත මෙය මිලදී ගත හැකියි.

2.KTM DUKE 390



Rc390 හී Naked මාදිලිය වන මෙය 373.2 cc තනි සිලින්ඩර වෑල්ව 4ක ද්‍රව සිසිලන EFI එන්ජිමකින් බල ගැන්වූ මේ යතුරුපැදිය  අශ්වබල 43.5ක බලයක් ලබා දෙන අතර මෙහිද Dual Channel ABS යොදාගෙන තිබෙනවා.

මෙහි මිල රුපියල් 1,300,000 වන අතර මෙයද දැනට ඇනවුම් මත මිලදීගත හැක.

3.Bajaj Dominar 400



373.3 cc තනි සිලින්ඩර වෑල්ව 4ක ද්‍රව සිසිලන එන්ජිමකින් බල ගැන්වු මේ යතුරුපැදිය අශ්වබල 35ක් ලබා දෙන අතර මෙහිද Dual Channel ABS යොදාගෙන තිබෙනවා.

මෙහි මිල රුපියල් 990,000 ලෙසටයි සඳහන් වෙන්නේ.

4.KTM DUKE 250



248.8cc තනි සිලින්ඩර වෑල්ව 4ක ද්‍රව සිසිලන EFI එන්ජිමකින් බල ගැන්වූ මේ යතුරුපැදිය අශ්වබල 30ක් ලබා දෙනවා. Dual Channel ABS මෙහිද ඇතුලත් කර තිබෙනවා.

මිල රුපියල් 890,000 ලෙසට සටගන් වෙනවා.

5.CB 150R Exmotion 



149cc තනි සිලින්ඩර වෑල්ව 4ක ද්‍රව සිසිලන PGM-FI එන්ජිමකින් බල ගැන්වු මේ යතුරුපැදිය අශ්වබල 20ක් ලබා දෙන අතර 150 කාණ්ඩයේ බලගතුම යතුරුපැදියක් ලෙස සැලකෙනවා.මෙහි Dual Channel ABS ඇතුලත්ය.

මෙහි මිල රුපියල් 765,000 ලෙසත් H2C Special Edition හී මිල 810,000 ලෙසත් සටහන් වෙනවා.

6.Bajaj RS 200



199.5cc තනි සිලින්ඩර වෑල්ව 4ක ද්‍රව සිසිලන EFI එන්ජිමකින් බල ගැන්වූ මේ RS යතුරුපැදිය අශ්වබල 24.5ක බලයක් ලබා දෙන අතර මෙරට යතුරුපැදිය වෙලඳපොලට නිකුත් වූ ප්‍රථම Brand new ABS යතුරුපැදිය මෙය වන අතර මෙහි Single Channel ABS එනම් ඉදිරිපස පමණක් ABS ඇතුලත් යතුරුපැදියක් වනවා.

මෙහි මිල රුපියල් 579,990 ලෙසටයි සටහන් වන්නේ.

7.Suzuki Gixxer SF ABS


154.9cc තනි සිලින්ඩර වෑල්ව 2ක වායු සිසිලන FI එන්ජිමකින් බල ගැන්වූ මේ යතුරුපැදිය අශ්වබල 14.6ක ලබා දෙනවා.මෙහි Single Channel ABS අන්තර්ගතයි.

මෙහි මිල 479,900 ලෙස සටහන් වන අතර මෙහි Non ABS Carburetor මාදිලිය රුපියල් 423,900ක් ලෙස සටහන් වෙනවා.

8.Suzuki Intruder 150


154.9cc තනි සිලින්ඩර වෑල්ව 2ක වායු සිසිලන Carburetor එන්ජිමකින් බල ගැන්වූ මේ යතුරුපැදිය අශ්වබල 14.8ක් ලබා දෙනවා.මෙහිද Single Channel ABS ඇතුලත් වනවා.

මෙහි මිල රුපියල් 439,900 වන අතර මෙය මෙරට මිල අඩුම ABS යතුරුපැදිය ලෙස නම් කල හැකියි.

මීට අමතරව 2019 වසරේදී TVS Apache RTR 200 4V FI Version හා Racing Edition,Bajaj Pulsar 200NS FI ABS,KTM Duke 200 ABS,RC200 ABS,CB Hornet 160R වැනි යතුරුපැදි මාදිලි මෙරට වෙලඳපොළට එකතු වීමට ඉඩ තිබෙනවා මේ මාදිලි නිකුත් වූ වහාම ඔබව දැනුවත් කරන්නම්.

මෙහි සඳහන් මිලගනන් දැනුම්දීමකින් තොරව වෙනස් විය හැකිය.

කරුණාකර කතෘ අයිතිය සුරකින්න.

Wandi - වණ්ඩි©

No comments:

Post a Comment