ඇස් දෙකේ රාක්ශයා XR BAJA 250 - Wandi - වණ්ඩි

Wandi - වණ්ඩි

Sri Lanka's leading website about Motorcycles. Keep in touch with us...

Click here to read this post in ENGLISH


Sunday, January 21, 2018

ඇස් දෙකේ රාක්ශයා XR BAJA 250




අද මාතෘකාව වෙන්නේ Enduro,Dual Sports,Big wheel ඔය මොන විදියට හැදින්නුවත් අදටත් ලෝකේම ඉහල පිලිගැනීමක් තියෙන Honda XR 250 Baja ගැනයි.

හොන්ඩා XR පවුලේ බලගතු ශක්තිමත් සැර පරුශ පෙනුමකින් හෙබි මේ Baja යතුරුපැදිය මුලින්ම උපත ලබන්නේ 1995 වසරෙදි ඉන් පසු පුරා වසර 10ක් එනම් 2005 දක්වා මේ යතුරුපැදිය නිශ්පාදනය වූ අතර 2005දී මෙහි නිශ්පාදන කටයුතු  Hornet,Jade,AX1 වැනි යතුරුපැදි වගේම සම්පූර්ණයෙන් නවතා දමනු ලැබුවා.
Enduro, Off road, Dual Sports, Supermoto,Big wheel,Adventure ඕනෑම කාණ්ඩයක ඇතුලත් විය හැකි සුදුසුකම් සහිත මේ රාක්ශයා ගැන විස්තරය රාක්ශ හදවතින්ම පටන් ගමු.

මේ යතුරුපැයෙහි එන්ජින් එක විදියට හොන්ඩා විසින් 249cc තනි සිලින්ඩර OHC(Over head cam shaft) four-stroke වෑල්ව 4ක වායු සිසිලන එන්ජින් එකක් ලබා දී තිබෙනවා.

මේ එන්ජින් එක සතු උපරිම බලය අශ්වබල 28ක් වන අතර මේ එන්ජින් එක මගින් 0 සිට 100 වේගයට පැමිණීමට තත්පර 5.9ක පමණ කාලයක් ගත කරන අතර උපරිම වේගය පැයට කිලෝමීටර් 150-155 අතර වෙනවා.

මේ එන්ජින් එක 250 dual sports අතින් ඉහලම බලයක් සහිත එන්ජින් එකක් වෙන අතර ලොකුම අභියෝගය Djabel හා WRR විසින් එල්ල කරනවා.

Click here to read this post in ENGLISH

මෙහි ඉන්ධන සැපයුම Carburetor එකක් හරහා සිදු වන අතර පෙට්‍රල් ලීටර එකකින් කිලෝමීටර් 30ත් 35ත් අතර දුරක් ගමන් කිරිමටයි අවස්ථාව ලැබෙන්නේ එසේ උනත් CRF,WR,DR,DJabel,KLX වැනි Enduro මාදිලියේ යතුරුපැදි වලට වඩා විශාල ලීටර 14ක ඉන්ධන ටැංකිය නිසා දුර ගමන් වලදි එය විශාල වාසියක් වී තිබෙනවා එමෙන්ම කාබ් එකක් හරහා ඉන්ධන සැපයුම වෙන නිසා නඩත්තු වියදම් අවම අතර තරමක ඉන්ධන කාර්යක්ෂමතාව පහළයි.

මෙහි Gears හා Clutch එක ගැන කතා කලොත් වේග 6ක ගියර් පද්ධතියක් සමඟ wet multi-plate clutch එකක් යොදා ගෙන තිබෙනවා .

 ඉහල පරාසයක විහිදෙන ද්විත්ව ඉදිරිපස ලාම්පු (Double headlight) ලීටර 14ක ඉන්ධන ගබඩාව වැනි කාරණා නිසා Adventure කාණ්ඩයේ යතුරුපැදියක් ලෙස හැදින්වීමට ද හැකියාව ලැබී තිබෙනවා. මෙම double head එක නිසා ඉතාම හොදින් ඝන අදුරක වුවද ඉදිරියෙන් ඇති දේ හදුනාගෙන මීදුම ඇති හෝ රාත්‍රි කාලයක ධාවනයේ යෙදිය හැකි අතර මේ නිසා Baja වලටම අවේනික තේජස් පෙනුමක් ද ලැබී තිබෙනවා.

මෙහි ground clearance එකද ඕනෑම මාර්ගයකට ඔබින ලෙස සැලසුම් කර ඇති අතර වලවල් බෑවුම් හා ගැට්ටවල් වලින් ඉහල වේගයන්හි ගමන් කිරිමේදී මේ 260mm (අඟල් 10.2) ground clearance එක එන්ජින් එක හා bend එක ආශ්‍රිතව ඇති විය හැකි හානි පාලණය කරනවා.

මෙහි seat height එක 860mm (අඟල් 33.9) වනවා.


Click here to read this post in ENGLISH

එමෙන්ම මේ යතුරුපැදියේ මුලු බර කිලෝග්‍රෑම්  119ක් ලෙස සටහන් වෙනවා.

මෙහි මීටර් පද්ධතිය ගැන කතා කලොත් තරමක් DRZ වලට සමාන Digital මීටර් එකක් දැකගත හැකි අතර මෙහි Speed,ODO,Trip,Time වැනි දේ පෙන්නුම් කරන අතර RPM හා Fuel gage බොහෝ Dual Sports යතුරුපැදි වල මෙන්ම මෙහිද ඇතුලත් කර නැහැ නමුත් අවශ්‍ය නම් එය පිටතින් එකතු කර ගත හැකියි.එමෙන්ම මෙහිද බෝහෝ ජපන් යතුරුපැදි වල මෙන් side stand indicator එකක් දැකගත හැකි අතර එයට ධාවකයාගේ ආරක්ශාවට යම්තාක් දුර පිටුවහල් වෙනවා.

මේ යතුරුපැදියෙහි Chassis එක ගැන කතා කලොත් Steel Diamond frame එකක් ලබා දී ඇති අතර ශක්තිය අතින් ඉහල දෙදරීම් අවම ස්තාවර ධාවනයකට මේ frame එක අවස්තාව ලබා දෙනවා.

Suspension ලෙස ඉදිරිපස Telescopic Forks ද පසුපස Monosock pro link swing arm එකක්ද යොදාගෙන තිබෙනවා.
ඉතා සුවපහසුව ඕනෑම මාර්ගටක ධවනයට ඔබින ලෙස මේ Suspension සකසා ඇති අතර අදාල කාණ්ඩයේ අනෙකුත් යතුරුපැදි වල මෙන් USD forks යොදා නොගැනීම තරමක අඩුවක් ලෙස පෙන්විය හැකියි.

Click here to read this post in ENGLISH

Breaks ගැන කතා කලොත් ඉදිරිපස හා පසුපස දෙපසම disc break පද්ධතියක් යොදාගෙන ඇති අතර තිරිංග වලට ප්‍රතිචාරය තරමක් අනෙකුත් යතුරුපැදි වලට වඩා අඩු බවක් දැකගත හැකි අතර එය ඉතා විශාල අඩුවක් ලෙස පෙන්නුම් කල නොහැකියි.එමෙන්ම මේ තත්වය විශේෂයෙන් ඇති වන්නේ නිසි නඩත්තු කටයුතු මග හරින ලද ‍යතුරුපැදි වලයි.

Tyres ගැන අවධානය යොමු කලොත් ඉදිරිපස 3.00 - 21 හා පසුපස 4.60 - 18 ප්‍රමාණයේ off road කට්ටා සහිත ටයර් original දැක ගත හැකි අතර අවශ්‍ය නම් Supermoto යතුරුපැදියක් ලෙස Convert කරගත හැකියි. එමෙන්ම මේ off road tyes නිසා කාපට් මාර්ග වල තරමක ඝර්ශණය අඩු බවක් ඉහල වේගයන් හී දැකගත හැකි අතර මේ තත්වය Supermoto ලෙස වෙනස් කිරිමෙන් මගහරවා ගතහැකි.

අවසාන වශයෙන් මේ යතුරුපැදිය ගැන කතා කලොත් දැනටත් dual sports යතුරුපැදි අතර ඉහල පිලිගැනීමක් ඇතී මේ යතුරුපැදිය ලෝකය පුරාම ඉතා සාර්ථක අලෙවියක් සිදු කලා. 2005 පසුව මෙහි නිශ්පාදනය අත්හිටවූ අතර මෙයට පැහැදිලි හේතුව සඳහන් වෙන්නේ නෑ එමෙන්ම මේ යතුරුපැදිය සඳහාද AX1, Hornet,Jade වැනි සුපිරි යතුරුපැදි වලට මෙන් ආදේශක යතුරුපැදියක් හොන්ඩා විසින් නිශ්පාදනය නොකෙරු අතර Baja වංශය එතැනින් අවසාන විය.

එසේ වෙතත් යුරෝපය පුරා හා ආසියා පුරා තවමත් Baja යතුරුපැදි සංක්‍රමණය වන අතර ලංකාව තුල ලියාපදිංචි කරන ලද Baja යතුරුපැදියක් ලක්ශ 3 සිට 5 වැනි පාරාසයකත් Supermoto කරන ලද Baja ලක්ශ 6 සිට 8 දක්වා පරාසයක මිලක් යටතේත් අලෙවි වෙනවා.නඩත්තු වියදම් අවම ලෙඩ රෝග අවම තවත් සුපිරි යක්ශයෙක් ලෙස මේ Baja නම් කර හැකියි.

ඔබේ අදහස් යෝජනා චෝදනා අපේ FB පිටුවට යොමු කරන්න.පහල තියෙන Photos බලල බයික් එක ගැන අදහසක් ගන්න ස්තූතියි.

කරුණාකර කතෘ අයිතිය සුරකින්න.

Wandi - වණ්ඩි©

No comments:

Post a Comment