Supermoto පිස්සොන්ගේ හීන දඬුමොණරු 10 දෙනෙක් - Wandi - වණ්ඩි

Wandi - වණ්ඩි

Sri Lanka's leading website about Motorcycles. Keep in touch with us...

Click here to read this post in ENGLISH


Thursday, January 18, 2018

Supermoto පිස්සොන්ගේ හීන දඬුමොණරු 10 දෙනෙක්

ටික දවසක් නිෂ්ශබ්දව ඉදලා අද අරගෙන ආව කෙටි ලිපියක් Supermoto පිස්සොන්ට ටිකක් විශේෂ වෙන.

වෙන විදියකින් කිව්වොත් ලෝකයේ දැනට තියෙන අධිබලැති Supermoto යතුරුපැදි 10 ගැන කෙටි විස්තරයක් මේ යතුරුපැදි වල අශ්වබලය අඩු වෙන පිලිවෙලට මේ යතුරුපැදි 10 ගැන සටහන් කරන්නම්.

1. MV Agusta Revale 800

සිලින්ඩර තුනක DOHC 798cc Four-stroke වෑල්ව 12ක Fuel Injection ද්‍රව සිසිලන එන්ජින් එකකින් බල ගැන්වූ මේ යතුරුපැදිය සතු උපරිම බලය අශ්ව බල 125ක් වන අතර උපරිම වේගය පැයට කිලෝමීටර් 230ක් පමණ වෙනවා.

2. Ducati Hypermotard 939

90° සිලින්ඩර දෙකක DOHC 937cc Four-stroke වෑල්ව 2ක එන්ජින් එකක Fuel injection ද්‍රව සිසිලන  එන්ජින් එකකින් බල ගැන්වූ මේ යතුරුපැදිය සතු උපරිම බලය අශ්වබල 113ක් වන අතර උපරිම වේගය පැයට කිලෝමීටර් 224ක් පමණ වෙනවා.

3.Ducati Hypermotard 821

90° සිලින්ඩර දෙකක DOHC 821cc Four-stroke වෑල්ව 2ක Fuel Injection ද්‍රව සිසිලන එන්ජින් එකකින් බලගැන්වූ මේ යතුරුපැදිය සතු උපරිම බලය අශ්වබල 110ක් වන අතර උපරිම වේගය පැයට කිලෝමීටර් 220ක් පමණ වෙනවා.

4.Husqvarna Nuda 900R

සිලින්ඩර දෙකක DOHC 998cc Four-stroke වෑල්ව 8ක Fuel Injection ද්‍රව සිසිලන එන්ජින් එකකින් බලගැන්වූ මේ යතුරුපැදිය සතු උපරිම බලය අශ්වබල 104ක් වන අතර උපරිම වේගය පැයට කිලෝමීටර් 216ක් පමණ වෙනවා.

5.Aprilia Dorsoduro 900

සිලින්ඩර දෙකක DOHC 900cc Four-stroke වෑල්ව 8ක Fuel Injection ද්‍රව සිසිලන එන්ජින් එකකින් බල ගැන්වූ මේ යතුරුපැදිය සතු උපරිම බලය අශ්වබල 95ක් වන අතර උපරිම වේගය පැයට කිලෝමීටර් 210ක් පමණ වෙනවා.

6.Aprilia Dorsoduro 750 

සිලින්ඩර දෙකක DOHC 748cc Four-stroke වෑල්ව 8ක Fuel Injection ද්‍රව සිසිලන එන්ජින් එකකින් බල ගැන්වූ මේ යතුරුපැදිය සතු උපරිම බලය අශ්වබල 92ක් වන අතර උපරිම වේගය පැයට කිලෝමීටර් 207ක් පමණ වෙනවා.

7.Husqvarna 701 Supermoto

තනි සිලින්ඩර SOHC 690cc Four-stroke වෑල්ව 4ක Fuel Injection ද්‍රව සිසිලන එන්ජින් එකකින් බල ගැන්වී ඇති මේ යතුරුපැදිය සතු උපරිම බලය අශ්වබල 74ක් වන අතර උපරිම වේගය පැයට කිලෝමීටර් 200ක් පමණ වෙනවා එමෙන්ම වර්තමානයේ බල සම්පන්නම තනි සිලින්ඩර යතුරුපැදිය ලෙසද සැලකෙන්නේ මේ යතුරුපැදියි.

8.Aprilia SXV 550

සිලින්ඩර දෙකක SOHC 549cc Four-stroke වෑල්ව 8ක Fuel Injection ද්‍රව සිසිලන  එන්ජින් එකකින් බල ගැන්වූ මේ යතුරුපැදිය සතු උපරිම බලය අශ්වබල 70ක් වන අතර උපරිම වේගය පැයට කිලෝමීටර් 200ක් පමණ වෙනවා.

9.KTM 690 SMC-R

තනි සිලින්ඩර SOHC 690cc Four-stroke වෑල්ව 4ක Fuel Injection ද්‍රව සිසිලන එන්ජින් එකකින් බල ගැන්වූ මේ යතුරුපැදිය සතු උපරිම බලය අශ්වබල 65ක් වන අතර උපරිම වේගය පැයට කිලෝමීටර් 195ක් පමණ වෙනවා.

10.Yamaha XT 660X

තනි සිලින්ඩර SOHC 659cc Four-stroke වෑල්ව 4ක Fuel Injection ද්‍රව සිසිලන එන්ජින් එකකින් බල ගැන්වූ මේ යතුරුපැදිය සතු උපරිම බලය අශ්වබල 48ක් වන  අතර උපරිම වේගය පැයට කිලෝමීටර් 180ක් පමණ වෙනවා.

මේ යතුරුපැදි සියල්ලක්ම නීත්‍යානුකූලව වර්ථමානයේ ලංකාවේ මහා මාර්ග වල ධාවන කල නොහැකි අතර ලියාපදිංචි කිරීමද කල නොහැකියි.මේ සෑම යතුරුපැදියක් ගැනම වෙන වෙනම විස්තරාත්මක ලිපි රැගෙන ඒමට බලාපොරොත්තු වන අතර Dorsaduro 750හී Video එකකින්ද හමුවෙමු.

එමෙන්ම මීට අමතරව Hypermotard 1100 හා 796 ද මේ අධිබලැති Supermoto කාණ්ඩයට අයත් වෙනවා.

මෙහි වේගයන් තරමක් වෙනස් විය හැකි අතර
මේ සෑම යතුරුපැදියක්ම ලංකාවේ වලංගු මුදලින් රුපියල් මිලියන (ලක්ශ 10ක්) ඉක්මවනවා එමෙන්ම මේ පවතින වාතාවරණය යටතේද මේ සියලුම යතුරුපැදි රේසින් ධාවනය වර්ථමානයේ මෙරට දැකගත හැකි අතර එය සතුටට තරමක හේතුවක් ලෙස ලිපිය අවසානයේ සටහන් කල යුතුයි.

වෙන වෙනම හැම යතුරුපැදියක් ගැනම ලිපි රැගෙන එන්නම් ඔබේ අදහස් යෝජනා හා චෝදනා අපේ FB පිටුවට යොමු කරන්න.

ඒ වගේම අදින් පස්සේ සුපුරුදු විදියට සතියකට ලිපි 3ක් විතර බලාපොරොත්තු වන්න.

කරුණාකර කතෘ අයිතිය සුරකින්න.

Wandi - වණ්ඩි©

No comments:

Post a Comment