වෙරළ රකින්න පොලීසියට දීපු අලුත්ම වණ්ඩිය CRF250L - Wandi - වණ්ඩි

Wandi - වණ්ඩි

Sri Lanka's leading website about Motorcycles. Keep in touch with us...

Click here to read this post in ENGLISH


Tuesday, January 9, 2018

වෙරළ රකින්න පොලීසියට දීපු අලුත්ම වණ්ඩිය CRF250L


පහුගිය දවස් කීපයේම fb වල ගොඩාක් කතාබහ උන දෙයක් තමයි පොලීසියට ලැබුන අලුත්ම යතුරුපැදි මාදිලිය, අපි දැනට පොලීසිය සතු බලගතුම යතුරුපැදි දෙක වෙන BMW 1200GS යතුරුපැදි 12 ගැනත් Yamaha XJ6D යතුරුපැදි  315 ගැනත් මීට පෙර කතා කලා. අද කතා කරන්න යන්නේ වෙරළ ආශ්‍රිත සංචාරකයන් ගේ හා වෙරළ ආශ්‍රිත ආරක්ෂාව වෙනුවෙන් පසුගිය දිනක ශ්‍රී ලංකා පොලීසියට ලබා දුන් Honda CRF250L යතුරුපැදිය ගැනයි.

CRF250L යතුරුපැදි 18ක් හා Beach Rover රථ 4ක් පසුගිය දිනක නිදහස් චතුරඍයේදී පොලීස් ප්‍රධානීන් හා Honda බලයලත් අලෙවි නියෝජිත Stafford Motors ප්‍රධානීන්ගේ සහභාගී වීමෙන් පොලීසියට නිල වශයෙන් භාර දීම සිදු උනා.

මේ යතුරුපැදි ගැන හැඳින්වීමක් කලොත් මුලින්ම මේ යතුරුපැදිය නිශ්පාදනය වෙන්නේ 2012 වසරේදී 2013 නිශ්පාදනය වර්ශයටයි.

මේ යතුරුපැදිය එකලැස් වන්නේ තායිලන්තයේ Thai Honda කර්මාන්තශාලාව තුලදී 100% ජපානයේ අධික්ෂණය යටතේය.
PCX,CD150R වැනි යතුරුපැදි ද මෙලෙස මෙහි එකලැස් කරන අතර තායිලන්තය තුල වෙනත් කර්මාන්තශාලා වල Kawasaki D-Tracker D2, Z250, Tracker 150, Ducati Scrambler වැනි යතුරුපැදි ද එකලැස් වීම සිදු වූ අතර තායිලන්තයේ දී යතුරුපැදියක් එකලැස් වීම එහි ගුණාත්මක බව අඩු වීමක් ලෙස සැලකීම පුහු මතයක් පමණයි.

මෙහි CRF-L M,Rally හා R ලෙස  මාදිලි 4 ඇති අතර ඉදිරියේදී M, R හා Rally ගැන කතා කරමු.Dual purpose යතුරුපැදියක් වන මෙය Off-road හා Onroad යන මාධ්‍ය දෙකටම උචිත ලෙස නිමවා ඇති අතර තම කැමත්ත පරිදි Supermoto යතුරුපැදියක් ලෙස පහසුවෙන් convert කර ගත හැකිය.

CRF250L හී එන්ජින් එක ගැන කතා කලොත් DOHC 249cc, තනි සිලින්ඩර වෑල්ව හතරක Four-stroke එන්ජින් එකක් ලබා දී ඇති අතර 2017 වසර සඳහා නිශ්පාදනය වූ යතුරුපැදිය සදහා නවීන ECU එකක් හා Crank Shaft එකක් එකතු කර ඇති අතර පරණ මාදිලි වල ලබා ගත් උපරිම බලයවූ අශ්වබල 19, 2017 වසර මාදිලියේදී අශ්වබල 24ක් ලෙස වැඩි වී ඇති අතර උපරිම වේගය 140kmph ලබා ගැනීමට හැකියාව ලබා දී තිබෙනවා.

XR මාදිලිය තුල Honda යොදා නොගත් ද්‍රව සිසිලන පද්ධතිය CRF මාදිලි සියල්ලම සදහා යොදාගෙන ඇති අතර XR වැනි Oil සිසිලන එන්ජිම වලට වඩා වැඩි කාර්යක්ෂමතාවක් මේ  සිසිලන පද්ධතිය තුල දැක ගත හැකිය.එමෙන්ම D Tracker, AX 1 වැනි යතුරුපැදි වලට සාපේක්ෂව සිසිලන පද්ධතිය ආශ්‍රිතව ඇති වෙන ගැටලුද අවමයි එයට ප්‍රධානම හේතුව මේ යතුරුපැදිය Brand new යතුරුපැදියක් ලෙස වෙළඳපොලට එකතු වීමයි.

මෙහි Gears හා Clutch ගැන කතා කලොත් වේග 6ක ගියර් පද්ධතියක් සමඟ wet multi-plate clutch එකක් යොදාගෙන ඇති අතර රලු ධාවනයට උචිත ලෙස මෙය සකසා තිබෙනවා.එමෙන්ම සමහර Dual Purpose යතුරුපැදි වල දැකගත හැකි ගියර් හිරවීමේ ස්ව්භාවයද අවම අතර 2017 මාදිලියේ clutch හා gear පද්ධතියද වැඩිදියුණු කර තිබෙනවා මේ නිසා පෙර මාදිලි වලට වඩා පහසු gear shift කිරීමක් 2017 මාදිලියේ ලබා ගත හැකී කෙසේ උනත් නිවැරදි නඩත්තු කිරීමකින් තොර ධාවන නිසා gear ආශ්‍රිතව ගැටලු ඇතිවිය හැකී.

මෙහි ඉන්ධන සැපයුම PGM-FI (Programmed Fuel Injection) තාක්ෂණය මඟින් සිදු වෙන අතර ඉතා ඉහල ඉන්ධන කාර්යක්ෂමතාවක් ලබා ගැනීමට මේ නිසා හැකියාව ලැබෙනවා.සාමාන්‍යයෙන් පෙට්‍රල් ලීටර 1කින් 35-40km අතර දුර ධාවන කිරීමට පහසුව CRF සලසා දී තිබෙනවා.

ඉන්ධන ටැංකිය ලීටර 7.7කට සීමා වෙන අතර මෙහි ඉන්ධන කාර්යක්ෂමතාව සමඟ සසඳා බැලීමේදී මෙම ඉන්ධන ටැංකියේ ධාරිතාව මඟින් සෑහීමකට පත් විය හැකි නමුත් දුර ගමන් වලදි තරමක අපහසුතාවකට මූන දීමට සිදු විය හැකීයි.

බාහිර පෙනිම හා Handling ගැන කතා කලොත් 2017 මාදිලිය සුලු වශයෙන් අනෙකුත් මාදිලි වලට වඩා ප්‍රමාණයෙන් විශාල අතර  100% වෙනස් කරන ලද නව Sticker design එකක් යොදාගෙන තිබෙනවා.

මෙහි Handling ගැන කතා කලොත් බහුතරයක් Dual purpose හෝ SM යතුරුපැදි වල මෙන් 880mm (අඟල් 35) ක seat height එකකින් යුතු අතර ඕනෑම මාර්ගයක පහසුවෙන් ගමන් කිරීමට හැකි සේ නිමවා තිබෙනවා බොහෝ dual purpose යතුරුපැදි වල මෙන් 45°(අංශක 45ක්) හැරවිය හැකි Handle එක නිසා පහසුවෙන් Traffic ධාවනයද සිදු කල හැකි අතර 254mm (අඟල් 10) ක ground clearance එක හා ඇලුමිනියම් එන්ජින් ආවරණය නිසා ආරක්ශිතව බෑවුම්,ගැට්ටවල්,කඳු පහසුවෙන් එන්ජින් එකට හානියක් නොවෙන ලෙස තරණය කිරීමටද මේ යතුරුපැදියට හැකියාව ලැබී තිබෙනවා.
Dual purpose යතුරුපැදියක් මඟින් ධාවකයාට ලැබිය යුත්තේද එයයි.

මෙහි Meter Panal එක ගැන කතා කලොත් fully digital ලෙස නිම කරන ලද meter panal එකක් යොදා ගෙන ඇති අතර බොහෝ Dual Purpose හෝ SM යතුරුපැදි වලට සාපේක්ෂව (DRZ,WRX/R,DTracker) වැඩි වශයෙන් විස්තරාත්මක ලෙස මේ meter panal එක නිමවා ඇති අතර මෙහි Speed,ODO,Trip වලට අමතරව Fuel Gage එක පෙන්නුම් කිරීම විශාල වාසියක් වෙනවා.

CRF හී Chassis එක ගැන කතා කලොත් ශක්තිමත් Steel semi-double cradle Frame එකක් යොදාගෙන ඇති අතර යතුරුපැදියේ මුලු බර 145.2KG ලෙස සටහන් වෙනවා.

Suspension දෙසට අවධානය යොමු කලොත් ඉදිරිපස සීරුමාරු කල නොහැකි 43mm inverted fork (USD) ද පසුපස සඳහා Pro-link Monoshock එකකද යොදා ගෙන ඇති අතර මෙය සීරූ මාරු කල හැකිය(adjustable) එමෙන්ම ඕනෑම මාර්ගයට පහසුවෙන් ධාවන කිරීමට මේ suspension විශාල සේවයක් ඉටු කරනවා.

Breaks ගැන කතා කලොත් ඉදිරිපස
256 mm Disk එකක් සමඟ Nissin පිස්ටන් දෙකක කැලිපරයක් ද පසුපස 220mm Disk එකක් සමඟ තනි පිස්ටන් කැලිපරයක් ද යොදාගෙන ඇති අතර 2017 සිට යුරෝපය සඳහා අපනයන(Export) කරන CRF250L වල Single Channel ABS ද දැකගත හැකියි.

ටයර් පිලිබඳ අවධානය යොමු කලොත් ඉදිරිපස  3.00-21M/C හා පසුපස 120/80-18M/C ප්‍රමාණයෙන් යුතු කට්ටා සහිත Off-road tyres යොදාගෙන ඇති අතර වැල්ලේ හා මඩේ ඉතා හොඳ ඝර්ශණයක් සහිතව ධාවන කිරීමට මේ නිසා ඉඩ ලැබෙනවා.නමුත් තාර පාරේ ධාවන කිරීමේදී ඉහල වේගයන්හී තරමක අස්තාවරභාවයක් ඇති වෙන අතර මේ සඳහා හොඳම විසඳුම යතුරුපැදි Supermoto ලෙස වෙනස් කිරීමයි එයට අවම වශයෙන් 75,000 පමණ වියදමක් දැරීමට සිදු වේවි.

අවසාන වශයෙන් මේ යතුරුපැදය ගැන කතා කලොත් පොලිස් සේවය සඳහා ආනයන කිරීමෙන් පසු දැන් සිවිල් පුද්ගලයන්ටද මිලදී ගත හැකි ලෙස මේ යතුරුපැදිය ආනයන කරන අතර ආරංචි වෙන අන්දමට මිල 1,250,000 වෙනවා. ඉදිරියේදී මේ යතුරුපැදියේ නෑයන් වන CRF250M/R Rally හා 450 ගැනද ලිපියක් රැගෙන එන්නම්.

ඔබේ අදහස් යෝජනා චෝදනා අපේ FB පිටුවට යොමු කරන්න තවත් කෙනෙක්ට දැනගන්න Share කරන්න.පහල තියෙන Photos බලලා Bike එක ගැන අදහසක් ගන්න ස්තූතියි.

කරුණාකර කතෘ අයිතිය සුරකින්න.

Wandi - වණ්ඩි©













No comments:

Post a Comment