ජීවිත 234ක් බිලිගත් ලෝකයේ භයානකම යතුරුපැදි ධාවන තරඟය ISLE OF MAN TT - Wandi - වණ්ඩි

Wandi - වණ්ඩි

Sri Lanka's leading website about Motorcycles. Keep in touch with us...

Click here to read this post in ENGLISH


Sunday, January 7, 2018

ජීවිත 234ක් බිලිගත් ලෝකයේ භයානකම යතුරුපැදි ධාවන තරඟය ISLE OF MAN TT


කාලේ හරී ඉක්මනින් ගෙවිලා යනවා 2018 පටන් අරගෙනත් පලවෙන සතියත් ඉවරයි  අපි අලුත් අවුරුද්ද වෙනුවෙන් කරපු Ducati review එක බැලුවේ නැත්තම් youtube එකේ මෙතනින් බලන්න.


අද පෝස්ට් එක ලියන්න ලොකු හේතුවක් උනේ මගේ personal FB Acc එකෙන් දාපු පෝස්ට් එකකට ලැබුනු ප්‍රතිචාර..

අද කතා කරන්නේ ලෝකයේ භයානකම යතුරුපැදි ධාවන තරග වන Isle Of Man TT(Tourism Trophy) ගැනයි.

මේ තරඟය ආරම්භ වෙන්නේ 1907 දී Isle Of man එහෙමත් නැත්තම් Manx කියන ප්‍රදේශය පදනම් අරගෙන isle of man යනු එංගලන්තයටද අයර්ලන්තයටද මැදි වූ දෙවන එලිසබෙත් මහ රජිනගේ නාමික විධායක යටතේ අගමැති Howard Quayle (හොවාඩ් කුයිලි) හා ආණ්ඩුකාර Sir Richard Gozney (ශ්‍රීමත් රිචඩ් ගොස්නේ) නායකත්වය යටතේ පාලනය වෙන වර්ග කිලෝමීටර් 572 භූමී ප්‍රමාණයකින් හා 85,000 පමණ ජනගහනයකින් යුත් කුඩා රාජ්‍යයකි මේ ප්‍රදේශයේ ඇති මාර්ග ස්ව්භාවය ජන ශූන්‍ය බව සංචාරක ආකර්ෂණය වැනි සාධක මත මෙහි තරඟ පැවැත්වීමට මෙහි මූලාරම්භකයන් තීරණය කර තිබෙනවා.

මේ තරඟයේ ඉතිහාසය ගැන හැදින්විමක් කලොත් ACU Events සමාගම විසින් හා Isle of Man Department of Economic Development ව‍ර්ථමානයේ ප්‍රධාන අනුග්‍රහයෙන් 1907 සිට මේ දක්වා වාර්ශික තරඟයක් ලෙස මෙය සංවිධානය කරන අතර  මේ වන විට 98 වතාවක් මේ තරඟය පවත්වා තිබෙනවා.

මුල්ම තරඟය 1907 මැයි මස 28 වන දින International Auto-Cycle Tourist Trophy යන නමින් Auto-Cycle සමාජයේ සංවිධානය මත පැවැත්විය.සැතපුම් 15ක ධාවන වටකින් යුතු වූ මේ තරඟය Charles R. Collier (චාල්ස් ආර්.කොලිය) විසින් ජයග්‍රහණය කරනු ලැබූ අතර ඔහු ප්‍රථම TT ජයග්‍රහකයා ලෙස ඉතිහාසයට එක් විය.

ඉන් පසුව 1911 වන තෙක් වැඩි වෙනසක් නොවන ලෙස තරඟ ඉසව් පැවතුණු අතර 1911දී මෙහි වටයක දුර දෙගුණයකට වඩා වැඩි කෙරිනි එනම් සැතපුම් 37.40 (59.84KM) ලෙස වැඩි විය ඒත් සමඟ වට හයේ මුලු දුර වූ 144KM ද 359KM ලෙස වැඩි විය මේ නිසා TT තරඟය තවත් මාරාන්තික හා උද්වේගකර විය.

1920 පමණ වන විට Junior TT(350cc) Senior TT(500cc) වැනි තරඟ ඉසව් ද එකතු වූ අතර 1922 Light weight TT (250cc) හා 1923 දී Side car  ඉසව්වක් ද එකතු විය.

1940 සිට 1945 කාල සීමාව තුල දෙවන මහා ලෝක යුද්ධය නිසා කිසිම තරඟ ඉසව්වක් නොපැවත්වූ අතර 1946 දී Manx Grand Prix යන නමින් පැවත්වූ අතර මෙයට Clubman's TT තරඟ ඉසව්වක් ද එකතු විය එමෙන්ම  FIM Motor-Cycle Grand Prix World Champion ( ව‍ර්ථමානයේ MotoGP) තරඟයේ බ්‍ර්තාන්‍ය පදනම් තරඟ ඉසව්ව ලෙස 1949-1976 කාලසීමාවෙදී TT තරඟය යොදා ගන්නා ලදි.


වර්ථමානය වන විට ඇති තරඟ ඉසව් හා තරඟ ස්ව්භාවය ගැන කතා කලොත්
සෑම වසරක මැයි මස අවසාන සතියෙ සිට ජුනි මුල් සතිය දක්වා පුරා සති දෙකක් මෙම තරඟය සදහා වෙන් කර ඇති අතර සතියක් පුහුනුවීම් කිරීමට ද සතියක් තරඟය සදහා ද වෙන් කර තිබෙනවා.එමෙන්ම මේ කාල සීමාව තුල සියලුම පාසල් වසා දමන අතර තරඟය පවතින සතිය පොදු නිවාඩු කාලයක් ලෙස සලකනවා මීට හේතු ලෙස තරඟය සදහා  පොදු මාර්ග භාවිතා කිරීම, අධික ලෙස නරඹනන් එක්රොක් වීම හා බොහෝ පිරිසක් නිවාඩු නැති නම් නිවාඩු ලබා හෝ මේ තරඟය නැරඹීමට සහභාගී වීමයි.


එමෙන්ම මේ තරඟයට සහභාගි විය හැක්කේ SBS Racing තරඟ වලට සහභාගී වී ඇති තරඟකරුවන්ට පමණයි.



2018 වසර සඳහා ඇති තරඟ ඉසව් ලෙස

ජුනි 2 සෙනසුරාදා

1.RST Superbike TT Race (වට 6) 750cc-1200cc

2.Sidecar TT Race(වට 3) 1000cc

ජුනි 4 සඳුදා

3.Monster Energy Supersport TT Race (වට 4) 500cc-750cc

4.RL360 Quantum SuperstockTT Race(වට 4)

ජුනි 6 බදාදා

5.Monster Energy Supersport TT Race 2(වට 4)

6.Bennetts Lightweight TT Race (වට 4)250cc-350cc

ජුනි 8 සිකුරාදා


7.Sidecar TT Race 2(වට 3)

8.Pokerstars Senior TT Race (වට 6)

9.SES Zero TT Race (වට 1)

මේ තරඟය මේ තරමට දරුණු වීමට හේතු සඳහන් කලොත් මෙහි ධාවන මාර්ගය සම්පූර්ණයෙන්ම යෙදී ඇත්තේ සාමාන්‍ය මාර්ග වල නිවාස,තාප්ප,කම්ඹි වැටවල්,කාණු පද්ධති කඩ සාප්පු වැනි දේ ඇති ප්‍රදේශයක එමෙන්ම MotoGP තරඟ වල මෙන් 100% Racing ධාවන සදහා සැකසූ පථයක් ලෙස මෙය සකසාද නොමැත එම නිසා ඉතා සුලු අනතුරකින් වූවද විය හැකි හානිය ඉතා ඉහලයි තවද Isle Of Man හී මුහුදු මට්ටමෙන් ඉහලම ස්ථානය වන මුහුදු මට්ටමින් මීටර 620ක් ඉහලින් පිහිටි Snaefell ප්‍රදේශය මතින්ද මේ ධාවන පථය වැටී තිබෙනවා. මෙය තව තවත් බිහිසුනු වන්නේ පැයට කිලෝමීටර් 200කට අධික සාමාන්‍ය වේගයක් එක් වටයක පැවත්වාගෙන යෑමයි.








1907 සිට මේ දක්වා සිදි වූ අනතුරු ගැන සඳහන් කලොත් ගිය වසරේ එක් තරඟ කරුවෙකු මරණයට පත් වූ අතර 2016දී තරඟකරුවන් සිව් දෙනෙක් මරණයට පත් උනා ඒත් සමඟම මරණයට පත් මුලු ගනන 1907 සිට 2017 දක්වා 234ක් වෙනවා එමෙන්ම මාරාන්තික අනතුරු 200කට අධිකව සිදු වූ අතර සැලකිය යුතු ප්‍රමාණයක නරඹනන්ද මරණයට පත් වී ඇති අතර ඔවුන් පිලිබඳව නිල වශයෙන් සංඛ්‍යාත්මකව සටහනක් නැහැ.එමෙන්ම අර්ධ කාලීන හෝ පූර්ණ කාලීනව ආබාධිත උන තරඟකරුවන් සිටින අතර මොවුන් තරඟ වැදීමට පෙර තරඟය තුලදී සිදුවෙන සෑම දෙයකම වගකීම තමන් සතු බවත් තාමාට සිදුවෙන අනතුරකින් අබාධිත වීම හෝ මරණය පත් වීම පිලිබඳව සංවිධායක මණ්ඩලය වගකිව යුතු නැති බවත් සහතික කරමින් ලියවිල්ලකට අත්සන් තබනවා මෙය "මරණයට අත්සන් කිරීම"යනුවෙනුත් හඳුන්වනවා.තරඟයේ බිහිසුනුකම මෙයින් සිතා ගත හැකි වේවි.




තරඟයේ එතෙක් මෙතෙක් බිහී වූ විශිෂ්ට ධාවකයන් නම් කලොත් TT තරඟ වැඩිම ප්‍රමාණයක් ජයගෙන ඇති ධාවකයා එනම්26 වතාවක් Joey Dunlop (ජෝයි ඩන්ලොප්) 1977-2000 ද හොඳම වටයක කාලය වාර්තා කල ක්‍රීඩකයා ලෙස Michael Dunlop (මයිකල් ඩන්ලොප්) 2016 දී BMW S1000RR යතුරුපැදියෙන් විනාඩි 16යි තත්පර 53ක් ලෙසත් සඳහන් වෙන අතර ඔහුගේ සාමාන්‍ය වේගය පැයට කිලෝමීටර් 216 ලෙසත් සටහන් වෙනවා එමෙන්ම තවත් දක්ශ TT ධාවකයන් ලෙස Guy Martin (ගයි මාර්ටින්), John McGuinness(ජෝන් මැක්ගිනස්), Ian Hutchinson(ඉයන් හචින්සන්) වැනි ධාවකයන් නම් කල හැකී.





මෙහි ජයග්‍රාහකයාට ලැබෙන මුදල් ත්‍යාගය ගැන නිල වශයෙන් සදහනක් නැතත් ආසන්න වශයෙන් £10,000 (ස්ටර්ලිං පවුම්) එනම් ලංකාවේ මුදලින් මිලියන 2.09  පමණ වෙනවා එමෙන්ම මෙහි තරඟය නරඹන්නෙක් සඳහා දින 7 සඳහාම ටිකට් පත $2589 එනම් රුපියල් 398,019 වැනි මුදලක් වැය කිරීමට සිදු වෙනවා හුදෙක් මේ තරඟය සදහා තරඟකරුවන් සහභාගී වන්නේ ත්‍රාසය භීතිය අත් විදීමට පමණක් නිසා ඔවුන් ත්‍යාගය මුදල ගැන වැඩි අවධානයක් යොමු කරන්නේ නෑ එමෙන්ම MotoGP පථයට වඩා දුශ්කර මේ පථයේ ධාවන කරන මේ ධාවකයන් මුදල් පසුපස තරඟ කලා නම් MotoGP තරඟයට එකතු වී Valentino Rossi,Mark Marquess වැනි ධාවකයන්ට දරුණු අභියෝගයක් වෙනවා නොඅනුමානයි.ඉදිරියේදී MotoGP,Dakar Rally වැනි තරඟ ගැනද විස්තර අරගෙන එන්නම් මීට වඩා මේ ගැන දන්න දෙයක් තියෙනවා නම් post එකේ comment එකක් දාන්න නොදන්න කෙනෙක්ට දැනගන්න.ඒ වගේම පහල link එකෙන් මේ තරඟය ගැන ඇති කෙටි විඩියෝවද නරඹන්න Man Of Isle TT Official Youtube Channel එක Subscribe කරලා videos බලන්න ඒ ලින්ක් එකත් පහල සටහන් කරන්නම්.

Isle Of Man TT Short Movie

Isle Of man TT Official Youtube Channel

කරුණාකර කතෘ අයිතිය සුරකින්න.

Wandi - වණ්ඩි©

1 comment: