CB150R Exmotion ලංකාවේ 200 Market එකටත් ගේම ඉල්ලන 150 වැඩ්ඩා - Wandi - වණ්ඩි

Wandi - වණ්ඩි

Sri Lanka's leading website about Motorcycles. Keep in touch with us...

Click here to read this post in ENGLISH


Thursday, January 25, 2018

CB150R Exmotion ලංකාවේ 200 Market එකටත් ගේම ඉල්ලන 150 වැඩ්ඩා


අද මාතෘකාව වෙන්නේ  අපි ටික දවසකට කලින් කෙටි Post එකකින් කතා කරපු 150cc මාදිලියේ අලුත්ම අලුත් සුපිරිම යතුරුපැදියක් වෙන Honda CB150R Exmotion යතුරුපැදිය එමෙන්ම වෙන විදියකින් හැඳින්වුවොත් දැනට ලෝකයේ ඇති බලය හා තාක්ෂණය අතින් ඉහලම සිටින 150 යතුරුපැදි වලින් එකක්.

මේ යතුරුපැදිය ගැන හැදින්විමක් කලොත් මුල් වරට බැන්කොක් Motor show හීදී CB150SS යන නමින් මෙහි මුලාකෘතිය(concept) එක එලිදැක්වූ අතර 2017 වසරේදිම නිල වශයෙන් CB150SS යතුරුපැදිය පදනම් කරගනිමින් තායිලන්තයේ දී මේ ඉතාම දැකුම් කලු යතුරුපැදිය එලිදැක්වූ අතර මෙය CB150R Exmotion ලෙස නම් කරන ලදි.

Thai Honda කර්මාන්තශාලාව තුල CRF,MSX,PCX මෙන් මෙයද එකළැස් වෙන මේ යතුරුපැදිය ගිණිකොන දිග ආසියාව,යුරෝපය හා දකුණු ඇමරිකාව ඉලක්ක කර  නිශ්පාදනය කරන ලදි.

එමෙන්ම හොන්ඩා පවසන ආකාරය එතෙක් මෙතෙක් කිසිදුම 150 යතුරුපැදියකට ලබා නොදුන් තාක්ෂණයක් ඔවුන් මේ යතුරුපැදිය සඳහා ලබා දී තිබෙනවා.

මෙහි එන්ජින් එක ගැන කතා කලොත් තනි සිලින්ඩර 149cc DOHC Four-stroke වෑල්ව 4ක එන්ජින් එකක් ලබා දී තිබෙනවා. මෙම එන්ජින් එක මගින් අශ්වයන් 20 දෙනෙකුගේ බලය පිට කරන අතර (20hp) උපරිම වේගය පැයට කිලෝමීටර් 148ක් පමණ වෙනවා.එමෙන්ම 0-100 වේගය ලබා ගැනීමට තත්පර 9.8 වැනි කාලයක් වැය කරනවා 150 කාණ්ඩයේ සුපිරි අශ්වබල ගනනක් හා වේගයක් ලෙස මෙය සදහන් කල හැකි අතර මේ යතුරුපැදිය එලි දැක්වීමට පෙර තිබූ Yamaha M-Slaz, Suzuki GSX-R150 වැනි යතුරුපැදි වලට වඩා ඉතාම සාර්ථකව  ඉදිරියෙන් සිටිනවා.

මෙහි සිසිලන පද්ධතිය ලෙස ඉතා දුලබව 150 එන්ජින් වෙත ලබා දෙන ද්‍රව සිසිලන පද්ධතියක් ලබා දී ඇති අතර මේ නිසා එන්ජින් එක මත ඇතිවන තාපය පාලනය කර ගනිමින් ඉහල කාර්යක්ෂමතාවක් රදවාගැනීමට ඉඩ ලැබෙනවා.

ඉන්ධන සැපයුම ගැන කතා කලොත් Programmed Fuel Injection (PGM-FI) තාක්ශණය යොදාගෙන ඇති අතර ඉතාම ඉහල ඉන්ධන කාර්යක්ෂමතාවක් ලබා ගැනීමට මේ නිසා ලැබෙනවා නමුත් Carb/Sensor Carb වලට වඩා ඉතාම මිල අධික මේ FI පද්ධතියට හානියක් වුවහොත් විශාල පිරිවැයක් දැරීමටද සිදුවේව් මේ නිසා ඔබ මේ යතුරුපැදිය මිලට ගැනීමට අදහස් කරනවා නම් නඩත්තු කටයුතු ගොඩ වෙදුන්ට නොපවරා දක්ශ කාර්ම්කයෙකු හට පැවරීම වඩා සුදුසුයි.තවද මෙහි ඉන්ධන කාර්යක්ෂමතාව ලීටර එකකට කිලෝමීටර් 48-55 අතර දුර ගමනකට සිමා වෙනවා.

ඉන්ධන ගබඩාව ලෙස ලීටර 8.5 කුඩා ටැංකියක් ලබා දී ඇති අතර ඉන්ධන කාර්යක්ෂමතාව සමග සැසදීමේදි එය ඉතා විශාල අඩුවක් වන්නේ නැහැ නමුත් අවම වශයෙන් ලීටර 10ක වත් ඉන්ධන ටැංකියක් ඇතුලත් උනානම් එය ධාවකයා හට වඩා පහසුවක් වෙනවා නොඅනුමානයි.

මෙහි gears හා clutch එක ගැන කතා කලොත් වේග 6ක ගියර් පද්ධතියක් හා wet multi-plate disc clutch එකක් යොදා ගෙන තිබෙනවා මුලදී නිර්මාණය කරුවන් slipper clutch එකක් යොදා ගැනීමට තීරණය කර තිබුනද නිශ්පාදන පිරිවැය අඩු කිරීම සඳහා wet clutch එකක් යොදාගෙන තිබෙනවා.

මෙහි Handling ගැන කතා කලොත් Neo Cafe Racer සංකල්පය මත මෙහි පෙනුම සකසා ඇති අතර handle bars, foot pegs සියල්ලම Naked හා Cafe racer යන  design දෙකටම මැදි වෙන ලෙස සැලසුම් කර ඇති අතර ඉතා සුවපහසුව ඕනෑම උසක අයෙකුට ධාවන කල හැකි ලෙස යතුරුපැදිය නිමවා තිබෙනවා.නමුත් පසුපස ගමන්ගන්නා කෙනාට තරමක අපහසුවක් දුර ගමන්වලදි දැනීමට ඉඩ තිබෙනවා. මෙහි seat height එක 795mm වන අතර Ground clearance එක 139mm වෙනවා මීට ප්‍රධාන හේතුව මෙහි Under belly exhaust muffler එකයි මේ නිසා දුශ්කර මාර්ග වල ධාවන කිරිමේදී muffler එකට හානියක් වීමට ඉඩ තිබෙනවා.

මෙහි මීටර් පද්ධතිය ගැන කතා කලොත් ඉතාම ආකර්ෂණීය හා සුපැහැදිලි LED මීටර් පද්ධතියක් ලබා දී ඇති අතර මෙහි Speed,ODO,Trip,time,Fuel gage,RPM,Gear position indicator වැනි තොරතුරු පෙන්නුම් කරනවා.

මෙහි Chassis එක විදියට සැහැල්ලු Diamond Frame එකක් ලබා දී ඇති අතර දෙදරීම අවම ස්තාවර ධාවනයක් මේ ෆ්‍රේම් එක මගින් ලබා දෙනවා එමෙන්ම යතුරුපැදියෙහි මුලු බර 123KG ලෙස සටහන් වෙනවා.

Suspension වෙත අවධානය යොමු කලොත්  41mm Inverted Forks(USD) ඉදිරිපස සදහාද පසුපස Monoshock සමගින් පිරිපුන් ශක්තිමක් ඇලුමිනියම් swing arm එකක්ද යොදාගෙන ඇති අතර සුවපහසු ස්තාවර ධාවන සඳහා මේ suspension විශාල උපකාරයක් කරන අතරම යතුරුපැදිය සඳහා පිරිපුන් පෙනුමක් ද ලබා දෙනවා.

Breaks ගැන අවධානය යොමු කලොත් මේ යතුරුපැදිය සමඟ කරට කර සිටින GSX-R150 හා M-Slaz යතුරුපැදි දෙකටම නොමැති ABS යොදාගෙන ඇති අතර එය Dual Channel ABS වෙනවා (රෝද දෙකටම) එමෙන්ම මේ යතුරුපැදිය සදහා G-Sensor(Gravity Sensor) එකක්ද යොදාගෙන ඇති අතර එය CB1000R හී  යොදාගත් G Sensor එක ලෙසටයි සඳහන් වෙන්නේ.
disc වල ප්‍රමාණයන් සදහන් කලොත් ඉදිරිපස 296mm disc එකක් හා පොට් 4 නිසින් කැලිපරයක් ද පසුපස සඳහා 220mm disc එකක් සමඟ තනි පොට් නිසින් කැලිපරයක් ද යොදාගෙන තිබෙනවා.
ABS තාක්ෂණය හා පුලුල්  ටයර් වලින් හෙබි නිසා ඉතා හොඳ තිරිංග ප්‍රතිචාරයක් මේ යතුරුපැදිය තුලින් ලබා ගත හැකි වෙනවා.

Tyres ගැන කතා කලොත් ඉදිරිපස සඳහා
110/70-17 M/C 54H ප්‍රමාණයෙන් ද පසුපස සඳහා
150/60-17 M/C 66H ප්‍රමාණයෙන් ද යුතු පුලුල් ටියුබ් රහිත ටයර් යොදාගෙන ඇති අතර ස්තාවර ධාවනයට,හොඳ තිරිංග ප්‍රතිචාරයක් ලබා දීමට මෙන්ම හොඳින් වංගු ගැනීමට හැකි අවස්තාව ලබා දෙනවා.

Lights ලෙස fully LED Headlight එකක් signal lights හා LED Tail එකක් ලබා දී තිබෙනවා දුරට විහිදෙන ආලෝකයක් ආ ආකර්ෂණීය පෙනුමක් මේ නිසා යතුරුපැදියට ලැබී තිබෙනවා.

අවසාන වශයෙන් මේ යතුරුපැදිය ගැන කතා කලොත් සෑම අතිනම් අංගසම්පූර්ණ 150 යතුරුපැදියක් වෙන මෙය වර්තාමනයේ තායිලන්තය, සිංගප්පූරුව,බ්‍රසීලය වැනි රටවල ඉතා සාර්ථකව අලෙව් වන අතර නිල නොවෙන ආරංචි මාර්ග වලට අනුව ලංකාවටද CRF යතුරුපැදිය මෙන්ම PCX හා මේ 150R Exmotion Stafford Motors විසින් ගෙන්වීමට නියමිතය. පුද්ගලිකව ආනයන කිරීමේදී ලක්ශ 7.45 පමණ වැය වෙන අතර යම් හෙයකින් Stafford මෙය ආනයන කලොත් ලක්ශ 5.50-6.50 අතර මුදලක් නියම විය හැකියි.එමෙන්ම මෙරට 200cc කාණ්ඩයේ NS,RS හා RTR වෙත අභියෝගයක් එල්ල විය හැකි අතර මේ යතුරුපැදිය සමඟ තරඟ කිරිමට මෙරට brand new market එක තුල වෙනත් 150 හෝ 200 යතුරුපැදික් නැහැ.

ඔබේ අදහස් යෝජනා චෝදනා අපේ FB පිටුවට යොමු කරන්න.පහල තියෙන Photos බලලා අදහසක් ගන්න ස්තුතිය.

කරුණාකර කතෘ අයිතිය සුරකින්න.

Wandi - වණ්ඩි©
















No comments:

Post a Comment