ගන්නවා නම් ගන්න සුපිරි 125cc-150cc වණ්ඩි 10ක්. - Wandi - වණ්ඩි

Wandi - වණ්ඩි

Sri Lanka's leading website about Motorcycles. Keep in touch with us...

Click here to read this post in ENGLISH


Tuesday, January 30, 2018

ගන්නවා නම් ගන්න සුපිරි 125cc-150cc වණ්ඩි 10ක්.

අද කතා කරන්න හිතුවා ලෝකේ තියෙන පෙනුම බලය වේගය හැම අතින්ම ඉහල තැනක ඉන්න 125cc-150cc සිලින්ඩර ධාරිතාව යටතේ ඉන්න යතුරුපැදි 10ක් ගැන.

දැනට ලෝකයේ නිශ්පාදනය වෙන හොඳම four-stroke යතුරුපැදි 10ක් කියලා මේ ටික හැදින්වුවත් වරදක් නෑ සුපුරුදු විදියට අශ්වබල අඩු වෙන පිලිවෙලට මේ යතුරුපැදි 10 ගැන සදහනක් කරන්නම්.

1.Honda CB150R Exmotion 


තනි සිලින්ඩර DOCH 149cc වෑල්ව 4ක Four-stroke ද්‍රව සිසිලන PGM-FI එන්ජින් එකකින් බල ගැන්වූ මේ යතුරුපැදිය අශ්වබල 20කින් උපරිම වේගය පැයට කිලෝමීටර් 145ක පමණ වේගයක් ලබා දෙනවා.

150 කාණ්ඩයේ බලගතුම හා සුපිරි යතුරුපැදියක් වන මෙය අධිතාක්ෂණික මීටර් පද්ධතිය, USD Forks,Dual Channel ABS වැනි අංග වලින් සමන්විතයි.

2.Yamaha YZF-R15 Version 3.0


තනි සිලින්ඩර 155cc SOHC Four-stroke වෑල්ව 4ක ද්‍රව සිසිලන FI  එන්ජින් එකකින් බල ගැන්වූ මේ යතුරුපැදිය අශ්වබල 19කින් පැයට කිලෝමීටර් 144ක උපරිම වේගයක් ලබා දෙනවා.

R15 Version 2.0 වලට වඩා සියලු අතින් යාවත්කාලීන වී ඇති මේ යතුරුපැදිය 150cc කාණ්ඩයේ සුපිරි Sports යතුරුපැදි ලෙස සැලකෙනවා.

3.Suzuki GSX-R150


තනි සිලින්ඩර 147cc DOCH four-stroke වෑල්ව 4ක ද්‍රව සිසිලන FI එන්ජින් එකකින් බල ගැන්වූ මේ යතුරුපැදිය අශ්වබල 19කින් පැයට කිලෝමීටර් 138ක පමණ වේගයක් ලබා දෙනවා.

මෙය GSX-S150 හී රේසින් මාදිලිය ලෙස හැඳින්විය හැකියි.

4.Suzuki GSX-S150


තනි සිලින්ඩර 147cc DOCH four-stroke වෑල්ව 4ක ද්‍රව සිසිලන FI එන්ජින් එකකින් බල ගැන්වූ මේ යතුරුපැදිය අශ්වබල 19කින් පැයට කිලෝමීටර් 135ක පමණ වේගයක් ලබා දෙනවා.

මෙහිද Dual channel ABS මෙන්ම සිත්ගන්නා සුලු ආකර්ෂණීය GSX-S1000 හී පෙනුමට සමාන පෙනුම වැනි සාධක නිසා ඉතා ඉහල ඉල්ලුමක් ආසියාවේ දැකගත හැකි වෙනවා.

5.Honda CBR 150R


149cc DOHC තනි සිලින්ඩර වෑල්ව 4ක four-stroke ද්‍රව සිසිලන FI එන්ජින් එකකින් බලගැන්වූ මේ යතුරුපැදිය අශ්වබල 16.කින් උපරිම වේගය පැයට කිලෝමීටර් 135ක් ලබා දෙනවා.

6.Yamaha M - Slaz 150


තනි සිලින්ඩර SOHC 149cc four-stroke වෑල්ව 4ක ද්‍රව සිසිලන එන්ජින් එකකින් බල ගැන්වූ මේ යතුරුපැදි අශ්වබල 16කින් පැයට කිලෝමීටර් 130ක උපරිම වේගයක් ලබා දෙනවා.

මෙම යතුරුපැදිය දැනට 150 naked sports අතින් වැඩිම අලෙවියක් ඇති යතුරුපැදියක් ලෙස සැලකෙන අතර MT15 ලෙසද හදුන්වනවා.

7.Honda CB150R Streetfire


149cක් DOHC තනි සිලින්ඩර වෑල්ව 4ක Four-stroke ද්‍රව සිසිලන FI එන්ජින් එකකින් බල ගැන්වී ඇති මේ යතුරුපැදිය අශ්වබල 16කින් පැයට කිලෝමීටර් 128ක පමණ වේගයක් ලබා දෙනවා.

මෙයද අග්නිදිග ආසියාවේ ඉතා හොඳ අලෙවියක් ඇති යතුරුපැදියකි.

8.Yamaha FZ150i


149cc SOHC තනි සිලින්ඩර වෑල්ව 4ක Four-stroke ද්‍රව සිසිලන FI එන්ජින් එකකින් බල ගැන්වී ඇති මේ යතුරුපැදිය අශ්වබල 16කින් පැයට කිලෝමීටර් 125ක පමණ උපරිම වේගයක් ලබා දෙනවා.

ආසියානු කලාපයට ලබා දුන් ප්‍රථම 150 කාණ්ඩයේ Fuel Injected යතුරුපැදිය ලෙස මෙය හදුන්වනව.

9.Yamaha MT-125


තනි සිලින්ඩර SOHC 124cc Four-stroke වෑල්ව 4ක ද්‍රව සිසිලන FI එන්ජින් එකකින් බල ගැන්වූ මේ යතුරුපැදිය අශ්වබල 14කින් පැයට කිලෝමීටර් 121ක උපරිම වේගයක් ලබා දෙනවා.

10. KTM Duke 125 


තනි සිලින්ඩර SOHC 124cc Four-stroke වෑල්ව 4ක ද්‍රව සිසිලන FI එන්ජින් එකකින් බල ගැන්වූ මේ යතුරුපැදිය අශ්වබල 14කින් පැයට කිලෝමීටර් 120ක උපරිම වේගයක් ලබා දෙනවා.

125 Naked sports කාණ්ඩයේ සුපිරිම යතුරුපැදිය ලෙස සැලකෙන මෙහි TFT Bluetooth Meter panal,USD Fork,ABS වැනි අංග දැකගත හැකියි.

මෙම යතුරුපැදි සියල්ලම ඉන්දියාවෙන් පිට ඉන්දුනීශියාව,මැලේසියාව,තායිලන්තය වැනි රට වල එකලැස් කරන නිසා දැනට Yamaha,Honda බලලත් ලංකාවේ අලෙවි නියෝජිතයන් ආනයන කරන්නේ නැහැ නමුත් ඉදිරියේදී CB150R Exmotion වැනි යතුරුපැදි ආනයන කිරීමට නියමිතයි.

මේ යතුරුපැදි වල වේගයන් සියල්ල දැනට කර්මාන්තශාලා තුල ධාවනය කර ඇති වේගයන් වන අතර මේව වෙන්ස් විය හැකියි.(factory claimed speeds)

මේ යතුරුපැදි අතුරින් CB150R Exmotion ගැන දැනටමත් සම්පූර්ණ ලිපියක් ගෙන ආ අතර ඉදිරියේදී අන්කුත් යතුරුපැදි ගැනද සම්පූර්ණ ලිපි රැගෙන එන්නම්.

මේ සියලුම යතුරුපැදි පුද්ගලිකව මෙරටට ආනයන කල හැකි අතර බදු සහිතව ලක්ශ 6-8ත් අතර මුදලක් වැය විය හැකියි.

ඔබේ අදහස් යෝජනා චෝදනා අපේ FB පිටුවට යොමු කරන්න ස්තූතියි .

කරුණාකර කතෘ අයිතිය සුරකින්න.

Wandi - වණ්ඩි

No comments:

Post a Comment