කැලේට ඔට්ටු උන පාරට තහන්චි උන CRF450X - Wandi - වණ්ඩි

Wandi - වණ්ඩි

Sri Lanka's leading website about Motorcycles. Keep in touch with us...

Click here to read this post in ENGLISH


Wednesday, February 7, 2018

කැලේට ඔට්ටු උන පාරට තහන්චි උන CRF450X



මේ දවස් ටිකේම කතා කලේ වැඩි හරියක් Honda Bikes ගැන ඒක හිතා මතාම කරපු දෙයක් නෙමෙයි ගොඩක් අය ඉල්ලුවේ Honda එකෙන් හදපු බයික්ස් අද කතා කරන්න යන්නෙත් Honda නිශ්පාදනය කරපු සුපිරිම යතුරුපැදියක් ගැන Motor cross මාදිලියේ යතුරුපැදි අතින් ඉහලින්ම ඉන්න කෙනෙක් ගැන ඒ තරමයි Honda CRF පවුලේ CRF450X යතුරුපැදිය.

මේ යතුරුපැදිය ගැන කෙටි හැදින්විමක් කලොත් මුලින්ම සදහන් කරන්න ඕනේ මේ යතුරුපැදිය කර්මාන්තශාලාව තුලින් පිට වෙන්නේ පාරේ ධාවනය කල නොහැකි යතුරුපැදියක් ලෙස එනම් Steet Illegal යතුරුපැදියක් ලෙස මෙය සම්පුර්ණයෙන්ම නිශ්පාදනය වෙන්නේ Motocross හා Off road ධාවනය සඳහයි. නමුත් මෙහෙ ඇති බලයට ජවයට පෙනුමට ප්‍රිය කරන පිරිස මේ යතුරුපැදිය මිලට ගෙන CRF M L වැනි Steet legal යතුරුපැදි ලෙස වෙනස් කරගන්නා අතර බොහෝ අය Supermoto හෝ Dual Purpose ලෙස මෙය පරිවර්තනය කරගන්නවා.

Click here to read this post in ENGLISH

මේ යතුරුපැදියේ ගුණ අගුණ සටහන් කිරීම Engine එකෙන්ම පටන් ගන්නම්.
මෙහි Engine එක ලෙස Honda විසින් 449cc DOHC තනි සිලින්ඩර Four-stroke වෑල්ව 4ක එන්ජින් එකක් ලබා දී ඇති අතර මෙම එන්ජින් එක තුලින් ලබා ගත හැකි උපරිම බලය අශ්වබල 44ක් ලෙස ගණනය කර තිබෙනවා. එමෙන්ම මේ අශ්වබල 44 මගින් තත්පර 15කට අඩු කාලකදි උපරිම වේගය පැයට කිලෝමීටර් 178ක් පමණ වේගයක් ලබා ගත හැකි අතර ප්‍රථම ගියර් එකේ සිටම ඉතා ඉහල Pickup එකක් දැකගත හැකි.

මෙහි සිසිලන පද්ධතිය ලෙස අනෙකුත් CRF මාදිලි වල මෙන්ම ද්‍රව සිසිලන පද්ධතියක් යොදාගෙන ඇති නමුත් අනෙකුත් CRF මාදිලි හා WR450F, RM450X, KXF 450 වැනි Motorcross යතුරුපැදි වලට වඩා තරමක වැඩි තාපය පිට වීමක් මේ එන්ජින් එක තුල දැකගත හැකි අතර මේ සිසිලන පද්ධතියද තරමක් අනෙකුත් මාදිලි වලට සාපේක්ෂව කාර්යක්ෂමතාව අඩුයි.කෙසේ වෙතත් Motocross යතුරුපැදි බොහෝ විට එක දිගට ධවනයේදී තරමක් අධික ලෙස රත් වීම සාමාන්‍ය දෙයක්.

Click here to read this post in ENGLISH

මෙම යතුරුපැදියේ ඉන්ධන සැපයුම මිලිමීටර් 40 කෙයිහින් හාබ් එකක් හරහා සිදු වන අතර ඉන්ධන ලීටර එකකට කිලෝමීටර 22ක වැනි ඉන්ධන කාර්යක්ෂමතාව ලබා ගැනීමට හැකි වෙන්නේ මීට හේතුව Sensor Carb හෝ EFI පද්ධතියක් ලබා නොදීමයි කෙසේ උනත් මේ නිසා කාබ් එක ආශ්‍රිත දෝශ යතාතත්වයට පත්කිරීමේදී දැරීමට සිදුවෙන පිරිවැය හා කාලය අඩු වෙනවා එය එක අතකින් වාසියක්.

මෙහි ගියර් හා clutch එක දෙස අවධානය යොමු කලොත් වේග5ක ගියර් පද්ධතියක් සමග wet multi-plate clutch එකක් යොදාගෙන තිබෙනවා.මෙම මාදිලියේ අනෙකුත් යතුරුපැදි ගියර් 6කින් යුතු උනත් මෙය ගියර් 5 වීම තරමක අඩුවක් ලෙස සිතුනත් මේ ගියර් 5 නිසා ඉතා ඉක්මන් ත්වරණයක් ලබා ගැනීමට හැකි වී තිබෙනවා.

යතුරුපැදියෙහි ඉන්ධන ටැංකිය ලෙස ලීටර 7.2 දෙකක ගබඩා ඉඩක් ලබා දී ඇති අතර මෙම ඉන්ධන කාර්යක්ෂමතාව සමග දුර ගමන් වලදී කිසිසේත් මෙය සෑහීමට පත් විය හැකි ඉන්ධන ටැංකියක් නොවේ මේ නිසා ධාවකයා අපහසුතාවට ද පත් විය හැකියි.

Click here to read this post in ENGLISH

මෙහි Handling ගැන කතා කලොත් XR Baja, DRZ ගැන යතුරුපැදි ගැන සටහන් කරද්දි කී දේම කිව යුතුයි කිසි විටකත් හුරුවක් නැති අයෙකු තමන්ගේ පලවෙනි යතුරුපැදිය ලෙස නම් මෙය තෝරා ගැනිම නුවණට හුරු නැහැ මොකද මේ යතුරුපැදිය 1 වෙනි ගියරයේ සිටම ඉතාම ජවසම්පන්න බවක් තමයි පෙන්නුම් කරන්න එමෙන්ම අඟල් 37.9ක ඉතාම ඉහල සීට් උස නිසා කොට කෙනෙකුට ට්‍රැෆික් ධවනයේ මෙන්ම සාමාන්‍ය ධාවනයේද ඉතාම අපහසුවක් දැනීමට ඉඩ තිබෙනවා මේ යතුරුපැදිය අඩි 5.8 වඩා උස පලපුරුදු ඇති අයෙකුට නම් කඟවේනෙකුට සමයි.

අනෙකුත් CRF වල මෙන්ම මෙහිද Semi Double Cradle frame එකක් චැසි එක ලෙස ලබා දී ඇති අතර මෙය බරින් අඩු ශක්තිය ඉහල දෙදරීම අවම ෆ්‍රේම් එකක් වෙනවා එමෙන්ම මෙම යතුරුපැදියෙහි මුලු බර කිලෝ 118 වන අතර අදාල කාණ්ඩයේ බරින් අඩුම යතුරුපැදියක් ලෙස සැලකෙනවා.මේ නිසා මෙම අශ්වබල 44ක එන්ජින් එකත් සමඟ හීන්දැරි පුද්ගලයෙකුට මෙම යතුරුපැදිය හැසිරවීමේදි අස්තාව බවක් ඇතිවිය හැකියි.එමෙන්ම මෙහි ඉතා පැහැදිලි ඉඩක් පොලව සමඟ ඇති අතර එය අඟල් 13.6ක් වෙනවා මේ නිසා දුශ්කර මාර්ග වල ධාවනය ඉතාම පහසු වී තිබෙනවා.

Suspension දෙස අවධානය යොමු කලොත්  ඉදිරිපස සදහා ශෝවා සන්නාමය යටතේ එන මිලිමීටර් 47ක ශක්තිමත් Inverted Forks (USD)ලබා දී ඇති අතර මෙය සීරු මාරු කල හැකි.
පසුපස සදහාද ශෝවා මෝනෝ ශොක් එකක් සමඟ ප්‍රො ලින්ක් swing arm එකක් ලබා දී තිබෙනවා එමෙන්ම මෙයය සීරු මාරු කල හැකියි.මේ Suspension නිසා ඕනෑම දුශ්කර මාර්ගයක   කිසිම ගැටලුවකින් තොරව මේ යතුරුපැදිය ධාවනය කිරීමේ අවස්තාව ධාවකයා හට ලැබෙනවා.

Break ගැන කතා කලොත් ඉදිරිපස නිසින් පිස්ටන දෙකක කැලිපරයක් සමඟ මිලිමීටර් 240ක ඩිස්ක් එකක් ලබා දී ඇති අතර පසුපස ද එම ප්‍රමාණයෙන්ම ඩිස්ක් එකක් සමඟ පිස්ටන් එකක කැලිපරයක් යොදා තිබෙනවා.

Click here to read this post in ENGLISH

Tyres ගැන අවධානය යොමු කලොත් ඉදිරිපස 80/100 - 21 ප්‍රමානයෙන් හා පසුපස 110/100 - 18 ප්‍රමාණයෙන් Motorcross ටයර් යොදා ඇති අතර සාමාන්‍ය මාර්ග වල ධාවන කිරිමේදී නම් මෙම ටයර් නිසා පොලව සමඟ සම්බන්ධතාවය අඩු බවක් තිරිංග යෙදීමේදී ලිස්සා යෑමක් හා ඉහල වේගයන් හී අස්තාව බවක් දැකගත හැකි අතර යතුරුපැදිය Supermoto ලෙස වෙනස් කරගැනීම මෙයට හොඳම විසදුමයි.

මෙම යතුරුපැදිය ගැන සටහන් කිරීමේදී ආරම්භයේදීම පැවසුවා මෙය Road Illegal යතුරුපැදියක් වන වග මේ නිසා මෙම යතුරුපැදිය Road legal ලෙස Convert කරගැනීම සඳහා Signal lights,Tail lamp සමගර විටෙක Head light, Meter panal,(මෙහි ඔරිජිනල් මට්ටමේදී මීටර් එකක් නොමැත) පසුපස ගමන්ගන්න කෙනා වෙනුවෙන් foot pegs වැනි මුලිකාංග අත්‍යාවශ්‍ය වන අතර Supermoto කිරීම සදහා Rim set, Spokes, Hub, Tyres, Tubes වැනි සියල්ල අලුතෙන් එකතු කල යුතු අතර Road legal කිරීම සඳහා අවම වශයෙන් රුපියල් 50000ක් පමණ හා Supermoto කිරීමට රුපියල් 70000 සිට 90000 දක්ව  මුදලක් වැය විය හැකියි.මෙරටට ආනයන කිරිමේදීම Supermoto ලෙස වෙනස් කර ඇති යතුරුපැදිද ඇති අතර එවැනි යතුරුපැදියක ලක්ශ 15කට පමණ ආසන්න විය හැකියි.

මෙහි ඇති ආකර්ෂණීය පෙනුම බර අඩු බව ජවය බලය Motor cross කෙරෙහි ඇති ලැදියාව  වැනි සාධක නිසා CRF L, M මාදිලි වලට වඩා මේ යතුරුපැදිය වෙත පිරිස ආකර්ෂණය වී ඇති අතරම මෙහි Kik Start එකක් ද ඇති නිසා එයද විශාල වාසියක් වෙනවා (CRF250L හී වත් kik එකක් නොමැත)

ඔබේ අදහස් යෝජනා චෝදනා අපේ FB පිටුවට යොමු කරන්න පහල තියෙන Photos බලලා මේ යකඩයා ගැන අදහසක් ගන්න.

කරුණාකර කතෘ අයිතිය සුරකින්න.

Wandi - වණ්ඩි©

No comments:

Post a Comment