DHOOM 3 වණ්ඩිය BMW K1300R ගැන නොදත් දේ - Wandi - වණ්ඩි

Wandi - වණ්ඩි

Sri Lanka's leading website about Motorcycles. Keep in touch with us...

Click here to read this post in ENGLISH


Tuesday, December 26, 2017

DHOOM 3 වණ්ඩිය BMW K1300R ගැන නොදත් දේ

හැමෝටම සුබ නත්තලක් කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මේ උත්සව සමයේ පුලුවන් තරම් පරිස්සමෙන් සිහි කල්පනාවෙන් යතුරුපැදි ධාවනය කරන්න කියලත් ඉතාම කාරුණිකව ඉල්ලනවා.ඒ එක්කම අද ලිපිය ගැනත් හැදින්වීමක් කරන්නම්.

2004 දී සුපිරි බොලිවුඩ් චිත්‍රපටයක් නිර්මානය උනා Dhoom කියලා ඒ චිත්‍රපටය බලල නැතී කෙනෙක් නැති තරම් ගොඩක් බයික් පිස්සො ඒක බැලුවා චිත්‍රපටය බලලා බයික් පිස්සුව හදාගත්ත අයත් ඒ අතර හිටියා Dhoom 1 එකේ ප්‍රධාන නලුවා උනේ ජෝන් ඒබ්‍රහෙම් ප්‍රධාන යතුරුපැදිය උනේ 20 වෙනි සියවසේ වේගවත්ම යතුරුපැදිය යන නමින් හදුන්වනු ලබන Suzuki Hayabusa නොහොත් GSX1300R.

 ඒ වගේම 2006දී මෙහි දෙවෙනි කොටස නිශ්පාදනය උනා මේ කොටසේ යතුරුපැදි දර්ශන පලවෙනි කොටසේ තරම්ම දැකගත නොහැකි උනත් වැඩි වශයෙන් Suzuki GSXR යතුරුපැදිය ඉස්මතුකර පෙන්වූ අතර ප්‍රධාන චරිතයට රිතික් රෝශන් විසින් පන පොවනු ලැබුවා.

 ඒත් සමඟම පුරා වසර 7ක් නිශ්ශබ්ද වූ Dhoom 2013දී එතෙක් මෙතෙක් බොලිවුඩ් චිත්‍රපටයක් සදහා වැය කරන ලද ඉහලම පිරිවැය දරමින් Dhoom 3 නිශ්පාදනය කරනු ලබනවා.මේ චිත්‍රපටය සදහා වැය කර ඇති මුදල ඉන්දියානු රුපියල් බිලියන 1.75 වන අතර එය ලංකාවේ වලංගු මුදලින් බිලියන 4කට ආසන්නයි (ලක්ශේ ඒවම හාරදාහක්) එමෙන්ම ඉපැයූ ආදායම ඉන්දියානු රුපියල් බිලියන 5.892 වෙනවා. මෙහි ප්‍රධාන චරිතයට අමීර් ඛාන් විසින් පන පෙවු අතර ප්‍රධාන යතුරුපැදිය ලෙස BMW K1300R යොදාගනු ලැබුවා අද මාතෘකාව වෙන්නේ මේ යතුරුපැදිය එසේ නැත්තම් BMW K1300R.

මේ යතුරුපැදිය ගැන හැඳින්වීමක් කලොත් මුලින්ම මේ යතුරුපැදිය නිශ්පාදනය වෙන්නේ 2008 වසරෙදි එතැන් සිට වසර 7 පුරා එනම් 2015 දක්වා මේ යතුරුපැදිය නිශ්පාදනය වූ අතර මෙහි පෙර මාදිලිය K1200R වැඩි දියුණු කරමිනුයි 2008දි මෙය BMW Motarrd සමාගම හදුන්වා දුන්නේ.

මෙහි එන්ජින් එක ගැන විස්තර කලොත් 1293 cc සිලින්ඩර් හතරක වෑල්ව 16ක four-stroke DOHC එන්ජින් එකක් K1300R වෙත ලබා දී ඇති අතර මේ එන්ජින් එක ප්‍රසිද්ධ බ්‍ර්තාන්‍ය සමාගමක් වන Ricardo plc සමඟ හවුලෙනුයි BMW වැඩි දියුණු කර ඇත්තේ.

මෙහි උපරිම බලය ලෙස එන්ජින් එකෙන් අශ්වබල 173 ලබා දෙන අතර උපරිම වේගය 300kmph ලෙසත් 0-100 වේගයට ලඟා විමට තත්පර 2.81 කුත් 0-200 වේගයට ලඟා වීමට තත්පර 7.9කුත් උපරිම වේගයට ලඟා වීමට තත්පර 11කුත් වැය කරනවා.එමෙන්ම මෙය ලෝකයේ ඇති වේගත්ම ත්වරණය හා ඉහල වේගයක් ඇති Naked sports කාණ්ඩයේ යතුරුපැදියක් ලෙසද සැලකෙනවා.

ඒ වගේම Electronic intake pipe injection තාක්ෂණය digital engine management තාක්ෂණය anti knock සංවේදක වැනි උපක්‍රම එන්ජින් එකේ උපරිම බලය ලබා ගැනිම සඳහා මෙන්ම ධාවන පහසු කිරීම සඳහා BMW යොදා ගෙන තිබෙනවා.

මෙහි සිසිලන පද්ධතිය ලෙස ද්‍රව සිසිලන පද්ධතියක් යොදාගෙන ඇති අතර ප්‍රමණයෙන් ඉතාම විශාල radiator එකක් ද යොදා තිබෙනවා සාමාන්‍ය නිතර දකින 250-600cc යතුරුපැදියන් වලට වඩා ඉතාම වැඩි තාපයක් මේ එන්ජින් තුල ඇති වෙන නිසා MT-10, Z1000 වැනි යතුරුපැදියන් වලද මෙවැනි විශාල සිසිලන පද්ධති යොදා තිබෙනවා.එමෙන්ම මෙහි design එක සෑම අතකින්ම එන්ජින් එක සුලඟින්ද සිසිල් කරගනිමින් ඉහල වේගයකට පැමිණි හැකි ලෙස නිමවා තිබෙනවා.

මෙහි gears හා clutch ගැන අවධානය යොමු කලොත් වේග හයක ගියර් පද්ධතියක් සමඟ හයිඩ්‍රොලික් ක්ලච් එකක් ලබා දී තිබෙනවා නමුත් අදාල කාණ්ඩයේ අනෙකුත් යතුරුපැදි බහුතරයක ඇති slipper clutch එකක් මෙයට ලබා දි නැහැ.

මෙම යතුරුපැදියේ ඉන්ධන සැපයුම EFI පද්ධතියක් මඟින් සිදු වෙන අතර පෙට්‍රල් ලීටර එකක්ට ගමන් ගත හැකි දුර කිලෝමීටර 10-13 අතර දුරකට සීමා වෙනවා මෙම කාණ්ඩයේ ඉන්ධන කාර්යක්ෂමතාව අඩුම යතුරුපැදිය ලෙසද මෙය හැදින්විය හැකි අතර මෙහි වේගය හා අනෙකුත් අංග සැසදීමේදි එය වරදක් අඩුපාඩුවක් නොවෙයි එමෙන්ම හැමදාම කියනවා වගේම මේ වගේ යතුරුපැදි වලින් හොඳ ඉන්ධන කාර්යක්ෂමතාවක් කිසි සේත් බලාපොරොත්තු වෙන්න බැහැ.

ඉන්ධන ටැංකිය විදියට විශාල ලීටර 19ක ඉන්ධන ටැංකියක් ලබා දී ඇති අතර මේ ඉන්ධන කාර්යක්ෂමතාව අනුව කුඩා ටංකියක් සෑහෙන්නේ නැහැ.

මේ යතුරුපැදියේ meter පද්ධතිය ගැන කතා කලොත් semi digital ලෙස මෙය නිම කර තිබෙනවා මෙහි Teco(RPM) හා Speedo analog ලෙසත් gear position indicator,fuel gage,engine temperature,odo time,trip වැනි අංග digital ලෙස නිම කර ඇති අතර වේගය ද digital ලෙසත් පෙන්නුම් කරන්වා එය තවත් විශේෂ ලක්ෂණයක් ලෙස පෙන්වා දිය හැකී.එමෙන්ම මේ මීටර් පද්ධතිය කාබන් ෆයිබර් වලින් ආවරණ කර තිබෙනවා.එමෙන්ම ටයර් වල පීඩනය ඇතුලුව තවත් යතුරුපැදි ධාවනයට අවශ්‍ය බොහෝ දත්ත මෙහි පෙන්නුම් කරනවා.

යතුරුපැදියේ fairings (bodykit) එක ප්ලාස්ටික් හා කාබන්ෆයිබර් වලින් නිම කර ඇති අතර K1300R Carbon මාදිලියේ සම්පූර්ණයෙන් farings කාබන් ෆයිබර් වලින් නිම කර තිබෙනවා මේ නිසා බරින් අඩු ශක්තිමත් පිට සැකැස්මක් මේ යතුරුපැදියට ලැබී තිබෙනවා.

Chassis එක එසේ නැත්තම් Frame එක ගැන කතා කලොත් ඉතාම ශක්තිමත් Bridge-type(පාලම් ආකාර) frame එකක් ලබා දී තිබෙනවා එමෙන්න මෙය ඇලුමිනියම් ආලේපිතයි මේ නිසා කල්පැවැත්ම ඉහලයි.

යතුරුපැදියේ මුලු බර 243 kg ලෙස සදහන් වෙනවා.

Suspension දෙසට අවධානය ලබා දුන්නොත් BMW වලට ආවේණික වූ BMW Motorrad Duolever; central spring strut යන තාක්ෂණයෙන් ඉදිපස suspension නිම කර තිබෙනවා එනම් එක් දඟරයක් මධ්‍යස්ථ කර එයට fork අත සව් කිරීමට සමාන තාක්ෂණයක්.පහල ඇති ඡායාරූප වලින් එය දැකගන්න පුලුවන්.
මේ නිසා ඉතාම සුවපහසුව ධාවනයක් ලබා ගැනීමට ලැබෙන නමුත් අදාල කාණ්ඩයේ නඩත්තු වියදම් අධිකම suspension system එකද වෙන්නේ මේ BMW 1300R හී suspension පද්ධතියයි.

පසුපස Suspension ලෙස තනි ඇලුමීනියම් ආලේපිත swing arm එකක් සමඟ Mono shock එකක් ලබා දි ඇති අතර ඉදිපස හා පසුපස දෙපසම තමන්ට අවශ්‍ය උස අනුව පහසුවෙන් වෙනස් කර ගත හැකි ආකාරයට ESA(Electronic Suspension Adjustment) තාක්ෂණය යොදාගෙන තිබෙනවා.

මෙහි උපරිම seat height එක 820mm (අඟල් 32) ලෙසත් අඩුම උස 790(අඟල් 31) ලෙසත් සඳහන් වෙන අතර ground clearance එක 117 mm ලෙස සඳහන් වෙනවා.

Breaking ගැන කතා කලොත් ඉදිපස සදහා 320 mm ඩිස්ක් දෙකක් සමඟ BMW පිස්ටන් 4 කැලිපර් ද පසුපස සඳහා 265 mm ඩිස්ක් එකක් සමඟ BMW පිස්ටන් දෙකේ කැලිපරයක් ද යොදා තිබෙනවා එමෙන්ම ක්‍රියා විරහිත කිරීමට හැකි අයුරින් Dual channel ABS හා traction control යොදාගෙන තිබෙනව.

තව විශේෂ කරුණක් සඳහන් කලොත් අපි කලින් කතා කරපු Adventure කාණ්ඩයේ BMW 1200GS හී මෙන් මෙහිද පසුපස රෝදයට බලය ලබා දීම shaft එකක් මගින් සිදු කරන අතර මෙයටද නඩත්තු පිරිවැය ඉහලයි(chain හෝ belt වලට සාපේක්ෂව).

Tyres විදියට ඉදිපස සඳහා 120/70 ZR 17 හා පසුපස සඳහා 180/55 ZR 17 ප්‍රමාණ වලින් යුත් හොඳ ඝර්ෂණයක් සහිත පුලුල් ටයර් යොදාගෙන තිබෙනවා.

Lights ගැන කතා කලොත් Fully LED head light එකක් හා LED tail එකක් සමඟ LED signal lights ලබා දී තිබෙනවා.

අවසාන වශයෙන් මේ යතුරුපැදිය ගැන සදහන් කලොත් 1000cc naked කාණ්ඩයේ බල සම්පන්නම යතුරුපැදියක් ලෙස සැලකෙන මෙය අනෙකුත් සියලුම එම කාණ්ඩයේ යතුරුපැදි වලට වඩා අඩු ඉන්ධන කාර්යක්ෂමතාවක් හා වැඩි නඩත්තු පිරිවැයක් හා වෙලඳපොල මිලක් ඇති යතුරුපැදියක් ලෙස සැලකෙනවා මෙය සමඟ තරඟයට Kawasaki Z1000,Yamaha MT-10,CB1000R,GSXR1000S වැනි යතුරුපැදි සිටිනවා.මෙහි මිල බදු රහිතව ලංකාවේ වලංගු මුදලින් ලක්ශ 40 පමණ වෙනවා.

ඔබේ අදහස් යෝජනා චෝදනා අපේ FB පිටුවට යොමු කරන්න.පහල තියෙන photos බලලා bike එක ගැන අදහසක් ගන්න අපේ youtube එක subscribe කරලා 31 රෑ Ducati hypermotard review එක බලන්න එකතු වෙන්න ස්තූතියි.

DHOOM 3 හී සමහර කොටස් වල JET SKIE එකක් ලෙස යතුරුපැදිය වෙන්ස් වීම කේබල් එකක් දිගේ ගමන් කිරීම HANDLE BARS ඇතුලට ගැනීම වැනි සිදුවීම් VFX බව කරුණාවෙන් සලකන්න.

කරුණාකර කතෘ අයිතිය සුරකින්න.

Wandi - වණ්ඩි©


















No comments:

Post a Comment