ජපානේ හොයාගන්නවත් නැති මෙහේ තාමත් රජකරන Bikes 10ක් - Wandi - වණ්ඩි

Wandi - වණ්ඩි

Sri Lanka's leading website about Motorcycles. Keep in touch with us...

Click here to read this post in ENGLISH


Thursday, December 28, 2017

ජපානේ හොයාගන්නවත් නැති මෙහේ තාමත් රජකරන Bikes 10ක්


අද මාතෘකාව වෙන්නේත් ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් අපේ පේජ් එකට මැසේජ් කරලා අහන දෙයක් සමහර අය අපිට මැසේජ් කරලා අහනවා Hornet,Jade,AX-1 වගේ බයික්ස් අලුතෙන් හදන්නේ නැද්ද Brand new order කරන්න බැරිද වගේ ප්‍රශ්න ඒ වගේ ප්‍රශ්න හිතේ තියාගෙන අහන්න බැරි උන අයත් ඇතී ඒ හැමෝම වෙනුවෙන් මේ කෙටි ලිපිය අද අරගෙන ආවේ.දැනට සම්පූර්ණයෙන් නිශ්පාදනය නවත්වන ලද ජපානයෙන් පවා ඉවත් කරන ලද ඒත් මෙහෙ තාමත් හොඳ අලෙවියක් තියෙන යතුරුපැදි 10ක් ගැන කෙටි සටහනක් කරන්න මේ අතරින් සමහර යතුරුපැදි ගැන දැනටමත් සම්පූර්ණයෙන් විස්තර කරලා තියෙනවා අපි.

මේ යතුරුපැදි ටික දැනට පවතින වෙළඳපොල මිල ගනන් අඩු වෙන පිලිවෙලට සඳහන් කරන්නම්.

1.Honda Hornet 250(CB250F) - 1996-2006



සිලින්ඩර හතරක DOHC 249cc four- stroke 16 valve ද්‍රව සිසිලන එන්ජින් එකකින් බල ගැන්වූ මේ යතුරුපැදිය අශ්වබල 40කින් උපරිම වේගය 180kmph ලබා දෙනවා.

නිශ්පාදිත වර්ශයට අදාල චැසි අංකය මත ලක්ශ 3.50(CH100) සිට ලක්ශ 8(CH150) පමණ දක්වා පරාසයක ලියාපදිංචි කරන ලද යතුරුපැදි අලෙවි වෙනවා.

මේ යතුරුපැදිය ගැන සම්පූර්ණ විස්තරය මෙතනින් කියවන්න.

2.Kawasaki KLX250D Tracker D1,D2 - 1998-2007

තනි සිලින්ඩර DOHC 249cc four-Stroke 4 valve ද්‍රව සිසිලන එන්ජින් එකකින් බල ගන්වූ මේ යතුරුපැදිය අශ්වබල 29කින් උපරිම වේගය 145kmph ලබා දෙනවා.

මෙහි මිල ලක්ශ 4.50 සිට ලක්ශ 6 දක්වා පරාසයක විහිදෙනවා.

මේ යතුරුපැදිය ගැන සම්පූර්ණ විස්තරය මෙතනින් කියවන්න.

3.Honda CBR 250RR MC22 (Gullarm) - 1986-1996



සිලින්ඩර හතරක DOHC 249cc four-stroke 16 valve ද්‍රව සිසිලන එන්ජින් එකකින් බල ගැන්වූ මේ යතුරුපැදිය 250cc කාණ්ඩයේ බලගතුම යතුරුපැදිය වෙන අතර අශ්වබල 45කින් උපරිම වේගය 190kmph ලබා දෙනවා.

මෙහි Standard body kit හා 600kit ලෙස දැනට ලංකාවේ දැකගත හැකි අතර ලක්ශ 4 සිට 5 පමණ පරාසයක මෙහි මිල සටහන් වෙනවා.

මේ යතුරුපැදිය ගැන සම්පූර්ණ විස්තරය මෙතනින් කියවන්න.

4.Honda AX-1  - 1987-1994


තනි සිලින්ඩර DOCH 249cc Four-stroke 4 valve ද්‍රව සිසිලන එන්ජින් එකකින් බල ගැන්වූ මේ යතුරුපැදිය අශ්වබල 29කින් උපරිම වේගය 150kmph ලබා දෙනවා.

මෙහි මිල ලක්ශ 2 පමණ සිට 4.50 වැනි පරාසයක විහිදෙනවා.

මේ යතුරුපැදිය ගැන සම්පූර්ණ විස්තරය මෙතනින් කියවන්න.

5.Suzuki 250SB Tracker
2002-2005


තනි සිලින්ඩර DOHC 249cc Four-stroke 4 valve ද්‍රව සිසිලන  එන්ජින් එකකින් බල ගැන්වූ මේ යතුරුපැදිය අශ්වබල 29කින් උපරිම වේගය 145kmph ලබා දෙනවා.

Kawasaki D Tracker එකට බොහෝ සෙයින් සමාන වන මේ යතුරුපැදිය ලක්ෂ 4-6 වැනි පරාසයකයි විහිදෙන්නේ.

6.Honda CB250 Jade 
1986-1996
සිලින්ඩර හතරක DOCH 249cc Four-stroke 16 valve ද්‍රව සිසිලන එන්ජින් එකකින් බල ගැන්වූ මේ යතුරුපැදිය අශ්වබල 40කින් උපරිම වේගය 180kmph ලබා දෙනවා.

මෙහි මිල පරාසය ලක්ශ 2.50 සිට 4 පමණ දක්වා විහිදෙනවා.

මේ යතුරුපැදිය ගැන සම්පූර්ණ විස්තරය මෙතනින් කියවන්න.

7.Honda XR 250 BAJA
1996-2005


තනි සිලින්ඩර SOHC 249cc four-stroke 4 valve වායු සිසිලන එන්ජින් එකකින් බල ගැන්වූ මේ යතුරුපැදිය අශ්වබල 28කින් උපරිම වේගය 140kmph ලබා දෙනවා.

මිල ලක්ශ 2.50 සිට 4 පමණ විහිදෙන අතර Supermoto ලෙස වෙනස් කරන ලද යතුරුපැදියක් ලක්ශ 6ක් ඉක්මවනවා.

8.Suzuki GSF400 Bendit
 1989-1997


සිලින්ඩර හතරක DOHC 398cc four-stroke 16 valve ද්‍රව සිසිලන එන්ජින් එකකින් බලගැන්වූ මේ යතුරුපැදිය අශ්වබල 50කින් උපරිම වේගය 180kmph ලබා දෙනවා.

Bendit මාදිලිය අනෙකුත් ජපන් යතුරුපැදි වලට සාපේක්ෂව දෝෂ වැඩි නිසා 400cc කාණ්ඩයේ මිල අඩුම යතුරුපැදිය ලෙසද හැදින්විය හැකි අතර මිල ලක්ශ 2 සිට 4 වැනි පරාසයක විහිදෙනවා.

ඉදිරියේදී මෙහි ගුණ අගුණ ගැන්ද කතා කරමු.

9.Suzuki Djbel 250 (DR250RX)
1992-2007


තනි සිලින්ඩර DOHC 249cc four-stroke 4 valve Oil/Air සිසිලන එන්ජින් එකකින් බල ගැන්වූ මේ යතුරුපැදිය අශ්වබල 30කින් උපරිම වේගය 150kmph ලබා දෙනවා.

මිල ලක්ශ 2 සිට 3 දක්වා පරාසයක විහිදෙනවා.

10.Suzuki GSF250 Bendit
1989-2000



සිලින්ඩර හතරක DOHC 248cc four-stroke 16 valve ද්‍රව සිසිලන එන්ජින් එකකින් බල ගැන්වූ මේ යතුරුපැදිය අශ්වබල 45කින් උපරිම වේගය 170kmph ලබා දෙනවා.

Bendit 400 හී සදහන් කලා වගේම මෙහිද මිල අනෙකුත් යතුරුපැදි වලට සාපේක්ෂව අඩු අතර ලක්ශ 1.60 සිට 2.50 වැනි පරාසයක මිල විහිදෙනවා.

මේ යතුරුපැදි නිශ්පාදනය මේ වෙනවිට සම්පූර්ණයෙන් නවත්වා ඇති අතර ප්‍රථම නිශ්පාදන වර්ශය හා අවසාන වර්ශය ලිපියේ සටහන් කර ඇති.
මීට අමතරව Spada,Magna,TTR මෙන්ම DT,TZR, වැනි 2T යතුරුපැදි ද මේ වෙනවිට සම්පූර්ණයෙන් නිශ්පාදනය නවත්වා ඇත.මීට අමතරව ලිපිය කියවන අය අතරින් තමන් දන්න නිශ්පාදනය නැවතූ ඒත් ලංකාවෙ දැකගත හැකි යතුරුපැදි දන්නවා නම් මුල් හා අවසාන නිශ්පාදන වර්ශය ද සමග අදාල යතුරුපැදිය FB post එකේ comment කරන්න.

මෙහි ඇති මිල ගනන් යතුරුපැදියේ ස්ව්භාවය හා ලියාපදිංචි කර නොකර ඇති තත්ත්වය මත වෙනස් විය හැක.

කරුණාකර කතෘ අයිතිය සුරකින්න.

Wandi - වණ්ඩි©

No comments:

Post a Comment