Yamaha YZF-R1 ගැන තේරෙන සිංහලෙන් - Wandi - වණ්ඩි

Wandi - වණ්ඩි

Sri Lanka's leading website about Motorcycles. Keep in touch with us...

Click here to read this post in ENGLISH


Sunday, November 19, 2017

Yamaha YZF-R1 ගැන තේරෙන සිංහලෙන්



අද මාතෘකාව Yamaha Flagship Sport bike එකක් උන YZF-R1 (R1000) මේ බයික් එකේ ඉතිහාසය ගැන කතා කලොත් මුලින්ම මේ යතුරුපැදිය නිශ්පාදනය වෙන්නේ 1998 වර්ශයේදී. එතන ඉදන් වෙනස්කම් රාශියක් එක්ක 2017 වෙනවිට R1 යතුරුපැදිය වෙනම අන්තයකට රැගෙන යන්න Yamaha සමත් වෙනවා.

මෙහි බාහිර පෙනුම මුල්ම වර්ශය වන 1998 සිට 2009 දක්වා වැඩි වෙනසක් නොවුනද 2009 දිි සහ 2015 දීී යතුරුපැදිය රැඩිකල් වෙනස් වීමකට ලක් වෙනවා. 2009 දි නවතම පෙනුමකින් සහ 2015 දී යමහා තම MotoGP යතුරුපැදිය වන YZR-M1 යතුරුපැදියෙහි ආභාශය රැගෙන නවතම R1 යතුරුපැදිය නිර්මාණය කරනවා නමුත් R1 යතුරුපැදියට වඩා වැඩි අවධානයක් 2015 දි එළි දැක්වු ඉතාම සීමිතව නිර්මාණය වන YZF-R1M යතුරුපැදිය හිමි කර ගන්නා ලදි. මේ යතුරුපැදිය වර්ශ අනුව වෙනස් උන අන්දම දැන් ඉතාම සරලව සටහන් කරන්නම්.

1998-1999

පලමු පරම්පාවේ R1 යතුරුපැදිය FZR1000 සහ YZF1000R Thunderace මත පදනම්ව නිර්මාණය කරන ලදි. ජෙනසිස් එන්ජිම නම් වූ සිලින්ඩර 4ක වැල්ව 20ක එන්ජිමකි එන මේ යතුරුපැදියට එක් සිලින්ඩර එකකට ඉන්ටේක් වෑල්ව 3ක් සහ එක්සහෝස්ට් වැල්ව 2ක් ඇත. අශ්වබල 150ක බලයක් මේ එන්ජිම ජණනය කරන ලදි..

2000 - 2001

පෙර මාදිලියේ R1 යතුරුපැදි වල ගියර් පද්ධතියේ යම් යම් ගැටලු ඇති විය.මේ ගැටලුව ද නිරාකරණය කරගනිමින් නව වෙනස් කිරීම් 150කට අධිකව භාජනය කල 2000 යතුරුපැදිය R1 අශ්වබල 150ක බලයක් ජණනය කර දුනි.

2002 - 2003

මෙතෙක් කල් CV කාබ් එකක් හරහා ඉන්ධන සැපයුම කල යතුරුපැදියට Fuel Injection තාක්ෂණය ලබා දෙන ලදි. නව ෆ්‍රේම් එකක් සහ වැඩිදියුණු කිරීම් ගණනාවක් මෙම කාලය තුල ද සිදු විය. අශ්වබල 152ක බලයක් මේ යතුරුපැදිය ජණනය කරන ලදි.

2004 - 2006

සුසුකී GSX-R1000, හොන්ඩා CBR1000 වැනි යතුරුපැදි කරළියට ඒමද මේ වසරේ සිදු විය. මේ නිසා යමහා විසින් R1 යතුරුපැදිය තවත් වැඩි දියුණු කරමින් අශ්වබල 20ක අමතර බලයක් එන්ජිමට ලබා දුනි. එමෙන්ම එකල ලූ අනෙක් යතුරුපැදි වලට වඩා කැපී පෙනන පෙනුමක් ද ලබා දුනි.අශ්වබල 172ක බලයක් ජණනය කල මේ යතුරුපැදිය  දෙවන පරම්පරාවයි.

2007 - 2008

වසර 9 පුරාවට යොදාගත් වෑල්ව 20ක එන්ජිම වෙනුවට වෑල්ව 16ක එන්ජිමක් යොදාගැනීමට යමහා තීරණය කරන ලදි. මෙම වසරේදී R1 යතුරුපැදිය ඉලෙට්‍රොනික වශයෙන් නව මානයකට යොමු වෙමින් සිටි අතර Yamaha Ride By Wire, Slipper Clutch, සහ පිස්ටන් 6ක බ්‍රේක් කැලිපර යොදා ගැනීම මේ අතුරින් කැපී පෙනුනි. මේ යතුරුපැදිය අශ්වබල 180ක් ජණනය කරන ලදි. R1 තෙවන පරම්පරාව මෙයයි.

2009 - 2012

R1 යතුරුපැදියෙහි ස්වර්ණමය කාලය මෙය ලෙසට හැඳින්විය හැකියි. BMW S1000RR වැනි යතුරුපැදි කරළියට එත්ම වෙළෙඳපොළ මෙන්ම රේසිං පථයේද තරඟය වැඩි විය. මේ අනුව පෙර වූ Flatplane ක්‍රැන්ක් ශාෆ්ට් එක වෙනුවට ක්‍රොස් ප්ලේන් තාක්ෂණය යොදාගන්නා ලදි. මෙමගින් යතුරුපැදියට හොඳ බලයක්, පසුපස රෝදයට හොඳ ඝර්ෂණයක් මෙන්ම සමබර ධාවනයක් සහ සැසිරවීමේ පහසුවත් ලැබුනි. මේ යතුරුපැදියෙන් බෙන් සප්යිස් World Superbike 2009 ශූරතාවය දිනාගන්නා ලදි.

2012 - 2014

2009 දී යමහා MotoGP යතුරුපැදිය වන YZR-M1 හී ක්‍රොස්ප්ලේන් තාක්ෂණයෙන් ද නව පෙනුමකින්ද ආ යතුරුපැදියට D-Mode Throttle Control තාක්ෂණය මගින් ‍රයිඩින් මොඩ්ස් 3ක් ද ලබා දුනි. මේවා තවත් වැඩි දියුණු කරමින් 2012 දී මට්ටම් 6ක Traction Control ද තරමක් වෙනස් වූද ආකර්ෂණීය වූද ඉදිරිපස පෙනුමකින් ද නිකුත් විය. 2009 සිට 2014 දක්වා යතුරුපැදි අශ්වබල 180ක් ජණනය කරන ලදි. මෙය සිව් වන පරම්පරාවයි.

2015

2009න් පසුව යතුරුපැදිය රැඩිකල් වෙනසකට ලක් වූ 5 වන පරම්පරාවේ R1 යතුරුපැදිය බොහෝ දුරට YZR-M1 MotoGP යතුරුපැදියට සමාන ලෙස නිශ්පාදනය කරන ලදි. මේ යතුරුපැදියෙහි පෙනුමට අමතරව තාක්ෂණයෙන් ද වැඩි දියුණු විය.Slide Control System , Wheelie Control System, linked antilock brakes, Launch Control System, Quick Shift System තාක්ෂණයන් යොදාගත් අතර බලය අශ්වබල 197ක් විය.

R1M

2015 දී R1 යතුරුපැදිය නිකුත් කිරීමට සමගාමීව ඉතා අඩු වශයෙන් ඉල්ලුමට පමණක් සැපයුම ලබා දෙන R1M යතුරුපැදිය නිකුත් විය. රේසිං ධාවනය ඉලක්ක කල මේ යතුරුපැදියෙහි ඉලෙට්‍රොනික පද්ධතිය R1 යතුරුපැදියට සාපේක්ෂව දියුණු සහ රේසිං ධාවනය වඩා උචිත ලෙස නිර්මාණය කෙරුණි. මීට අමතරව මෙහි ෆෙයාරිං කට්ටලය කාබන් ෆයිබර් වලින් ද ඉලෙට්‍රොනික සස්පෙන්ශන් ඔහිලින්ස්  සමාගම මගින්ද බල ගන්වා තිබුනි.

2016 R1S

මේ යතුරුපැදිය R1 සහ R1M යතුරුපැදියට වඩා මිලෙන් යම් ප්‍රමාණයක් අඩු අතර මෙහි වෙනස කාබන් කොටස් වෙනුවට ප්ලාස්ටික් යොදාගැනීම, ටයිටේනියම් කොන් රොඩ්ස් වෙනුවට යකඩ යොදාගැනීම සහ මැග්නිසියම් රෝද වෙනුවට ඇලුමිනියම් රෝද යොදාගැනීමයි මේ හැරුනහම මෙය R1 යතුරුපැදියමයි.එමෙන්ම මෙම යතුරුපැදියෙහි එන්ජිම ඇතුලත කොටස් සාමාන්‍ය යකඩ වලින් නිපදවීම නිසා වැසි කල්පැවැත්මක් ලබා ගැනීම වෙනුවෙන් R1 සහ R1S එකට වඩා RPM Red Line එක 2000RPM වලින් අඩු කර 12,200RPM කට සීමා කොට තිබෙනවා.


YZF1000 Thunderace / FZR1000 (1987-1998)

80 සහ 90 දශකයේ යමහා සතු වූ රේසිං යතුරුපැදි වන මේ යතුරුපැදි දෙක ආභාශයෙන් R1 නිර්මාණය උනි.

Crossplane Crankshaft Technology 

R1 යතුරුපැදියෙහි එන්ජිමේ විශේෂත්වය වෙන Crossplane crankshaft එක ගැන ඉතාම සරළව කතා කලොත් මෙහි crankpins උඩ පහළ ගමන් කරන්නේ flatplane crankshaft එකෙහි ක්‍රියාකාරිත්වය වඩා සම්පුර්ණයෙන්ම වෙනස් ආකාරයකටයි.

Flatplane එන්ජිමෙහි කොන් දෙකෙහි ක්‍රැන්ක් පින් උඩට ගමන් කරනා විට මැද පින් දෙක පහලට ගමන් ගන්නා රිද්මයකටය. නමුත් crossplane හී වන්නේ මෙයට හාත්පසින් වෙනස් රිද්මයකට ක්‍රැන්ක් පින් ක්‍රියා කරයි. එක ලඟ ක්‍රැන්ක් පින් එකක් උඩ සහ අනෙක පහලට යන රිද්මයක් ඇති නිසා අංශක 360 ක්‍රියාකාරිත්වයක් ලැබේ. මේ නිසා ෆ්ලැට් ප්ලෙන් එන්ජිමකට සාපේක්ෂව ඉතාම හොඳ බලය බෙදී යෑමක්, බලය ජණනය කිරීමක් මෙන්ම පසුපස රෝදයට හොඳ ඝර්ෂණයක් ලැබෙනවා. මේ නිසා අනෙකුත් යතුරුපැදි වලට සාපේක්ෂව R1 යතුරුපැදිය වංගු වලදි ඉතාම ස්ථාවර සහ හැසිරවීමට පහසු යතුරුපැදියක් වනවා.

අද වැඩි වශයෙන් කතා කිරීමට බලාපොරොත්තු වෙන්නේ 2017 මාදිලිය ගැනයි එම නිසා වැඩි ඉඩක් 2017ට ලබා දෙමින් R1 2017 එන්ජින් එකෙන්ම පටන් ගන්නම්.

මෙහි එන්ජින් එක ලෙස Yamaha බල සම්පන්න සිලින්ඩර් 4ක 998 cc DOHC (Dual Overhead cam) එන්ජින් එකක් ලබා දි ඇති අතර එක් සිලින්ඩරයක් සදහා වෑල්ව 4ක් බැගින් වෑල්ව 16ක් ද එක් සිලින්ඩරයක් සදහා spark plug එක බැගින් Plugs 4ක්ද යොදා ගෙන ඇති අතර ඉතාම කාර්යක්ෂම හා ජව සම්පන්න බවකින් යුක්තව මේ එන්ජින් එක නිමවා තිබෙනවා.

මේ එන්ජින් එක සතු උපරිම බලය 197.2bhp වන අතර උපරිම වේගය 300kmph ලෙසත් 0-100kmph වේගයට ලඟා වීමට ගත වන කාලය තත්පර 2.9 ලෙසත් සදහන් වෙනවා. එමෙන්ම මෙහි උපරිම වේගයට ලඟා වීමට තත්පර 14කටත් අඩු කාලයක් පමණයි වැය වෙන්නේ.

මෙහි වේගය ECU එක මගින් පැයට කිලෝමීටර් 300කට සීමා කොට ඇති අතර මීට හේතුව යතුරුපැදි මාර්ගයේ ධාවනයේදී ධාවකයා ට පාලනය කරගත හැකි වේගය යතුරුපැදිය තබා ගැනීම හා පදිකයන් ගේ ආරක්ෂාවයි. මෙහි එන Stock ECU එක වෙනුවට Racing ECU හෝ ECU Flash කිරීමකින්  පැයට කිලෝමීටර් 330ක පමණ උපරිම වේගයක් මේ යතුරුපැදියට ලබා ගැනීමේ හැකියාව පවතිනවා.

එමෙන්ම මේ එන්ජින් එක ටයිටේනියම් ලෝහයෙන් හා පිටත කොටස ඇලුමිනියම්,මැග්නිසියම් ආලේපිතව නිම කර ඇති අතර ශක්තිය කල්පැවැතම වැඩි බවින් හා බරින් අඩුයි.

මෙහි සිසිලන පද්ධතිය ලෙස ද්‍රව සිසිලන පද්ධතියක් යොදාගෙන ඇති අතර මෙවැනි ධාරිතාවක් සහිත යතුරුපැදියක් සදහා Air හො oil සිසිලන පද්ධතියක් කිසිසේත් ගැලපෙන්නේ නෑ මංද මේ ධාරිතාවයෙන් යුත් යතුරුපැදි එන්ජින් තුල ඇති වෙන තාපය පාලනය කිරීමට තරම් Air හෝ Oil cooling system ප්‍රමාණවත් නොවෙන නිසා.

ද්‍රව සිසිලන පද්ධතියක් යොදා ගත්තද 250kmph+ වේගයකින් එක දිගට එකම වේගයකින් 200-300km ධාවනය කිරීමේදී මේ එන්ජින් එක විඩාවට පත් වන අතර කාර්යයකෂමතාවක් සීග්‍රයෙන් පහත වැටෙනවා.

මෙහි ඉන්ධන සැපයුම EFI පද්ධතියක් හරහා සිදු වෙන අතර පෙට්‍රල් ලීටර 1කින් 10-15km අතර දුරක් 300kmph වේගයකින් ධාවනය කිරීමෙන්ද ලබා ගත හැකි අතර 100kmph වේගයකදි වැනි 15km පමණ දුරක් ලීටර එකකින් ධාවනය කල හැකි අතරම මෙවැනි අධිබලැති යතුරුපැදි වලින් ඉහල ඉන්ධන කාර්යක්ෂමතාවක් බලාපොරොත්තු වීමද අනුවණ කාරණාවක් බව මතක තබා ගන්න.

මේ යතුරුපැදිය සතු තවත් අංග ගැන කතා කලොත් YCC-2008 සිට (Yamaha Chip Control) YCC-T(Yamaha Chip Control- Trottle) වැනි තාක්ෂණයන් ගෙන සමන්විතව නිමවා තිබෙනවා මේ නිසා ඉතාම සුමටව ආරක්ෂාකාරීව හා පහසුවෙන් ඉහල වේගයන් වල ධාවනය කිරීමට හැකි වෙන අතරම ස්තාවර ධාවනයක් ලබා දෙනවා තවද හැකි උපරිම ඉන්ධන කාර්යක්ෂමතාව ලබා ගැනීමට හැකි වෙනවා.

එමෙන්ම Street හා track යන riding modes, Yamaha Riding Control, Lifting control වැනි අංගද දැකගැනීමට ලැබෙනවා.

Riding modes නිසා අවශ්‍ය පරිදි එන්ජින් එක බලය කලමණාකරණය කරගනිමින් ධාවනය කිරිමට ලැබෙන අතර 2017 මාදිලියේ සිට Lifting Control නිසා ආරක්ෂාකාරීව ඉදිපස රෝදය ඔසවාගෙන යෑම සිදු කිරීමට ද හැකි වෙනවා. මෙය Ducati Superlaggera හී Wheelie control එකට සමාන අංගයක් වෙන අතර එය On/Off කිරීමේ හැකියාවද රෝදය එසවීමේ මට්ටම් දෙකක් දෙකක්ද ඇතුලත් කොට තිබෙනවා මෙමගින් අදාල අංශක ගනන ඉක්මවූ පසු ECU එකට යොමුවනා පණිවිඩයක් මගින් එන්ජිමෙහි බලය පසුපස රෝදයට ලබා දීම කප්පාදු කරනවා මේ නිසා හොඳින් යතුරුපැදිය හැසිරවිය හැකි නමුත් Stunt කල නොහැකි අයෙකුට වූවද පහසුවෙන් Power wheelie අත්හදා බැලීමේ ඉඩකඩ ලැබෙනවා.

මේ සියල්ලටම අමතරව මෙහි Steering Damper එකක් ද බලාගත හැකියි. මේ නිසා යතුරුපැදිය ඉහල වේගයන් වල හැඩලය හෙලවීමකින් තොරව ස්ථාවර පවත්වා ගැනීමට හැකීයාව ලැබෙනවා.

Gear හා Clutch ගැන කතා කලොත් වේග 6ක ගියර් පද්ධතියක් සමඟ Slipper clutch එකක් ලබා දී තිබෙනවා අපි නිතර කතා කරන wet multiple-disc clutch එකකට වඩා ඉතා හොදින් gear shift කිරීමක් මේ slipper clutch මගින් කල හැකි අතර යම් උදාහරණයක් ලෙස 5 වෙනි ගියර් එකේ සිට 2 ගියරය දක්වා 100kmph වේගයකින් ගමන් කරන විට wet multiple-disc clutch යතුරුපැදියකින් down shift කලොත් ගියර් හිර වීමකට පැනීමකට හෝ එන්ජින් එක නැවතීමට ඉඩ ඇති අතර ඒ අඩුපාඩුව slipper clutch මග හරවා තිබෙනවා මේ නිසා ලඟ ලඟ ගියර් ඉහල පහල ඕනෑම වේගයකින් මාරු කිරීමේ හැකියාව ලැබී ඇති අතරම 2017 සිට Quick Shift system එකද යොදා ගෙන තිබෙනවා එය Ducati සමාගමේ බොහෝ යතුරුපැදි වල දැකගත හැකි වූවද Yamaha මේ තාක්ෂණය මුලින්ම යොදා ගන්නේ R1හාR1M යතුරුපැදි වලටයි මේ නිසා clutch එක යොදා ගැනීමකින් තොරව (clutchless) ගියර් ඉහල පහල මාරු කිරීමක් සිදු කල හැකි වෙනවා එයද riderට ඉතා පහසුවක් වෙනවා.

මෙහි Meter panal එක ගැන කතා කලොත් 2014 වන තෙක් semi digital meter panal එකක් යොදා ගත්තද 2015 පසුව fully digital TFT display එකක් යොදා ගෙන තිබෙනවා මේ නිසා පරණ මාදිලියන්ට වඩා වැඩි විස්තර ප්‍රමාණයක් ලබා ගැනීමට මෙන්ම ආකර්ෂණීය පෙනුමක් ලබා ගැනිමටද හැකි වෙනවා මෙහි Speed,ODO,Trip,Time,Fate,Lap Time,Stopwatch,temperature,RPM,Gear Position,Riding Modes හා තවත් බොහෝ අංග පෙන්නුම් කරනවා මේ නිසා ඉතා හොද අවබෝධයකින් rider හට ධාවනය කිරීමට හැකියව ලැබෙනවා.

යතුරුපැදියට Racing Mode එකට පරිවර්තනය කල පසුව මීටර් එකද වෙනස් වන අතර RPM එක 8000 සිට ආරම්භ වීම සිදුවෙනව මෙය Racing Mode එකේදි මිටර් එකෙහි දැකගත හැකි වෙන ප්‍රධාන ලක්ෂණයක් වන අතර අද වන විට බොහෝ SuperBike වල සුලබ දෙයක්.

මෙහි Frame එක ලෙස DeltaBox chassis එකක් යොද ගෙන අතර කිසිම වේගයකදී හෝ RPM එකකදි අනවශ්‍යය ලෙස ඇතිවෙන දෙදරීම පාලනය කිරීමට ඉතාම සාර්ථක ලෙස මේ චැසි එකට හැකියාව ලැබී තිබෙනවා.

2017 මාදිලිය වෙන විට මෙහි බර 199kg වෙන අතර seat height එක 855mm වෙනවා.

එමෙන්ම ලීටර් 17ක විශාල ඉන්ධන ටැංකියද ලබා දි තිබෙනවා මේ නිසා street ධාවනය් මෙන්ම Track ධාවනයේද වැඩි දුරක් ධාවනය කිරීමට ඉඩ ලැබෙනවා.

Suspension ගැන කතා කලොත් මෙහි Suspension ලෝකප්‍රකට KYB හා Ohilins සන්නාමය යටතේ නිමවෙන අතර ඉදිපස සදහා USD(Up side down) Telescopic forks,  43 mm හා පසුපස සදහා Monoshock යොදා ගෙන තිබෙනවා එමෙන්ම ඉතාම පහසුවෙන් මේ Suspension සීරුමාරු(adjust) කර ගැනීමේ හැකියාවද පවතිනවා.

මේ යතුරුපැදිය ධාවකයාට ලබා දෙන ආරක්ෂාව පිලිබඳව ඇති තාක්ෂණයන් ගැන කතා කලොත් Launch Control,10 level Traction control,ABS වැනි තාක්ෂණයන් යොදා ගෙන තිබෙනවා Traction control නිසා ඕනෑම මාර්ගයක ඕනෑම මතුපිටක පහසුවෙන් ඕනෑම වේගයකින් ආරක්ෂාකාරීව ධාවනයට පහසුවත් ABS නිසා කෙටි දුරකි ඉහල වේගයකින් පැමින යතුරුපැදිය නවත්වා ගැනීමටත් Conering ABS නිසා ආරක්ෂාකාරීව Knee bend එකකින් වංගු ගැනීමටත් ඉඩ සලසා දෙනවා.

මෙහි breaking ගැන කතා කලොත් ඉදිපස 320 mm Hydraulic dual disc සමඟ ABS ද
පසුපස සදහා 220 mm Hydraulic single disc සමඟ ABS ද යොදා ගෙන තිබෙනවා.

Tyres විදියට ඉදිපස සදහා 120/70 ZR17M/C හා පසුපස සදහා 190/55 ZR17M/C යොදාගෙන ඇති අතර ඉහල වේගයන් හි ස්තාවර බව රැක ගැනීමට බෙහෙවින් මේ ටයර් උපකාර වෙනවා මේ ටයර් brands factory එකේදී බොහෝ විට Michelin හො Dunlop sportmax වෙනවා මීට අමතරව Pirelli ද මේ යතුරුපැදිය සඳහා හොඳින් ගැලපෙනවා.

මැග්නීසියම් ආලේප කරන ලද Rim දෙකක්ද මේ යතුරුපැදියට එකතු කර තිබෙනවා.

Exhaust system එකද ටයිටේනියම් වලින් නිමවා ඇති අතර මෙය ලොව සුපතල Exhaust System නිශ්පාදකයෙකු වන Akrapovic සන්නාමයෙන් එකතු වෙනවා.

අවසාන වශයෙන් මේ යතුරුපැදිය ගැන කතා කලොත් ලෝකයේ දැනට ඇති මිල අධිකම හා සුපිරිම Sports bikes වලින් එකක් වෙන YZF-R1 2017 මාදිලිය මේ ලිපිය ලියන මොහොතේ ලංකාවේ දැනගැනීමට නොහැකි අතර 2000-2014 දක්වා මාදීලි නම් දැක ගැනිමට හා ධාවනය කිරිමට ඉඩ ලැබුනා මේ යතුරුපැදියේ මිල නිශ්පාදනය වර්ශය මත පදනම්ව වෙනස් විය හැකි අතර 2017 මාදිලිය ලංකාවේ වලංගු මුදලින් බදු රහිතව ලක්ශ 35-40 අතර මුදලක් වෙනවා.

මෙහි විශේෂ වෙන් කිරීම් මත පමණක් නිශ්පාදනය කරන මාදිලිය වන YZF-R1M යතුරුපැදියට Yamaha හී MotoGP යතුරුපැදිය වන YZR-M1 හී සියලුම ඉලෙට්‍රොනික උපාංග එකතු කොට ඇති අතර මේවා Fully automatic Suspension,දුර සිට WIFI හරහා යතුරුපැදිය වෙන කෙනෙකු හට අධික්ෂණය කිරීමට සැකසූ මෘදුකාංග වැනි අති විශේෂාංග වලින් යුක්ත වන අතර මෙම යතුරුපැදිය මිලට ගැනීමට නම් Booking List එකෙහි සිටීමටද සිදුවන අතර R1 එකට වඩා හරි අඩකින් පමණ වැඩි මුදලක් වැය කිරීමට සිදු වෙනවා.එමෙන්ම සතුටෙන් කිව හැකි කරුණ නම් ලොව සුපිරිම යතුරුපැදි නිෂ්පාදයාගේ Sports යතුරුපැදියක් වන ලොව පුරා ඉතා සීමිත ගනන් ඇති YZF-R1M යතුරුපැදි වලින් එකක් මෙරට සුපිරි යතුරුපැදියට ධාවන ශූර මධුරංග කල්දේරා සතු වීමයි.

මේ R1 හා R1M වැනි යතුරුපැදි ගැන එක් ලිපියකින් ලියා අවසන් කල නොහැකි නමුත් කියවීමේ පහසුව හා සියලු දෙනාට තේරුන් ගැනිමට හැකි ලෙස ලිපිය සකස් කල යුතු නිසා මෙලෙස මූලීකාංග පමණක් සටහන් කරන ලදි.

ඔබේ අදහස් යෝජනා චෝදනා අපේ FB පිටුවට යොමු කරන්න 2017 මාදිලිය හා තවත් නිශ්පාදන වර්ශ කීපයක Photos බලලා Bike එක ගැන අදහසක් ගන්න ස්තූතියි.

කරුණාකර කතෘ අයිතිය සුරකින්න.

Wandi - වණ්ඩි©

















Previous Versions














No comments:

Post a Comment