නැවත උපන් කඟවේනා Honda CB Unicorn 160 - Wandi - වණ්ඩි

Wandi - වණ්ඩි

Sri Lanka's leading website about Motorcycles. Keep in touch with us...

Click here to read this post in ENGLISH


Tuesday, November 14, 2017

නැවත උපන් කඟවේනා Honda CB Unicorn 160


දවස් 5කට විතර පස්සේ තමා මේ review එකක් දාන්නේ වැඩ ගොඩයි.කට්ටිය අහනවා කෝ VTR එක කියලා ඒ onroad review එකත් අද හෙටම Youtube Upload කරන්නම් තව 250cc bike එකකින් පස්සේ සාමාන්‍ය NS200, FZ 2.0, Apache 200 වගේ onroad reviews ටිකක් අරගෙන එන්නම් එහෙන්ම් කෙලින්ම වැඩි කතා නැතුව අද Review එකට සෙට් වෙමු.

අද review කරන්න තෝරගත්තේ කාලයක් Honda සමාගම ලංකාවේ Flagship bike එක විදියට නම් කරපු සුපිරි Bike එකක් උන Honda CB Unicorn 150 බයික් එකේ දෙවන උපත CB Unicorn 160 බයික් එක ගැන.

මේ බයික් එකේ එන්ජින් එක ගැන කතා කලොත් 162.71cc SOCH, Four-stroke එන්ජින් එකක් මේ එන්ජින් එකේ ධාරිතාව දැනට හොන්ඩා ලංකාවේ flagship එක කරන් අලෙවි කරන CB Hornet 160R එකට සමාන වෙන නමුත් වෙනමම Tune කිරීමක් යටතේ යතුරුපැදිට එකතු කර තිබෙනවා මේ නිසා Honda Hornet 160 හී අශ්වබලයට වඩා අශ්වබල දෙකින් පමන අඩු අතර මෙහි ලබා ගත හැකි උපරිම බලය 13.82 Bhp  ලෙස සටහන් වෙනවා.

එමෙන්ම 150 unicorn එකට වඩා මෙහි එන්ජින් එක වැඩිදියුණු කර ඇති අතර අශ්වබල එකකින් හා engine displacement 12cc වලින් ඉහල දමා තිබෙනවා.

මේ එන්ජින් එකට 0-60 වේගයට ලඟා විමට තත්පර 5.2 කාලයක් හා 0-100 වේගය සදහා තත්පර 17 පමණ ගත වෙන අතර උපරිම වේගය 107kmph ලෙස සටහන් වෙනවා.

එන්ජින් සිසිලන පද්ධතිය ලෙස CB Hornet එකේ මෙන්ම වායු සිසිලන පද්ධතියක් යොදාගෙන ඇති අතර ඉතා සාර්ථක ලෙස මෙම සිසිලන පද්ධතිය තම කාර්යය ඉටු කරන අතර Bajaj හා TVS aircool එන්ජින් වලට සාපේක්ශව ඉක්මනින් තාපය පාලනය කිරීමේ හැකියාව මේ සිසිලන පද්ධතිය සතු වෙනවා එමෙන්ම Unicorn 150  හී ගැටලුවක් වූ අධික ලෙස එන්ජින් එක රත් වීම හා කාලයත් සමඟ එන්ජින් එක Miss කිරීමට ගැනීම බොහෝ සෙයින් මේ 160හී දී පාලනය කර ඇති අතර 150 එකට වඩා වෙනමම අන්තයක මේ යතුරුපැදිය තැබීමට Honda India උත්සහ දරා තිබෙනවා.

මෙහි ඉන්ධන සැපයුම Carburettor එකක් මගින් සිදු වෙන අතර CB Hornet එකට වඩා වැඩි ඉන්ධන කාර්යක්ෂමතාව ලබා ගැනීමට මේ යතුරුපැදියට හැකියාව තිබෙනවා මොකද Hornet එකට වඩා 5kg බරින් අඩුවද Hornet එකට වඩා සිහින් ටයර්ද යොදා ගැනීම මෙන්ම එන්ජින් එක සතු බලය අඩු කිරීම වැනි කාරණා පෙන්වා දිය හැකි එමෙන්ම CB Unicorn 150 එකට වඩා 10KG වලින් මේ යතුරුපැදිය බරින් අඩු කර ඇති අතර මෙහි බර 135kg ලෙස සදහන් වෙනවා.

Unicorn 160 යතුරුපැදිය සදහාත් Honda විසින් සුපුරුදු ලෙස ලබා දෙන HET ( Honda Eco Technology ) ලබා දී ඇති අතර ප්‍රෙට්‍රල් ලීටර එකකින් කිලෝමීටර 42-48 අතර දුරක් ධාවනය කිරීමට ලැබෙනවා.

Gear හා clutch ගැන කතා කලොත් වේග 5ක ගියර් පද්ධතියක් හා wet multiple-disc clutch එකක් යොදා ඇති අතර CB hornet එකේ මෙන්ම පහසුවෙන් gear shift කරගත හැකි අතර unicorn 150 එකට වඩා හොදින් gear මාරු කර ගැනීමේ හැකියාව පවතිනවා.

යතුරුපැදිය සතු ඉන්ධන ටැංකිය ගැන කතා කලොත් ලීටර 12ක ඉන්ධන ටැංකියක් ලබා දී ඇති අතර මෙය commuter මාදිලියේ යතුරුපැදියකට සමාන වෙන ලෙස නිමා ඇති අතර CB Hornet හී තරම්ම ආකර්ෂණීය ලෙස නම් නිමවා නැහැ බොහෝ විට ඒ මෙය Sports commuter යතුරුපැදියක් නොවෙන නිස වෙන්න පුලුවන්.

මෙහි meter panal එක ගැන කතා කලොත් සම්පූර්ණයෙන්ම CB Hornet හී meter panal එක මේ යතුරුපැදිය සදහා යොදා ගෙන ඇති අතර මෙහි Speed,Trip,time,fuel gage,odo දැකගත හැකි පරණ මාදිලියේදි නම් analog meter පැනල් එකක් යොදා ගෙන තිබුනු අතර 160 නව මාදිලිය තුල fully digital meter panal එකක් යොදා ගෙන තිබෙනවා.

මෙහි kick start එකක් දැකගත හැකි අතර එයද  වාසියක් ලෙස පෙන්වා දිය හැකි මේ යතුරුපැදිය සතු අඩුවක් ලෙස Honda india දිගින් දිගටම කරන වරද Engine kill switch එකක් යොදා නොගැනීම පෙන්වා දිය හැකි මේ නිසා අධික මාර්ග තදබදයන් හී මෙන්ම තවත් අවස්තාවන් හීදී ඉක්මනින් එන්ජින් එක standby mode එකේ තබා ගැනීම කල නොහැකි අතර යතුරු කටින්ම එන්ජින් එක off කිරීමට සිදු වෙනවා.

මේ යතුරුපැදියේ Frame එක ගැන කතා කලොත් CB Hornet හා තවත් බොහෝ Honda යතුරුපැදි සදහා යොදා ඇති steel diamond frame එක යොදා ඇති අතර 7000rpm හී පමණ තරමක දෙදරීමක් දැක ගැනීමට ලැබෙනව එමෙන්ම ඉහල වේගයක් 100kmph+ ලබා ගැනීම Hornet එකට සාපේක්ෂව අපහසු අතර Hornet එකේ මෙන් ඉහල වේගයන් හී ස්තාවර බව හා සුවපහසුව මේ යතුරුපැදිය තුල අවමයි මෙය sports riding වලට වඩා commuting rides වලට නිශ්පාදනය කර ඇති නිසා එය විශාල අඩුවක් ලෙස පෙන්වා දිය නොහැකියි.

මෙහි seat height එක 780 mm වන අතර පරණ මාදිලියට වඩා 10mm වලින් උස අඩු කර තිබෙනවා මේ උස ඕනෑම උසකින් යුතු අයෙකුට ධාවනය කිරීමට හා යතුරුපැදිය හසුරුවා ගැනිමට මිත්‍රශීලි වන අතර traffic ධාවනයේදී ද පහසුවක් සලසනවා. CB Hornet එකට වඩා හොද හැසිරවීමක් මාර්ග තදබදයන් හී මේ යතුරුපැදිය මගින් ලබා ගත හැකි වීමත් තවත් වාසියක්.

Suspension ගැන කතා කලොත් ඉදිපස Telescopic Forks හා පසුපස Spring Loaded Hydraulic Type (Monoshock) යොදා ගෙන ඇති අතර FZ16 යතුරුපැදිය  වෙලදපොලට පැමිණිමට පෙර ලංකාවේ තිබූ එකම Monoshock brand new යතුරුපැදිය ලෙසද තිබුනේ CB Unicorn 150 යතුරුපැදියයි.

CB unicorn 150 එකටත් වඩා සුවපහසුව ධාවනය කිරිමට මේ 160 හී suspension වැඩි දියුණු කර ඇති අතර ඒ සුවපහසුව CB unicorn 160 riders ලා හට හිමි වෙනවා.

Breaking ගැන අවධානය යොමු කලොත් ඉදිපස 240mm Disc break හා පසුපස 130mm drum break යොදා ගෙන තිබෙනවා දැනට මෙහි double disc මාදිලියක් දැකගත නොහැකි අතර බොහෝ විට තවත් මාස කීපයකින් double disc මාදිලියක් වෙලදපොලට නිකුත් විමට ඉඩ තිබෙනවා.

Tyres ගැන කතා කලොත් ඉදිපස 80/100-17 පසුපස 110/80-17 tubeless tyre යොදාගෙන ඇති අතර සිහින් ටයර් නිසා ඉහල වේගයකදි (90-100kmph) තරමක අස්තාවරභාවයක් හා වැලි බොරලු හා තෙත මාර්ගයන් හී ලිස්සන ස්වභාවයක් දැක ගත හැකි අතර එය ද අඩුවක් ලෙස පෙන්වා දිය හැකි නමුත් CB Hornet එකට වඩා අඩු මුදලකින් tyre මාරුකිරිමේදි එය සිදු කර ගත හැකි වීම තරමක වාසියක්  ලෙස පෙන්වා දිය හැකී.

Lighting ගැන කතා කලොත් 12V 35/35W හා LED tail එකක් මෙන්ම Clear lens signal lights දැක ගැනීමට ලැබෙනවා.

අවසාන වශයෙන් මේ බයික් එක ගැන සටහනක් කලොත් FZ16 ආගමනයට පෙර ලංකාවේ මෙන්ම ඉන්දියාවේ ද හොදම 150 කාණ්ඩයේ යතුරුපැදියක් ලෙස Honda CB Unicorn යතුරුපැදිය තිබු අතර 2013 පමණ වෙන විට මෙහි නිශ්පාදනය අවසාන වූ අතර ඒ සදහා ආදේශකය ලෙස CB Trigger 150 වෙලදපොලට නිකුත් වූ අතර 2015 දී Trigger ආදේශකය ලෙස එතෙක් මෙතෙක් CBF Stunner හැර Honda india නිශ්පාදනය කරන ලද සාර්ථකම මෙන්ම වැඩිම අලෙවියක් වාර්තා කරන ලද Honda CB Hornet 160R නිශ්පාදනය ආරම්භ වූ අතර ලැබෙන ආරංචි වලට අනුව CB Hornet ආදේශක ලෙස CB Unicorn 160 යොදා ගැනීමට නියමිතයි ඒ අනුව බොහෝ දුරට Hornet 160R නැවතත් brand new market එකේ දැක ගැනීමට නොලැබෙන්නට ඉඩ තිබෙනවා එය එසේ සිදු උනොත් නම් තරුණ වියේ අයට Honda bike එකක් නොමැති වෙනවා මොක්ද Unicorn එක බොහෝ සෙයින් මැදි වයස ඉල්ලක කර නිර්මාණය කර ඇති Commuter යතුරුපැදියක් නිසාත් Sport commuter 150 catagory එකේ බයික් එකක් නැති නිසාත් තරුණ පිරිසට FZ 2.0, NS160, Gixxer 155 GS වැනි sports commuter මාදිලි වලට යොමු වීමට සිදු වේවි කෙසේ වෙතත් Hornet 160 නිශ්පාදනය නතර නොවේවා කියා ධනාත්මකව සිතා සිටිමු.

මේ යතුරුපැදිය සමඟ තරගයට Pulsar 150, apache 150, Bajaj V15, Hero Xtream වැනි යතුරුපැදි දැකගත හැකි අතර මිල 349.500 සදහන් වෙනවා.

පහල තියෙන Photos බලලා bike එක ගැන අදහසක් ගන්න ඔබේ අදහස් යෝජනා චෝදනා අපේ FB පිටුවට යොමු කරන්න ස්තූතියි.

කරුණාකර කතෘ අයිතිය  සුරකින්න.

Wandi - වණ්ඩි©












No comments:

Post a Comment