පොලිස් ලෙඩ නඩු නැතිව පාරේ පදින්න සුපිරි Bikes 10ක් - Wandi - වණ්ඩි

Wandi - වණ්ඩි

Sri Lanka's leading website about Motorcycles. Keep in touch with us...

Click here to read this post in ENGLISH


Thursday, November 9, 2017

පොලිස් ලෙඩ නඩු නැතිව පාරේ පදින්න සුපිරි Bikes 10ක්


අද කතා කරන්නේ මීට ටික දවසකට කලින් High Capacity(කියවපු නැති අය මෙතනින් කියවන්න) ගැන අපි දාපු Blog Post එකට පස්සේ ගොඩ ඇහුව දෙයක් ගැන ඒ තමා නීත්‍යානුකූව ලංකාවේ පදින්න පුලුවන් සුපිරි බයික්ස් මොනාද කියන එක ඉතින් අද දැනට ලෝකේ තියෙන 450cc වලින් පහල සුපිරිම Bikes 10 ගැන කෙටියෙන්  කතා කරන්නයි ලෑස්ති උනේ ඒ Bikes 10, BHP අඩු වෙන පිලිවෙලට සටහන් කරන්නම්.

1.Honda CB400 Revolution 


සිලින්ඩර් 4කින් සමන්විත 399cc වෑල්ව 16කින් යුක්ත එන්ජින් එකකින් සපිරි මේ යතුරුපැදිය සතු උපරිම බලය 53bhp වෙන අතර උපරිම වේගය 190kmph ලෙස සටහන් වෙනවා.

මේ බයික් එකේ onroad review එක
 👉මෙතනින්👈

බදු රහිතව ලංකාවේ වලංගු මුදලින් 1,400,000ක්
පමණ වෙනවා.

2.Kawasaki Ninja 400


 සිලින්ඩර් දෙකකින් යුක්ත හා වෑල්ව 8ක 399cc එන්ජින් එකකින් යුක්ත මේ යතුරුපැදි සතු උපරිම බලය 45bhp ලෙස සටහන් වෙන අතර උපරිම වේගය 192kmph ලෙස සටහන් වෙනවා.

බදු රහිතව ලංකාවේ වලංගු මුදලින් රුපියල් 1,007,250ක් පමණ වෙනවා.

3.Honda CBR 400R


 සිලින්ඩර් දෙකකින් හා වෑල්ව 8කින් යුක්ත 399cc  එන්ජින් එකක් සපිරි මේ යතුරුපැදිය සතු උපරිම බලය 45bhp ලෙස සටහන් වෙන අතර උපරිම වේගය 187kmph ලෙස සටහන් වෙනවා.

බදු රහිතව ලංකාවේ වලංගු මුදලින් රුපියල් 770,250ක් පමණ වෙනවා.

4.Husqvarna Vitpilen 401


 සිලින්ඩර් දෙකක හා වෑල්ව 8කින් යුක්ත 373.2cc එන්ජින් එකකින් බලගැන්වුනු මේ යතුරුපැදිය සතු උපරිම බලය 43bhp ලෙස සටහන් වෙන අතර උපරිම වේගය 175kmph ලෙස සටහන් වෙනවා.

බදු රහිතව ලංකාවේ වලංගු මුදලින් රුපියල් 628,050ක් පමණ වෙනවා.

5.KTM Duke 390


තනි සිලින්ඩර් වෑල්ව 4ක 373.2cc එන්ජින් එකකින් යුක්ත මේ යතුරුපැදිය සතූ උපරිම බලය 43bhp ලෙස සටහන් වෙන අතර උපරිම වේගය 175kmph ලෙස සටහන් වෙනවා.

බදු රහිතව ලංකාවේ වලංගු මුදලින් රුපියල් 543,915 ක් පමණ වෙනවා.

6.Yamaha YZF-R3


සිලින්ඩර් දෙකක් හා වෑල්ව 8ක 321cc එන්ජින් එකකින් බල ගැන්වූ මේ යතුරුපැදිය සතු උපරිම බලය 41bhp ලෙස සටහන් වෙන අතර ලබා ගත හැකි උපරිම වේගය 188kmph ලෙස සටහන් වෙනවා.

බදු රහිතව ලංකාවේ වලංගු මුදලින් රුපියල් 772,620 ක් පමණ වෙනවා.

7.Yamaha MT-03


 සිලින්ඩර් දෙකක හා වෑල්ව 8ක 321cc එන්ජින් එකකින් යුක්ත මේ යතුරුපැදිය සතු උපරිම බලය 41bhp ලෙස සටහන් වෙන අතර උපරිම වේගය 180kmph ලෙස සටහන් වෙනවා.

බදු රහිතව ලංකාවේ වලංගු මුදලින් 711,000
ක් පමණ වෙනවා.
8.Kawasaki Z300


සිලින්ඩර් දෙකක හා වෑල්ව 8කින් යුක්ත 296 cc එන්ජින් එකකින් සපිරි මේ යතුරුපැදිය සතු උපරිම බලය 38bhp වෙන අතර උපරිම වේගය 170kmph ලෙස සදහන් වෙනවා.

බදු රහිතව ලංකාවේ වලංගු මුදලින් රුපියල් 770,250 ක් පමණ වෙනවා.

9.Benelli TNT 300


සිලින්ඩර් දෙකකින් හා වෑල්ව 8කින් යුතු 300cc එන්ජින් එකකින් බල ගැන්වූ මේ යතුරුපැදිය සතු උපරිම බලය 38bhp ලෙස සටහන් වෙන අතර 170kmph උපරිම වේගයක් සදහන් වෙනවා.

බදු රහිතව ලංකාවේ වලංගු මුදලින් රුපියල් 779,730 ක් පමණ වෙනවා.

10.BMW G310R


සිලින්ඩර් එකකින් හා වෑල්ව 4කින් යුතු 313cc එන්ජින් එකකින් යුක්ත මේ යතුරුපැදිය සතු උපරිම බලය 33bhp ලෙස ලබා ගත හැකි අතර උපරිම වේගය 142kmph ලෙස සටහන් වෙනවා.

බදු රහිතව ලංකාවේ වලංගු මුදලින් රුපියල් 598,400 ක් පමණ වෙනවා.

මේ සියලුම යතුරුපැදි ලංකාවේ දැනට පවතින නීතියට යටත්ව ධාවනය කල හැකි බල සම්පන්නම යතුරුපැදි 10 ලෙස සදහන් කල හැකියි.

කෙසේ වෙතත් මේ මිල ගනන් යටතේ මේ යතුරුපැදි ආනයන කර ලියාපදිංචිය කර ඒ සදහා තවත් අමතර ලක්ශ 3-4 වැය කරනවාට වඩා ලංකාව තුල ඇති යතුරුපැදි ආරක්ෂාකාරීව ධාවනය කිරීම නුවණට හුරුයි.මේ ලිපිය ලියන්නට හේතු උනේ කට්ටිය අහපු ප්‍රශ්න වලට උත්තර වශයෙන් මීට අමතර තවත් සුපිරි යතුරුපැදි විදියට KTM RC390, Kawasaki Ninja 300,Yamaha WR450F/X, Suzuki DR-Z වැනි යතුරුපැදි ඇති අතර වැඩිය ලංකාවේ දැකගන්න නොලැබෙන යතුරුපැදි 10ක්(CB4 හැර) ගැන කතා කිරීමට අවශ්‍ය නිසයි මේ 10 තෝරා ගත්තේ මේ සියලුම යතුරුපැදි ගැන ලඟදිම සම්පූර්ණ විස්තරයක් අරගෙන එන්නම් නොදන්න කෙනෙක්ට දැනගන්න මේ Post එක share කරන්න අඩුපාඩු යෝජනා චෝදනා FB පිටුවට යොමු කරන්න ස්තුතියි.

කරුණාකර කතෘ අයිතිය සුරකින්න.

Wandi - වණ්ඩි©

No comments:

Post a Comment