ලෝකශූර Valentinoටත් අභියෝගය කරන යාන්ත්‍රිකයා Yamaha MOTOBOT - Wandi - වණ්ඩි

Wandi - වණ්ඩි

Sri Lanka's leading website about Motorcycles. Keep in touch with us...

Click here to read this post in ENGLISH


Tuesday, November 7, 2017

ලෝකශූර Valentinoටත් අභියෝගය කරන යාන්ත්‍රිකයා Yamaha MOTOBOT


අද ටිකක් review එකක්ට එහා ගිය අනාගතයට සම්බන්ධ දෙයක් ගැන කතා කරන්න හිතුන කොහොම කොහොම හරි මේකත් බයික්ස් වලට සම්බන්ධයි.

මේ ලඟදි ගෙදර ඉන්න වෙලාවේ පත්තරේ බලද්දි දැක්කා Article එකක් රොබෝලා ගැන ඒකේ පේලි දෙක තුනක විතර MOTOBOT කියලා රොබෝ කෙනෙක් ගැනත් සදහන් උනා.කට්ටිය හිතනවා ඇති වණ්ඩි දැන් TEC Site එකක් වෙලාද කියල නෑ එහෙම එකක් වෙලා නෑ Motobot කියන්නේ බයික් පදින රොබෝ කෙනෙක් 2017 ටෝකියෝ motor show එකට Yamaha විසින් ඉදිරිපත් කරපු Concept(සංකල්පයක්) කියලා විතරක් ඒ article එකේ සදහන් උනා. ඉතින් මම මේ ගැන මීට වඩා හොයලා බැලුවා පස්සෙ හොයාගත්ත තොරතුරු මේ විදියට මම තේරෙන සිංහලෙන් සටහන් කරන්නම්.


Motobot කියන්නේ දැනට ලෝකයේ ඉන්න දියුණුතම යතුරුපැදි ධාවක රොබෝ යාන්ත්‍රිකයා මෙයාව මුලින්ම 2015 වසරෙදි Motobot version 1.0 විදියට Tokyo Motorshow එකට Yamaha විසින් ඉදිරිපත් කරලා තියෙනවා.


Yamaha එකේ CEO Hiroyuki Yanagi සදහන් කරන විදියට එයාලට ඕනේ 100% තනිවම ධාවනය කරන්න පුලුවන් මිනිසෙක්ට ලඟා වෙන්න බැරි වේගයකට ලඟා වෙන්න පුලුවන් (402kmph-Kawasaki H2R) වේගයද අභිබවා යන රොබෝ කෙනෙක් හදන්න ඒ වගේම දැනටමත් ස්වයංක්‍රීය කාර්,වෑන්,බස්,ගුවන්‍ යානා ඇති නිසා යමහා විසින් මේ විශාල පිම්ම පැනීමට තීරණය කර තිබෙනවා.


බයික් එකක් කියන්නේ තනියම සමබරතාවය රැකගෙන ගමන් කරන්න පුලුවන් වාහනයක් නෙවෙයි මේ නිසා මේ යතුරුපැදි නියාමන කරන්න සුපිරි යාන්ත්‍රිකයෙක් අවශ්‍ය වෙනවා  මෙන්න මේ පසුබිමත් එක්ක MOTOBOT ගේ උපත සිදු වෙනවා.


YAMAHA විසින් Motobot වෙත දැනට Yamaha විසින් නිර්මාණය කර ඇති සුපිරිම මෙන්ම මිල අධිකම Sports bike එකක් වෙන Yamaha YZF-R1M යතුරුපැදිය ලබා දෙනවා මේ බයික් එක ගැන දැනට කෙටි සටහනක් කරන්නම් ඉස්සරහ දවසක සම්පූර්ණය විස්තරයක් අරගෙන එන්නම්.


Yamaha YZF-R1M



998cc සිලින්ඩර 4කින් හා වෑල්ව 16කින් යුක්ත මේ යතුරුපැදිය සදහා එක් සිලින්ඩරයක් සදහා එක් spark plug එක බැගින් plugs 4ක් ද යොදා ගෙන තිබෙනවා.


අශ්ව බල 197කින් සපිරි මේ එන්ජින් එක සතු උපරිම වේගය 310KMPH පමණ වන අතර 0-60 වේගයට ලඟා වීමට තත්පර 2.1 හා 0-100 වේගය ලඟා වීමට  තත්පර 3.9 වැනි සුලු කාලයක් වැය කරනවා.


මිල $22,000
(ලංකාවේ වලංගු මුදලින් 33,88,000) පමණ වෙනවා.

MOTOBOT නිර්මාණකරුවන්ගේ ප්‍රථම ඉලක්කය උනේ MOTOBOTව පැයට කිලෝමීටර 100කට එහා වේගයකින් ආරක්ෂාකාරීව ධාවනය කරවීමයි. නමුත් මුල් අවස්තා කීපයක්ම අසාර්ථක වෙනවා වගේම එක් සැරයක් මොටොබොට් අනතුරකටත් ලක් වෙනවා නමුත් කෙසේ හෝ වැඩි දියුණු කිරීම් හමුවේ මොටොබොට් තමන්ගේ ප්‍රථම කඩයිම පැයට කිලෝමීටර 100 වේගය පහසුවෙන් අභීබවා යනවා.


මීලඟට දෙවෙනි ඉල්ලකය විදියට Yamaha සමාගමට ඕනේ වෙනවා පැයට කිලෝමීටර 200 අභිබවා යන්නත් ලෝකශූර වැලන්ටිනෝ රෝසි VR49 (The Doctor) ගේ පථයක වේගය (lap time) සම කිරීමට හෝ අභිබවා යන්නත් මේ සදහා 2016දී ලෝකශූර වැලන්ටිනෝ රෝසිව කැලිෆෝනියාවේ Thunderhill ධාවනය පථයට කැදවනවා.


රෝසි Yamaha Movistar කණ්ඩායම යටතේ ගිවිසුම් ගතව සිටින නිසා යමහා සමාගමට එය එතරම් අපහසු කාර්යයක් වෙන්නේ නැහැ පසුව සැතපුම් දෙකක් දිඟ(3.2km) මේ ධාවනය පථයේ මෝටෝබොට්ගේම වර්ගයේ එම එන්ජින් ධාරිතාවයෙන්ම‍යුත් R1M යතුරුපැදියක් රෝසිටත් ලබා දෙන අතර දෙදෙනා අතර තරඟය ආරම්භ කරනවා මෙහිදී වැලන්ටිනෝ රෝසි තත්පර 85.74කින් තමන්ගේ වටය අවසාන කරන අතර මෝටෝබොට් මේ සදහා තත්පර 115.5 ගත කරනවා මේ අනුව තත්පර  29.76 වැනි කාලකින් රෝසී ජය තහවුරු කරගන්නා අතර මෝටෝබොට් තමන්ගේ එක කඩයිමක් වෙන 200kmph වේගය අභිබවා 220kmp පමණ වේගයක් ලබා ගන්නවා.


මේ අනුව මේ කාලය හා වේගය අනුව මෙහි නිර්මාණකරුවන් සෑහීමකට පත් වෙන අතර  2020 වෙන විට රෝසිගේ ධාවන වටයකට හිමි කාලය අභීබවා යෑමටත් වැඩි දියුණු කරන ලද යතුරුපැදියක් යටතේ යතුරුපැදියකට ලඟා විය හැකි උපරිම වේගයට ලඟා වීමටත් එමෙන්ම තවත් Robo ධාවකයන් යොදාගනිමින් MotoGP වලට සමාන තරඟ පැවැත්වීමටත් සැලසුම් කරමින් සිටිනවා.


මේ මෝටෝබොට් ගේ තාක්ෂණය ගැන සරලව කතා කලොත් යතුරුපැදියක් ධාවනය කිරීමේදී සිදු කරන සියලුම ක්‍රියා තනිව කර ගැනීමට අවශ්‍ය කෘත්‍රිම බුද්ධිය හෙවත් Artificial Intelligence යොදා ගෙන තිබෙනවා මේ නිසා ගියර් මාරු කලයුතු අවස්තාව ක්ලච් එක භාවිතා විය යුතු අවස්තා බ්‍රේක් ලබා දිය යුතු ප්‍රමාණය ලබා දිය යුතු ස්ථානය මාර්ගයට අනුකූලව ලබා හත යුතු වේගය වංගු ගැනීම වැනි සියල්ල මෝටෝබොට් ගේ තනි කැමැත්ත මත සිදුකිරීමේ හැකියාව පවතිනවා එමෙන්ම GPS හා තවත් නොයෙකුත් සංවේදක හා උපාංග (sensors and devices) අන්තර්ගත වෙනවා එමෙන්ම මොටෝබොට්ගේ පිටත ආවරණය ශක්තිමත් කාබනෆයිබ වලින් නිමවා තිබෙනවා.


මේ ව්‍යාපෘතිය සදහා වැය කර ඇති හා ඉදිරියට yamaha විසින් ඇස්තමේන්තු කර ඇති මිල ගනන් ගැන නිල වශයෙන් කිසිම තැනක සඳහනක් නොමැති අතර බොහෝ විට එය ඩොලර්  බිලියන ගනනක ව්‍යාපෘතියක් වන්නට පුලුවන්.


 මේ ව්‍යාපෘතිය දැනටමත් 80% සාර්ථක අතර 2017 Tokyo Motorshow හීදී MOTOBOT 2.0 නම් සංස්කරණයක් නිකුත් කර ඇති අතර 2020 මෙය පාරිභෝගිකයන් අතරට යැවීමට යමහා සමාගම සැලසුම් කරගෙන සිටිනවා මේ අනුව  2022 පමණ වන විට රොබෝ GP තරඟාවලි වැනි තරඟ අංශ දැකගත හැකි අතර Robot vs Human races ද දැකගැනිමට ඉඩ තිබෙනවා එමෙන්ම මේ මොටෝබොට්ගේ දියුණුවත් සමඟ යුධ කටයුතු වැනි කාර්යය සදහාද වෙනත් යතුරුපැදි මගින් යොදා ගැනීමේ හැකියාව හිමි වන අතර මෙහි අවාසි විදියට යම් වයිරසයකින් හෝ අනවසර ඇතුල් වීමකින් මෝටෝබොට්ස් ලා ලවා සොරකම් කරවීම මිනී මැරවීම ත්‍රාස්ත ක්‍රියා සිදු කිරීම වැනි දේ සිදු විය හැකියි තාක්ෂණය යනු දෙපැත්ත කැපෙන පිහියක සමාන දෙයක් බව මතකයේ තබාගෙන ඉදිරි වසර කීපය පිලිබඳව අවධානයෙන් සිටිමු.


ඔබේ අදහස් යෝජනා චෝදනා අපේ FB පිටුවට යොමු කරන්න තවත් කෙනෙක්ට දැනගන්න දෙයක් තියෙනවා කියලා හිතෙනවා නම් Share කරන්න ස්තූතියි.

කරුණාකර කතෘ අයිතිය සුරකින්න.

Wandi - වණ්ඩි©

No comments:

Post a Comment