මධ්‍යම පාන්තික එකයි අසූව PULSAR 180UG - Wandi - වණ්ඩි

Wandi - වණ්ඩි

Sri Lanka's leading website about Motorcycles. Keep in touch with us...

Click here to read this post in ENGLISH


Sunday, November 5, 2017

මධ්‍යම පාන්තික එකයි අසූව PULSAR 180UG


අපේ අලුත්ම video එක බලලා like කරලා subscribe කරලා සප් එකක් දෙන්න❤️❤️
Video එක බලන්න 👉මෙතනින්👈

අද මාතෘකාව වෙන්නේ මීට වසර 7-8කට පෙර brand new market එකේ තිබුන බලසම්පන්නම බයික් එකක් උන Bajaj Pulsar 180UG.
මේ බයික් එකේ එන්ජින් එකෙන්ම Review එක පටන් ගමු.

මේ බයික් එකේ එන්ජින් එක විදියට 178.6 cc තනි සිලින්ඩර් four stroke එන්ජින් ලබා දී තිබෙන අතර මේ එන්ජින් එක සතු උපරිම බලය 16.8 Bhp  ලෙස සදහන් වෙනවා එමෙන්ම 0-60 වේගයට ලඟා වීමට තත්පර 5.4ක කාලයක් 0-100 වේගයට ලඟා වීමට තත්පර 11.1ක කාලයක් හා උපරිම වේගය ලෙස 128kmph වේගය ද officially සදහන් වෙනවා.

හොන්ඩා හා යමහා (indian) එන්ජින් වලට වඩා නම් ශබ්‍දයෙන් හා දෙදරීම් ටිකක් වැඩි බවක් මේ එන්ජින් එකේ දැකගත හැකි අතර එය තරමක අඩුවක් ලෙස පෙන්වා දිය හැකි නමුත් මේ දෙදරීම් 200/160NS යතුරුපැදි වල නම් බොහෝ සෙයින් අවම කිරීමට Bajaj සමත්වී තිබෙනවා.

මෙහි සිසිලන පද්ධතිය ලෙස Air Cooling පද්ධතියක් ලබා දී ඇති අතර දුර ධාවනයන්හීදී නම් ඉතාම අධික ලෙස තාපය පිට වීමක් දැකගත හැකි අතර වර්තමානයේ වෙලදපොලේ ඇති යතුරුපැදි සමඟ තරඟ කිරිමේදි මෙයත් තරමක අඩුවක් ලෙස පෙන්වා දිය හැකි.

මෙහි ඉන්ධන සැපයුම Carburettor එකක් මගින් සිදුවන අතර පෙට්‍රල් ලීටර එකකින් කිලෝමීටර 45ක් පමණ ධාවනය කිරීමට ඉඩ ලැබෙනවා 180cc carburettored එන්ජින් එකකින් ලබා ගත හැකි ඉතාම ඉහල ඉන්ධන කාර්යක්ෂමතාවක් ලෙස එය පෙන්වා දිය හැකියි.

එමෙන්ම ලීටර 15ක විශාල ඉන්ධන ටැංකියක්  ලබා දී තිබෙන අතර මෙය දුර ගමන් වලට හොද පහසුවක් සලසන අතර පිරිපුන් ස්වභාවයක් ලබා දෙනවා එමෙන්ම වර්ථමානයේ ඇතිබොහෝ යතුරුපැදි වල ඉන්ධන ටැංකිය ප්ලාස්ටික් ආවරණයකින් (cowl) එකකින් පෙනුම ලබා ගෙන ඇති නමුත් මෙහි 100% ලෝහ ටැංකියක් යොදාගෙන තිබෙනවා මේ නිසා හදිස්සි අනතුරකදී ටැංකියට සිදු විය හැකි හානිය ඉහල අතරම ප්ලාස්ටික් cowl වලට වඩා පිරිවැයක් දැරීමට සිදු විය හැකි එම නිසා බජාජ් විසින් ලබා දී ඇති crash guard එක ඉවත් කිරීමට උත්සහ නොකරන්න.හැකි නම් tank pad එකක ද භාවිතා කරන්න.

Gear හා Clutch ගැන කතා කලොත් වේග 5ක ගියර් පද්ධතියක් හා Wet multiple-disc clutch එකක් යොදාගෙන තිබෙනවා මුල් කාලය තුල ඉතා සුවපහසු gear මාරුවක් දැක ගත හැකි නමුත් කාලයත් සමඟ ගියර් මාරුවේදි සද්ද හා තරමක හිර වීමක් දැක ගත හැකි එම නිසා නිසි ලෙස නඩත්තු කටයුතු කරගැනීමට උත්සහ ගන්න මේ මගින් මේ තත්වය අවම කර ගත හැකියි.

මෙහි meter panal එක ගැන කතා කලොත් මුල් පරම්පරා දෙකේ පල්සර්(spoke/silver alloy) වල Analog මීටර් පද්ධතියක් යොදා ගත්තද කාලානුරූපීව මේ සදහා semi digital meter panal එකක් යොදා ගැනීමට බජාජ් තීරණය කර තිබෙනවා මෙහි RPM analog ලෙසත් Speed,trip,odo,fuel gage digital ලෙසත් සටහන් වල අතර 2017 මාදිලියේදි කාබන්ෆයිබර් meter casing එකක් ද යොදාගෙන තිබෙනවා.

එමෙන්ම Clipon handle bar යොදාගෙන ඇති මෙය යතුරුපැදිය හසුරුවා ගැනීමට ඉතාම පහසුවක් වෙන අතර මෙහි ඇති switches වල ආලෝකයක් දිස්වීම රාත්‍රි කාලයේ දැකගත හැකියි මෙය දැනට ලංකාවේ දැකගත හැක්කේ පල්සර් යතුරුපැදි වලම පමණයි මෙය ධාවනයේදි පහසුවක් වගේම තරමක ආකර්ෂණීය පෙනුමක් ද ලබා දෙනවා

මෙහි frame එක ගැන කතා කලොත් Double Cradle frame එකක් බජාජ් යොදා ගෙන ඇති අතර 60kmph වේගයට පමණ පැමිනෙන තෙක් දෙදරීමක් අනවශ්‍ය ලෙස දැකගත නොහැකි අතර ඉන් පසුව Honda,Yamaha යතුරුපැදි වලට සාපේක්ෂව නම් ඉහල දෙදරීම් ස්වභාවයක් මේ යතුරුපැදිය තුල දැකගත හැකියි. නමුත් 200NS හා 160NS නම් මේ අඩුව බොහෝ දුරට සමන කරගැනීමට සමත්ව තිබීම වටිනා සාධකයක් වෙනවා.

මෙහි බර ලෙස 145 kg හා seat height එක 790 mm සටහන් කල හැකී.

මේ යතුරුපැදියේ Suspension ගැන කතා කලොත් ඉදිපස 130mm
Telescopic forks හා පසුපස Triple rated spring, 5 way adjustable with 101mm travel nitrox shock absorber යොදා තිබෙන අතර ලංකාවේ ඕනෑම මාර්ගයකට උචිත ලෙස මෙහි suspension පද්ධතිය නිමවා තිබෙනවා.

Breaking ගැන කතා කලොත් ඉදිපස 260mm Disc හා පසුපස 230mm Disc යොදා ඇති අතර ඉතා හොඳ Breaking response එකක් මේ යතුරුපැදිය එක සතුයි.

Tyres විදියට ඉදිපස 90/90-17 හා පසුපස
120/80-17  යොදාගෙන ඇති අතර tubeless tyre ලෙස මේවා නිම කර තිබෙනවා.

Lights ගැන කතා කලොත් 35W/35W Halogen headlight එකක් clear lens signal lights හා LED tail lamp එකක් යොදාගෙන තිබෙනවා.

අවසාන වශයෙන් මේ බයික් එක ගැන සටහනක් කලොත් වසර කීපයකට පෙර අලුතෙන් මිලදී ගැනීමට තිබූ සුපිරිම යතුරුපැදික් ලෙස මෙය ගරු නම්බු නාම ලබා සිටියද කාලයත් සමග ඒ නම්බු නාම බජාජ් පවුලේම 200NS හා 200RS ලබා ගත් නමුත් අදටත්  හොද අලෙවියක් සිදුවෙන මේ යතුරුපැදිය ඉන්ධන කාර්යක්ෂමතාව, මිල, ජවය හා පෙනුම යන කාරණා නිසා තරුණයන් අතර මෙන්ම මැදි වයසේ අතරද තවත් ජනප්‍රිය යතුරුපැදියක් වෙනවා.

මෙහි අඩුපාඩු ලෙස නැවත විකිණීමේදි මිල අඩු කම කල් යත්ම ඇති වෙන ශබ්ද චැසි දෙදරීම වැනි කාරණා මූලික වශයෙන් සටහන් කල හැකියි.

මෙහි 150 මාදිලියේද මේ අංගයන්ම ඇති අතර එන්ජින් ධාරිතාව බාහිර පෙනුම හැරුන කොට අනෙකුත් සියල්ල 180 යතුරුපැදියට සමාන අතර එම නිසා බොහෝ දුරට 150UG review එකක් නැවත කිරීමට බලාපොරොත්තුවක් නැහැ.

මිල විදියට 385,550 සටහන් වෙන අතර එම මුදලට ලබා ගත හැකි සෑම අතින්ම හොද යතුරුපැදියක් ලෙස මෙය පෙන්වා දිය හැකී මේ යතුරුපැදිය සමඟ තරඟයට TVS Apache 180, Hero Xtream වැනි යතුරුපැදි සිටිනවා.

ගුණ අගණ සටහන් කලා ගැනිම නොගැනීම ඔබට බාරයි.

පහල තියෙන photos බලලා bike එක ගැන අදහසක් ගන්න ඔබේ අදහස් යෝජනා චෝදනා අපේ FB පිටුවට යොමු කරන්න ස්තූතියි.

කරුණාකර කතෘ අයිතිය සුරකින්න.

Wandi - වණ්ඩි©








No comments:

Post a Comment