Honda VTR 250 ගැන තේරෙන සිංහලෙන් - Wandi - වණ්ඩි

Wandi - වණ්ඩි

Sri Lanka's leading website about Motorcycles. Keep in touch with us...

Click here to read this post in ENGLISH


Thursday, November 2, 2017

Honda VTR 250 ගැන තේරෙන සිංහලෙන්


අපි අපේ දෙවෙනි youtube review එකත් upload කලා Honda CB400 බයික් එකේ ඒක බලපු නැති අය මෙතනින් බලන්න.

අද කතා කරන්න සෙට් උනේ ලඟදිම අපේ ඊලඟ YOUTUBE Review එක විදියට කරන්න කරන්න හිතන් ඉන්න ඒ වගේම Honda fans ලා ඉල්ලපු Honda VTR 250 බයික් එකේ review එකක් මේ බයික් එකේ review එකත් සුපුරුදු පරිදි එන්ජින් එකෙන් පටන් ගමු.

මේ බයික් එකේ එන්ජින් එක විදියට 249cc DOCH V-Twin four stroke එන්ජින් එකක් හොන්ඩා ලබා දී තිබෙනවා. ඒ වගේම මේ එන්ජින් එක සතු උපරිම බලය 35bhp වෙන අතරම උපරිම වේගය ලෙස 155-160kmph වේගයක් ලබා ගැනීමට ඉඩ ලබෙනවා.

කෙසේ වෙතත් 90° V-Twin එන්ජින් එකක් නිසා එන්ජින් එක නියමිත ප්‍රමිතියට නියමිත කාලයට නඩත්තු කටයුතු නොකලහොත් ඉතා ඉහල පිරිවැයක් දරමින් අලුත්වැඩියා කටයුතු කරගැනිමට සිදුවනවා.

එමෙන්ම සිසිලන පද්ධතියක් (cooling system) එක විදියට naked/sports සෑම බයික් එකකම වාගේම මෙහිත් ද්‍රව සිසිලන(liquid cool) පද්ධතියක් ලබා දී තිබෙනවා.මේ නිසා ඉතා ඉක්මනින් එන්ජින් එක තුල ඇති තාපය අවම කරන අතරම මේ නිසා දුර ගමන් යාමේදි ඉහල RPM වල ගමන් ගැනිමේදි ලබා ගත හැකි උපරිම කාර්යක්ෂමතාව හා සුවපහසුව ද ලැබෙනවා කෙසේ වෙතත් Hornet,JADE,CBR වැනි cooling system වලට වඩා තරමක් ප්‍රමානයෙන් කුඩා බවක් පෙන්නුම් කරනවා.

මෙහි gears හා clutch ගැන කතා කලොත් වේග  5ක ගියර් පද්ධතියක් හා wet multiple-disc clutch එකක් යොදාගෙන තිබෙනවා මේ බයික් එකට Hornet jade වැනි බයික් වලට මෙන් gear 6 ලබා නොදීම තරමක අඩුපාඩුවක් ලෙස පෙන්වා දිය හැකි නමුත් එය ධාවනය කිරීමේදී එතරම්ම අඩුවක් ලෙස පෙන්වා දිය නොහැකි.

 ඉන්ධන සැපයුම Injection. PGM-FI යටතේ සිදුවෙන අතර 25-30km දුර ප්‍රමාණයක් පෙට්‍රල් ලීටර එකකින් ගමන් කිරීමට ලැබෙනවා.එමෙන්ම පැරණි මාදිලියේ දී Carb එකක් හරහා ඉන්ධන සැපයුම සිදු වුනි.

එමෙන්ම ලීටර 12ක ඉන්ධන ටැංකියක් හා මේ තුල ලීටර 2.5 රිසව් ඉන්ධන ප්‍රමාණයක් ගබඩා වෙනවා මේ නිසා මෙය දුර ගමන් වලට මෙන්ම බයික් එක සතු පෙනුමටත් ඉතා විශාල උපකාරයක් සිදු කරනවා.

මේ බයික් එකේ Handling හා design එක ගැන අවධානය යොමු කලොත්  ඉතාම සුවපහසු ලෙස traffic ධාවනය මෙන්ම ඕනෑම මාර්ගයක ධාවනය කිරීමට ඉඩ සැලසෙන අතර මෙහි ground clearance එක මෙයට උපකාර වනවා. අඟල්  28.5ක seat height එක නිසා පහසුවෙන් ඕනෑම උසක අයෙකුට හසුරුවා ගැනීමේ පහසුව ලැබෙනවා.

මෙහි design එක බොහෝ දුරට Ducati Monster 2002-2005 මාදිලියන්ට සමාන කම් දක්වන අතර Ducati Monster එකක් මිලදී ගත නොහැකි අය ලොව පුරා මේ යතුරුපැදිය monster ලෙස modifie කිරීමටත් එසේ නැත්නම් cafe racer බයික් එකක් ලෙස වෙන්ස් කිරීමටත් පෙලබී සිටිනවා.

මෙහි meter panal එක ගැන කතා කලොත් දැනට නිකුත් වන මාදිලිය තුල semi digital meter panal එකක් හා පරණ මාදිලි වල Analog meter panal එකක්ද දැකගැනීමට ලැබෙන අතර මෙහි Speed,odo,trip,rpm,temperature පෙන්නුම් කරන අතර fuel gage පෙන්නුම් නොකිරීම අඩුවක් ලෙස පෙන්වා දිය හැකියි. මෙහි මුල්ම මාදියෙහි තනී මිටරයක් පමණක් වූ අතර මෙහි වේගය සටහන් විය.

මේ බයික් එකේ chassis එක විදියට steel diamond frame එකක් යොදාගෙන ඇති අතර ඉතා හොදින් ඉහල වේගයන් හී ස්තාවර බව හා දෙදරීම් අවම කිරීමට මේ චැසි එක බොහෝ සෙයින් උපකාර කරනවා.

මෙහි මුලු බර විදියට 161kg සදහන් උනත් වෙනත් එම බරින් යුත් යතුරුපැදි වලට වඩා හසුරුවීමේ පහසුවක් ලබා ගත හැකි වීම විශේෂ වාසියක් ලෙස පෙන්වා දිය හැකියි.

Breaking ගැන කතා කලොත් ඉදිපස සදහා 296mm disc එකක් සමග පිස්ටන් දෙකේ නිසින් කැලිපරයක් හා පසුපස සදහා 220mm disc එකක් සමඟ තනි පිස්ටන් නිසින් කැලිපරයක් යොදා ඇති අතර ඉතා ඉහල තිරංග ප්‍රතිචාරයක් මේ යතුරුපැදිය තුලින් ලබා ගැනිමට ඉඩ සැලසෙනවා.

Suspension පිලිබඳව අවධානය යොමු කලොත්  ඉදිපස 41mm showa telescopic forks හා පසුපස සදහා direct-link monoshock යොදා ඇති අතර ඉතා සුවපහසුව rider හා passengerට ගමන් කිරීමේ පහසුව හොන්ඩා මේ යතුරුපැදි සදහා ලබා දී තිබෙනවා.

Tyres පිලිබඳව කතා කලොත් ඉදිපස සදහා 110/70-17 හා පසුපස 140/70-17 පුලුල් ටයර යොදා ඇති අතර මේ ටයර් ද සුවපහසුව ආරක්ෂාකාරී ධාවනයට ඉතා හොඳ උපකාරයක් ලැබෙනවා.

අවසාන වශයෙන් මේ බයික් එක ගැන සටහනක් කලොත් මෙය 1988-90 කාල සිමාව තුල sports bike එකක් ලෙස ඇමරිකාව හා කැනඩාව තුල පමණක් අලෙවිය සිදුවූ අතර ඉන්පසුව 1997 සිට naked හා fair naked bike එකක් විදියට මේ බයික් එක නිෂ්පාදනය සිදු වු අතර ඒ මාදිලිය 97 සිට අද දක්වා දැකගන්න ලැබෙනවා. එමෙන්ම මේ බයික් එක Interceptor 250, MC33 යන නමින්ද හඳුනවනවා.තවද මෙම යතුරුපැදි Honda Spada 250 හා Hornet 250 හී එකතුවක් ලෙසටද හැඳින්වීමට හැකිය.

මෙහි නඩත්තු වියදම් අධික බව V-Twin එන්ජින් ලෙඩ දෙනවා යැයි සමාජේ ඇති කතා නිසා නෙන්ම Hornet හා jade වලට සාපේක්ෂව බලය අඩු කම නිසා මෙහි market එක තරමක් අඩු අතර register කරන ලද ,VTR250 එකක් ලක්ශ 3.5 සිට 4.5 දක්වා මුදලකට ලබා ගත හැකි අතර ලෙඩ නඩු අඩු බයික් එකක් මිලට ගතහොත් හොදින් නඩත්තු කටයුතු කරගනිම්න් හොදින් ධාවනය කල හැකි යතුරුපැදියක් ලෙස මෙය පෙන්වා දිය හැකි අතර VTR හෝ වෙනත් ජපන් බයික් එකක් මිලට ගැනීමට අදහසක් ඇත්නම් ඔබට කාර්මික දැනුම නැත්නම් පලපුරුදු කාර්මිකයෙක් කෙනෙක්ගේ අධීක්ෂණය ලබා ගැනීමට මතක තබාගන්න.

ඔබේ අදහස් යෝජනා හා චෝදනා අපේ FB පිටුවට යොමු කරන්න පහල තියෙන photos බලලා bike එක ගැන අදහසක් ගන්න ස්තූති.

කරුණාකර කතෘ අයිතිය සුරකින්න.

Wandi - වණ්ඩි©











No comments:

Post a Comment