දුප්පතාට හිතවත් වණ්ඩිය PULSAR 135LS - Wandi - වණ්ඩි

Wandi - වණ්ඩි

Sri Lanka's leading website about Motorcycles. Keep in touch with us...

Click here to read this post in ENGLISH


Friday, October 27, 2017

දුප්පතාට හිතවත් වණ්ඩිය PULSAR 135LS


අපේ අලුත්ම video එක බලලා like කරලා subscribe කරලා සප් එකක් දෙන්න❤️❤️
Video එක බලන්න 👉මෙතනින්👈

මේ දවස් ටිකේම ජපන් බයික් ගැන කතා කරපු නිසා වෙනසකට වගේම ගොඩ දෙනෙක්ගේ ඉල්ලීමකද  උන Bajaj Pulsar 135LS බයික් එකේ review එකක් අරගෙන ආවා අද review එකත් සුපුරුදු පරිදිම එන්ජින් එකෙන් පටන් ගමු.

මෙහි එන්ජින් එක ලෙස bajaj විසින් 134.6cc, 4-stroke, DTS-i, air cooled. 4-valve single cylinder එන්ජින් එකක් ලබා දී ඇති අතර මේ එන්ජින් ධාරිතාවය යටතේ වෑල්ව හතරකින් සමන්විතව නිපදවෙන එකම Indian bike එක වෙන්නේ මේ 135LS අනෙකුත් බයික්ස් බොහෝ විට වෑල්ව 2කින් යුතු වන අතර 150 උඩ එන්ජින් ධාරිතාවක් සහිත සමහර යතුරුපැදි පමණක් වෑල්ව 4කින් යුතු වෙනවා.

මේ බයික් එක සතු උපරිම බලය ලෙස 13.3 Bhp සටහන් වෙන අතර උපරිම වේගය ලෙස 110kmph ලබා ගත හැකිය එමෙන්ම 0-60 වේගයට ලඟා වීමට තත්පර 5.1 ගත වෙනවා මේ එන්ජින් ධාරිතාව අනුව මේ කාලය හා වේගය හොදටම සෑහීමකට පත් විය හැකියි.

මෙහි සිසිලන පද්ධතිය ගැන කතා කලොත් වාසු සිසිලන පද්ධතියක් යොදාගෙන ඇති අතර ඉහල RPM වල ගමන් කරන විට traffic ධාවනයන් හී මෙන්ම දුර ගමන්වලදී අනෙකුත් එන්ජින් වලට සාපේක්ෂව නම් රත් වීමේ ස්වභාවය හා දෙදරීම් වැඩි බවක් දැකිය හැකි අතර  BS4(bharath standard 4) යටතේ නිපදවෙන 2017 මාදිලියේදි තරමක් මේ ස්වභාවය අඩු වි තිබෙනවා ඒ නිසා පරණ මාදිලියට සාපේක්ෂව තරමක් හොද riding experience එකක් ලබා ගැනීමට 2017 laser edge මාදිලියේදි ඉඩ ලැබෙනවා.

Gear හා clutch එක ගැන අවධානය යොමු කලොත්  වේග 5ක ගියර් පද්ධතියක් හා wet multiple-disc clutch එකක් යොදා ඇති අතර ගියර් ඉහලට යෙදීමේදි තරමක සිර වීම් ස්ව්භාවයක් හා අනවශ්‍ය ශබ්ද හට ගැනීමක් දැකිය හැකියි මෙය බොහෝ 135 වල දැකගත හැකි ගැටලුවක් ලෙස පෙන්විය හැකි නමුත් නිසි ආකාරට නඩත්තු කටයුතු කර ගැනීමෙන් මේ ගැටලුව සමනය කර ගත හැකියි. මම ධාවනය කරන ලද යතුරුපැදියේ නම් ඉතා සුමට gear ඉහල පහල යෙදීමක් කිරීමට ඉඩ ලැබුනා.

මෙහි ඉන්ධන සැපයුම carburettor එකක් හරහා සිදු වෙන අතර පෙට්‍රල් ලීටර එකකින් 50-58km අතර දුරක් ධාවනය කිරීමට සැලසෙනවා මේ එන්ජින් බලය මේ පෙනුම හා මිල ගණන්ද අනුව සාමාන්‍ය අඩු ආදායමක් ලබන තරුණයෙක්ට මේ ඉන්ධන කාර්යක්ෂමතාව ඉතාම ලොකු වාසියක් වෙනවා මොකද පෙනුම හා ඉන්ධන කාර්යක්ෂමතාව ඉහල තැනක ඉන්න FZ2.0 වැනි යතුරුපැදි වල නඩත්තු වියදම් හා මිල අධික විම නිසා එවැනි යතුරුපැදයක් මිලට ගත නොහැකි අයෙකුට මේ 135 යෝග්‍ය තෝරාගැනීමක් වෙනවා.

මෙහි ඉන්ධන ටැංකිය ලෙස ලීටර 8ක ටැංකියක් යොදාගෙන ඇති අතර එය දුර ගමන් වලදි තරමක අඩුවක් ලෙස පෙනුනද sport commuter මාදිලියේ යතුරුපැදියකට. මේ ඉන්ධන කාර්යක්ෂමතාව සමඟ full tank ඉන්ධන යෙදීමකින් 440km වැනි දුරක් ධාවනය කිරීමට ලැබෙනවා මේ නිසා කුඩා ටැංකිය අඩුවක් ලෙස පෙන්විය නොහැකි.

Meter panal එක ගැන කතා කලොත් පරණ මාදිලියේදී යොදා ගත් semi digital meter පද්ධතියම යොදාගෙන ඇති අතර මෙහි speed,trip,odo,fuel gage ඩිජිටල් ලෙසත් rpm analog ලෙසත් පෙන්නුම් කරන අතර අලුත් අංගයක් ලෙස meter housing එකට carbon fiber යොදාගෙන තිබෙනවා.

Handle bar ගැන අවධානය දුන්නොත් ඉතාම සුවපහසු හැසීරවීමකට උපකාර කරන clipon handle bar යොදාගෙන ඇති අතර පල්සර් පවුලට සුපුරුදු handle bar switches වල ආලෝකයක් නිකුත් කිරීම සිදු වෙනවා මේ නිසා රාත්‍රි කාලයේදී නුපුරුදු ධාවකයන්ට හොදින් head light,signal horn,start වැනි අංග පැහැදිලිව දර්ශනය වෙනවා. මේ price tag එක යටතේ මේ අංග බොහෝ සෙයින් වටිනවා.

Breaking ගැන කතා කලොත් ඉදිපස 240 mm Disc එකක් හා පසුපස 130 mm drum break එකක් යොදාගෙන තිබෙනවා ඉදිපස disc break යොදා තිබෙන නිසා වැඩි ආරක්ෂාවක් ලබා ගත හැකි නමුත් සිහින් ටයර් නිසා හදිසි තිරිංග යෙදීමකදී  පසුපස ඇබරී යාමක් සිදුවිය හැකියි.

Tyres ගැන කතා කලොත් ඉදිපස 2.75-17 හා පසුපස 100/90-17 යොදා ඇති අතර මේ ටයර් දෙකම ටියුබ් රහිත ටයර් වෙනවා කෙසේ උනත් මේ light weight යතුරුපැදියට මේ සිහින් ටයර් යොදා ගැනීම නිසා ඉහල වේගයන් හී අස්ථාවර බවක් හා තිරිංග යෙදීමකදි ලිස්සා යා හැකියි.

Suspension ලෙස ඉදිපස telescopic forks හා පසුපස double shocks යොදා ඇති අතර අනෙකුත් පල්සර් මාදිලිය වලට සාපේක්ෂව සුවපහසුව නම් අඩුයි එමෙන්ම පරණ මාදිලිය තුල spilt seat(doble seat) යොදාගෙන තිබුනද 2017 මාදිලිය තුල තනි සීට් එකක් යොදා තිබෙනවා.

මෙහි design එක ගැන කතා කලොත් මෙහි බොහෝ අමතර කොටස් 135LS නිශ්පාදනයට පෙර නිපදවූ XCD 135 එකට සමාන අතර Signal lights meter panal side mirrors tail light වැනි දේ 100%ක්ම 135 XCD එකට සමාන වෙනවා මෙය අනෙකුත් සියලුම පල්සර් යතුරුපැදි වලට වඩා වෙනස්ව නිමවා ඇති අතර සුලඟ සමග හොදින් මුහුන දිය හැකි ආකාරයට නිමවා තිබෙනවා එමෙන්ම පරණ මාදිලියට වඩා වැඩි උසකින් 2017 මාදිලියේ viser එකද නිමවා තිබෙනවා.

Frame එක ගැන අවධානය යොමු කලොත් Box Type Diamong   එකක් යොදා ඇත කෙසේ උනත් චැසි එක මත ඇති වෙන දෙදරීම ඉහල අතර 8000rpm වලදි පමණ මෙතෙක් ධාවනය කර ඇති සියලුම යතුරුපැදි වලට වඩා පාද හා දෙඅත් ආශ්‍රිතව දෙදරීම වැඩි බවක් දැකගන්න ලැබෙනව එමෙන්ම මෙහි විශාලම අඩුව ලෙස එය පෙන්වා දිය හැකියි.එමෙන්ම 122kg බරකින් හා 800 mm seat height එකකින් යුක්ත වෙනවා.මේ යතුරුපැදිය 80kmph වැනි වේගයකදී නම් පාලනය ගිලිහී යනවා සේ හැගීමක් මුල් වරට මේ යතුරුපැදිය ධාවනය කරන අයෙකුට හැගිය හැකිය ඒ මේ අඩු බර හා සිහින් ටයර් නිසා විය හැකියි.

Head lights එක ලෙස 12V 35/35 W  bulb එකක් හා මෙය AHO ලෙසට නිම කර ඇති අතරම signal ලෙස  clear lens යොදා ගෙන තිබෙනවා.

අවසාන වශයෙන් මේ බයික් එක ගැන කතා කලොත් චැසි දෙදරීම කාබ් එක ආශ්‍රිත ගැටලු මීටර් පද්ධතිය ආශ්‍රිත ගැටලු වැනි ගැටලු පරණ මාදිලිය තුලදි දැකගත හැකි නමුත් බොහෝ දුරට මේ අඩුපාඩු 2017 මාදිලියේදී අවම කර තිබෙනවා.මෙහි second hand market අඩු බවද තවත් ගැටලුවක් වෙනවා කෙසේ කොහොම උනත් නිසි ලෙස නඩත්තු කටයුතු කරගනිමින් පාවිච්චි සිදු කලොත් ජවය හා ඉන්ධන කාර්යක්ෂමතාව අතින් ඉහලම යතුරුපැදියක් ලෙස මෙය පෙන්වා දිය හැකියි මේ බයික් එකත් එක්ක තරඟයට Apache RTR 150,Hunk 150 වැනි යතුරුපැදි සිටිනවා.

මිල ගැන සදහන් කලොත් රුපියල් 300,780 සදහන් කල හැකියි.මේ මිලට මේ ඉන්ධන කාර්යක්ෂමතාව සහිත මේ පෙනුම සහිත හොදම යතුරුපැදියක් ලෙස 135LS පෙන්වා දිය හැකියි.

හොද නරක සුපුරුදු පරිදි සටහන් කලා ගැනීම නොහැනිම ඔබට බාරයි.අඩුපාඩු යෝජන චෝදන අපේ fb page එකට යොමු කරන්න පහල තියෙන photos බලලා බයික් එක ගැන අදහසක් ගන්න ස්තූති.

කරුණාකර කතෘ අයිතිය සුරකින්න.

Wandi - වණ්ඩි©











No comments:

Post a Comment