200cc ගැටුම Pulsar 200NS Vs Apache RTR 200 - Wandi - වණ්ඩි

Wandi - වණ්ඩි

Sri Lanka's leading website about Motorcycles. Keep in touch with us...

Click here to read this post in ENGLISH


Friday, November 24, 2017

200cc ගැටුම Pulsar 200NS Vs Apache RTR 200


අද මාතෘකාව වෙන්නේ මේ වෙද්දි FB පිල් දෙකකට බෙදිලා වාද කරන වාග් සංග්‍රාම දක්වා උත්සන්න උන 200NSRTR 200 ද කියන එකට උත්තරය රැල්ලට NS හොදයි RTR හොදයි නොකියා ඇත්තටම මොකද්ද හොද එහෙම හොඳ වෙන්න හේතුව මොනාද කියල එකින් එක පැහැදිලි කරමින් 200cc කාණ්ඩයේ වීරයා කවුද කියන එක අද ලිපිය අවසානයේ සදහන් කරන්නම්.
මුලින් මේ යතුරුපැදි දෙකේ එන්ජින් දෙක සසදා බලමු.
200NS එක සඳහා 199.5 cc තනි සිලින්ඩර් වෑල්ව 4ක Four-stroke engine එකක් ලබා දී තිබෙනවා මේ එන්ජින් එක මඟින් ලබා ගත හැකි උපරිම බලය 23.17 Bhp ලෙසත් උපරිම වේගය 136kmph(officially)ලෙසත් 0-100 වේගයට ලඟා වීමට තත්පර  9.83 කාලයකුත් වැය කරනවා.

RTR200 හී එන්ජින් එක ලෙස 197.75 cc තනි සිලින්ඩර් වෑල්ව හතරක four-stroke engine එකක් ලබා දී ඇති අතර මෙහි උපරිම බලය 20.23 BHP ලෙසත් 0-100 වේගය ලබා ගැනීමට ගත වෙන කාලය තත්පර 12 ලෙස හා උපරිම වේගය 131kmph(officially)ලෙස සඳහන් වෙනවා.

මේ අනුව වේගය එන්ජින් එක සතු බලය කාර්යක්ෂමතාව සියල්ලම අනුව බල සම්පන්න එන්ජින් එක වෙන්නේ Pulsar 200NS Engine එක.
මීලඟට මේ යතුරුපැදි දෙකේ සිසිලන පද්ධතිය ගැන කතා කලොත්

200NS එක සඳහා ද්‍රව සිසිලන පද්ධතියක් (liquid cooling) යොදාගෙන ඇති අතර 200NS Full Review එකේ සදහන් කල පරිදි ලංකාවේ දැනට ඇති Brand New යතුරුපැදි අතරින් RS200 හා Yamaha R15 හැර ද්‍රව සිසිලන පද්ධතියක් ඇති එකම යතුරුපැදිය වෙන්නේ 200NS මේ සිසිලන පද්ධතිය නිසා ඉහල වේගයකදී හා RPM එකකදී දුර ගමන් ගනිද්දී එන්ජින් එක අනවශ්‍ය ලෙස රත්වීම පාලනය කරන අතර මේ නිසා පහසුවෙන් දුර ගමන් කිරීමට NS එකට හැකියාව ලැබෙනවා.

RTR200 හී සිසිලන පද්ධතිය ලෙස Oil Cooling System එකක් සමඟ Ram Air Assist පද්ධතියක් යොදාගෙන ඇති අතර NS එකට සාපේක්ෂව මෙහි කාර්යක්ෂමතාව සුලු වශයෙන් අවම අතර ඉහල වේගයන් හා RPM හී එන්ජින් එක NS එකට වඩා තරමක් වැඩියෙන් රත් වීමක් පෙන්නුම් කරනවා.
නමුත් NS හී liquid cooling system එකට වඩා නඩත්තු වියදම නම් අවමයි.

කෙසේ වෙතත් මේ අනුව කාර්යක්ෂමතාව සිසිලන පද්ධතිය වෙන්නෙත් 200NS හී සිසිලන පද්ධතියයි.

මීලඟට Gear හා clutch ගැන කතා කලොත්

NS හී වේග 6ක ගියර් පද්ධතියක් හා wet multiple-disc clutch එකක් යොදා ඇති අතර සුමට gear මාරු කිරීමක් මෙහි දැකගත හැකි වෙනවා.

RTR හී නම් වේග 5ක ගියර් පද්ධතියක් සමඟ wet multiple-disc clutch එකක් දැකගන්න ලැබෙන්නේ NS හා සමාන සුමට ගියර් මාරුවක් මෙහිද දැකගත හැකි වූවද වේග 5ක ගියර් පද්ධතියක් ලබා දීම Streetfighter Bike එකට අඩුවක් ලෙස පෙන්විය හැකි මන්ද 200NS හා Duke200 යන මාදිලි දෙකේම වේග 6ක ගියර් පද්ධතියක් තමයි දැකගන්න ලැබෙන්නේ.
ඉන්ධන සැපයුම හා ඉන්ධන කාර්යක්ෂමතාව ගැන යතුරුපැදි දෙකේම අවධානය යොමු කලොත්

NS200 සඳහා ඉන්ධන සැපයුම Carburettor එකක් හරහා සිදු වෙන අතර ලීටර එකකින් 32-35km දක්වා ඉන්ධන කාර්යක්ෂමතාවක් ලබා ගත හැකි අතර 200 කාණ්ඩයේ හොදම ඉන්ධන කාර්යක්ෂමතාවක් ඇති යතුරුපැදියක් විදියට NS සදහන් කරන්න පුලුවන්.

RTR200 හී ඉන්ධන කාර්යක්ෂමතාව ද Carburettor එකක් මගින් සිදු වෙන අතර  මේ කාබ් එක ලෝප්‍රකට KEIHIN සන්නාමය යටතේ නිපදවෙන්නේ.
මෙහි ඉන්ධන කාර්යක්ෂමතාව ලීටර එකකට 25-35km අතර දුරක් වෙන අතර RTR එන්ජින් Racing purpose මත නිපදවෙන නිසා වැඩි ඉන්ධන කාර්යක්ෂමතාවක් බලාපොරොත්තු විය නොහැකි.

මේ අනුව ඉන්ධන කාර්යක්ෂමතාවට හිමි සම්මානයද 200NS සතු වෙනවා.

මීලඟට Chassis  හා handling ගැන කතා කලොත්


200NS හී steel perimeter beam section frame එකක් යොදා ඇති අතර අනෙකුත් TVS,Bajaj,Hero යතුරුපැදි වලට සාපේක්ෂව දෙදරීම් අවම අතර මේ චැසි එක යොදා ඇති එකම යතුරුපැදි කාණ්ඩය වෙන්නේ Pulsar NS (Naked Sports) පමණයි.
මේ යතුරුපැදියේ බර
152 kg වෙන අතර seat height 805 mm වෙනවා මේ measurements වලට අනුව ඕනෑම උසක අයෙකුට පහසුවෙන් ධාවනය කල හැකි යතුරුපැදියක් ලෙස NS සදහන් කල හැකිය.
එමෙන්ම හැසිරවීම පහසු කිරීමට Clipon handlebars යොදාගෙන තිබෙනවා.

Apache 200 හී Frame එක ලෙස Double cradle split synchro stiff frame එකක් යොදා ඇති අතර අනෙකුත් RTR මාදිලියන්ට වඩා මේ Frame එක දෙදරීම් අවමයි.මේ යතුරුපැදියේ බර 148 kg වෙන අතර seat height එක 800 mm වෙනවා 5mm වෙනසකින් මේ උස NS එකට වඩා අඩු වුවද අඩි හයක පමණ කෙනෙකුට තරමක අපහසුවක් ධාවනය කිරීමෙදි ඇති විය හැකි නමුත් ඒ ඒ පුද්ගලයාගේ riding style එක අනුව එය වෙනස් විය හැකියි.එමෙන්ම මෙහිද NS හී මෙන් Clipon handle bars යොදා තිබෙනවා.


කෙසේ වෙතත් overall NS එකට වඩා RTR හී ධාවනයේදි වැඩි පහසුවක් දැකගත හැකිය එයට KYB(KaYaBa) සන්නාමයෙන් එන suspension ද විශේෂ හේතුවකි.

මේ යතුරුපැදි දෙකේම design ඉතාම ආකර්ෂණීය ලෙස නිමවා ඇති අතර NS Vs RTR කෙලින් පාරක Highway එකක ධාවනය කලොත් NS නිතරඟයෙන් ජයග්‍රහණය කරන නමුත් Race track එකේ දී හො traffic ධාවනයේදී RTR200 එකට ලඟා වීමට වෙන කිසිම ලංකාවේ ඇති ඉන්දියන් බයික් එකක්ට පහසු වෙන්නේ නෑ.මොකද මෙහි Handling වලට ඇති පහසුව අනෙකුත් සියලුම යතුරුපැදි වලට වඩා ඉහලයි මෙය දෙවෙනි වෙන්නේ FZ16 වලට පමණක් උනත් එය 150 කාණ්ඩයේ නිසා සැසදීම(compare) කිරීම නිෂ්ඵලයි.

යතුරුපැදි දෙක සතු Meter panal ගැන කතා කලොත් NS හී Semi Digital ලෙසත් RTR හී Fully digital ලෙසත් meter Panal නිමවා ඇති අතර පෙනුමෙන් හා තොරතුරු දැක්වීම අතින් RTR මීටර් පද්ධතිය ඉදිරියෙන් සිටින අතර NS හී නැති Gear position Indicator,Top speed recorder වැනි අංග RTR හී ඇතුලත් වෙනවා මේ අනුව හොදම හා විස්තරාත්මකම මීටර් පැනලය වෙන්නේ RTR200 meter panal එකය.

exhaust ගැන කතා කලොත්
NS එකේ Under  belly (එන්ජින් එක යට) හා RTR එකේ Twin Barrel exhaust එකක් යොදා ඇති අතර මේ දෙකේ beats ගැන සලකා බැලුවම RTR හඬ කන්කලු හා ආකර්ෂණීය වෙනවා.එමෙන්ම පොලවට ඉහලින් ඇති නිසා සයිලන්සරයට සිදු විය හැකි හානිද අවමයි.

යතුරුපැදි දෙකේ Breaking ගැන කතා කලොත් ඉදිපස යතුරුපැදි දෙකේම හොඳ තිරිංග ප්‍රතිචාරයක් ඇති අතර යතුරුපැදි දෙකේම breaking proforments හොද තැනක පවතිනවා ලබන වසරේදී නිල වශයෙන් යතුරුපැදි දෙක සඳහාම ABS එකතුවීමට නියමිත අතර මෙහිදී NS Single channel ABS ලෙසත් RTR Dual Channel ABS නිසත් නිම වෙන නිසා එවිට RTR Breaking අතින්ද ජය ගැනීමට ඉඩ තිබෙනවා.

යතුරුපැදි දෙකේ tyre sizes ගැන කතා කලොත් NS හී ඉදිපස 100/80 - 17 පසුපස 130/70 - 17

RTR හී 90/90 ඉදිපස හා 130/70 පසුපස සදහා යොදා ඇති අතර එහිද වැඩි වෙනසක් ඇති වන්නේ නෑ.

NS headlight එක ලෙස H4 BLUE TINGE (12V 55/60W), All-time Headlamp On (AHO) යොදා ඇති අතර
RTR හී 60/55W, H4 Bulb with All-Time On LED Position Lamp
Headlight එක අතින් එලිය වැඩි හා පුලුල් පරාසයක එලිය විහිදෙන Head එක වෙන්නේ RTR head එක.

අවසාන වශයෙන් මේ යතුරුපැදි දෙක සසදා තීරණයකට එලබුනොත් වේගය,පෙනුම,ඉන්ධන කාර්යක්ෂමතාව හා අමතර කොටස් වල මිල අඩු බව යන සියලුම කාරණා වලට යටත්ව සමස්තයක් වශයෙන්(overall) 200cc  යතුරුපැදිය ලෙස 200NS නම් කල හැකි අතර මේ නිසා RTR ලෝලින් අප සමඟ අමනාප නොවෙන ලෙස ඉල්ලා සිටිනවා.RTR එක කෙලින් පරේ NS එකට දෙවෙනි වූවද Race Track එකට NS හෝ Duke යන දෙකටම RTR එකට කිට්ටු විය නොහැකි බව RTR ලෝලින් මතක තබාගන්න.
එමෙන්ම ලබා ගත් තොරතුරු වලට අනුව NS එකට වඩා වැඩි අලෙවිය සීග්‍රයෙන් RTR200 තුල වර්ධනය ව් ඇති අතර වෙනස්ම ආකර්ෂණීය පෙනුම BMW තාක්ෂණය හා Japan අමතර කොටස් එකතු වී තිබීම මූලික සාධකයක් ලෙස පෙන්විය හැකී.
මෙහි අමතර කොටස් NS එකට වඩා මිල අධික වීමටද හේතුව එයයි.

ඔබේ අදහස් යෝජනා චෝදනා පැම්ණිලි අපේ FB පිටුවට යොමු කරන්න ස්තූතියි.

කරුණාකර කතෘ අයිතිය සුරකින්න.

Wandi - වණ්ඩි©

No comments:

Post a Comment