Supermoto රජෙක් Suzuki DR-Z400SM - Wandi - වණ්ඩි

Wandi - වණ්ඩි

Sri Lanka's leading website about Motorcycles. Keep in touch with us...

Click here to read this post in ENGLISH


Monday, October 23, 2017

Supermoto රජෙක් Suzuki DR-Z400SM



අද මාතෘකාව ලෙසට තෝරගත්තා තවත් බරපතල ඉල්ලීමක් උන් Suzuki DR-Z400SM යතුරුපැදිය ගැන කතා කරන්න. මුල් වශයෙන් මේ යතුරුපැදිය ගැන හැදින්වීමක් කලොත් DR350 යතුරුපැදියට නෑකම් කියමින් මුල් වරට 2000 වසරේදී DRZ400E ලෙස නිකුත් උනා මෙය Street legal යතුරුපැදියක් නොවුනු අතර මෙහි මීටර්,සිග්නල්,හෙඩ්ලයිට් වැනි මාර්ගයේ ධාවනය අවශ්‍ය මූලික උපාංග අඩංගු නොවීය මේ යතුරුපැදිය සමඟම Dual Sport යතුරුපැදියක් ලෙස DRZ400S නිකුත් වූ අතර මෙය Street Legal ලෙස සිග්නල්,මීටර්,හෙඩ්ලයිට් පසුපස Footpegs වැනි මූලිකාංග සමඟ වෙලඳපොළට නිකුත් විය. Enduro Non Street Legal මාදිලිය හා S මාදිලිය අතර විශාල වෙනසක් නොවු අතර මුල් වරට 2005 වසරේදී Factory Fitted SuperMoto යතුරුපැදියක් ලෙස DRZ400SM වෙලඳපොළට නිකුත් විය. එමෙන්ම මීට පෙර Kawasaki විසින් Rebadged මාදිලියක් ලෙස DRZ400S මාදිලිය KLX400 ලෙසට අලෙවි කිරීම සිදු කෙරුණි.

DRZ හී නිශ්පාදනය වර්ශය අනුව ඉතා විශාල වෙනස්කම් නොවෙන අතර WR250Xහී මෙන්ම භාහිර Sticker Design එක පමණක් වෙනස් විය. මෙහි Sticker Design  එක ඕනෑම අයෙකුට වෙනස්කරගත හැකි අතර මේ නිසා 2005 මාදිලිය 2009-2013 කාලවකවානුව තුල නිශ්පාදනය වූ මෙරට වැඩිම ඉල්ලුමක් ඇති DRZ කටුකම්බි මාදිලියෙහි මිලට භාහිර පෙනුම වෙනස් කොට අලෙවි කිරීමේ හැකියාව පවතිනවා මෙය WRX හීද දැකගත හැකි තත්වයක්.

මේ යතුරුපැදියට අදාල Product Codes සටහන් කර Review එක ආරම්භ කරන්නම්.




2005
Name: Suzuki DR-Z400SM - supermoto

Suzuki DR-Z400S

Suzuki DR-Z400E

Code: DR-Z400SMK5, DR-Z400SMUK5; DR-Z400SK5, DR-Z400EK5

2006
AllName: Suzuki DR-Z400SM

Suzuki DR-Z400S

Suzuki DR-Z400E

Code: DR-Z400SMK6, DR-Z400SMUK6; DR-Z400SK6, DR-Z400EK6

2007
AllName: Suzuki DR-Z400SM

Suzuki DR-Z400S

Suzuki DR-Z400E

Code: DR-Z400SMK7, DR-Z400SMUK7; DR-Z400SK7, DR-Z400EK7

2008
AllName: Suzuki DR-Z400SM

Suzuki DR-Z400S

Code: DR-Z400SMK8, DR-Z400SK8

2009
AllName: Suzuki DR-Z400SM

Suzuki DR-Z400S

Suzuki DR-Z400E

Code: DR-Z400SMK9, DR-Z400SK9, DR-Z400EK9

2010
AllName: Suzuki DR-Z400SM

Suzuki DR-Z400S

Code: DR-Z400SML0, DR-Z400SL0

2011
AllName: Suzuki DR-Z400SM

Suzuki DR-Z400S

Code: DR-Z400SML1, DR-Z400SL1

2012
AllName: Suzuki DR-Z400SM

Suzuki DR-Z400S

Code: DR-Z400SML2, DR-Z400SL2

2013
AllName: Suzuki DR-Z400SM

Suzuki DR-Z400S

Code: DR-Z400SML3, DR-Z400SL3

2014
AllName: Suzuki DR-Z400SM

Suzuki DR-Z400S

Code: DR-Z400SML4, DR-Z400SL4

2015
AllName: Suzuki DR-Z400SM

Suzuki DR-Z400S

Code: DR-Z400SML5, DR-Z400SL5

2016
AllName: Suzuki DR-Z400SM

Suzuki DR-Z400S

Code: DR-Z400SML6, DR-Z400SL6

2017
AllName: Suzuki DR-Z400SM

Suzuki DR-Z400S

Code: DR-Z400SML7, DR-Z400SL7




මෙහි එන්ජින් එක ලෙස Suzuki ලබා දී තියෙනවා 398cc DOCH තනි සිලින්ඩර four stroke 4 valve එන්ජින් එකක් මේ එන්ජින් එකෙන් උපරිම බලය විදියට 39.5bhp බලයක් ලබා ගැනීමේ හැකියාව ඇති අතර 0-60 වේගයට ලඟා වීමට තත්පර 3.2ක් හා 0-100 වේගයට ලඟා වීමට තත්පර 6.1 වැනි කාලයක් ගත වෙන්නේ එමෙන්ම උපරිම වේගය ලෙස 176kmph පමණ සටහන් වෙනවා.

එමෙන්ම මේ එන්ජිම සුලු වෙනස්කම් කිහිපයකට භාජනය කරමින් Flat Carb, Big Bore Racing kit වැනි අංග එකතු කරමින් අශ්වබල 50ක පමණ බලයක් ලබා ගැනීමේ අවස්තාව ද හිමි කර දී තිබෙනවා. තව ද මෙහි Enduro මාදිලිය වන DR-Z400E හී Stock Engine එකම අශ්වබල 48ක් ලබා දෙනවා.

මේ එන්ජින් එක ඉතාම බල සම්පන්න එන්ජින් එකක් වගේම අමතර කොටස් හා නඩත්තු කටයුතු අපි කලින් කතා කරපු WR250X ලෙසම තරමක් මිල අධිකයි.

මෙහි සිසිලන පද්ධතිය ලෙස බොහෝමයක් SM යතුරුපැදි වල මෙන් ද්‍රව සිසිලන(liquid cool) පද්ධතියක් යොදා ඇති අතර මේ නිසා ඉහල වේගයන් වල වැඩි දුරක් එන්ජින් එක සතු උපරිම කාර්යක්ෂමතාව ලබා ගනිමින් එන්ජින් එක අනවශ්‍ය ලෙස උණුසුම් නොකර ගනිමින් ධාවනය කිරීමට ඉඩ ලැබෙනවා.

මෙහි ඉන්ධන සැපයුම Mikuni සන්නාමය යටතේ එන BSR36 carburettor  එකක් හරහා සිදු වෙන අතර ඉන්ධන කාර්යක්ෂමතාව පෙට්‍රල්  ලීටර එකකින් 18-25km අතර දුරකට සීමා වෙනවා WR වැනි යතුරුපැදි වල මෙන් මේ එන්ජින් එකටත් EFI (Electronic Fuel Injection) යොදා ගත්තා නම් මීට වඩා ඉහල ඉන්ධන කාර්යක්ෂමතාවක් හා වැඩි එන්ජින් ජවයක් ලබා ගැනීනට ඉඩ තිබුනා නමුත් එසේ EFI Unit එකක් එක් කර නැහැ මේ නිසා FI unit එකක ගැටලුවකදි වැය වන මුදලින් හරි අඩකටත් අඩු මුදලකින් මෙහි කාබ් එක ආශ්‍රිත් ලෙඩ රෝග නිවාරණය කර ගැනීමට හැකි වී තිබෙනවා.නමුත් ඉන්ධන කාර්යක්ෂමතාව   වැඩි වශයෙන් ලබා ගැනීමට ලැබෙන්නෙ නැහැ ඒ වගේම තවත් දෙයක් සදහන් කලොත් මේ වගේ බයික් එකක් අරගෙන ඉන්ධන කාර්යක්ෂමතාව බලන එක ඇත්ත වශයෙන්ම අනුවණ ක්‍රියාවක් ගත්තා පැද්දා රිසව් එද්දි තෙල් ගැහුව මිස ඊට වඩා දෙයක් මේ එන්ජින් වලින් බලා පොරොත්තු වෙන්න බැහැ එහෙනම් ඉතින් Platina ES වගේ බයික් එකකට යන්න ලීටර එකට 100km දුවන්න.




බයික් එකේ gear හා clutch එක ගැන කතා කලොත් වේග 5ක ගියර් පද්ධතියක් තමා දැකගන්න ලැබෙන්නේ මෙය තරමක අඩුපාඩුවක් ලෙස පෙන්නුම් කල හැකියි  WR125X හීද ගියර් 6 දැකගැනිමට ලැබුනත් මෙය 400 සිලින්ඩර් ධාරිතාවයෙන්‍ යුක්ත වෙලත් ගියර් 5 ලබා දීම වේග පාලනයට හා බයික් එකේ ගැම්මට අඩුවක් ලෙස සමහර පුද්ගලයන් සලකන මුත් බොහෝ 450,400 කාණ්ඩයේ Enduro යතුරුපැදි වල වේග 5ක ගියර් පද්ධතියක් දැකගන්න ලැබෙන්නේ. එමෙන්ම සිතියම් ගත කරන ලද DC-CDI පද්ධතිය  මගින් throttle positon ,RPM මනා ලෙස අධීක්ෂණය වෙන අතර මේ නිසා හොද වේග පාලනය ලබා ගැනීමට හා තරමක ඉන්ධන කාර්යක්ෂමතාව ඉහල තැනකට ගැනීමට ඉඩ ලැබෙනවා.මේ නිසා බරපතල අඩුවක් ලෙස Gear 5ක් ලබා දීම පෙන්විය නොහැකියි.

Clutch එක ලෙස wet multiple-disc clutch එකක් යොදා ඇති අතර සුවපහසුව ගියර් ඉහල පහල කර ගැනිමේ හැකියාව පවතිනවා.

තවත දුරටත් මේ බයික් එක ගැන කතා කරද්දි ලීටර 10ක ඉන්ධන ටැංකියක් ලබා දී ඇති අතර Supermoto කාණ්ඩයේ වැඩි ඉන්ධන ධාරිතාවක් ඇති බයික් එකක් ලෙස DRZ පෙන්වා දිය හැකි එමෙන්ම මේ ඉන්ධන කාර්යක්ෂමතාව එක්ක ලීටර 6ක 8ක ටැංකියක් දුර ගමන් වලට සෑහෙන්නේ නෑ.

Meter panal එක ගැන කතා කලොත් fully digital විදියට තමයි එය දැකගන්න ලැබෙන්නෙ.speed,ODO,trip,Time,stopwatch පෙන්නුම් කරන අතර fuel gauge හා rpm දැකගන්න ලැබෙන්නේ නෑ එය CRF හැර බොහෝ SM/DIRT බයික්ස් වල ආවේනික ලක්ෂණයක්.


Click here to read this post in ENGLISH


Chassis එක විදියට Chrome-moly steel frame එකක් යොදා ඇති අතර මෙය බරින් අඩු ශක්තිය අතින් ඉහල frame එකක් වෙනවා මේ නිසා එන්ජින් එක මත යෙදෙන දෙදරීම් පාලනයට ඉහල වේගයන් හී ස්තාවර බව ලබා දීමට ඝට්ටන කම්පන වලට හොදින් මුහුණ දීමට ඉඩ ලැබෙනවා.

බයික් එකේ seat height එක 855mm (අඟල් 33.7) ලෙස සටහන් වෙන අතර මෙය සීරූ මාරු(adjust) කල හැකිය කෙසේ වෙතත් මෙවැනි උසකින් හා එන්ජින් ධාරිතාවකුන් යුත් මෙන්ම 147kg බරකින් යුක්ත යතුරුපැදියක් පලපුරුද්දක් නොමැතිව ධාවනය සියදිවි නසා ගැනීමකට සමාන අතර අඩි 5ක පමන අයෙකුට traffic ධාවනය කිරීමද තරමක් අපහසුයි මංද පොළව හා පාද අතර සම්බන්දසම්බ ඉතාම අඩු නිසා.

මෙහි Ground Clearance 260 mm (අඟල් 10.2) ලෙස සටහන් වන අතර මේ නිසා ඕනෑම මාර්ගයක පහසුවෙන් ධාවනයට හැකියාව ලැබී තිබෙනවා මෙය Enduro හා Supermotard යතුරුපැදි වලටම ආවේණික වූ විශේෂ වාසියක් ලෙස නම් කල හැකියි.

Suspension වෙත අවධානය යොමු කලොත් ඉදිපස සඳහා Oil damped USD එසේ නැත්නම්
Inverted telescopic හා coil spring යොදාගෙන තිබෙනවා මේ නිසා ඉතාම සුවපහසුව ඕනෑම මාර්ගයක ධාවනය කිරීමේ අවස්තාව DRZ rider කෙනෙක්ට ලැබෙන අතර ඉදිපස හා පසුපස දෙපසම Suspension ගැන service එකේදී වැඩි අවධානයක් ලබා දීමට සිදු වෙනවා.මෙහි oil මට්ටම ප්‍රශ්ස්ත මට්ටමක නොතිබුනොත් එහි ක්‍රියාකාරිත්වයට යම් බාධාවක් එල්ල විය හැකිය.
පසුපස ද oil damped
Link type, coil spring suspension යොදාගෙන තිබෙනවා.එමෙන්ම මෙය ප්‍රමාණ 20කට සීරූ මාරු කරගනිමින් යතුරුපැදියේ උස වෙනස් කර ගත හැකියි.




Braking ගැන කතා කලොත් ඉදිපස 310 mm disc එකක් සමඟ පිස්ටන් දෙකකින් සමන්විත nissin කැලිපරයක් යොදා තිබෙනවා.
පසුපස සඳහා 240mm disc එකක් සමඟ තනි පිස්ටන් nissin කැලිපරයක් යොදා ඇති අතර SM bike එකට අවශ්‍ය හොඳ braking response එකක් මේ බයික් එක සතුයි.

කෙසේ වෙතත් ජපානයේ Dometic Market එක වෙත නිකුත් කල DRz Limited Edition හී 310mm Petal Disk එකක් ඉදිරිපසට හා පසුපස 240mm Petal Disk එකම් දැකගත හැකියි.

Tyres හා rim ගැන අවධානය දුන්නොත් ඉදිපස 120/70-17 tyre එකක් යොදා ඇති අතර පසුපස සදහා 140/70-17 tyre එකක් යොදා තිබෙනවා.ඉහල වේගයන් වල පොලව සමඟ හොද සම්බන්දතාවය ගොඩ නැගීමට ඉතාම පහසුවෙන් ඕනෑම ආකාරයක වංගු ගැනිමක් සිදු කරන්න මෙන්ම හොද තිරිංග යෙදිමකට ද මේ පුලුල් ටයර් උපකාර කරනවා.කෙසේ වෙතත් ටයර් මාරු කිරීමක් සඳහා 35-40ක් අතර මුදලක් වැය වෙනවා.

එමෙන්ම අඟල් 17ක EXCEL BRAND ඇලුමිනියම් රිම් හා ස්පෝක්‍ යොදා ඇති අතර යම් හෙයකින් අනතුරකට ලක් උනොත් ඉතා වැඩි පිරිවැයක් මේවා යතා තත්වයට පත් කරගැනීමට වැය කිරීමට සිදු වෙනවා.

Headlight එක විදියට 60/55W halogen එකක් යොදා ඇති අතර ඉතා ඉහල.පරාසයකට ආලෝකය විහිදීමේ හැකියාව මේ head එක සතුයි මේ නිසා රාත්‍රි කාලයේ ධාවනයට මෙන්ම මීදුම් ආශ්‍රිත ප්‍රදේශයේ වලද ආරක්ෂාකාරීව ධාවනයට ඉඩ සැලසෙනවා.

අවසාන වශයෙන් මේ යතුරුපැදිය ගැන කතා කලොත් 2000 වසරේදී Enduro Non Street Legal යතුරුපැදියක් ලෙස කරළියට පැමිනි අතර කික් ස්ටාර්ට් එකක් පමණක් හා මාරගයේ ධාවනයට අවශ්‍ය කිසිදු උපාංගයක් නොවිය කල් යත්ම යාවත්කාලින වූ මේ DRZ යක්ශයා වර්ථමානය වන විට ලෝකප්‍රකට Supermotard යතුරුපැදියක් වී ඇති අතරම මෙරට බොහෝ Supermoto ලෝලීන්ගේ සිහින යතුරුපැදිය බවට පත්ව ඇත . මේ යතුරුපැදිය සමඟ තරඟයට Yamaha WR450F,Honda CRF450X,Kawasaki KLX400,KTM 450SMR වැනි යතුරුපැදි සිටින අතර මෙහි මිල ජාත්‍යන්තර වෙලඳපොලේද ඉතාම  අධිකයි එනම් 300cc හා 400cc කාණ්ඩයේ Twin cylinder Kawasaki Ninja,Yamaha YZF-R3 වැනි යතුරුපැදි වලට වඩා තරමක් ඉහල අගයකි.මෙරට මුදලින් 250cc ලෙස ලියාපදිංචි වූ යතුරුපැදියක් රුපියල් ලක්ශ 7 සිට 9 දක්වා පරාසයකත් 400cc මත නීත්‍යානුකූලව ලියාපදිංචි කරන ලද යතුරුපැදියක් රුපියල් ලක්ශ 10 සිට 13ක පමණ පරාසයකත් විහිදෙනවා එමෙන්ම මෙය යතුරුපැදියේ නිශ්පාදන වර්ශය හා යතුරුපැදියේ ධාවන තත්වය මත වෙනස් විය හැකියි.

Brand New මෙම යතුරුපැදිය සියලුම බදු වලට යටත්ව රුපියල් ලක්ශ 16කට ආසන්නයි.

මේ යතුරුපැදිය ගැන අදහසක් පහල තියෙන ඡායාරූප බලල අරගන්න නිෂ්පාදන වර්ෂය අනුව සිදුවූ සුලු සුලු වෙනස්කම් DRZ පිස්සෝ හී ඇති පෝස්ටුව මගින් ලබාගන්න මෙතන Touch කරන්න.

ඔබේ අදහස් යෝජනා චෝදන අපේ FB පිටුවට යොමු කරන්න ස්තුතියි.

ව්ශේෂ ස්තූතිය මලීශ ෆර්නෑන්ඩෝ වෙත.

කරුණාකර කතෘ අයිතිය සුරකින්න.

Wandi - වණ්ඩි©



























1 comment: