පෙට්‍රල් ලීටරේට 40ක් දුවන Yamaha FZ25 - Wandi - වණ්ඩි

Wandi - වණ්ඩි

Sri Lanka's leading website about Motorcycles. Keep in touch with us...

Click here to read this post in ENGLISH


Thursday, October 19, 2017

පෙට්‍රල් ලීටරේට 40ක් දුවන Yamaha FZ25



අද මාතෘකාව වෙන්නේ Yamaha පවුලට අලුතෙන් එකතු උන සාමාජිකයන් ගෙන් කෙනෙක් වෙන Yamaha FZ25 අද Review එකත් Engine එකෙන්ම පටන් ගමු.

මේ බයික් එකට එන්ජින් එක විදියට 249cc තනි සිලින්ඩර 4 stroke SOCH වෑල්ව 2ක එන්ජින් එකක් යමහා ලබා දී තිබෙනවා.
මේ එන්ජින් එක 250 කාණ්ඩයේ බලය අඩුම naked Streetfighter bike engine  එක විදියට නම් කලත් වැරදි නැහැ මොකද 200NS/RS KTM Duke/RC200-250 මේ සියල්ලන්ටම වඩා බලයෙන් අඩු එන්ජින් එක වෙන්නේ මේ FZ25 එන්ජින් එක මේ එන්ජින් එකට ලබා ගත හැකි උපරිම බලය ලෙස 20.69 Bhp  සටහන් වෙනවා මම කලින් සදහන් කරපු Duke 200 200NS වැනි 200 යතුරුපැදි එන්ජින් 24bhp බලයකින් පමණ යුක්ත වෙනවා ඒ වගේම වෑල්ව 4ක එන්ජින් එකක් යොදාගෙන තිබෙනවා.
මේ එන්ජින් එකට 0-60 වේගය ලබා ගැනීමට තත්පර 3.37 හා 0-100 වේගය ලබා ගැනීමට තත්පර 8.58 කාලයක් ගත වෙන අතර 134 kmph උපරිම වේගයක් ලබා ගනිමේ හැකියාව පවතිනවා.

බයික් එකේ සිසිලන පද්ධතිය විදියට යමහා Air+Oil cooling system එකක් යොදාගෙන ඇති අතර මේ බයික් එකත් එක්ක තරඟයට ඉන්න අනෙකුත් සෑම බයික් එකක්ටම පාහේ liquid cooling system එකක් තමයි යොදාගෙන තිබෙන්නේ 250 කාණ්ඩයේ යතුරුපැදියක් වෙලත් යමහා මේ යතුරුපැදිය සඳහා liquid cooling system එකක් යොදා නොගැනීම අඩුවක් ලෙස පෙන්වා දිය හැකි අතර බොහෝ විට පිරිවැය අවම කිරීමට එය සිදු කරන්නට ඇති.

කෙසේ වෙතත් මේ බයික් එකේ සැකසීම අනුව හැකි හැම ආකාරයටම එන්ජින් එක තුලට වාතය ගමන් කිරීමට සලසා ඇති නිසා අනෙකුත් air හෝ oil සිසිලන පද්ධති සහිත බයික් එන්ජින් වලට වඩා අඩු වේලාවකින් එන්ජින් එක සිසිලනය උනත් ද්‍රව සිසිලන එන්ජින් වලට සාපේක්ෂව නම් එන්ජින් එක සිසිල් වීමට ගත වෙන කාලය වැඩියි.

බයික් එකේ gears හා clutch ගැන කතා කලොත් වේග 5ක ගියර් පද්ධතියක් යොදාගෙන තිබෙනවා මෙයද අඩුවක් ලෙස පෙන්ව දිය හැකියි 200ns/rs ktm duke/rc වැනි සියලුම යතුරුපැදි පාහේ වේග 6ක ගියර් පද්ධතියක් සමඟ කරලියට පැමිනියත් යමහා මේ FZ25 සදහා වේග 5ක් ලබා දීම පිලිබඳව බහුතරයක් යමහා Fans ලා මෙන්ම යතුරුපැදි ලෝලින් බොහෝ සෙයින් අප්‍රසාදය පල කරන අතර Gear 6ක් නැති streetfighter bike එකක් ලොකුම ලොකු අඩුවක් ලෙස පෙන්නුම් කල හැකියි එය riding experience එකට වගේම riderගේ සිතුවිලි වලට පවා බලපෑම් කරන සාධකයක් වෙනවා.

Clutch එක විදියට Multi-Disc Wet එකක් යොදා ඇති අතර යමහා වලටම ආවේනික සුවපහසුව ගියර් මාරු කිරීමේදී ලබා ගැනිමට rider ට හැකියාව ලැබෙනවා.

මේ බයික් එකේ ඉන්ධන සැපයුම EFI System එකක් හරහා සිදු වෙන අතර මේ EFI System එකට හා 2 valve engine එකට පිං සිද්ද වෙන්න පෙට්‍රල් ලීටර එකකින් 38-43km අතර දුරක් ධාවනයට ඉඩ ලැබෙනවා.සාමාන්‍යයෙන් මේ ඉන්ධන කාර්යක්ෂමතාව 250 එන්ජින් එකකින් කිසිසේත්ම බලාපොරොත්තු විය නොහැකි උනත් යමහා එය ඉටු කර තිබෙනවා බලය අඩුම 250 Streetfighter යතුරුපැදිය උනත් ඉන්ධනය කාර්යක්ෂමතාව ඉහලම 250 streetfighter යතුරුපැදිය වෙන්නේ FZ25 කෙසේ වෙතත් FZ16 2.0 හී EFI unit එක 40000 පමණ වන අතර බොහෝ විට මෙය ඊටත් වඩ මිල අධික විය හැකියි ඒ නිසා EFI unit එකට හානියක් නොවෙන්න Owner වගබලා ගත යුතුයි.

එමෙන්ම ලීටර 14ක පිරිපුන් විශාල ඉන්ධන ටැංකියක් යොදාගෙන ඇති අතර මෙය බයික් එකේ හැඩි දැඩි පෙනුමට මෙන්ම දුර ගමන් වලට විශාල සේවයක් සිදු කරනවා.

මෙහි meter panal එක ගැන කතා කලොත් FZ16 2.0 එකටද තරමක් සමානකම් කියන digital meter පද්ධතියක් යොදාගෙන ඇති අතර මෙහි Speed,RPM,ODO,trip හා fuel gage පෙන්නුම් කරනවා මෙහි gear position indicator එකක් යොදා නොගැනීම තවත් අඩුවක් ලෙස පෙන්නුම් කල හැකි අතර මේ බයික් එකත් එක්ක තරඟ කරන අනෙකුත් සියලුම බයික් වල meter පද්ධතියක් මීට වඩා ඉහල තැනක සිටිනවා.

මේ බයික් එකේ Handling ගැන කතා කලොත් ඉතාම සුවපහසුව ආකාරයට riding position එක සකසා ඇති අතර ඕනෑම උසකායෙකුට ගැලපෙන ලෙස නිර්මානය කර තිබෙනවා එමෙන්ම  හැසිර වීමට පහසු ලෙස handlebar ද නිමවා ඇති අතර එහි Fz16 හී ඇති සාමාන්‍ය switch ටිකම දැකගත හැකියි.
එමෙන්ම 795 mm seat height එකක් හා 148kg මුලු බරකින් යුක්තයි.

මේ බයික් එකේ Frame එක විදියට Steel diamond frame එකක් යොදා ඇති අතර ඉතා ඉහල වේගයන් හීදී පවා ස්තාවර බව හා දෙදරීම් අඩු කිරීමට යමහා සමත් වී තිබෙනවා Fz16 පදින අය උනත් දන්නවා ඇතිනේ bike එකේ තියෙන පහසුව එමෙන්ම Bajaj Dominar(pulsar 400CS) ධාවනය කරන ලද කීප දෙනෙක්ද මේ බයික් එක Dominar එකට වඩා සුවපහසු හා දෙදරීම් අඩු බව bajaj dominar  owners honest review වල සදහන් කර තිබුනා එය එසේ විය යුතුයි නේ ලෝකයේ හොදම යතුරුපැදි නිෂ්පාදකයා 12 වෙනියට පරාද වීම සුදුසු නෑනේ.

Suspension ගැන කතා කලොත් ඉදිපස සදහ Telescopic Forks යොදාගෙන තිබෙනවා duke 200 වල මෙන් USD shock ලබා දුන්නා නම් මීට වඩා පෙනුමක් හා සුවපහසුවක් ලැබීමට ඉඩ තිබුනත් බොහෝ විට නිෂ්පාදන පිරිවැය අවම කිරීමට යමහා මෙය සිදු කරන්නට ඇති පසුපස සදහ monoshock යොදා ඇති අතර yamaha වලට ආවේනික සුපුරුදු සුවපහසුව rider හා passenger යන දෙපාර්ශවයටම ලබා ගැනීමට හැකියාව ඇති අතරම පුලුල් ඉදිපස හා පසුපස ආසන නිසා දුර ගමන්වලදී ද සුවපහසුව ලැබෙනවා.ඒ අතින් නම් KTM Duke 200-250 වලට වඩා FZ25 ඉදිරියෙන් සිටිනවා.

Breaking ගැන කතා කලොත් ඉදිපස 282mm hydraulic single disc with a 2-pot calliper හා පසුපස 220mm hydraulic single disc with a single-pot calliper යොදා ඇති අතර ABS නම් දැකගැනිනට ලැබෙන්නේ නෑ එයද තවත් නිෂ්පාදනය පිරිවැය අවම කරගැනීමේ උපායක් ලෙස පෙන්වා දිය හැකි උනත් එය 2018 වසරට වලංගු වන්නේ නෑ මොකද 2018 වසරේ සිට 150cc සිලින්ඩර ධාරිතාවයෙන් ඉහල සෑම යතුරුපැදියක්ම ABS සහිතව නිෂ්පාදනය විය යුතු ලෙස ඉන්දියාවේ පනවා ඇති නීතියයි.

Tyres ගැන කතා කලොත් ඉදිපස 100/80-17 M/C 52P පසුපස 140/70-17 M/C 66S ටියුබ් රහිත පුලුල් ටයර් යොදා ඇති අතර ඉදිපස 17 M/C x MT 2.50 හා පසුපස 17 M/C x MT 4.00 alloy wheel rim එකක් යොදා තිබෙනවා ඉතා පහසුවෙන් වංගු ගැනීමට ඉහල වේගයන් වල ස්තාවර බව ලබා ගැනීමට හා ඉහල තිරිංග ප්‍රතිචාරයක් ලබා ගැනිමට මේ පුලුල් ටයර් උපකාර කරනවා.

Headlight එක ගැන කතා කලොත් LED AHO(Automatic headlamp on) යොදා ඇති අතර මේ නිසා හෙඩ් එක ඔන් ඔෆ් කිරීමට ස්විචයක් යොදාගෙන නැහැ.
Tail light එක ලෙසත් Apache 200 එකට සමාන LED tail එකක් යොදා ඇති අතර Clear lens 12V, 10W signal lights යොදාගෙන තිබෙනවා.

අවසාන වශයෙන් මේ බයික් එක ගැන කතා කලොත් 250 streetfighter කාණ්ඩයේ බලය අඩුම ඉන්ධන කාර්යක්ෂමතාව ඉහලම යතුරුපැදිය වෙන්නේ Yamaha FZ250 මේ බයික් එකත් එක්ක තරඟයට KTM Duke 200-250 Apache RTR 200 Benelli TNT300 වැනි යතුරුපැදි සිටින අතර ඒ Bajaj හා Apache හැර අනෙත් සියල්ලන්ටම වඩා ඉන්දියාව තුල මේ යතුරුපැදිය මිල අඩු බව හා ඉහල ඉන්ධන කාර්යක්ෂමතාව ආකර්ෂණීය පෙනුම නිසා සාර්ථක අළෙවියක් පෙන්නුම් කරනවා.

මෑතකාලීනව ලංකාවට ද මේ යතුරුපැදය ආනයන කරණු ලැබූ අතර දැනට AMW Borella Branch එකේ පමණක් දැකගත හැකි අතර ආරංචි වෙන ආකාරයට ලක්ශ 7.60 පමණ මුදලක් මෙයට තීන්දු කර තිබෙනවා ඉන්දියාවේ මිල අඩු උනත් ලංකාව තුල මේ නියමි ඇති මිල හා මෙහි ගුණාංග අනුව ඔබ බරපතල යමහා ලෝලියෙක් උනත් මිල දී ගැනීමට පෙර දෙවරක් සිතා බලන්න මෙය යමහා හී වරදක් නොවන බවද වටහා ගන්න ලක්ශ 4ක් පමණ සම්පූර්ණයෙන්ම බදු මුදල් ලෙස රජය විසිනුයි අය කරගන්නේ.

බජාජ් ඩොමිනා හීද මේ ගැටලුවමයි පවතින්නේ ඉන්දියාවේ මිල අඩු වැඩ වැඩි බයික් එක ලෙස නම තබා ඇති ඩොමිනා ලංකාවේ ලක්ශ 9.90 වෙන අතර ලක්ශ 5ක් පමණ බදු ලෙස රජයටයි ආදායම යන්නේ.

ගුණ අගුණ සටහන් කලා ලගදි නිකුත් උන මෙහි Sports model එක වෙන fazer25 බයික් එක ගැනත් review එකක් අරගෙන එන්නම්.

ඔබේ අදහස් යෝජනා චෝදනා අපේ FB පිටුවට යොමු කරන්න පහල තියෙන photos බලලා බයික් එක ගැන අදහසක් ගන්න ස්තූති.

කරුණාකර කතෘ අයිතිය සුරකින්න.

Wandi - වණ්ඩි©












No comments:

Post a Comment