බඹරගේ සහෝදරයා Honda JADE 250 - Wandi - වණ්ඩි

Wandi - වණ්ඩි

Sri Lanka's leading website about Motorcycles. Keep in touch with us...

Click here to read this post in ENGLISH


Wednesday, October 18, 2017

බඹරගේ සහෝදරයා Honda JADE 250




අපේ අලුත්ම video එක බලලා like කරලා subscribe කරලා සප් එකක් දෙන්න❤️❤️
Video එක බලන්න 👉මෙතනින්👈


අද මාතෘකාව වෙන්නේ 75% විතර බරපතල විදියට ඉල්ලීමක් කරපු Honda Jade 250 බයික් එක මේ බයික් එකේ review එක ඉල්ලීම දෙවෙනි වෙන්නේ Honda Hornet 250 එකට විතරයි ඉක්මනින්ම Hornet එකේ review එකත් අරගෙන එන්නම්.


  • සුපුරුදු පරිදි review එක engine එකෙන්ම පටන් ගන්නම්.මේ බයික් එකේ එන්ජින් එක විදියට හොන්ඩ විසින්  249cc four-stroke, DOHC( dual overhead cams)සිලින්ඩර හතරක එන්ජින් එකක් ලබා දී තිබෙනවා ඒ වගේම එක් සිලින්ඩරයක් සඳහා වෑල්ව 4 බැගින් සිලින්ඩර් 4ට වෑල්ව 16ක් යොදා ගෙන තිබෙනවා. මේ එන්ජින් එක හොන්ඩා හොර්න හා ගල්ලාම් 250 එකට යම් තරමක සමාන කමක් දැක්වූවත් හොන්ඩා Hornet එකට වඩා නම් වයසින් වැඩී.මේ එන්ජින් එක ඉතා බලසම්පන එන්ජින් එකක් වෙන අතර නඩත්තු කටයුතු සදහා පිරිවැය හා අමතර කොටස් නම් මිලෙන් අධිකයි එමෙන්ම විශේෂඥය කාර්මික ශිල්පී දැනුම අත්‍යාවශ්‍යයි.


මේ එන්ජින් එකෙන් බයික් එක වෙත ලැබෙන උපරිම බලය 42bhp වෙන අතර 0-60 වේගයට ලඟා වීමට තත්පර 3ක් හා 0-100 වේගයට ලඟා වීමට තත්පර 6.4 වැනී වේගයක් ගත වෙනවා මේ අංග බොහෝ සෙයින් හොන්ඩා Hornet එකට සමාන අතර තරම pickup එකේ වැඩි බවක් Hornet එකට වඩා දැකගන්න ලැබෙනවා ඊට හෙතූව බොහෝ දුරට Hornet එකට වඩා 6kg පමණ මේ බයික් එක බරින් අඩු වීම විය හැකියි.එමෙන්ම උපරිම වේගය විදියට 175kmph(officially) ලබා දී ඇති අතර හොද rider කෙනෙක්ට මීට වඩා වේගයක් ලබා ගැනීමේ හැකියාව මේ එන්ජින් එක සතුයි.

සිසිලන පද්ධතිය විදියට ද්‍රව සිසිලන (liquid cooling)පද්ධතියක් ලබා දී ඇති අතර මෙහි වාසී අවාසි කලින් පෝස්ට් කීපයේම කතා කරපු නිසා නැවත සදහන් කරන්නේ නෑ

මෙහි gear හා clutch ගැන කතා කලොත් වේග 6ක ගියර් පද්ධතියක් හා wet multiple-disc clutch එකක් දැකගත හැකි අතර ඉහල පහල ඉතාම සුමුදුව gear shift කිරීමක් ලබා ගත හැකි අතර නිසි නඩත්තුවක් නොකල හොත් හිර වීමක් හා ටක් ටක් වැනි අනවශ්‍ය ශබ්ද ඇසීමට ඉඩ තිබෙනවා.

 මේ බයික් එකේ අවසාන නිශ්පාදන වර්ශයට දැනට වසර 22 පමණ වෙන නිසා මේ වැනි දේ සාමාන්‍ය දේවල් එම නිසා නඩත්තු කටයුතු නිසි ආකාරයට කරගැනීමට හා sec hand bike එකක් මිලට ගැනීමේදී විශ්වාසවන්ත  යතුරුපැදි කාර්මික ශිල්පියෙකුගේ පරික්ෂාව හා උපදෙස් ලබා ගැනීමට අමතක නොකරන්න මොකද හොඳ බයික්ස් වලට වඩා ලෙඩ නඩු බයික්ස් වැඩි නිසා.

මේ බයික් එකේ ඉන්ධන සැපයුම carburettor එකක් මගින් සිදු වෙන අතර පෙට්‍රල් ලීටර එකකින් කිලෝමීටර 20-25 අතර දුර ධාවනය කිරීමට අවස්තාව සලසා දෙනවා Standard InlInli 4 250cc category එකේ බයික් එකකින් මීටත් වඩා හොද ඉන්ධන කාර්යක්ෂමතාව ලබා ගැනීම නම් අපහසුයි.වෑල්ව 16කින් යුත් නිසා එන්ජින් එක ජවය ලබා ගැනීම ගැන පමණක් සිතන අතර ඉන්ධන කාර්යක්ෂමතාව නම් තරමක් අවමයි.

ඉන්ධන ටැංකිය විදියට ලීටර 16ක ටැංකියක් ලබා දී ඇති අතර දුර ගමන් වලට හා පෙනුමට මෙය ලොකු උපකාරයක් වෙනවා මොකද මේ ඉන්ධන කාර්යක්ෂමතාව එක්ක ලීටර 8ක 10ක ටැංකියක් ලබා දුන්නා නම් එය සෑහෙන්නේ නෑ.

නමුත් ටැංකිය ලෝහ වලින් නිමවා ඇති නිසා ඇතුලතින් හා චැසි එක ආසන්නයෙන් මල කෑම ආරම්භ විය හැකි නිසා භාවිතා කරන බයික් එකේ හෝ මිලදි ගැනීමට බලාපොරොත්තු වෙන බයික් එකේ ටැංකිය ගැනද අවධානය යොමු කරන්න.

මුලු බර විදියට 146KG සදහන් වෙනවා.

Meter Panal එක ගැන කතා කලොත් Analog  meter panal එකක් යොදා ඇති අතර 90 දශකයේ ඩිජිටල් මීටර් නම් දුලබයි.
මේ මීටර් පැනල එක තුල speed,RPM,odo,trip හා eng temperature දැකගත හැකියි.fuel gage එක නම් දැකගන්න ලැබෙන්නේ නෑ.හොන්ඩා hornet එකට බොහෝ සමාන ලෙස නිම කර ඇති මේ මීටර් පද්ධතිය තුල වෙනසක් ලෙස  මෙහි eng temp ඇති තැන හොනට් මීටර් එක තුල fuel gage එක දැකගත හැකි වෙනවා.

එමෙන්න මේ jade meter එක තුල light indicator එකක් මගින් side stand යොදා ඇති නම් එය පෙන්නුම් කරනවා ස්ටෑන්ඩ් එක අමතක වෙන අයට එය ලොකු උපකාරයක් වෙනවා නමුත් බොහෝ යතුරුපැදි වල මේ අංගය ක්‍රියාත්මක වෙන මට්ටමේ නම් නැහැ.

බයික් එකේ චැසි එක විදියට Steel diamond frame එකක් යොදා ඇති අතර ශක්තිය හා කල්පැවැත්ම අතින් ඉහල තැනක ඉන්න මේ ෆ්‍රේම් එක ඉහල වේගයන් හීදී හා ඉහල rpm වලදී ඉතාම ස්තාවර බවක් ලබා දෙන අතර rpm redline හීදි නම් තරමක දෙදරීම් ස්භාවයක් දැකගත හැකියි.ඕනෑම බයික් එකක් redline එකේදී තරමක් දෙදරුම් ගතියක් ඇති නිසා එය ලොකු අඩුවක් ලෙස පෙන්නුම් කල නොහැක.

Suspension ගැන කතා කලොත් ඉදිපස 40mm telescopic forks හා පසුපස සීරුමාරු කල හැකි monoshock යොදා තිබෙනවා එමෙන්ම 720 mm seat height එක නිසා ඕනෑම උසක අයෙකුට හොදින් පහසුවෙන් ඔනෑම වාතාවරණයක් තුල ධාවනය කිරීමට ඉඩ සැලසෙනවා.

Tyres ගැන කතා කලොත් ඉදිපස 100/80-17 හා පසුපස 140/70 -17
පුලුල් ටයර් යොදා තිබෙනවා හොන්ඩා හොර්නට් එක තරම් ටයර් මාරුවේ පිරිවැයක් දැරීමට සිදු නොවීම වාසියක් විදියට පෙන්නුම් කරන්න පුලුවන් Honda Hornet හී නම් ටයර් මාරුවකට 40000කට ආසන්න මුදලක් වැය වෙනවා.

Brakes ගැන කතා කලොත් ඉදිපස 296mm ඩිස්ක් එකක් සමඟ පිස්ටන් දෙකක කැලිපරයක් යොදා තිබෙනවා එමෙන්ම පසුපස 220mm disc එකක් හා  තනි පිස්ටන් කැලිපරයක් යොදා තිබෙනවා. ඉතා හොඳ තිරිංග ප්‍රතිචාරයක් තිබුනද  වලට වඩා නම් තරමක අඩුවක් දැක ගත හැකියි නමුත් එය විශාල අඩුවක් නොවෙයි.

අවසාන වශයෙන් මේ බයික් එක ගැන සටහන් කලොත් 1986-1996 කාල සීමාව තුල මේ යතුරුපැදිය නිශ්පාදනය ජපානයේ දී සිදු වූ අතර CBR250RR මත පදනම්ව එහි NAKED Model එකක් ලෙස ද මෙය පෙන්වා දිය හැකියි.96න් පසුව මේ යතුරුපැදිය නිශ්පාදනය අවසාන වූ අතර මේ බයික් එක සදහා ආදේශකය ලෙස Honda CB250F නැත්නම් අපි හැමෝම දන්න සුපිරිම සුපිරි Honda Hornet කරලියට එකතු උනා මේ නිසා හොනට් එකේ අයියා කෙනෙක් විදියට මෙය පෙන්විය හැකියි හොන්ඩා හොනට් එකට වඩාද වයසින් වැඩි මේ බයික් එකට අදටත් හොද ඉල්ලුමක් දැකගත හැකි අතර Hornet එකක් මිලට ගැනිමට අපහසු ඒත් ඒ බලය ලබා ගැනීමට හැකි එකම Four Cylinder Bike එක වෙන්නේ හොන්ඩා ජේඩ් නමුත් ලෙඩක් නඩුවක් නැති ජේඩ් එකක් සොයා ගැනිමේ අපහසුව නිසා අනිවාර්යයෙන් කාර්මික ශිල්පී උදව්ව යොදා ගැනීමට අමතක නොකරන්න.
මිල ගනන් විදියට ලක්ශ 3-4.5 අතර ගණනක් සදහන් කල හැකියි.

ඔබේ අදහස් යෝජනා චෝදනා අපේ FB පිටුවට යොමු කරන්න මීට වඩා දන්න දෙයක් තියෙනවා නම් අපේ fb page එකේ post එක යට comment කරන්න.පහල තියෙන photos බලලා බයික් එක ගැන අදහස්ක් ගන්න ස්තූති.

කරුණාකර කතෘ අයිතිය සුරකින්න.

Wandi - වණ්ඩි©








No comments:

Post a Comment