Honda V-Twin Magna 250 ගැන සිංහලෙන් - Wandi - වණ්ඩි

Wandi - වණ්ඩි

Sri Lanka's leading website about Motorcycles. Keep in touch with us...

Click here to read this post in ENGLISH


Tuesday, October 17, 2017

Honda V-Twin Magna 250 ගැන සිංහලෙන්

අද මාතෘකාව වෙන්නේ සුපිරි cruising bike එකක් වෙන ඒත් කොටසක් ලෙඩ දෙයි කියලා මඟ අරින නමුත් හොදට නඩත්තු කටයුතු කලොත් කිසිම ලෙඩක් දුකක් නැති Honda Magna V 250.

මේ බයික් එකේ එන්ජින් එක ගැන කතා කලොත් 249cc V twin four stroke එන්ජින් එකක් එකක් හොන්ඩා ලබා දී තියෙනවා මේ එන්ජින් නඩත්තුව වියදම් නම් ඉතාම මිල අධිකයි ඒ වගේම හරි ආකාරයෙන් services නොකලහොත් ඉකමනින් එන්ජින් එක ආශ්‍රිතව යම් දෝෂ හටගැනිමටද ඉඩ තිබෙනවා.
මේ එන්ජින් එකෙන් ලබා ගත හැකි උපරිම බලය ගැන සදහන් කලොත් 27bhp බලයක් හා 130kmph උපරිම වේගයක් ලබා දී තිබෙනවා ඒ වගේම 0-60 වේගයට ලඟා වීමට තත්පර 4.9ක් හා 0-100 වේගයට ලඟා විමට තත්පර 13.2 වැනි කාලයක් මේ බයික් එකට ගත වෙනවා.

මේ බයික් එකේ සිසිලන පද්ධතිය විදියටත් බොහෝ 250 වලින් ඉහල යතුරුපැදි වල මෙන්  ද්‍රව සිසිලන (liquid cool) පද්ධතියක් ලබාදී තිබෙනවා.මෙය දුර ගමන් වලදී හා ඉහල වේගයන් වලදී එන්ජිම ඉතා ඉක්මනින් සිසිල් කිරීමට උපකාර කරන අතර නඩත්තු වියදම් හා අමතර කොටස් මිල අධිකයි.

මේ බයික් එකට ඉන්ධන සැපයුම carburettor එකක් මගින් සිදුවන අතර සාමාන්‍ය තදාසන්න මාර්ග වල traffic සමඟ ධාවනයේදී පෙට්‍රල් ලීටර එකකින් 22-25 අතර කිලෝමීටර ප්‍රමාණයක් හා දුර ගමන්වලදී ලීටර එකකින් 28 පමණ කිලෝමීටර ප්‍රමාණයක් ධාවනය කිරීමට ඉඩ ලැබෙනවා.

මේ බයික් එකේ බර විදියට 171kg සදහන් වෙන අතර මේ බර හා එන්ජින් ධාරිතාව හා පුලුල් ටයර් සමග සසදා බලද්දී මේ ලීටර 22-28 අතර ඉන්ධන කාර්යක්ෂමතාව හොදටම ප්‍රමාණවත් වෙනවා.

එමෙන්ම ලීටර 11ක විශාල ඉන්ධන ටැංකියක් ලබා දී ඇති අතර මෙය ලෝහ වලින් නිමවා ඇති නිසා කල් යත්ම තරම මල කෑමකට ලක් විය හැකි අතර මේ නිසා second hand bike එකක් හෝ තමන් භාවිතා කරන බයික් එකේ තෙල් ටංකියේ ස්වභාවය පිලිබදව සැලකිලිමත් වෙන්න.

Meter panal එක විදියට fully analog meter එකක් යොදා ඇති අතර මෙහි speed,RPM හා ODO දැකගත හැකි අතර ඉන්ධන ටැංකිය මත තවත් light indicators වගයක් හා fuel gage පෙන්නුම් කරනවා.

බයික් එකේ frame එක විදියට steel diamond frame එකක් යොදා තිබෙනවා ඉතාම ඉහල වේගයන් හීද මේ බයික් එක මගින් cruising bike එකකින් ලබාගත හැකි උපරිම සුවපහසුව ලබා ගැනීමට riderට හැකි වන අතර මේ බයික් එකේ riding position එකද ඕනෑම උසක අයෙකුට මෙන්න අඩි 5කට අඩු කෙනෙකුට උනත් ගැලපෙන ආකරයට පොලවට ආසනයෙන් පිහිටවා ඇති අතර දුර ගමන් වලදී මෙන්ම මාර්ග තද බදයන්හීද ඉතාම සුවපහසුව ධාවනය කිරීමට ඉඩ ලැබෙන අතර seat height එක 690mm (අඟල් 27) පහල මට්ටමක පිහිටනවා.

Gear හා clutch ගැන කතා කලොත් වේග 5ක ගියර් පද්ධතියක් හා wet multiple-disc clutch එකක් යොදා ඇති අතර cruising bike එකක්ට එය හොදටම ප්‍රමාණවත්

බයික් එකේ suspension ගැන කතා කලොත් ඉදිපස සාමාන්‍ය telescopic forks යොදා ඇති අතර නිසි ලෙස නඩත්තු කටයුතු නොකලහොත් මෙහි oil leak විම බොහෝ ඉක්මනින් දැකගන්න ලැබෙනවා.නිසි ලෙස නඩත්තු සිදු කලොත් ඉතා සුවපහසුව ධාවනයකට මෙයින් ඉඩ ලැබෙනවා.
පසුපස suspension ලෙස dual shocks යොදා ඇති අතර බයික් එකේ බර හා rider ගේ බරත් සමග ඉතාම පහසුවෙන් මේව ක්‍රියා කරන නිසා හොද cruising experience ලබා ගැනිමට riderට මෙන්ම passengerටත් හැකි වෙනවා නමුත් මේ low seat height එක නිසා වැසි දිනවලදී එහෙම වෙන බයික් වලට සාපේක්ෂව වැඩියෙන් මඩ කෑමට නම් සිදු වේවි මොකද බස් කාර් වැනි රථ වලලින් විසි වෙන මඩ කෙලින්ම rider හා passenger වෙත එල්ලවීමේ ඉඩ වැඩ්යි.

Breaking විදියට ඉදිපස Disc break යොදා ඇති අතර පසුපස සාමාන්‍ය drum break එකක් යොදා තිබෙනවා.

Tyres ගැන කතා කලොත් ඉදිපස 120/80-17 61S  හා පසුපස 150/80-15 M/C 70S යොදා තිබෙනවා. මේ පුලුල් ටයර් නිසා හොද පාලනයක් සුවපහසුව හා ඕනෑම මතු පිටක හොද තිරිංග ප්‍රතිචාරයක් ලබා ගත හැකි අතර නැවත ටයර් මාරු කිරීමේදි වැඩි පිරිවැයක් දැරීමට සිදු වෙනව අතර මේ ටයර් ප්‍රමාණය තරමක් අනෙකුත් ටයර් වලට වඩා දුලබ බවක් ද පෙන්නුම් කරනවා.

Rim එක විදියට ඉදිපස අඟල් 17ක රිම් එකක් හා පසුපස අඟල් 15ක රිම් එකක් යොදා ඇති අතර මෙයට හේතුව සුපහසු riding position එක ලබා ගැනීම හා ඒ ආවේනික පෙනුම ලබා ගැනීමයි.

අවසාන වශයෙන් මේ බයික් එක ගැන සටහනක් කලොත් මෙය 1982 සිට 2003 දක්වා ජපානයේදී නිශ්පාදනය වූ අතර සාර්ථක අලෙවියක් පෙන්නුම් කරන ලදි මෙහි 750 ධාරිතාවක් සහිට යතුරුපැදියක් ද නිශ්පාදය වූ අතර එයද මේ ආකාරයටම හොදින් අලෙවිය සිදු උනා දැනට නම් මේ බයික් එක මත ඇති ඉල්ලුම අඩු වී ඇති අතර එයට හේතු ලෙස නඩත්තු වියදම් වැඩි බව අමතර කොටස් වල හිඟ කම වැනි දේ පෙන්නුම් කල හැකියි නමුත් සුවපහසුව ධාවනයට කැමති දුර දුවන්න කැමති පුද්ගලයන්ට ඉතා අඩුමුදලට ගත හැකියි බලසම්පන්න බයික් එකක් විදියට මෙය පෙන්නුම් කල හැකි අතර ලක්ස 1.5-2 අතර මුදලකට මේ යතුරුපැදියක් මිලදී ගත හැකියි.

ඔබේ අදහස් යෝජනා චෝදනා අපේ fb පිටුවට යොමු කරන්න.අපි එක්ක සෙට් වෙලා ඉන්න ස්තූති.

 කරුණාකර කතෘ අයිතිය සුරකින්න.

Low mileage unregistered TW200 for sale contact Isuru 0711758822

Wandi - වණ්ඩි©




No comments:

Post a Comment