Supermotard වැඩ්ඩෙක් Yamaha WR250X - Wandi - වණ්ඩි

Wandi - වණ්ඩි

Sri Lanka's leading website about Motorcycles. Keep in touch with us...

Click here to read this post in ENGLISH


Friday, October 13, 2017

Supermotard වැඩ්ඩෙක් Yamaha WR250X


අද මාතෘකාව වෙන්නේ බොහෝ දෙනෙක්ගේ ලොකු ඉල්ලීමක් උන Yamaha WR250X මේ බයික් එකේ 125 බයික් එක ගැන කතා කලා කලින් ඒ කිව්වේ WR125X ඒ ගැන මෙතනින් කියවන්න.

SuperMoto කාණ්ඩයේ බයික් එක වෙන මේ බයික් එක ගොඩ මඩ දෙකටම එක වගේම ඔට්ටු SM Catagory එකේ ඉහලින්ම ඉන්න බයික් එකක් වෙනවා බයික් එකේ එන්ජින් එකෙන්ම අද review එක පටන් ගමු.

මේ බයික් එකට එන්ජින් එක විදියට Yamaha විසින් ලබා දී තියෙනවා 249cc  DOHC(dual overheard cam shaft), single cylindr,4 valve, 4 stroke එන්ජින් එකක් මේ එන්ජින් එකෙන් බයික් එකට ලබා ගත හැකි උපරිම බලය විදියට 30bhp සදහන් වෙන අතර 0-60kmph වේගය ලඟා වීමට තත්පර 4.1  0-100kmph වේගයට ලඟා වීමට තත්පර 6.8 වැනි කාලයක් ගත වෙනවා එමෙන්ම උපරිම වේගය විදියට 170kmph  ඉක්මවන වේගයක් සදහන් වෙනවා. තවද මේ එන්ජිම සඳහා යමහා විසින් බරින් අඩු කල්පැවැත්ම වැඩි ටයිටේනියම් වෑල්ව 4ක් ද යොදාගෙන තිබෙනවා.

Click here to read this post in ENGLISH

බයික් එකේ cooling system එක විදියට ද්‍රව සිසිලන(liquid cooling) පද්ධතියක් ලබා දී ඇති අතර මෙය 200cc වලින් ඉහල බොහෝ බයික්ස් වලට සාමාන්‍යයෙන් ලබා දෙන සිසිලන පද්ධතිය වෙනවා මීට හේතුව මෙවැනි එන්ජින් ධාරිතාවයන්ගෙන් යුත් එන්ජින් ඉතා ඉහල තාපයක් පිට වන අතර එය පාලනය කිරීමටයි.කෙසේ වෙතත් WR125X හී ද අපිට දැකගන්න ලැබෙන්නේ දුව සිසිලන පද්ධතියක්මයි. මෙහි වාසි බොහෝමයක් ඇති අතර අවාසිය ලෙස නඩත්තු වියදම් වැඩි බව හා අමතර කොටස් වල මිල වැඩි කම පෙන්වා දිය හැකියි.

මේ බයික් එකේ fuel supply එක YFI(Yamaha Fuel Injection) තාක්ෂණය මගින් සිදු වන අතර පෙට්‍රල් ලීටර එකකින් කිලෝමීටර 25-35 අතර දුරල් ධාවනය කිරීමට ඉඩ ලැබෙන අතර ලීටර 7.5ක ඉන්ධන ටැංකියක් ද ලබා දී තිබෙනවා බැලු බැල්මට මෙය ඉතා කුඩා ටැංකියක් ලෙස සදහන් උනත් SM bike එකකට මෙය ඉතාම ප්‍රමානවත් වෙනවා.

කෙසේ වෙතටත් දුර ගමන් වලදී සෑම විටම ඉන්ධන මට්ටම ගැන සොයා බලා ගැනීම වඩා හොදයි මොකද මේ බයික් එකට full tank ඉන්ධන ගබඩා කලත් 200km වගේ දුරක් තමයි ගමන් කරන්න ලැබෙන්නේ ඒ නිසා දුර ගමන් වලදි ඉන්ධන මට්ටම ගැන සැලකිලිමත් වෙන්න.

Click here to read this post in ENGLISH

Gear හා clutch ගැන කතා වේග හයක ගියර් පද්ධතියක් ලබා දි ඇති අතර ඉන්දියන් බයික්ස් වල එය කලාතුරකින් දැක්කත් ජපන් 250 බයික්ස් වල එය ඉතා සාමාන්‍ය දෙයක් වෙනවා.මේ ගියර් හය නිසා ඉතාම හොදින් වේගය පාලනය කරගනිමින් හා ඉන්ධන පිරිමසා ගනිමින් ධාවනයේ යෙදීම කල හැකි අතර මෙහි බාල සහෝදරයෙක් වෙන wr125x හීද ගියර් 6ක්ම දැකගැනිමට ලැබෙනවා.

Clutch එක ලෙස සුපුරුදු wet multiple-disc එකක් යොදා ඇති අතර සමහරෙක් dirt/sm bikes වල මෙන් ගියර් මාරුකිරිමේදි හිර වීමක් හෝ අපහසුවක් මෙහි දැකගන්න ලැබෙන්නේ නෑ..

මීටර් එක විදියට fully digital meter panal එකක් යොදා ඇති අතර මේ බයික් ඒකේ Motorcross version එක වෙන WR250R හී මීටර් පැනල් එකම මේ බයික් එකටත් යොදාගෙන තිබෙනවා මෙහි Speed,odo,trip,time මෙන්ම stopwatch ද එකතු කරඇති අතර gear position හා fuel gage මෙහි දැකගන්න ලැබෙන්නේ නෑ එමෙන්ම RPM අඩංගු වෙන්නේ නෑ ඒ උනත් මෙය ඉතා විශාල අඩුවක් ලෙස පෙන්වා දිය නොහැකි මොකද බහුතරයක් Sm/dirt බයික්ස් වල මීටර් පද්ධතිය තුල වේගය හා මෙතෙක් ගමන්ගත් දුර පමණක් පෙන්නුම් කරන අතර ඒ අතින් මේ මීටර් පද්ධතිය අනෙකුත් sm බයික්ස් වලට වඩා ඉදිරියෙන් සිටිනවා.

මෙහි ඇලුමිනියම් handle bar යොදා ඇති අතර මෙය rider friendly ලෙස නිමවා ඇති නිසා සුපපහසුව ධාවනය කිරීමට අවස්තාව ඇති අතර traffic ධාවනයේදීද ඉතා පහසුවෙන් බයික් එක හසුරුවා ගනිමින් උස rider කෙනෙක්ට ධාවනය කිරීමේ හැකියාව ලැබෙනවා. 894 mm (අඟල් 35.2) උසින් පිහිටි ආසනය නිසා කොට rider කෙනෙක්ට නම් තරමක් මේ බයික් එක හසුරුවා ගැනිමේ අපහසුවක් ඇති වෙනවා නමුත් පලපුරුදු අයෙක්නම් එය විශාල ගැටලුවක් වෙන්නේ නෑ.

Click here to read this post in ENGLISH

Chassis එක එහෙම නැත්තම් frame එක ගැන අවධානය යොමු කලොත් ඇලුමිනියම් ආලේපිත semi-double-cradle frame එකක් යොදා ඇති අතර මෙය ඉතා ස්තාවර ධාවනයකට ඉඩ සලසන අතර ඕනෑම මාර්ගයක විවිධ ඝට්ටනයන්ට සාර්ථකව මූන දීමේ හැකියාවෙන් යුක්ත විම හා ඇලුමිනියම් ආලේපිත frame එක නිසාත් හොද කල්පැවැත්මක් ද මේ frame එක සතු වාසින් වෙනවා.

බයික් එකේ design එක ගැන අවධානය යොමු කලොත් ඉතා අලංකාර හා ආකර්ෂණීය ලෙස බයික් එක සැලසුම් කර ඇති අතර ටැංකියට සම්බන්ධ වී ඇති cowls නිසා හොදින් එන්ජින් එක වෙත වාතය ගමන් කරන අතර මේ නිසා එන්ජින් රත් වීම cooling system එක මගින් මෙන්ම මේ design එක මගිනුත් පාලනය කරනවා.

එමෙන්ම සයිලන්සරය බයික් එකේ ඉහලින්ම ස්ථානගත කර ඇති නිසා ගස් ගල් වලවල් ඇල දොලවල් වල පවා ධාවනය කිරීමේදී ඉතාම පහසුවෙන් ගමන් කිරීමට ඉඩ ලැබෙන අතර engine එක miss කරගන්නේ exhaust pipes කඩාගන්නේ නැතුව ගමන් කිරීමට මේ පිහිටීම ඉතාම හොදින් උපකාර වෙන අතර ආකර්ෂණීය පෙනුමක් හා හඬක්ද ලැබෙනවා.

ඒ වගේම තවත් විශේෂ කාරණාවක් ගැන සටහන් කලොත් මේ බයික් එකේ මුල් නිශ්පාදන වර්ශයේ වන 2008 සිට මේ දක්වාම කිසිම වෙනසක් එන්ජින් එක හෝ වෙනත් අතකින් වෙනස් කර නොමැති අතර බාහිර stickers වලින් පමණක් අදාල වර්ශයේ පෙනුම වෙනස් කිරීමට යමහා උත්සහ කර තිබෙනවා මේ නිසා second hand market එකේ බයික් එකක් ගද්දි බොහෝ දෙන ගැටලුවක් ලෙස මෙය පෙන්නුම් කරනවා මොකද 2008 bike එක 2012 sticker ගහලා අලෙවි වීම නිසා වැඩි මුදලට පරන මාදිලි වලට අසු වීමට ඉඩ වැඩි. වර්ශට අදාල sticker design එක post එක පහලින් යොදා ඇති අතර තවත් 90% පමණ සාර්ථක වෙන පිලියමක් මේ සදහා ලිපිය අවසානයේ සටහන් කරන්නම්.

Click here to read this post in ENGLISH

Suspension ගැන කතා කලොත් ඉදිපස inverted forks (USD- Upside down) යොදා ඇති අතර ඉතාම සාර්ථක ලෙස මේ USD shock නිසා ඝට්ටන වලට මූන දීමේ හැකියාව ඇති අතර ඉතාම සුවපහසුව දුශ්කර මාර්ග වලද ගමන් කිරීමට මේ නිසා අවස්තාව WR rider කෙනෙක්ට ඉඩ ලැබෙනවා.
පසුපස suspension විදියට monoshock සමග swing arm යොදා තිබෙනවා එමෙන්ම මෙය සීරූ මාරු(adjust) කල හැකි නිසා තමන්ගේ කැමත්ත හා පහසුව පරිදි එය සිදුකර ගත හැකියි.

Breaking ගැන කතා කලොත් ඉදිපස 298mm hydraulic disc break හා පසුපස 230mm hydraulic disc break  එකක් යොදා ඇති අතර ඕනෑම කාලගුණයක් තුලදි ඔනෑම වේගයකින් ධාවනය කර හොද rider කෙනෙක්ට ආරක්ෂාකාරීව බයික් එක නවතා ගැනීමේ හැකියාව මේ නිසා ලැබෙනවා. එමෙන්ම මේ විශාල disc නිසා ඉතා කැපී පෙනෙන පෙනුමක්ද බයික් එකට ලැබෙනවා.

Tyres විදියට ඉදිපස 110/70-17ටයර් එකක් යොදා ඇති අතර පසුපස 140/70-17 පුලුල් ටයර් එකක් යොදා තිබෙනවා මේ නිසා පොලවත් සමග හොද සම්බන්ධයක් ද ඉහල වේගයන් හීදී ස්තාවර බවක් ද හදිසි තිරිංග යෙදීම් වලදි හොදින් ප්‍රතිචාර දැක්වීමක් ද ඇති අතර ටයර් මාරුකිරිමේදි පසුපස ටයරය සදහ 20000 පමණ මුදලක් හා ඉදිපස සදහා 15000 පමණ මුදලක්  වැය කිරීමට සිදු වෙනවා සාමාන්‍යයෙන් WR වගේ බයික් එකක් ධාවනය කරන පුද්ගලයෙක්ට එය සාමාන්‍ය මුදලක් මොකද 250 SM මාදිලි අතරින් මිල ඉහලම බයික් එකක් වෙන මෙය මිලදී ගන්න කෙනෙක්ට 35000 වැනි මුදලක් ගැටලුවක් වෙනවා අඩුයි.

ඒ වගේම අගල් 17 මල නොබැදෙන රිම් එකක් හා ස්පෝක් යොදා ඇති අතර හදිසි අනතුරකට ලක් වීමේදි රිම් එක ඇද නොවි බෙරා ගැනීම නම් අපහසු කාර්ය්‍යක් වෙනවා එමෙන්ම යතා තත්වයට පත් කර ගැනීමටද වැඩි පිරි වැයක් යෙදීමට සිදු වෙනවා එය එසේ උනත් මෙහි පෙනුමට ලොකු උපකාරයක් මේ spoke rim එක් නිසා ලැබී තිබෙනවා.

Click here to read this post in ENGLISH

අවසාන වශයෙන් මේ බයික් එක ගැන සටහනක් කලොත් දැනට ලංකාව තුල හා සමස්ත ලෝකය තුලම ඉහල ඉල්ලුමක් ඇති බයික් එකක් වෙන අතර මේ බයික් එක අයත් වෙන Super motard කාණ්ඩයේ ඉහලින්ම පිලිගැනිමක්,ජවයක් හා ආකර්ෂණීය පෙනුමක් ඇති බයික් එකක් ලෙසද මෙය පෙන්නුම් කල හැකියි.

මේ බයික් එකත් එක්ක තරගයට Super moto මාදිලියේම XR250,CRF230M,Kawasaki D Tracker/x වැනි යතුරුපැදි සිටින අතර ඒ අතුරුන් මිල ඉහලම හා ජවය අතින් ඉහලම බයික් එක ලෙස WR250X පෙන්වා දිය හැකියි.

තවත් දෙයක් සදහන් කලොත් මෙහි අමතර කොටස්ද ඉතා මිල අධික වෙන අතර මේ වගේ බයික් එකක් මිලටගැනීමට පෙර ඔබේ ආදායම ගැනද සැලකිලිමත් වෙන්න නැත්නම් ඔබ අතරමං වීමට ඉඩ තිබෙනවා

මේ බයික් එක ආනයන කිරීමට නම් අවම වශයෙන් ලංකාවේ මුදලින් brand new bike එකක් සදහා ලක්ශ 15ක් පමණ හා reconditioned bike එකක් සදහා ලක්ශ 10ක් පමණද වැය කිරීමටද සිදු වෙනවා එමෙන්ම දැනට ලංකාව තුල ඇති බයික්ස් ලක්ශ 7-9 අතර මුදලට අළෙවි වෙන අතර ඔබ මිලට ගැනීමට බලාපොරොත්තු වෙන බයික් එකේ හෝ ඔබ සතුව ඇති බයික් එකේ නිශ්පාදනය වර්ශ දැනගැනීමට VIN number එක එසේ නැත්තම් හැමෝම කට වහරෙන් කියන චැසි නම්බර් එක මෙතනින් යොදන්න.100% සාර්ථක ද යන්නට නම් වගකියන්න බැහැ.

වැරදි අඩුපාඩු යෝජනා චෝදනා අපේ FB page එකට යොමු කරන්න පහල තියෙන photos බලලා බයික් එක හා නිශ්පාදන වර්ශය ගැන අදහසක් ගන්න අපේ post share කරලා like කරල අපි එක්ක සෙට් වෙලා ඉන්න ස්තූති.

කරුණාකර කතෘ අයිතිය සුරකින්න.

Wandi - වණ්ඩි©

1 comment:

  1. Bike gana danaganna nam ithin sl wandi tharam hoda ekak na supiriyatama bike gana danuwath wenna puluwan

    ReplyDelete