එදත් වැඩ්ඩා අදත් වැඩ්ඩා FZ16 - Wandi - වණ්ඩි

Wandi - වණ්ඩි

Sri Lanka's leading website about Motorcycles. Keep in touch with us...

Click here to read this post in ENGLISH


Tuesday, October 10, 2017

එදත් වැඩ්ඩා අදත් වැඩ්ඩා FZ16

අද මාතෘකාව Yamaha MT පවුලට නෑකම් කියන Yamaha FZ16 ගැන මේ බයික් එක FZ1(MT1000) හී පොඩි පුරුක විදියටත් සදහන් කරන්න පුලුවන් 2008 වසරේ නිශ්පාදනය ආරම්භ කරන ලද මේ බයික් එක ඉන්දියාවේදි පූර්ණ japan yamaha අධීක්ෂණය යටතේ එකලැස් කර ආසියාව පුරාත් Colombia,Argentina වැනි රටවල් වලත් බෙදා හැරීම සිදු කරන ලදි.
එමෙන්ම මේ බයික් එකට ඉන්දුනීසියාව තුල Yamaha byson යන නමෙනුත් ඉන්දියාව ඇතුලු ආසියානු රටවල් FZ16 ලෙසත් දකුණු ඇමරිකානු රට වල බොහෝ විට MT16 යන නමෙනුත් ආමන්ත්‍රණය කරන අතර අපිට හුරු පුරුදු FZ යන නමින් අද Review එක පටන් ගන්නම්.

බයික් එකේ එන්ජින් එක ගැන කතා කලොත් 153cc air-cooled 4-stroke 2-valve SOHC single-cylinder එන්ජින් එකක් යමහා 2014දි FZ v2.0 එනකම් ලබා දී තිබ්බා.2014 නම් 149cc එන්ජින් එකක් එක්ක FI fuel supply එක්ක තමා දැකගන්න ලබෙන්නේ අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නෙ fz16 ගැන නිසා v2.0 ගැන කතා කරන්නේ නෑ ඒ bike එක ගැන අපි කලින් කතා කලා ඒක මෙතනින් කියවන්න.

මේ බයික් එකත් අනෙකුත් දැනට ඇති බොහෝ sports commuter bikes මෙන්ම aircooled engine එකකින් සමන්විත වෙනවා.ඒ උනත් මම පුද්ගලිකව සසදා ඇති අන්දමට අනුව Honda(indian),bajaj,TVS සියලුම එන්ජින් වලට වඩා අඩු කාලයකින් සිසිල් විමේ හැකියාවක් Yamaha Fz එන්ජින් එක සතුයි එමෙන්ම කල් යත්ම සමහර බයික්ස් වල මෙන් ශබ්ද බද්ද ඇසීමද ඉතාම අඩුයි.
මේ ලිපියේ අවසානයේ ඇති චායාරූප වල තිබෙන බයික් එක 95000km ධාවනය කර ඇති අතර කිසිම එන්ජින් ආශ්‍රිත ලෙඩක් හෝ අනවශ්‍ය ශබ්දයක් දැකගන්න ලැබුනේ නෑ.

එන්ජින් එක සතු උපරිම බලය ගැන කතා කලොත් 13.5 hp ලෙස එය සටහන් කරන්න පුලුවන් ඒ වගේම තත්පර 5.8කින් 0-60 වේගය ලබා ගැනීමටත් 0-100 තත්පර 17කින් පමණ ලබා ගැනීමේ හැකියාවත් මේ එන්ජින් එක සතු අතර උපරිම වේගය ලෙස 115kmph සටහන් වෙනවා.

Gear හා clutch ගැන කතා කලොත් 5 speed Constant Mesh gearbox එකක් හා Wet, multiple-disc clutch එකක් යොදා තිබෙන අතර ඉතාම smooth gear shift කිරීමක් මේ බයික් එකෙන් ලබා ගත හැකියි.

මේ බයික් එකේ fuel supply එක ගැන කතා කලොත් carburettor එකක් මගින් තමයි ඉන්ධන සැපයීම සිදු වෙන්නේ v2.0 හීදී නම් EFI unit එකක් ලබා දී තිබෙනවා එහි වාසී අවාසි fz2.0 ලිපිය කියවා දැනගන්න.
මෙහි carburettor එකක් යොදා ඇති නිසා නඩත්තු වියදම් ඉතා අවම අතර ඉන්ධන කාර්යක්ෂමතාව fi version එකට වඩා නම් තරමක් අඩුයි ලීටර් එකකින් 40km පමණ දුරක් ධාවනය කිරීමට තමයි අවස්තාව ලැබෙන්නේ.

එමෙන්ම මේ බයික් එකට ලීටර 12ක විශාල ඉන්ධන ටැංකියක් යොදා ඇති අතර මේ නිසා බයික් එකට කැපී පෙනෙන ආකර්ෂණීය ගතියක් හා දුර ගමන් වලට ලොකු උපකාරයක් සිදු කරනවා.

බයික් ඒකේ meter panal එක හා handle bars ගැන කතා කලොත් fully digital meter panal එකක් තමයි දැකගන්න ලැබෙන්නේ මේ බයික් එක නිකුත් කල කාලයේදී bajaj pulsar මාදිලිය හැරුනු කොට ලංකාවේ brand new market එකේ digital meter panal එකක් හිමි වූ එකම බයික් එක වෙන්නේද FZ16 මේ මීටර් පැනල් එක තුල speed,odo,trip,rpm හා fuel gage පෙන්නුම් කරනවා.

Handle bars විදියට ඉතාම sporty හා rider friendly aluminum handle  යොදා ඇති අතර මේ නිසා ඉතාම පහසුවෙන් බයික් එක හසුරුවා ගනීමට ලැබෙනවා මේ handle bar එක තුල start,signal,horn,headlighr controls වැනි සාමාන්‍ය switches හා හොන්ඩා ඉන්දියා විසින් අද වෙනක්ම්ම මග හැර ඇති engine kill එකද දැක ගත හැකියි මේ නිසා ඉතා පහසුවෙන් බයික් එක standby mode එකේ තබා ගත හැකි අතර traffic riding වලදි එය ලොකු පහසුවක් වෙනවා.

බයික් එකේ chassis එක එහෙම නැත්තම් frame එක විදියට Steel diamond frame එකක් යොදා ඇති අතර 8000-9000 RPM වන තෙක පමණ අනවශ්‍ය දෙදරීමක් නම් දැකගන්න ලැබෙන්නේ නෑ ඉන්පසුව තරමක දෙදරීමක් සාමාන්‍ය ලෙස දෙඅත් හා පාද ආශ්‍රිතව දෙදරීමක් නම් ඇති වෙනවා. 150 bike එකක එය සාමාන්‍ය දෙයක්.

බයික් එකේ මුලු බර විදියට 135 kg සදහන් වෙන අතර ඉතා පහතින් සීට් එක පිහිටීම නිසා අඩි 5ට අඩු කෙනෙක්ට උනත් ඉතා සුවපහසුව ධාවනය කල හැකි අතර traffic ridings වලදි scooter හැරුනු කොට මම පුද්ගලිකව කැමතිම බයික් එකද FZ16 මොකද අනෙකුත් කිසිම sports commuter bike එකකටත් වඩා පහසුවෙන් අස්සෙන් මුල්ලෙන් යාමට හැකියාව ඇති අතර 790 mm seat height එක හා බයික් එකේ අනෙකුත් designing හා measurements ලංකාවේ පාරවල් වලට ගැලපෙනම ආකාරයට සකසා තිබෙනවා.

කෙසේ වෙතත් තරමක් ස්ථූල කෙනෙක්ට හෝ අඩි 6කට වඩා උස කෙනෙකුට තරමක් මේ බයික් එක ධාවනය අපහසු අතර පසුපස ගමන් ගන්නා කෙනෙකුට පැයක දෙකක පමණ ගමනකදී නම් කොන්ද හා දනහිස් වලට තරමක අපහසුවක් දැනිය හැකි අතර එයට හේතුව ලෙස පසුපස ආසනයේ කුඩා බව හා පසුපස foot pegs වල පිහිටීම මෙයට හේතුවක්.fz 2.0 හීදී නම් මේ අඩුව මග හැර තිබෙනව නමුත් Fz16 තරම්ම පහසු traffic riding experience එකක් නම් version 2 හීදී ලබා ගැනීමේ හැකියාව අඩුයි.

Fz16 හීදී වාසියක් ලෙස kick start එක පෙන්වා දිය හැකි අතර මෙය බයික් එකේ පෙනුමට හානියක් නොවෙන ලෙස හොදින් නිම කර තිබෙනවා මේ නිසා හදිසි බැටරි බලය බිද වැටීමකදී  කිසි කරදරයකින් තොරව kick එක මගින් බයික් එක පණ ගන්වා ගැනිමේ වාසිය හිමි වෙනවා නමුත් version 2හීදී නම් kick එක දැකගන්න ලබෙන්නේ නෑ.

Suspension ගැන කතා කලොත් ඉදිපස 41mm Telescopic Forks යොදා ඇති අතර පසුපස monoshock යොදා තිබෙනවා 2008-2009 කාලය තුල CB unicorn හැරුනු කොට brand new market එකේ දැකගන්න ලැබුන එකම monoshock bike එක මෙය වෙන අතර unicorn එකට වඩා පෙනුම හා බලය වැඩි කම නිසා ඉතා ඉක්මනින් මෙය තරුණයන් මෙන්ම මැදි වයසේ අය අතරද ජනප්‍රිය බයික් එකක් බවට පත් උනා.එමෙන්ම ජපන් බයික් එකකින් ලැබෙන පහසුව ඒ ආකරයෙන්ම ලබා දීමට Yamaha india සාර්ථක වී ඇති අතර individual riding වලදී ඉතාම සුවපහසුව ඕනෑම මාර්ගයක ධාවනයට මේ බයික් එක මගින් හැකියාව ලැබෙනවා

Breaking ගැන කතා කලොත් 267mm Hydraulic Disc එකක් ඉදිපස යොදා ඇති අතර පසුපස 130mm Drum එකක් යොදා තිබෙනවා ඉතා හොද තිරිංග ප්‍රතිචාරයක් තිබුනද මෙහි double අන්තර්ගත උනා නම් මීටත් වඩා ආරක්ෂාවක් හා පෙනුමක් බයික් එකට එකතු වෙනවා නමුත් එදා සිට අද version 2 දක්වාම   double disc මාදිලියක් නිකුත් නොවූ අතර මෙයට හේතුව ලෙස cost එක අඩු කීරිම දැක්විය හැකියි දැනටත් Yamaha R15 හැරුනුකොට මිල අධිකම 150 බයික් එක FZ වෙන අතර යම් හෙයකින් double disc එකතු උනා නම් අවම වශයෙන් 455 වැනි මුදලක් වීමට ඉඩ තිබුනා එසේ උනා නම් ඇනෙකුත් 150 බයික්ස් සමඟ තරග කිරීමට මේ මිල ගැටලුක් වීමට ඉඩ තිබෙන්නට පුලුවන්.

Tyres ගැන කතා කලොත් ඉදිපස 100/80-17 හා පසුපස 140/60-17 පුලුල්  tubeless tyre යොදා ඇති අතර 2008-2009 කාලයේ මෙතරම් පුලුල් ටයර් එකකින් සමන්විත බයික් එකක් ලෙස වෙලදපොලට ආවේ fz16 පමණයි මේ පුලුල් ටයර් නිසා ඉතාම සුවපහසු ධාවනයක් ඉහල වේග වලදී ස්තාවර බවක් මෙන්ම knee bed එකෙකින් වංගු ගැනීමට තරම් අවස්තාවද හිමි වෙනවා කෙසේ වෙතත් ටයර් මාරු කිරීමේදි පසුපස 14000 හා ඉදිපස 7000-8000 අතර මුදලක් හොඳ ටයර් එකක් යෙදීමට වැය විය හැකිය.

Headlight එක විදියට  12 V, 35/35W ඇති අතර ඉතා පුලුල් පරාසයකට ආලෝකය විහිදීමේ හැකියාව මේ හෙඩ් ලයිට් එක සතුයි නමුත් කාලයක් යත්ම තරමක කහ ගැසීමක් හෙඩ් එක තුල දැකිය හැකියි.

අවසාන වශයෙන් මේ බයික් එක ගැන සටහන් කලොත් ඉන්දියාව තුල ඉතාම සාර්ථක ලෙස අලෙවි වූ 150 කාණ්ඩයේ යතුරුපැදිය ලෙස අදටත් ගරු නම්බු නාමය ලබා ඇත්තේ මේ FZ16 අදටත් ඉතා හොද ඉල්ලුමක් ඇති මේ යතුරුපැදි දැනට නිශ්පාදනය නොකරන අතර second hand bike එකක් ලක්ෂ 2-3.5 අතර මුදලකට ලබා ගත හැකිය. Version 2.0 එකට වඩා සාපේක්ෂව නඩත්තු වියදම් අවම බව හා මේ සරල කැපී පෙනෙන පෙනුමට අලුම් කරන බොහෝ දෙනෙක් second hand හෝ මේ බයික් එක මිලදී ගැනීමට කැමැත්තක් දක්වන අතර පුද්ගලිකව අපෙන් සමහර පුද්ගලයන් මේ බයික් එක brand new මිලට ගැනීමට නැත්ත කියාද විමසා තිබෙනවා කණගාටුවෙන් උනත් කියන්න වෙනවා මේ බයික් එක දැන් disconnected product එකක්  වෙන අතර fz16 fan කෙනෙක් නම් ඔබට second hand markt එකට යන්නම වෙනවා.නැත්තම් 80% සියලු අතින් වෙනස් වී ඇති Fz version 2.0 වෙත යොමු වීමටයි වෙන්නේ.

ඔබේ අදහස යෝජනා චෝදනා අපේ fb page එකට යොමු කරන්න instagram,youtube එක්ක සෙට් වෙලා ඉන්න ලඟදිම තවත් onroad review එකක් එක්ක එන්නම් පහල තියෙන photos බලලා අදහසක් ගන්න ස්තූති.

විශේෂ ස්තුතිය වොරන් වෙත.

කරුණාකර කතෘ අයිතිය සුරකින්න.

Wandi - වණ්ඩි©







No comments:

Post a Comment