හැන්ඩි ස්කූටරේ Dio 110 2017 - Wandi - වණ්ඩි

Wandi - වණ්ඩි

Sri Lanka's leading website about Motorcycles. Keep in touch with us...

Click here to read this post in ENGLISH


Tuesday, September 19, 2017

හැන්ඩි ස්කූටරේ Dio 110 2017



අද වණ්ඩි ගෙනාවේ අපි කලින් කතා කරපු Yamaha Ray ZR එකත් එක්ක ගේමට ඉන්න Honda Dio 110 2017එක ගැන review එකක්.

මේ Scooter එකත් Ray ZR වගේම ජපන් තාක්ෂණය යටතේ ඉන්දියාවේ එකලැස් වෙන scooter එකක් ඒ විස්තර කලින් කියලා තියෙන නිසා ලොකුවට කතා කරන්නේ නෑ කෙලින්ම review එකට සෙට් වෙමු.

මුලින්ම scooter එකේ එන්ජින් එක ගැන කතා කලොත් 109.19cc Air-cooled, 4-stroke, SI engine එන්ජින් එකක් Honda මේ Scooter එකට දීලා තියෙනවා.
Engine එකේ max power output එක විදියට 8Bhp power එකක් ලැබෙන අතර Top speed එක විදියට 83kmph වේගයක් ලැබෙනවා. ඒ වේගයට ලගා වෙන්න තත්පර 16 වගේ කාලයක් වගේම 0-60 වේගයට ලගා වීමට තත්පර 10.8ක කාලයක් ගත වෙනවා.

තව දුරටත් මේ ස්කූටර් එක ගැන විස්තර කලොත් scooter එකට automatic gearbox එකක් ලබා දී තිබෙනවා.මේක traffic riding වලදි එහෙම ලොකු පහසුවක් මොකද clutch bike එකක වගේ clutch අල්ලන් gear shift කරගෙන නැහෙන්න නැති නිසා.

ඒ වගේම මේ බයික් එකේ ඉන්ධන කාර්යක්ෂමතාව ගැන කතා කලොත් ලීටර් එකකින් 45km වගේ ධාවනයට ඉඩ ලැබෙනවා.
ලීටර් 5.3 ඉන්ධන ටැංකියකුත් මේ බයික් එක සතුයි.

මේ බයික් එකේ meter panal එක විදියට analog meter panal එකක් හොන්ඩා දීලා තියෙනවා මේ මීටර් එකේ speed,fuel gage හා මේ වෙනකම් ධාවනය උන මුලු දුර වගේ කරුණු පෙන්නුම් කරනවා.

බයික් එකේ frame එක ගැන කතා කලොත් Under Bone type චැසි එකක් තමා ලබා දී තියෙන්නේ ඒ කිව්වේ කලින් කතා කරපු ZR එකටම සමාන චැසි එකක්.

ඒවගේම මුලු බර විදියට මේ බයික් එක 103KG සදහන් වෙනවා.

Suspension ගැන කතා කලොත් ඉදිරිපස හා පසුපස දෙපසම Spring loaded hydraulic ශොක්ස් යොදාගෙන තිබෙන නිසා ඕනෑම මාර්ගයක සුවපසුව ධාවනයට ඉඩකඩ ලැබෙනවා.(Bike එකක් තරම්ම නෑ scooti නිසා පොඩ්ඩක් අමරුයිවලවල් වැඩි පාරවල් වල එහෙම ground clearance එහෙම අඩු නිසා)

Breaks ගැන කතා කලොත් ඉදිරිපස  Drum 130 mm හා පසුපස  Drum 130 mm සමග CBS (Combi breaks system) යොදාගෙන තිබෙනවා. Ray ZR එකේ වගේ disc එකක් දැකගන්න නොලැබුනත් තරමක ආරක්ශාවක් මේ break system එකෙන් ලැබෙනවා නමුත් disc break model එකක් ray rz  එකෙ වගේ නිශ්පාදනය උනා නම් බයික් එකට වඩා වැඩි ආරක්ෂාවක් හා පෙනුමක් ලැබීමට ඉඩ තිබුන.

ඒ වගේම rear break lock එකකුත් දැකගන්න ලැබෙනවා.මේකට සමහර අය handbrake කියලත් කියනවා මේක නිසා පල්ලමක එහෙම ස්කූටර් එක ලිස්සා යෑම පාලනය කරනවා.

Tyre සහ Rim ගැන කතා කලොත් ඉදිරිපස හා පසුපස දෙපසම 90/100-10 tubeless tyre හා අගල් 10ක Steel Wheel rim එකක් යොදාගෙන තිබෙනවා.

Headlight එක විදියට 12V 35/35W light එකක් යොදාගෙන ඇති අතර 2017 model එකේදී handle එකේ cowl එක මත LED lighting එකක්ද දැකගන්න ලැබෙනවා මේක නිසා බොහෝම ආකර්ෂණීය පෙනුමක් ස්කූටර් එකට ලැබෙනවා.

අවසාන වශයෙන් මේ බයික් එක ගැන සටහනක් කලොත් මේ බයික් එකත් එක්ක ලොකුම ගේම Yamaha Ray ZR හා Hero Dash තමයි ඊට අමතරව TVS Jupiter එකත් මේ බයික් එකත් එක්ක තරඟෙට ඉන්නවා.

බයික් එකේ මිල ගැන සදහන් කලොත් 241,500 වෙනවා.

ඉතින් මේ බයික් එක ගැනත් මූලීකව දැනුවත්  කරන්න තිබ්බ හැම දේම වගේ වණ්ඩි සදහන් කලා.අඩුපාඩු වැරදි යෝජනා හො චෝදනා තිබෙනවා නම් අපේ FB page එකට message කරන්න අපි අපේ 1st onroad review එක විදියට CB Hornet 160R එකේ review එකක් ගෙනාවා ඒක මෙතනින් බලන්න FB Youtube Insta හැම එකක් එක්කම සෙට් වෙලා ඉන්න පහල photos බලලා අදහසක් ගන්න ස්තූති.

කරුණාකර කතෘ අයිතිය සුරකින්න.

Wandi - වණ්ඩි









No comments:

Post a Comment