බදු අඩුවුන Tracker මල්ලි DTracker 150 - Wandi - වණ්ඩි

Wandi - වණ්ඩි

Sri Lanka's leading website about Motorcycles. Keep in touch with us...

Click here to read this post in ENGLISH


Saturday, September 16, 2017

බදු අඩුවුන Tracker මල්ලි DTracker 150


අද අරගෙන ආවා ගොඩ දෙනෙක්ට දැනගන්න ඕනේ කිව්ව බදු සහනෙටත් ඇතුල් උන Kawasaki Dtracker 150 එහෙමත් නැත්නම් D Tracker Mini bike එක ගැන review එක.

මේ බයික් එකත් super motard මාදිලියේ බයික් එකක් වෙනවා මේකත් එක්ක තරගෙට ඉන්නේ WR125X,Honda XR වගේ Mid range එකේ SM bikes

මුලින්ම Engine එකෙන් පටන් ගමු.මේ බයික් එකට 144cc SOHC,Single cylinder, four-stroke,2 valve air cool engine එකක් තමයි kawasaki ලබා දී තිබෙන්නේ. අපි කලින් කතා කරපු WR125X බයික් එකේ තරම් නම් proforments නැහැ මොකද මේ එන්ජින් එක 2 valve ඒ වගේම wr එකට වඩා අශ්වබල අඩුයි.නමුත් එන්ජින් එකේ නඩත්තුව නම් වියදම් අඩුයි මොකද මේ එන්ජින් එක කලින් කතා කරපු wr එකේ වගේ liquid cooling නෙවෙයි.සාමාන්‍ය අපි නිතර දෙවේලේ දකින හැම බයික් එකකම වගේ තියෙන air cool system එකක් තමයි යොදාගෙන තිබෙන්නේ.මේ නිසා high rpm එකකින් 100km පමණ ගමන් කරද්දි එන්ජින් එක overheat වීමක් එහෙම දැකගන්න ලැබෙනවා කොහොමත් aircool එන්ජින් කියන්නේ එක දිගට ලොකු speed එකකින් ගොඩක් දුර යන්න පුලුවන් බයික්ස් නෙමෙයි එහෙම යන එක එච්චර එන්ජින් එකට හොද නැහැ.

මේ බයික් එකෙන් ලැබෙන උපරිම බලය විදියට 11.70 HP ලැබෙන අතර එය wr එකට වඩා අශ්වබල 4කින් පමණ අඩුයි.ඒ වගේම මේ බයික් එකට 0-60 වේගයක් ගන්න තත්පර 5.3 වගේම 0-100 වේගයට ලගා වීමට තත්පර 15.7 ගත වෙනවා.මේ බයික් එකේ උපරිම වේගය ගැන officially සදහනක් නැති අතර මේ HP හා අනෙකුත් කාරණා හා සසදලා බලද්දි 120kmph වගේ උපරිම වේගයක් තමයි ලැබීමට ඉඩ තිබෙන්නේ.

මේ බයික් එකට fuel system එක විදියට carburetor එකක් ලබා දී තිබෙන අතර 35-45km දුරක් ලීටර් එකකින් ධාවනය බලාපොරොත්තු වෙන්න පුලුවන් මේ බයික් එකෙන්.

තව දුරටත් කතා කලොත් ලීටර් 7ක ඉන්ධන ටැංකියක් දැකගන්න ලැබෙනවා ඒ කියන්නේ ඉතින් full tank තෙල් ගහලා 245km වගේ දුරක් ගමන් කරන්න ලැබෙනවා.

මුලු බර විදියට 114kg සදහන් වෙනවා

ඒ වගේම gear හා clutch ගැන කතා කලොත් 5-speed, constant mesh, return shift gearbox එකක් දැකගන්න ලැබෙන අතර අපි කලින් කතා කරපු WR125X 125cc වෙලත් ගියර් 6ක් ලබා දී තිබුනත් kawasaki මේ බයික් එකට 5 speed gearbox එකක් ලබා දීපු එක තරමක අඩුවක් විදියට පෙන්නුම් කරන්න පුලුවන්. ඒ වගේම Wet multi-disc clutch එකක් යොදාගෙන තිබෙනවා.

Meter එක විදියට analog meter panal එකක් ලබා දී තිබෙන අතර මෙහි speed,fuel gage හා mileage පෙන්නුම් කරන්වා RPM දැකගන්න ලැබෙන්නේ  නැති අතර සාමාන්‍යයෙන් SM හෝ trail bikes වල teco එසෙ නැත්නම් RPM meter එක සුලබ දෙයක් නොවෙයි.

ඊලගට මේ බයික් එකේ frame එක එහෙමත් නැත්නම් chassis එක ගැන කතා කලොත් perimeter frame එකක් යොදාගෙන ඇති අතර එය Kawasaki KLX150B බයික් එකේ යොදාගත් චැසි එකම බවත් ඊටත් වඩා වැඩි දියුණු කර ඇති බවත් Kawasaki සමාගම පවසනවා.ඒ අනුව මේ චැසි එක හොද ස්ථාවර ධාවනයකට ඉඩ සලසා දෙයි කියලා අපිට කියන්න පුලුවන් කොහොම උනත් Japan හා italian bikes වල චැසි දෙදරීම අනන් මනන් සද්ද ඇසීම අඩුයි කියලා අපි කලින් ලිපි වලත් සදහන් කලා මතක ඇති.(parts ගනන්,තෙල් කරන්නේ නෑ ඒවා තමයි අවුල්)

Suspension ගැන කතා කලොත් ඉදිරිපස ø35 mm inverted fork හා පසුපස Uni-Trak, with 5-way adjustable preload ශොක් යොදාගෙන තිබෙනවා.

Breaking ගැන කතා කලොත් ඉදිරිපස Single ø212 mm petal disc හා පසුපස Single ø156 mm petal disc එකක් යොදාගෙන තිබෙනවා.2014 model එකේදී disc size වලට වඩා තරමක් මේ 2015 ඉදන් මේ වෙනකම් එන model එකේ ඩිස්ක් එක නම් තරමක් කුඩායි 2014 දී 240 mm ඉදිපස හා පසුපස 190mm disc යොදාගෙන තිබුනා.

Tyre හා rim ගැන කතා කලොත් ඉදිරිපස 100/80 හා පසුපස 120/80 tyre යොදා ඇති අතර tyre දෙකම tubeless වෙනවා එමෙන්ම 2014 දි අගල් 14ක රිම් එකක් යොදා ගැනුනත් 2015 සිට අගල් 17ක රිම් එකක් යොදා ගැනිමත් සමග බයික් එකට හොද පෙනුමක් වගේම ධාවනයට සුවපහසුවත් ලැබීමත් සිදු උනා.

ඒ වගේම මේ බයික් එකටත් spoke යොදාගෙන ඇති නිසා අනතුරකදි රිම් ඇද වීමට ඇති ඉඩ වගේම නැවත යතාතත්වයට පත් කිරීමේ පිරි වැයද තරමක් වැඩියි.

Headlamp ගැන කතා කලොත් 35/35 W halogen bulb යොදාගෙන තිබෙනවා ඒ නිසා රෑ ගමන් වලදි ඉතාම පැහැදිලි ලෙස ඉදිරිපස මාර්ගය riderට පෙනෙනවා.

අවසාන වශයෙන් මේ බයික් එක ගැන සදහනක් කලොත් Kawasaki මෙ බයික් එක ඉතාම low cost එකකින් නිපදවා ඇති බව බැලූ බැල්මටම පේනවා Fi system , වගේ ගුණාංග මේ බයික් එකේ දැකගන්න නොලැබෙන එකෙන් එක පෙන්නුම් කරනවා ඒ බොහෝ දුරට ඕනෑම කෙනෙකුට මිලදී ගැනීම පහසු කිරිම වෙනුවෙන්  වෙන්න ඇති කෙසේ වෙතත් මේ බයික් එක අඩුවුන බදු මුදලත් සමග ලක්ෂ 6-7 අතර මුදලකට brand new ආනයනය කල හැකි අතර recondition bike එකක් ලක්ශ 5-6 අතර මුදලකට හෝ ඊට අඩුවෙන් ආනයන කල හැකි වෙනවා
WR වගේ බයික් එකක් ගන්න බැරි කෙනෙක්ට වගේම Kawasaki D tracker fan කෙනෙක්ටත් මේ බයික් එක හොද තෝරා ගැනීමක්.

පහල ඇති photos බලලා අදහස් ගන්න බයික් එක ගැන අඩුපාඩු යෝජනා චෝදනා අපේ FB page එකට යොමු කරන්න.FB page එකට like කරලා Youtube subscribe කරලා insta follow කරලා වණ්ඩි එක සෙට් වෙලා ඉන්න ඉක්මනින් onroad review එකක් අරන් youtube එන්නම් ස්තූති.

කරුණාකර කතෘ අයිතිය සුරකින්න.

Wandi - වණ්ඩි










No comments:

Post a Comment