Ghost Riderගේ වණ්ඩිය ගැන නොදත් දේ - Wandi - වණ්ඩි

Wandi - වණ්ඩි

Sri Lanka's leading website about Motorcycles. Keep in touch with us...

Click here to read this post in ENGLISH


Wednesday, September 20, 2017

Ghost Riderගේ වණ්ඩිය ගැන නොදත් දේ



අද ගෙනාවේ අපිට බොහෝවිට කවදාවත් පදින්න වත් බැරි වෙන අඩු ගානේ නැගලා බලන්න වත් බැරි වෙන ඒත් කට්ටිය දැනගන්න ආසවෙයි කියල හිතුන සුපිරිම බයික් එකක් ගැන විස්තරයක්.

ඒ තමයි Ghost Rider 2 Movie එකට යොදාගත්ත Ghost Rider ගේ Bike එක එහෙමත් නැත්නම් Hell cycle එක ගැන විස්තරයක්.
Ghost rider කියන්නේ බාල මහළු ඕනේම වයසක කෙනෙක් 2011-2012 කාලේ පට්ට ගහපු film එකක් බලල නැතත් නම හරි අහල ඇති කියලා විශ්වාසයි.මම film එක ගැන විස්තර කරන්න යන්නේ නෑ ඉතින් බයික් එක ගැන කතා කරන්නම්.

මේ Hell Cycle එක එහෙමත් නැත්නම් අපායේ සයිකලේ යන නමින් හදුන්වන බයික් එකේ ඇත්තම නම තමයි Yamaha VMAX 1700. Ghost Rider 1 එකේදී අධ්‍යක්ෂවරයා Chopper එකක් යොදාගන්නවා Grace යන නම ලබාදීලා ඒත් ඊට වඩා පෙනුමක් ගැම්මක් තියෙන බයික් එකක් Ghost rider 2 Spirit of Vengeance movie එකට අධ්‍යක්ෂවරයාට ඕන වෙනවා ඒ අවශ්‍යතාවය සමග තමයි ඇත්තටම අපායෙන් ආව ගිනි කන්දකින් ගොඩ ගත්ත බයික් එකක් වගේ Yamaha VMAX බයික් එක Modification වලට යොමු කරලා මේ film එකට යොදාගන්නෙ.

මුලින්ම මේ බයික් එකේ එන්ජින් එක ගැන කතා කලොත් අපි මේ වෙනකම් කතා කරපු කිසිම බයික් එකක නැති තරම් බැලූ බැල්මටම සංකීර්ණය Engine එකක් යොදාගෙන තිබෙන්නේ.1,679 cc (102 cu in) liquid-cooled DOHC 65° V-4 මේ එන්ජින් එක Double over head cam වීමත් liquid cooling වීමත් 4 cylinder වීමත් වගේ කාරණා නිසා මේ එන්ජින් එක නඩත්තුව බොහොම මිල අධිකයි නමුත් ධාවනයේදී මේක බයික් එකක් දෝ කියල හිතගන්න බැරි තරම් පහසුවක් ජවයක් ඕනෑම දුරක් එන්ජින් එක overheat කරගන්නේ නැතුව යෑමටත් මේ එන්ජින් එකෙන් හා cooling system එක උපකාරයෙන් ලැබෙනවා.

ඒ වගේම මේ එන්ජින් එකට එක සිලින්ඩර් එකකට වෑල්ව 4 බැගින් වෑල්ව 16ක යොදාගෙන තිබෙනවා.
තවද V-Boost නම් තාක්ෂණය Yamaha යොදාගෙන ඇති අතර මේ නිසා 5,750 rpm යන තෙක් බයික් එක cylinder 2කින් බල ගැන්වෙන අතර ඉන් පසුව ඉතිරි සිලින්ඩර් දෙකද නිරායාසයෙන්ම ක්‍රියාත්මක වේ.8000rpm වලින් පසුව සියලුම වෑල්වද open වෙන අතර සම්පූර්ණ එන්ජින් එක එතැන් පටන් ක්‍රියාත්මක වේ.
මේවගේ තාක්ෂණයක් යොදා ගැනීම නිසා හොදින් වේගය පාලනයක් වගේම හැකි උපරිම ඉන්ධන කාර්යක්ෂමතාව ලබාගැනිමට ලැබෙනවා.කලින් මේ එන්ජින් එක සංකීර්ණයි නඩත්තු වැඩි කිව්වේ ඇයි කියලා දැන් තේරෙනවා ඇති.

මේ බයික් එකේ එන්ජින් එකෙන් ලැබෙන උපරිම බලය ගැන සදහන් කලොත් 197.26bhp බලයක් ලැබෙනවා.ඒ වගේම මේ බයික් එකට 0-60mph(පැයට සැතපුම්) වේගයට ලගා වීමට තත්පර 3.5 කාලයක් (96.5km) හා මෙහි උපරිම වේගය වෙන 297kmph වේගයට ලගා විමට තත්පර 10.11 ගත වෙනවා.(අපි පදින ඒවට 0-100 එන්නත් ඔයිට වඩා වෙලා යනවනේ)

එන්ජින් එක ගැනම කතා කරන්න තරම් දේ තිබ්බත් මම එන්ජින් එක ගැන මෙතනින් නවත්තල බයික් එකේ අනෙකුත් දේ ගැනත් සදහන් කරන්නම්.

මේ බයික් එකට yamaha විසින් YCC(yamama chip control) ලබා ඇති අතර මේ මගින් බයික් එකට අවශ්‍යම වේගය ඒ අදාල rpm එක තුලදි G.E.N.I.C.H. නමින් හදුන්වන පරිගණකය මගින් මිලිතත්පර ගණනකදී  ගණය කර ලබා දෙන අතර (YCC-T)තාක්ෂණය මගින් acceleration එක wire මගින් ලබා දීම සිදු කරනවා.
මේ නිසා ඉතාම සුපිරි riding experience එකක් ලැබෙනවා වගේම හැකි තරමක් ඉන්ධන පිරිමැසෙනවා.

මේ බයික් එකටත් EFI fuel system එකක් ලබා දි ඇති අතර 1600cc එන්ජින් එකකින් ලොකු ඉන්ධන කාර්යක්ෂමතාව බලාපොරොත්තු වෙන්න බැරි බව මතක තබාගන්න. ලීටර් එකකින් 8-10KM දුරක් තමයි බලාගන්න ලැබෙන්නේ VMAX තුලින්.

ඒ වගේම ලීටර් 15ක ඉන්ධන ටැංකියකුත් ලබා දී තිබෙනවා.

Gear හා clutch ගැන කතා කලොත් 5 speed gearbox එකක් යොදාගෙන තිබෙනවා. මේ බයික් එක 1600 වෙලත් ගියර් 5ක් ලබා දුන්නේ ඇයි කියලා හරියටම දන්නේ නෑ නමුත් YCC වගේ තාක්ෂණක් තිබෙන නිසා මේ gear 5 වේගය පාලනයට හොදටම ඇති කියලා Yamaha හිතන්න ඇති. ඒ වගේම ගොඩක් high capacity bikes වල වගේම මේකටත් slipper clutch එකක් යොදා ඇති අතර එයත් නඩත්තුව තරමක් මිල වැඩියි.

එමෙන්ම බයික් එකේ බර විදියට 315 kg වෙනවා.

බයික් එකේ Meter panal එක ගැන කතා කලොත් semi digital meter panal එකක් දැකගත හැකි අතර මෙහි RPM analog ආකාරයට පෙන්නුම් කරන අතර speed,fuel gage digital පෙන්නුම් කරනවා.ඒ වගේම ABS, rpm limite,oil වැනි මූලික කරුණු light indicators මගින් පෙන්නුම් කරන අතර ටැංකිය මත පිහිටි display එක මත gear position හා තරවත් riderට අවශ්‍ය කරුණු පෙන්නුම් කරනවා.

Frame එක ගැන කතා කලොත් diamond cast aluminum frame යොදා ඇති අතර ඉතා හොද කල්පැවැතමක් මේ චැසි එක සතුයි.

Suspension විදියට adjustable 52mm oxidized titanium ආලේපිත  fork එකක් යොදා ඇති අතර බයික් එකේ බරත් සමග පොලොව මත ඇති වන ඝට්ටන වලදි ඒවට හොදින් ඔරොත්තුදෙන ලෙස මේ forks නිමවා තිබෙනවා එමෙන්ම oxidized titaniumආලේපිත නිසා කිසිම විටක මලකෑමට ලක් වෙන්නේ නෑ.

adjustable Link-type Monocross සමග piggyback reservoir යොදා තිබෙනවා කොටින්ම මේ බයික් එකේ සුවපහසුව ගැන ridersල පවසන්නේ රෝද දෙකේ audi එකක් කියලයි මොකද මේ තාක්ෂණය හා suspension සියල්ලේම එකතුවත් සමග මෙය ඉතාම සුවපහසු ධාවනයකට ඉඩ සලසනවා.

බයික් එකේ exhausted ගැන කතා කලොත් එක පසෙකට කටවල් දෙකේ සයිලන්සරය 1 බැගින් දෙපසටම ලබා දී තිබෙනවා ඒ අනුව ඉන්ධන දහනයේදී දුම් බට 4කින් එය පිට වෙන අතර මෙයින් පිට වන ශබ්දය බයික් පිස්සොන්ව තවත් පිස්සු වට්ටන ශබ්දයක් වෙනවා හිතල බලන්න 16v 4 cylinder 1600 එන්ජින් එකකින් එන beat එක කොහොම වෙයිද කියලා.

මේ බයික් එකේ final drive එකට යමහා යොදා ඇත්තේ shaft එකක් ඒ කිව්වේ එන්ජින් එක මත යොදන බලය පසුපස රෝදයට ලබා දීමට චේන් එකක් හෝ බෙල්ට් එකක් වෙනුවට යොදා ඇත්තේ shaft එකක් මෙය බොහොම අඩුවෙන් යොදා ගන්නා තාක්ෂණයක් වගේම නඩත්තුව ඉතාම මිල අධිකයි.

Breaks ගැන කතා කලොත් radial mount 6-piston calipers, dual wave-type 320 mm discs, brembo master cylinder හා පසුපස single piston caliper, wave-type 298 mm disc, Brembo master cylinder යොදා තිබෙනවා මේ වගේ capacity එකක් සහිත බයික් එකකට ඉතා හොද breaking system එකක් තිබිය යුතුමය නැත්නම් 1st ride එකෙන්ම අතපයක් කඩාගන්න හෝ මැරෙන්නයි වෙන්නේ මේ නිසාම වැඩි දියුණු කරන ලද dual ABS ද මේ බයික් එකට යමහා ලබා දී තිබෙනවා.

Tyres ගැන කතා කලොත් ඉදිරිපස 120/70-18 හා පසුපස 200/50-18 යොදාගෙන තිබෙනවා මේ නිසා බයික් එක පොලවට බදල යනවා වගේ හැගීමක් වගේම සුවපසුව ධාවනයකුත් ලබා දෙනවා.අනිත් හැම දේම වගේ tyres උනත් මිල අධිකයි වගේම ලංකාවේ මුදලින් tyre දෙක පමණක 45000-50000 හෝ ඊට වැඩි වෙනවා.

Lighting ගැන කතා කලොත් H4 60/55W headlight on light head එකක් සමග LED tail light එකක් යොදා ගෙන තිබෙනවා.

අවසාන වශයෙන් මේ බයික් එක ගැන සටහනක් තැබුවොත් 1985 සිට මේ දක්වා මේ බයික් එක නිර්මාණය වෙන අතර 2007 වෙන තෙක් 1,197 cc (73.0 cu in) liquid-cooled DOHC 70° V-4 එන්ජින් එකක් හා V-MAX නාමයෙන් පැමිනි මෙය 2007 පසු VMAX යන නාමයෙන් 1679cc එන්ජින් එකක්න් හා තවත් වැඩි දියුණ කල තාක්ෂණය සමග නිකුත් උනා මේ බයික් එක power cruiser මාදිලියට අයත් වෙන අතර මේකත් සමග තරගය Ducati Diavel,Harley-Davidson Street වැනි එම කාණ්ඩයේම යතුරුපැදි කීපයක් සිටිනවා.

මේ බයික් එක Engine එකේ සිට tyre එක දක්වාම නඩත්තුව ඉතා මිල අධික අතර අපට අසල්වැසි ඉන්දියාවේ මේ බයික් එකේ මිල ලක්ෂ 29කට වැඩි වෙනවා ලංකාවේ මුදලින් ඒ අනුව 71,28907 පමණ වෙනවා.(Brand New Car එකක් ගන්න සල්ලි) ඒ වගේම වාර්ශික නඩත්තු වියදම ලක්ශයක් පමන වෙනවා ඒකයි කිව්වේ ගන්නව තියා ඉදගන්න වත් බෑ කියලා.

කෙසේ වෙතත් බයික් වලට ආදරේ කරන අය පිස්සු වට්ටපු බයික් එකක් නිසා අද සම්පූර්ණ විස්තරයක් වණ්ඩි අරගෙන ආවා පහල තියෙන photos බලලා අදහසක් ගන්න ඔබේ අදහස් යෝජනා චෝදනා අපේ FB page එකට යොමු කරන්න.එකේ අපේ onroad review එක  මෙතනින් බලන්න ස්තුති.

කරුණාකර කතෘ අයිතිය සුරකින්න.

Wandi - වණ්ඩි 











No comments:

Post a Comment