කටූ හේත්තු කරන ස්කූටරේ Aprilia SR150 - Wandi - වණ්ඩි

Wandi - වණ්ඩි

Sri Lanka's leading website about Motorcycles. Keep in touch with us...

Click here to read this post in ENGLISH


Friday, March 8, 2019

කටූ හේත්තු කරන ස්කූටරේ Aprilia SR150



අද මාතෘකාව වෙන්නේ විශේෂයෙන් ස්කුටර් පදින තරුණ පරපුරේ අයගේ වැඩි ඉල්ලීමක් උන Aprilia SR150 ස්කුටරය.

මෙම ස්කුටරය ගැන ගැන කෙටි හැඳින්විමක් කලොත් මෙහි මවු සමාගම වන්නේ ලොව සුපතල යතුරුපැදි නිශ්පාදන සමාගමක් වන Aprilia සමාඟමයි. මොවුන් ඉතාම මිල අධිල වේගවත් යතුරුපැදි නිෂ්පාදනයට පෙලඹී සිටින අතර මීට වසර 3කට පමණ පෙර Aprilia සහ Vespa ඉන්දියාවට පැමිණිමත් සමඟ මධ්‍යම පාන්තික තරුණ තරුණියන් හට වූවද මිලට ගත හැකි Aprilia මාදිලි දෙකක් නිකුත් විය ඒ Aprilia SR125 සහ SR150 ය.

වර්තමානය වන විට මිල අඩුම Aprilia යතුරුපැදිය මේ SR ස්කුටර් මාදිලි 2 වන අතර මීට හේතු ලෙස මෙය අඩු සිලින්ඩර ධාරිතාවයේ ස්කුටරයක් වීම මෙන්ම මෙම ස්කුටරයේ 90%ක් පමණ ඉන්දියාවේ නිශ්පාදනය කර එකලැස් කිරීම පෙන්වා දිය හැකියි. එය කෙසේ කොහොම වූවද වර්ථමානය වන විට මෙරට සහ ඉන්දියාවේ වේගවත්ම ස්කුටර් මාදිලිය වන්නේ මේ SR150 ය. එම නිසා ඉතා සාර්ථක ලෙස මෙම ස්කුටර් මාදිලිය ඉන්දියාවේ අලෙවි වන අතරම මෙරට ද තරුණ පිරිස මෙම ස්කුටරයට ආකර්ෂණය වන බවක් පෙනී යනවා.

සුපුරුදු පරිදි එන්ජිම ගැන විස්තර කලොත් Aprilia SR150හී Piaggio SXL 150 ස්කුටරයේ එන 154.8cc තනි සිලින්ඩර වැල්ව 3ක ඇලුමිනියම් එන්ජින් හෙඩ් එකකින් සමන්විත එන්ජිමම වන අතර මෙම එන්ජිම RPM 6750දී අශ්ව බල 10.4 ජණනය කර දෙන අතර ඉතාම පහසුවෙ පැයට කිලෝමීටර් 110ක පමණ වේගයක් මෙන්ම 120ක කටු හේත්තු වන උපරිම වේගයක් ලබා දෙනවා. මෙම වේගය වෙනත් කිසිදු ඉන්දියානු හෝ ඉන්දියාවේ එකලැස් වන ස්කුටර් එකකට ලඟා විය නොහැකි වේගයක් වන අතර SR150 සහ 125 ස්කුටර් දෙක හැරුනු කොට පැයට කිලෝමීටර් 100 ඉතාම පහසුවෙන් පසු කල හැකි ස්කුටරයක් ලෙස නව තාක්ෂණයෙන් පිරිපුන් TVS Ntorq 125 පෙන්වා දිය හැකියි.

SR150 Race Edition මාදිලියේදි සාමාන්‍ය SR150 මාදිලියට වඩා ඉක්මනින් 0 සිට 60 වේගය ද උපරිම වේගය ද ලබා ගැනීමට හැකි බව Aprilia සඳහන් කරන නමුත් ධාවනයේදී යතුරුපැදි දෙකෙහි වේගය දශම ගණනකින් පමණක් වෙනස් වන බව පෙනී යනවා.

දෙදරීම් හා ශබ්දය අවම සැහැල්ලු මෙම එන්ජිම වායු සිසිලන එන්ජිමක් වන අතර එන්ජිම හරහා හොඳින් වාතය ගමන් කල හැකි ලෙස ස්කුටරයෙහි භාහිර සැකස්ම සැලසුම් කර ඇත. බලය ජවය වේගය අතින් පිරිපුන් මේ එන්ජිම වෙනත් කිසිදු මෙරට සහ ඉන්දියාවේ ඇති ස්කුටර් එකකට සම කල නොහැකි අතරම අනෙකුත් ස්කුටර් වලට සාපේක්ශව මෙහි අමතර කොටස් වලට වැඩි පිරිවැයක් දැරීමට සිදු වන බවත් සේවා ස්ථාන වල හිඟ බව නිසා යම් අපහසුතාවකට පාරිභෝගිකයන්  පත්විය හැකි බවත් සඳහන් කල යුතුය. නමුත් කල් යත්ම මෙම ගැටලු නිරාවරණය වීමට ඉඩ ඇත.

මෙහි සැකස්ම සහ භාහිර පෙනුම ගැන අවධානය ලබා දුන් විට වචනයේ පරිසමාප්තියෙන්ම මෙය Sports Scooter එකක් කීව හැක. මන්ද සුව පහසුව, හුරුබුහුටි පෙනුම, ඉදිරිපස කොටසේ බඩු දැමිය හැකි අන්දමේ කොටස් වැනි පවුලේ ස්කුටර් වල දැකගත හැකි අංග කිසිවක් මෙහි අන්තර් ගත නොවේ.එමෙන්ම Ntorq හී මෙන් තාක්ෂණයෙන් ඉහල මීටර් පද්ධතියක් හෝ Dio 110 හී Grazia 125 හී මෙන් Digital Meter එකක් ද නොමැත. ඇත්තේ සාමාන්‍ය කටු මීටර් එකක් වන අතර එහි එක් කොටසක වේගය ද අනෙකෙහි ඉන්ධන පරිමාවද සටහන් වේ.

Dio, Grazia වැනි ස්කුටර් වල මෙන් LED හෙඩ් ලාම්පු ද මෙහි අඩංගු නොවන අතර සීට් එක යට USB Charging Port එකක් හෝ Light එකක් ද අන්තර්ගත නොවේ. තවද මෙහි සීට් එක යට කොටසෙහි ඉඩ ද ඉතා අවම වන අතර Half Face හිස් වැස්මක් පමණක් ගබඩා කිරීමට මෙහි ඉඩ සෑහේ. එම නිසා මෙම ස්කූටරය පවුලේ ස්කුටර් එකක් ලෙස භාවිතයට ගැනීම එතරම් යෝගය නොවන බව සඳහන් කල යුතුය. මංද පවුලේ ස්කුටර ලෙස තෝරාගැනීමට මීට වඩා අඩු මිලට විවිධ ස්කුටර් මාදිලි කිහිපයක්ම මෙරට වෙලඳපොලෙහි ඇත. උදාහරණ ලෙස Honda Grazia 125, TVS Wego, Suzuki Burgmen,Yamaha Fascino වැනි ස්කුටර පෙන්වා දිය හැකියි.

මෙම ස්කුටරය බැලු බැල්මටම අනෙකුත් ස්කුටර් වලට සාපේක්ශ Seat Height සහ Ground Clearance වැඩි තරමක් උස ස්කුටර් එකක් ලෙස නම් කල හැකියි. මීට ප්‍රධානතම හේතුව නෙකුත් ස්කුටර වල යොදා ගන්නා අඟල් 10ත් 11 අතර රිම් වෙනුවට අඟල් 14ක විශාල රිම් එකක් යොදා ගැනීම සහ උසින් වැඩි Suspension පද්ධතියක් යොදා ගැනීමයි. මේ නිසා ඉහල වේගයන් හී වැඩි ස්ථාවරබවක් මෙන්ම ඉතාම පහසුවෙන් අනෙකුත් ස්කුටර් වලට වඩා වැඩි කෝනයකින් වංගු නැමීමේ හැකියාව ලැබෙනවා.තවද අඟල් 14 රිම් එක සඳහා අලංකාර ඇලෝයි වීල් එකක් යොදා ගැනීමට ද මෙහි නිර්මාණකරුවන් තීරණය කොට තිබෙනවා මේ නිසා ස්කුටර් එකෙහි පෙනුම තවත් කැපි පෙනෙනවා.

Seat Height එක 775mm වන අතර Ground Clearance එක 160mm ලෙසට සටහන් වනවා.එමෙන්ම ලීටර 6.5ක ඉන්ධන ටැංකියක් මෙහි අඩංගු වනවා. මේ වන විට වෙලඳපොලේ ඇති බහුතරයක් ස්කූටර් වල මෙන් නොව මෙහි ඉන්ධන පිරවීමට ස්කූටරයෙන් බැස සීට් එක විවෘත කොට ඉන්ධන පිරවීමට ඉඩ සලසා දිය යුතුය. මෙය එක් අතකින් මහ කරදරකාරි තත්වයක් වන අතර මෙය පවුලේ ස්කුටර් එකක් ලෙස භාවිතය එතරම් යෝග්‍ය නොවන බවට පැවසීමට මෙයද එක් හේතුවකි.

මෙහි ඉන්ධන Carburetor එකක් මගින් සිදු කරනු ලබනවා.පෙට්‍රල් ලීටර එකකට කිලෝමීටර් 35ත් 40ත් අතර අගයක් ගන්නා මෙහි ඉන්ධන කාර්යයක්ෂමතාව සුලු වශයෙන් වැඩි හෝ අඩු අගයක් ස්කුටරය ධාවනය කරනා ස්වභාවය අනුව ගැනීමට ඉඩ ඇත.

මෙහි Suspension දෙසට අවධානය යොමු කලොත් ඉදිරිපස සාමාන්‍ය 32mm Telescopic Forks ද පසුපස Mono Suspension System එකක්ද අන්තරගත වනවා. මෙම Suspension ඕනෑම මාර්ගයක සැපහසුවෙන් ගමන් කිරීමටත් වංගුව වල ස්තාවර බව ලබා දීමටත් බොහෝ සෙයින් උපකාරී වනවා. තවද මෙහි Race Edition මාදිලියේ Hydraulic Suspension ඉදිරිපස සහ පසුපස යොදාගෙන තිබෙනවා.

Brakes ලෙස ඉදිරිපස 220mm Disk Brake පද්ධතියක් ද පසුපස 140mm Drum Brake පද්ධතියක් ද අඩංගුය.SR හී තිරිංග ප්‍රතිචාරය ද ඉතාම හොඳ මට්ටමක පවතින බව සඳහන් කරන අතරම මෙම ස්කුටරය හා නෑකම් කියන Vespa SXL ස්කුටර් එකට ලබා දී ඇති Single Channel ABS පද්ධතිය මෙම ස්කුටර් එකට ද මෙම වසර තුල ලබා දීමට ඉඩ ඇති හෙයින් ඉදිරියේදි මෙහි තිරිංග ප්‍රතිචාරය වඩා ආරක්ෂිත විය හැකියි.

Tyre දෙස අවධානය යොමු කලොත් අනෙකුත් ස්කුටර් වලට සාපේක්ශව පුළුල් 120/70 ප්‍රමාණයේ Tube රහිත ටයර් යුගලයක් ඉදිරිපසට සහ පසුපසට යොදාගෙන තිබෙනවා.

අවසාන වශයෙන් මේ SR 150 ගැන සටහන් කලොත් ලොව මිල අඩුම Aprilia මාදිලිය ලෙසට SR125 එකට පසුව මෙය නම් කල හැකියි. නමුත් ස්කුටර් එකක් ලෙස ගත් කල ඉන්දියාවේ සහ මෙරට මිල අධිකම ස්කුටර් එකක් ලෙසට මෙය නම් කල හැකි අතර SR150 මිලට ගන්නවා වෙනුවට සාමාන්‍ය 150,160cc කාණ්ඩයේ Naked යතුරුපැදියක් තවත් සුලු අමතර මුදලක් යොදවා අවශ්‍ය නම් මිලට ගැනීමට හැකියාව පවතී.

අතිශයින්ම වේගයට කැමති ස්කූටර් ලෝලි තරුණයන් හට නිපදවූ මෙම ස්කුටර් එක පවුලේ එදිනෙදා පරිහරණයට නම් එතරම් ගැලපෙන ස්කූටර් එකක් නොවෙයි.එමෙන්ම රුපියල් 335,000ක් සාමාන්‍ය SR150 එකට ද Race Edition සඳහා 363,000ක් ද වැය වන නිසා සැබවින්ම ඔබට මෙම ස්කුටර් එකට මිලට ගැනීමට අවශ්‍යම දැයි දෙවරක් සිතා බලන්න මන්ද තව සුලු මුදලක් වැය කර ඔබට Bajaj Pulsar NS160 හෝ TVS Apache RTR 160 4V වැනි යතුරුපැදියක් ද මීට රුපියල් 50,000 පමණ අඩුවෙන් Honda Grazia වැනි ස්කුටර් ද ඇති නිසා තම අවශ්‍යතාව වටහා ගෙන තෝරාගැනීම සිදු කිරීමට වග බලා ගන්න.

හොඳ නරක සුපුරුදු ලෙස සටහන් කලා. තෝරාගැනීම ඔබට බාරයි. යතුරුපැදිය ගැන අදහසක් පහල ඡායාරූප නරඹා ලබා ගන්න.අදහස් යෝජනා චෝදනා අපේ FB පිටුවට යොමු කරන්න.

මෙහි මිල ගනන් දැණුම් දිමකින් තොරව වෙනස් විය හැක.

කරුණාකර කතෘ අයිතිය සුරකින්න.

Wandi - වණ්ඩි©












No comments:

Post a Comment