Suzuki Bandit 250 ගැන හැමදේම සිංහලෙන් - Wandi - වණ්ඩි

Wandi - වණ්ඩි

Sri Lanka's leading website about Motorcycles. Keep in touch with us...

Click here to read this post in ENGLISH


Wednesday, August 1, 2018

Suzuki Bandit 250 ගැන හැමදේම සිංහලෙන්



අද මාතෘකාව විදිහට තෝරගත්තා තවත් බරපතල ඉල්ලීමක් වන Suzuki Bandit 250 නොහොත් Suzuki GSF250 යතුරුපැදිය ගැන කතා කරන්න.

මේ යතුරුපැදිය ගැන හැඳින්වීමක් කලොත් වර්ථමානයේ මිලට ගත හැකි මිල අඩුම මෙන්ම දෝශ වැඩිම 250 inline 4 cylinder යතුරුපැදිය බවට පත්ව හමාරයි නමුත් හොඳ ධාවන මට්ටමේ ඇති Bendit යතුරුපැදියකට දැනට මෙරට ප්‍රසිද්ධම සිලින්ඩර 4 යතුරුපැදි වන Honda Jade හා Hornet වෙත තරඟ කිරීම මෙන්ම ජය ගැනීම ඉතාම පහසු කරුණක්.

මෙම යතුරුපැදියේ උපත මීට වසර 30කට ආසන්න කාලයකදී එනම් 1989දි ජපානයේ සිදු වූ අතර පුරා වසර 11ක් එනම් 2000 වසර දක්වා මේ යතුරුපැදිය නිශ්පාදනය ජපානය තුලම සිදු විය.

මෙම යතුරුපැදියෙහිද නිශ්පාදනය වර්ශ අනුව සුලු සුලු වෙනස්කම් හා Production Codes ඇති අතර ඒවා පහතින් සටහන් කරන්නම්.

GSF250 - model years 'K' (1989), 'L' (1990), 'M' (1991), 'N' (1992), 'P' (1993), 'R' (1994).

GSF250V - model years 'S' (1995), 'Y' (2000).

GSF250Z - limited, model years 'M' (1991), 'N' (1992), 'P' (1993).

GSF250VZ - limited, model year 'S' (1995).

Click here to read this post in ENGLISH

Limited මාදිලි Half Faired ලෙස නිෂ්පාදන වූ අතර N මාදිලියේදී Clip-On Handle bars එකතු විය.එමෙන්ම 1992 පසුව එතෙක් කල් අශ්වබල 45ක් වූ බලය අශ්වබල 40කට සීමා විය.

පසුව එනම් 1995 දී හඳුන්වාදුන් Bendit GSF250V මාදිලියට VVT(Variable valve timing) තාක්ෂණය යොදාගත් අතර මෙය Honda හී  V-Tec හා 2 Stroke යතුරුපැදි වල Power Valve ක්‍රියාවලියට සමාන ක්‍රියාවලියක් මේ VVT සහිත Suzuki Bandit යතුරුපැදි එන්ජිම මගින් හඳුනාගත හැකි අතට VVT ඇති එන්ජින් වල උඩ කොටස රතු වර්ණයෙන් යුක්ත විය.

මෙම යතුරුපැදියෙහි සිදු වූ මූලික වෙනස්කම් එලෙස සඳහන් කර හැකි අතර මීලගට එන්ජිම හා අනෙකුත් අංගෝපාංගයන් ගැන සටහන් කරන්නම්.

මෙහි එන්ජිම ලෙස Suzuki විසින් 248cc DOHC Four-stroke Inline Four Cylinder එන්ජිමක් ලබා දී ඇති අතර මෙහි එක් සිලින්ඩර එකකට වෑල්ව 4 බැඟින් Intake,Exhaust වෑල්ව 16ක යොදාගෙන තිබෙනවා.මෙය එකල වූ සෑම inline 4 cylinder යතුරුපැදියකම දැකගත හැකි වූ තත්වයක් මේ නිසා ඉතාම ඉහල බලයක් 250 එන්ජිම මගින් යතුරුපැදියට ලබා දෙන අතර ඉන්ධන කාර්යක්ෂමතාව ඉතාම අඩු මට්ටමකට රැගෙන එනවා. මේ එන්ජිම අශ්වබල 45ක බලයක් හා ඉහත සදහන් කල පරිදි 1992 පසුව අශ්වබල 40ක් ලෙස නිකුත් විය.

හොඳ ධාවන මට්ටකම ඇති බෙන්ඩිට් යතුරුපැදියක් තත්පර 6කට නොවැඩි කාලයක් තුලදී ඉතාම පහසුවෙන් පැයට කිලෝමීටර් 100 වේගය ලබා ගන්නා අතරම ව්නාඩි 2කට නොවැඩි කාලසීමාවක් තුල පැයට කිලෝමීටර් 190ක උපරිම වේගයක් ලබා ගැනීමට සමත් වෙනවා.නමුත් මෙරට ඇති බොහෝ බෙන්ඩිට් යතුරුපැදි දෝෂවලින් පිරි යතුරුපැදි වන අතර පැයට කිලෝමීටර් 100 පසු කිරීමද සමහරෙක් යතුරුපැදි වලට අපහසු කාර්යයක් එම නිසා ඔබ බෙන්ඩිට් යතුරුපැදියක් මිලට ගැනීමට සිතනවා නම් අනිවාර්යයෙන් විශේෂඥ සහය හා අධික්ෂණය ලබා ගැනීමට අමතක නොකරන්න නැත්නම් ඔබට ජපන්‍ යතුරුපැදි දුටු තැන එපා වනු ඇත.

Click here to read this post in ENGLISH

මෙහි සිසිලන පද්ධතිය ලෙස Hornet,Jade,Zeal වැනි එක කාණ්ඩයේ යතුරුපැදි සියල්ලේම මෙන්ම මෙහිද ද්‍රව සිසිලන පද්ධතියක් යොදාගෙන ඇති අතර බෙන්ඩ්ටි හි ආවේනික රෝග ලක්ෂණ දැකගත  හැකි එක් උපාංගයක් ලෙස සිසිලන පද්ධතිය පෙන්නුම් කල හැකියි.මේ නිසා නිසිකලට වෙලාවට නඩත්තු කටයුතු කරගැනීනට අමතක නොකරන්න.

මෙහි ඉන්ධන සැපයුම Carburettor එකක් හරහා සිදුවෙන අතර කාබ් ආශ්‍රිතවද දෝෂ සුලබව බෙන්ඩිට් හී දැකගත හැකියි.මෙම මාදිලියේ අමතර කොටස් හිඟකම නිසා විටෙක Honda Jade හී කාබ් එකද මේ යතුරුපැදියට යොදාගන්න අතර නිවැරදි කාබ් සුසර කිරීමකට (Carburettor Tune) එකකට යොමු කල කාබ් ආශ්‍රිත දෝෂ නොමැති බෙන්ඩිට් යතුරුපැදියක පෙට්‍රල් ලීටර එකකට කිලෝමීටර් 20ත් 23ත් අතර ඉන්ධන කාර්යක්ෂමතාවක් ලබාගත හැකි අතර කාබ් ටියුන් නොකල දෝෂ සහිත යතුරුපැදියක් පෙට්‍රල් ලීටර එකකට කිලෝමීටර් 8ත් 15ත් අතර ඉන්ධන කාර්යක්ෂමතාවක් ලබා දෙනවා.

මෙහි ඉන්ධන ටැංකිය ලෙස ලීටර 14ක් ටැංකියක් ලබා දී ඇති අතරම ලීටර 3.5ක රිසව් ගබඩාවක් මේ ලීටර් 14 තුල ඇතුලත් වෙනවා.

මෙහි ගියර් හා Clutch එක ගැන කතා කලොත් වේග 6ක ගියර් පද්ධතියක් සමඟ Wet Multi-plate Disc Clutch එකක් යොදාගෙන තිබෙනවා.

Click here to read this post in ENGLISH

මෙහි Design එක හා Frame එක ගැන කතා කලොත් එකල මේ යතුරුපැදිය සමඟ තරඟයට සිටි බොහෝ යතුරුපැදි Steel Diamond Frame යොදාගත්ත ද සුසුකි විසින් මේ යතුරුපැදියට Trellis Frame එකක් යොදාගෙන තිබුණි. මෙහි Design එක බොහෝ සෙයින් එකල වු Naked යතුරුපැදි සමඟ සමාන වූවද Trellis Frame එක නිසා තරමක් කැපී පෙනුනද Honda Hornet තරම් අලංකාර හා ආකාර්ෂණීය යතුරුපැදියක් වීමට Bandit හට නොහැකි විය නමුත් වේගය අතින් Honda Hornet තරමක් පහලින් විය.

මෙහි Handling ගැන අවධානය යොමු කලොත්  දුර ධාවනයේදී ධාවකයාට මෙන්ම පසුපස ගමන්ගන්නා කෙනාට ද ඉතාම පහසු නමුත් ඉහල වේගයන් හී වංගු වල අස්ථාවර බවක් හා කුඩා ඉඩ වල යතුරුපැදිය හැරවීමේදී තරමක ගැටලුවක්ද දැකගත හැකියි.කිලෝග්‍රෑම් 176ක පමණ බරක් මේ යතුරුපැදියට ලැබී තිබෙනවා.

මෙහි මීටර් පද්ධතිය ලෙස Full Analog මීටර් එකක් යොදාගෙන ඇති අතර මෙහි Speed,ODO,Trip හා RPM පෙන්නුම් කරන අතර මෙහි අඩුවක් ලෙස Fuel Gauge හෝ Temperature Gauge එකක් නොවීම පෙන්වා දිය හැකියි. නමුත් 1995න් පසුව Fuel Gauge පෙන්නුම් කරන Meter එකක්ද එකතු වීම නිසා මේ ගැටලුව පහව ගියා.

Bendit හී Seat height එක 750mm (අඟල් 29.5) වන අතර මේ නිසා ඔනෑම උසක අයෙකුට පහසුවෙන් ධාවනය කිරීමට හැකි වෙනවා මෙහි Ground Clearance 155mm (අඟල් 6.1) ලෙසට සටහන් වෙනවා.

Suspension ලෙස ඉදිරිපස Coil Spring සහිත Oil damped Telescopic 41mm Forks ද පසුපස සඳහා ම්ට්ටම් 7කට සීරූමාරු කල හැකි Monoshock එකක්ද යොදාගෙන තිබෙනවා.

Brakes ගැන අවධානය යොමු කලොත් ඉදිරිපස පිස්ටන් 4ක ටොකීකෝ කැලිපරයක් සමඟ තනි ඩිස්ක් එකක් ද පසුපස පිස්ටන් දෙකක ටොකීකෝ කැලිපරයක් සමඟ ඩිස්ක් එකක් ද යොදාගෙන ඇති අතර මෙරට ඇති සමහරෙක් යතුරුපැදි වල නිසින් කැලිපරද දැකගත හැකියි නමුත් සම්මත (Standard) මාදිලියෙහි දැගත හැක්කේ Tokico කැලිපරය මෙහි Brakes ඉතා හොඳ මට්ටමකින් ඇති අතර මෙහි 400 මාදිලියේදී ඉදිරිපස Disc දෙකක් දැකගත හැකියි.

Click here to read this post in ENGLISH

Tyres ලෙස ඉදිරිපස 110/70R–17M/C 54H ටයර් ප්‍රමාණයෙන්ද පසුපස 150/60R–17M/C 66H ද ටියුබ් රහිත ටයර් යොදාගෙන ඇති අතර Bendit 250V හැර අනෙක් මාදිලි වල පසුපස ටයරය 140/70 –17M/C 66H ප්‍රමාණයෙන් යුක්ත විය.

අවසාන වශයෙන් මේ යතුරුපැදිය ගැන සටහන් කලොත් මෙය Honda CB Jade 250,Honda Hornet 250,Kawasaki Belius 250,Yamaha Zeal 250 වැනි යතුරුපැදි සමඟ කරට කර තරඟයක සිටි නමුත් වර්ථමානයේ අමතර කොටස් හිඟ කම,කාබ්,CDI ආශ්‍රිත දෝෂ වැනි සාධක නිසා මෙන්ම නඩත්තු වියදම් අධික නිසා වත්මන් යතුරුපැදි වෙළඳපොළ තුල ඉතාම මිල අඩු ජපන් යතුරුපැදියක් වී ඇති අතරම මෙහි මිල රුපියල් 80,000 සිට 180,000 පමණ පරාසයක විහිදෙනවා.මෙහි 400cc මාදිලියක්ද ඇති අතර ඉදිරියේදි ඒ ගැන සම්පූර්ණ ලිපියක් රැගෙන එන්නම් මීට අමතරව Bandit මාදිලියෙන් 600,650,750,1200,1250 යන එන්ජින ධාරිතාව යටතේද යතුරුපැදි නිකුත් උනා.ඉදිරියේදී ඒ ගැනත් ලිපි රැගෙන එන්නම්.

යතුරුපැදිය ගැන අදහසක් පහල ඇති ඡායාරූප බලලා ලබාගන්න,ඔබේ අදහස් යෝජනා හා චෝදනා අපේ FB පිටුවට යොමු කරන්න ස්තූතියි.

කරුණාකර කතෘ අයිතිය සුරකින්න.

Wandi - වණ්ඩි©

1 comment:

  1. Hi, mama bandit 250 ek ganna balaporoththu wenawa. Samara Aya kiyanwa bandit eke petrol litre 1 Ka km 27k pamana yanawa kiyala. Eka aththadha. And bandit wala ena major repairs monawada? Ewata lankave parts thiyenwa da?
    Thank you

    ReplyDelete