කෑන් ගැහිල්ල,සයිලන්සර,පොලිස් කේස් ඔක්කොම ගැන සරළවම - Wandi - වණ්ඩි

Wandi - වණ්ඩි

Sri Lanka's leading website about Motorcycles. Keep in touch with us...

Click here to read this post in ENGLISH


Monday, May 14, 2018

කෑන් ගැහිල්ල,සයිලන්සර,පොලිස් කේස් ඔක්කොම ගැන සරළවම

අද මාතෘකාව විදිහට Beat Can ගැහිල්ල සහ Silencer ගැන පොඩ්ඩක් කතා කරන්න තීරණය කලා මොකද ගොඩක් අයට බයික් එකක සයිලැන්සර් එකේ ඇති වාසි අවාසි වගේම පොලිසියෙන් ඇති වෙන ගැටලු වලින් ගැලවෙන හැටි ගැන නිසි අවබෝධයක් නැහැ.

මේ බීට් ගැහිල්ල ගැන කිව්වොත් ලංකාවේ නම් බොහෝ දෙනෙක් හුදෙක් සද්දේ හා බැක් ෆයර් කිරීම සඳහා පමණයි Can එකක් මාරු කරන්නේ ඒත් සැබෑවට Stock exhaust system එක හෝ Muffler (කෑන් එක) මාරු කිරීමට හේතු කීපයක්ම තිබෙනවා. ඉන් කීපයක් ලෙස

* බර අඩු කරගැනීම
* ශබ්දය වැඩි කරගැනීම
* වේගය වැඩි කරගැනීම
* ආකර්ෂණීය පෙනුම ලබාගැනීම


වැනි සාධක පෙන්වා දිය හැකියි. මේ සඳහා exhaust system පිලිබඳ  විශේෂඥ සමාගම් වන

Akrapovic
Yoshimura

SC Project 

Arrow
GPR

FMF

Scorpion

Leo Vinci

Delta

Toce


Supertrapp

WR'S
HMF
වැනි සමාගම් අන්තර්ජාතික මට්ටමකට අනුව නිසි ප්‍රමිතියකට අනුව එක් එක් එන්ජින් හා යතුරුපැදි වලට විශේෂිත ලෙස Exhaust system නිර්මාණය කරනවා උදාහරණයක් ලෙස Akrapovic විසින් Ducati Superlaggera 1299 සඳහා Racing Exhaust එකක් විශේෂයෙන් නිම කිරීම හා Yamaha MT-09 සඳහා  Yoshimura Exhaust system එකක් නිපදවීම පෙන්විය හැකී මේ ආකාරයට ලෝකයේ පිලිගැනිමක් ඇති සියලුම යතුරුපැදිය එනම් Yamaha,KTM,Honda,BMW,Ducati,Aprilia,Kawasaki වැනි යතුරුපැදි සඳහා Can(slip-on Exhaust) Full Exhaust system නිර්මාණය කරනවා අවාසනාවකට මෙන් මොවුන් ඉන්දියාවේ එකලැස් වන Yamaha FZ,Honda Hornet 160 Bajaj NS200,TVS RTR200 වැනි යතුරුපැදි සඳහා නම් විශේෂිත වූ Exhaust System නිර්මාණය කරන්නේ නැහැ.

මේ හේතුව නිසා හා Original Exhaust System එක මිල අධික නිසා Universal Exhaust හෝ Chinese Replica වලට යොමු වෙනවා මේ ආකාරයේ Exhaust system එකක් හෝ Can එකක් රුපියල් 3000 සිට පමණ මිලට ගත හැකි අතර හුදෙක් ශබ්දය පමණක් වෙනස් වේ මෙම ශබ්දය ද නිසි ප්‍රමිතියකට හෝ සම්මතයකට යටත් නොවි ඇති අතර මෙරට මෙන්ම විදේශ රටවලද මහජනයාට හිරිහැර වන ලෙස පීඩා වන ලෙස අනවශ්‍ය ශබ්ද පිට කිරීම,ශබ්ද දූෂණය හා මෙරටදී නම් මුල් ආකෘතිය වෙනස් කිරීම වැනි චෝදනා යටතේ නඩු පැවරීමේ හැකියාව පවතිනවා.




යම් හෙයකින් ඔබ බීට් කෑන් එකක් යතුරුපැදියට එක් කරනවා නම් එය ඩෙසිබල් 96 (96dB) වලට වැඩි නොවිමට වග බලා ගත යුතුය නැතිනම් පොලිසියට නීතිමය පියවර ගත හැකි අතට මහජනයාට ද ඔබට එරහිව චෝදනා ගොනු කිරීමේ අයිතිය ඇති චෝදනා ඔප්පු වුවහොත් රුපියල් 50,000ක උපරිමයකට යටත්ව දඩයක් ගෙවීමට සිදුවනු ඇත.

ප්‍රමිතියකට නැති කෑන් ගැහිල්ලේ ප්‍රථිපල 

* Exhaust Valve වලට හානි විය හැකියි.

*නිසි ලෙස කාබන් පිට නොවීම නිසා කාබන් බැදී  එන්ජිමෙහි කාර්යක්ෂමතාව අඩුවිය හැකි හෝ එන්ජිම සිර විය හැකියි.

*ඉන්ධන කාර්යක්ෂමතාව අඩු විය හැකියි.

*ඝෝශාකාරි ශබ්ද නිසා ජනතාව පීඩාවට පත් වීම හා පොලිසිය මගින් නීතිමය ක්‍රියාමාර්ග ගැනීම.

* Eco Test (දුම් සහතික) ලබා ගැනීමේදී ගැටලු ඇති විය හැකියි.

*යතුරුපැදියෙහි නැවත විකිනීමේ මිල සැලකිය යුතු මට්ටමකින් අඩු වීම.

වැනි මූලික කරුණු පෙන්විය හැකියි.

ජාත්‍යන්තර මට්ටමේ සයිලැන්සර් එකක් යතුරුපැදියට එකතු කිරිමේ වාසි

(අවාසනාවකට මෙන් මෙරට Reconditioned ජපන් යතුරුපැදි වලට හැර ඉන්දියානු යතුරුපැදි වලට Branded Exhaust system මිලට ගැනීමට නැත.)

*යතුරුපැදි ධාවනයේදී කියවෙන Blind spot එනම් අදුරේ ධාවනයේදී ශබ්දය නිසා යතුරුපැදිය කෙරෙහී අවධානය අනෙකුත් වාහන වලට යොමු වී අනතුරු අවම කරගත හැකි විම.

* යතුරුපැදියෙහි දුර හා වේගය දල වශයෙන් දක්ශ රියදුරෙකුට නිර්ණය කර ගත හැකි වීම නිසාද අනතුරු අවම වීම.

*ආකර්ෂණීය පෙනුමක් හා ශබ්දයක් ලැබීම.

*රේසින් Exhaust(Akrapovic Racing,GPR Racing) වැනි Exhaust system නිසා වේගය වැඩි වීම.(Racing Exhaust සමඟ ලොකයේ කිසිම රටක යතුරුපැදි ධාවනයට අවසර නැත හේතුව එම ශබ්දය මහ මාර්ග වලට ඉතාම ඝෝශාකාරි නිසා)

*Stock Exhaust(යතුරුපැදියට එම කර්මාන්තශාලාවෙන් ලබා දෙන සයිලැන්සරය) එකට වඩා කිලෝග්‍රෑම් 3ත්-5ත් අතර බරක් Aftermarket Exhaust එකකින් අඩු කර ගැනීමට හැකි වීම.

පහත රූපයේ දැක්වෙන්නේ Yamaha YZF-R6 යතුරුපැදියෙහි Stock Exhaust හා Modified Exhaust දෙකෙහි වෙනස දක්වන ඡායාරූපයකි.

සයිලැන්සර් වල පිහිටීම අනුව හදුන්වන නම්.

අපේ එක එක Reviews වල එක එක යතුරුපැදි ගැන කතා කලා ඒ යතුරුපැදි වල සයිලැන්සර් පිහිටීම එකකට එකක් වෙනස් මීට හේතුව එම යතුරුපැදි වල පෙනුම හා යතුරුපැදියෙහි කාර්යයයි.පහත දැක්වෙන්නේ එම සයිලැන්සර් පිහිටීම හදුන්වන ආකාරයයි.

Side Mounted (පැත්තෙන් පිහිටිම)







බොහෝ යතුරුපැදිවල මේ අකාරයට දැකගත හැකියි.
උදාහරණ ලෙස BMWS1000RR,KTM DUKE 390,YAMAHA R6,RSV4,MT-10

Under seat/tail mounted (සීට එක යටින්)







බොහෝ රේසින් යතුරුපැදි හා GP යතුරුපැදි වල මේ ආකාරයට සයිලැන්සරය පිහිටා තිබෙනවා මේ නිසා ඉතාම පහසුවෙන් සයිලැන්සර් එකට හානියක් නොවෙන ලෙස Knee down එකක් සමඟ යතුරුපැදි වංගු ගැනීමට ඉඩකඩ ලැබෙනවා.

උදාහරණ ලෙස CBR600RR,Yamaha R1,Kawasaki ZX10R පෙන්විය හැකියි.

Tail Mounted (පසුපස කොටසට සම්බන්ධ කර)





මේ ආකාරයට බොහෝ විට Motorcross,Supermoto,Adventure වැනි යතුරුපැදි වල දැකගත හැකී මීට හේතුව සයිලැන්සර් එකට හානියක් නොවෙන්න යතුරුපැදිය ධාවනය හා Ground clearance එක වැඩි කරගැනීමයි.

උදාහරණ ලෙස KLX250D TRACKER,CRF,WRX,TW

Underbelly Exhaust (එන්ජිමට ආසන්නව චැසිය යට)






උදාහරණ ලෙස MT-09,DUKE200, PANIGALE 1299R

මොනවද Replica,High copy Exhaust කියන්නේ?
මොනවද Universal Exhaust කියන්නේ?

Replica යනු අපි මීට පෙර ලිපියෙහි සදහන් කරන ලද Replica,Clone යතුරුපැදි ලෙසම පෙනුමෙන් ඉතාම සමාන ඉතා අඩු මිලට වෙළඳපොලට නිකුත් වන සයිලැන්සර්ය මේවා නිසි ප්‍රමිතියකට යටත්ව නිපදනොවෙන අතර සමහර exhaust system යතුරුපැදි එන්ජිමට හානි පමුණුවයි. පහත දැක්වෙන්නේ එලෙස යතුරුපැදි වලට එකතු කරගත් Exhaust system කීපයකි.



Universal Exhaust system යනූ ඕනෑම යතුරුපැදියකට ඉතාම පහසුවෙන් එකතු කරගත හැකි exhaust system එකක් වන අතර මේවාට අවශ්‍ය පරිදි ඉහත සඳහන් කරන ලද ඉහල මට්ටමේ exhaust system නිශ්පාදකයන්ගේ Tread mark එක ස්ටිකර් එකක් ලෙස ඇලවීමේ හැකියාව පවතිනවා.පහත දැක්වෙන්නේ එලෙස Ebay එකෙන් මිලට ගත හැකි Yoshimura හා Akrapovic Can දෙකක් මේවා Chinese Can වලට වඩා තරමක් ප්‍රමිතියට අනුකූල වන අතර Chinese can වලට වඩා මිලෙන් වැඩි හා  Original brands වලට වඩා 80% මිල අඩුයි.




Full Exhaust System හා Slip on exhaust අතර වෙනස.


Full System එකක මූලික කොටස් 3ක් ඇති අතර මෙය Header, Midpipe ( අපේ අය Bend එක කියන්නේ ඕකට) හා Muffler ලෙස හැදින්වෙනවා මේ ආකාරයේ Full system එකක් යොදා ගැනීම මගින් යතුරුපැදියෙහි බලය 15% පමණ වැඩිකර ගත හැකි අතර ශබ්දයද වෙනස් වෙයි නමුත් Slip on Exhaust නැතහොත් කෑන් එකක් Muffler එකක් පමණක් මාරු කිරීම මගින් ශබ්දය පමණක් වෙනස් වන අතර වේගයේ විශාල වෙනසක් සිදු නොවේ රේසින් ධාවනය හැර බෝහෝ දෙනා Full system භාවිතයට යොමු නොවන අතර මීට හේතුව Slip on එකකට වඩා සැලකිය යුතු මිලක් වැය වීම,අනිවාර්යයෙන් යතුරුපැදි කාර්මිකයෙකු ගේ සහය අවශ්‍ය වීම වැනි කාරණායි,ශබ්දයට පමණක් අවධානය දෙන අය කෑන් නැති නම් Slipon exhaust එකක් පමණක් භාවිතා කරන අතර මෙය සවිකර ගැනීමද බොහෝ යතුරුපැදි වල තනියම පහසුවෙන් කරගැනීමට හැකියාව පවතිනවා.

Stock exhaust එනම් කර්මාන්තශාලාව මගින් ලබා දෙන Exhaust system එක ඉවත් කර වෙන Exhaust system එකක් යොදා ගැනීම හොද ද? Muffler එකක් නොමැතිව ධාවනය යතුරුපැදියට හානි පමුණුවයි ද?

සැබෑවටම ඔබට අත්‍යාවශ්‍ය කරුනක් එනම් Racing හෝ Stunt කිරීමේ අවශ්‍යතාව නැති නම් කිසිම විදියකින් exhaust system එක මාරු කලයුතු බවට යතුරුපැදි කර්මාන්තශාලා වලින් හෝ යතුරුපැදි කාර්මික ශිල්පීන් නිර්දේශ කරන්නෙ නැහැ මොකද කඩුවට නියමෙටම ගැලපෙන කොපුව සාදන්නේ කඩුව සෑදූ කම්මල්කරුවාම නිසා.කෙසේ උනත් අධිබලැති යතුරුපැදි හා ජපන් යතුරුපැදි සඳහා මෙන් ඉහල ප්‍රමිතියකට අනුව නිපදවන Beat Can ඉන්දියානු යතුරුපැදි වලට නොමැති නිසා ඉහත හී වාසි අවාසි ගැන සලකා අත්‍යාවශ්‍ය කරුණකට හැර exhaust system එකට අත තැබීමෙන් වලකින්න.
Muffler එකක් නැතුව Midpipe එක හෝ සයිලැන්සර් ගෙඩිය පමණක භාවිතා කර ධාවනය සමහර යතුරුපැදිකරුවන් සිදු කරන අතර මෙයින් යතුරුපැදියට සැලකිය යුතු හානියක්ද මගී ජනතාවට ඉතාම පීඩාවක් ද එල්ල වෙනවා stock සයිලැන්සර් එකක ප්‍රධාන අරමුණ එන්ජිමෙන් පිට වන ශබ්දය හැකිතාක් පාලනය කිරීම වන අතර මෙයට ඉවහල් වන ප්‍රදානම කොටස Muffler එක වේ මෙය ඉවත් කිරීමෙන් ඉතාම පීඩාකාරී අමිහිරි ශබ්දයක් ඕනෑම යතුරුපැදියකින් පිට විය හැකි පහත ඇත්තේ එවෙනි muffler එක ඉවත් කල යතුරුපැදියක්.

මෙම ලිපිය අවසානය ඔබට යම්තාක් දුරට සයිලැන්සර් ගැන එසේ නැතිනම් Exhaust system ගැන අවබෝධයක් ලැබුනා අප යයි සිතමු. අත්‍යාවශ්‍ය කාර්යයකට හැර කිසි විටකත් සයිලැන්සර් එක වෙනස් කිරීමෙන් වලකින්න,ඉන්දියානු යතුරුපැදි සඳහා ප්‍රමිතියකට අනුව නිපදවූ බීට් කෑන් ඉතා අල්ප අතර බහුතරයක් බීට් කෑන් හුදෙක් සැමන් ටින් එකකට සමාන වේ එම නිසා තොරාගැනීමෙදි ප්‍රවේසම් වන්න.ගැටලු ඇත්නම් අපේ FB පිටුවට යොමු කරන්න.

කරුණාකර කතෘ අයිතිය සුරකින්න.

Wandi - වණ්ඩි©

1 comment: