චීනා කොපි කරපු අපි අහන දකින බයික්ස් කීපයක්. - Wandi - වණ්ඩි

Wandi - වණ්ඩි

Sri Lanka's leading website about Motorcycles. Keep in touch with us...

Click here to read this post in ENGLISH


Wednesday, May 9, 2018

චීනා කොපි කරපු අපි අහන දකින බයික්ස් කීපයක්.

අද මාතෘකාව ව්දියට Chinese Replica Bikes ගැන කතා කරන්න හිතුව මේකට ලොකුම හේතුව ලඟදි මගේ පුද්ගලික FB ගිණුමට කෙනෙක් ෆොටෝ එවල අහපු ප්‍රශ්න.

මුලින්ම මොකද්ද මේ Replica එහෙමත් නැත්නම් High Copy,Fake Bike එකක් කියලා තේරුම් කරන්නම් හරියටම දැන් මාකට් එකේ තියෙන ෆෝන් වගේම තමයි නමේ පෙනුමේ හැඩයේ ඉදලම බොහොම සමානයි ඒත් අතට ගත්තම පාවිච්චි කලාම අහු වෙනවා හොර කොපි කියලා ඒත් සමහර අය අහු වෙන්නත් ඉඩ තියෙනවා.ගාන උනත් ගොඩක් අඩුයි ඔරිජිනල් අයිෆෝන් 7 එක ලක්ස 1.20ක් නම් ෆේක් එක රුපියල් 11,000යි.මේ වගේම තමයි මේ Replica Bikes කියන ඒවත් පෙනුම සමානයි ඒත් එන්ජිමේ බලය කල්පැවත්ම ආරක්ශාව නිශ්පාදිත ගුනාත්මකබව ගොඩාක් අඩුයි ඒ වගේම මිලත් ගොඩාක් අඩුයි.කොපි කරන්න උපන් හපන් චිනයේ තමා ගොඩක් රෙප්ලිකා ප්‍රඩක්ශන් හැදෙන්නේ සමහර බයික්වල නම් පවා බොහෝම සමානයි Yamaha R6 එකේ රෙප්ලිකා බයික් එකේ නම Yayama R6 වගේ නම් වලින් තියෙනවා එතකොට ගූගල් සෙවුම් කරත් Specs ලෙස පෙන්නුම කරන්නේ Auto correction නිසා Original Yamaha R6හී විස්තර ඒ තරමට සූක්ෂම ලෙස රෙප්ලිකා යතුරුපැදි නිශ්පාදනය වෙනවා.

මේ යතුරුපැදි බොහෝමයක එන්ජිම සහ මූලික අංග උපාංග එකම සමාගමක් විසින් සාදන අතර පසුව වෙනත් වෙනත් යතුරුපැදි එකලැස් කිරීමේ සමාගම් මේව තමන්ගේ කර්මාන්තශාලාවල් තුල එකලැස් කරගනිමින් ඔවුන් ගේ නාමය හා සුලු සුලු වෙනස්කම් සිදු කරගනි උදාහරණයක් ලෙස Jida සමාගම හා Demak සමාගම Skyline යතුරුපැදිය වැනි යතුරුපැදි වල නම හා භාහිරව සුලු වෙනස්කීරිමකට ලක් කර අලෙවිය සිදු කරන අතර CZ Dake 150 මෙරටදී RTM 180 ලෙස වෙනස් කිරීම පෙන්වා දිය හැකියි.

එමෙන්ම Demak හී සියලුම යතුරුපැදි පාහේ Replica ඝනයට අයත් වෙනවා. උදාහරණ ලෙස DXT Dart, KTM Duke 200 Replica ලෙස,Warrior 150, Benelli TNT 300 ලෙස DZM200,Aprilia Shiver 750 ලෙස අනුකණය කර නිශ්පාදනය කිරිම පෙන්විය හැකියි.

මෙම යතුරුපැදි වැඩ් වශයෙන් චීනය,තායිලන්තය,වියට්නාමය,මැලේසියාව,ඉන්දුනීසියාව හා නේපලය,බංග්ලාදේශය,පාකිස්තානය වැනි රටවල අලෙවි වෙනවා.

මෙම අනුකරණ කර ඇති යතුරුපැදි අපි දන්නා හදුනන සුපර් බයික් වල සිට නිතර දෙවෙලේ දකින කුඩා යතුරුපැදි දක්වා පරාසයක විහිදෙනවා උදාහරණයක් ලෙස Ducati Panigale 1098 හී Replica යතුරුපැදිය ලෙස Wonjan WJ300 Space Ranger අලෙවි කිරීමද Pulsar 150 Classic යතුරුපැදියෙහි Replica යතුරුපැදිය ලෙස Gulsar CG-125 අලෙවි කිරීමද පෙන්වා දිය හැකියි.

මෙම යතුරුපැදි පෙනුමෙන් පමණක් Original යතුරුපැදියට සමාන වන අතර එන්ජිම තාක්ශයන හා අනෙකුත් සෑම අතින්ම ඉතාම පහල අගයක් ගන්නවා මේ පහල ඇත්තේ එවැනි Original යතුරුපැදි කීපයක් හා Replica සැසදූ ඡායාරූප කිහිපයක්.

Ducati Panigale -Wonjan WJ300
BMW S1000RR - Unknown Bike
DSK Benelli TNT300 - Sigma Dragon 150
 BMW F650CS - Jonway YY250
Honda Grom 125 - Wonjan WJ150

Yamaha YZF-R6 - Yayama R6
 Pulsar NS200 - NT200
 Yamaha YZF-R3 - Conquer 150
 BMW1200GS - Songshen RX4
 Bajaj RS200 - Lion 150
 Honda CBR250R - Sigma YCR150
Kawasaki Ninja 300 - Kengo R350
KTM Duke 200 - CZ Dake 150
මීට අමතරව තවත් අපි දන්නා කියන යතුරුපැදි Yamaha FZ16 හා Pulsar 135LS Replica යතුරුපැදි Jida Motorcycles සමාගමින් Copy කර ඇති ඡායාරූප කිහිපයක් පහල තියෙනවා අදහස් යෝජනා චෝදනා අපේ FB පිටුවට යොමු කරන්න.




කරුණාකර කතෘ අයිති සුරකින්න.

Wandi - වණ්ඩි©

1 comment: