ජපානෙන් ලෝකෙටම පැතිරුන මේනියාව Honda AX-1 - Wandi - වණ්ඩි

Wandi - වණ්ඩි

Sri Lanka's leading website about Motorcycles. Keep in touch with us...

Click here to read this post in ENGLISH


Sunday, December 31, 2017

ජපානෙන් ලෝකෙටම පැතිරුන මේනියාව Honda AX-1



තව පැය කීපයකින් 2017ත් ඉවරයි පෝස්ට් එක ලියන්න කලින් ස්තූතියි කරන්න තියෙනවා ඔයාල හැම කෙනෙක්ටම.වණ්ඩි පටන් අරන් මාස 4ක් 5ක් වගේ කාලයකින් Blog Site views ලක්ෂ 8ක්, FB likes 8700+, Instagram followers 500+ වගේම මාස තුනකට කලින් පටන් ගත්ත Youtube එකේ Subscriber 500+ එක්ක views 10000+ ලබා දුන්න හැමෝටම ස්තූතියි උදව් කරපු හැමෝටම ස්තූතියි නම් වලින් කියන්න් බැරිතරම් අය වචනෙන් හරි උදව් කලා reviews වලට බයික්ස් දුන්නා insta page එක ගොඩ ගන්න සුපිරි photos දුන්නා.නොදන්න විස්තර බයික්ස් ගැන හොයලා දුන්නා කිසි කෙනෙක් ලාබ ප්‍රයොජන බලන් අපිට උදව් කලේ නෑ බයික්ස් වලට තියෙන ආදරේ නිසයි අපිට උදව් කලේ හැමෝටම ස්තූතියි . 2018 මීට වඩා හොඳට වණ්ඩි කරගෙන යන්න ඔයාලාගේ ශක්තිය වචනෙන් පවා වටිනවා.එහෙනම් 2017 අන්තිම review එක ලංකාවේ මේනියාව Honda AX-1...

මේ යතුරුපැදිය ගැන කතා කලොත් මෙය් මුලින්ම නිශ්පාදනය වෙන්නේ 1987 වසරෙදි ඒ මේ යතුරුපැදියට බොහෝ සෙයින් සමානකම් කියන NX යතුරුපැදිය පදනම් කරගෙන. 1987 සිට 1994 දක්වා වසර 7ක කාලයක් 100% ජපානේ නිශ්පාදන කරණු ලැබූ මේ යකඩයා 94න් පසුව සම්පූර්ණයෙන් නිශ්පාදනය නවතනු ලැබුවා.

Hornet 250(CB250F) එක මෙන්ම මෙහිද කාණ්ඩ කරන ලද චැසි අංක හා එන්ජින් අංග දැකගත හැකි අතර මුලින්ම එම තොරතුරු සඳහන් කරන්නම්.

1987 -
Name : Honda AX-1
Frame/Engine : MD21-100XXXX/ MD21E-XXXXXXX
Code : NX250J

1988 -
Name : Honda AX-1 (Japan); Honda NX250 Dominator (Europe, North America)
Frame/Engine : MD21-101XXXX / MD21E-XXXXXXX (Japan); MD215XXXX, MD216XXXXXX (Europe); JH2MD21XXXXXXXXX (North America)
Code : NX250J (Europe, Canada, Japan); NX250A / NX250AC (USA)

1989 - 
Name : Honda AX-1 (Japan); Honda NX250 Dominator (Europe, USA)
Frame/Engine : MD21-110XXXX / MD21E-XXXXXXX (Japan); MD215XXXX, MD216XXXXXX (Europe); JH2MD21XXXXXXXXX (USA)
Code : NX250K (Europe, Japan); NX250A / NX250AC (USA)

1990 -
Name : Honda AX-1 (Japan); Honda NX250 Dominator (Europe, USA)
Frame/Engine : MD21-115XXXX / MD21E-XXXXXXX (Japan); MD215XXXX, MD216XXXXXX, MD25XXXXX (Europe); JH2MD21XXXXXXXXX (USA)
Code : NX250L, NX2502L (Europe); NX250A / NX250AC (USA); NX250K (Japan)

1991 -
Name : Honda AX-1 (Japan); Honda NX250 Dominator (Switzerland)
Frame/Engine : MD21-115XXXX / MD21E-XXXXXXX (Japan); MD255XXXX (Switzerland)
Code : NX250M (Switzerland); NX250K (Japan)

1993 - Name : Honda AX-1 (Japan); Honda NX250 Dominator (Europe)
Frame/Engine : MD21-115XXXX / MD21E-XXXXXXX (Japan); MD215XXXXXX, MD253XXXXXX, MD255XXXXXX, JH2MD259*XXXXXXXXXX (Switzerland)
Code : NX250P, NX2502P (Europe); NX250K (Japan)

1994 -
Name : Honda AX-1
Frame/Engine : MD21-120XXXX / MD21E-XXXXXXX
Code : NX250R / NX250RIII


ජපානයේ හා යුරෝපයේ දෙකේම භාවිතා උන නම් හා චැසි/එන්ජින් අංක සඳහන් කලේ යුරෝපයේන් ආනයන කරන ලද AX1 කීපයක්ද මෙටර තුල සංක්‍රමණය වෙන නිසායි.

මෙහි Hornet එකේ තරම් චැසි එකෙන් එකට වෙනස්කම් නැතත් සුලු වෙනස්කම් දැකගත හැකී.

CH100

සීරූ මාරු කල නොහැකි(non adjustable) Suspension.

වේග සීමාව 100kmph ඉක්මවූ විට headlamp ස්වයංක්‍රීයව ක්‍රියාත්මක වීම.

විශේෂ මාදිලිය Red boot නොහොත් බෝනික්කා මොඩල් එක නිකුත් වීම(ලංකාවේ විරලයි)

100,110,115 frame එක හා රිම් වර්ණය සුදු ය.

 එමෙන්ම එන්ජින් එක රන් පැහැයට සමාන පැහැයකින් දිස්විය.

චැසි 100ට වඩා වෙනස් ඩිස්ක් එකක් 110 පසුව භාවිතා විය.

CH 120 දී AX-1 යන නම වැල් අකුරෙන් ලියවී තිබීම. (වැල මොඩල්)

චැසිය අලුපැහැ වූ අතර රිම් එක කලු සමඟ silver line එකක් දැකගත හැකී.

එන්ජින් එක කලු මිශ්‍රිත අලු පැහැයට හුරුය.


සුපුරුදු පරිදි මේ යකඩයාගේ හදවතින් එහෙමත් නැත්තම් එන්ජින් එකෙන් විස්තර කිරීම පටන් ගමු.
AX1 යතුරුපැදිය සදහා හොන්ඩා විසින් තනි සිලින්ඩර DOHC 249cc වෑල්ව හතරක four-stroke එන්ජින් එකක් ලබා දී තිබෙනවා. මේ එන්ජින් එකසතු උපරිම බලය 29bhp ලෙස සදහන් වෙන අතර මෙහි ලඟම සහෝදරයා නොහොත් NX ට මේ එන්ජින් ධාරිතාවම ලබා දුන්නද අශ්ව බල 25 පමණයි ලැබී ඇත්තෙ.
මේ යතුරුපැදියට ලබා ගත හැකි උපරිම වේගය හොඳ එන්ජින් එකකින් 140-145kmph පමණ වෙනවා. එමෙන්ම XR,D Tracker වැනි යතුරුපැදි වලට වඩා වැඩි pickup එකක් මෙහි දැකගත හැකී ඊට හේතුව මේ අශ්ව බල 29ක එන්ජින් එක හා සැහැල්ලු සැකැස්මයි.
තවද මේ එන්ජින් එකට 0-100 වේගයට ලඟා වීමට තත්පර 6.5 වගේ කාලයක් පමණයි වැය වෙන්නේ.

මෙහි සිසිලන පද්ධතිය ගැන කතා කලොත් හොන්ඩා ද්‍රව සිසිලන පද්ධතියක් ලබා දී තිබෙනවා ඒත් සමඟම තාපය වැඩි වශයෙන් පිට වෙන අවස්තා වලදි ස්වයංක්‍රීයව ක්‍රියාත්මක වන පංකාද යොදා තිබෙන්වා (automatic fans) කෙසේ වෙතත් අනෙක් යතුරුපැදි වලට සාපේක්ෂව මෙහි සිසිලන පද්ධතිය ආශ්‍රිතව දෝශ හටගත හැකි අතර නිතරම නිසි ආකාරය නඩත්තු කටයුතු කරගැනීමෙන් මේ තත්වය අවම කර ගත හැකී.

මෙහි ඉන්ධන සැපයුම හා ඉන්ධන කාර්යක්ෂමතාව ගැන කතා කලොත් Keihin මිලිමීටර් 32 carburetor එකකින් ඉන්ධන සැපයුම සිදු වෙන අතර ලීටර එකක්ට කිලෝමීටර්  35-45 අතර සාමාන්‍ය ඉන්ධන කාර්යක්ෂමතාවක දැකගත හැකී.

Gears හා Clutch ගැන කතා කලොත් වේග 6ක ගියර් පද්ධතියක් සමඟ Wet, multi-plate clutch එකක් ලබා දී තිබෙනවා.මෙහි එක ලඟ ගියර් කීපයක් පහලට ගැනීමේදී තරමක රලු බවක් දැකගත හැකී.Hornet එකටත් වඩා පරණ මේ යතුරුපැදි තුලින් එවැනි සරල දෝශ ඇති වීම සාමාන්‍ය අතර පලපුරුදු කාර්මික දැනුම ඇති කෙනෙකු ලවා නිසි ආකාරව services කර ගැනීමෙන් මේ තත්වයද පාලනය කරගත හැකී.


මීලඟට මෙහි මීටර් පද්ධතිය ගැන අවදානය ලබා දුන්නොත් Speed,RPM,ODO,trip වැනි අංග දැකගත හැකි අතර මෙය සම්පූර්ණ analog meter panal එකක් වෙනවා.

මෙහි fuel gage එක පෙන්නුම් නොකිරීම අඩුවක් ලෙස පෙන්විය හැකි අතර adventure කාණ්ඩයත් නෑකම් කියන මේ යතුරුපැදියට එය නැති වීම විශාල අඩුපාඩුවක් වගේම මෙමගින් riderද අපහසුතාට පත් විය හැකී මොකද මෙහි ඉන්ධන ටැන්කියද ලීටර 9කට සීමා වෙන අතර reserve ප්‍රමාණය ලීටර 1.6 වෙනවා.

මීලඟට මෙහි handling ගැන කතා කලොත් On road හා off road දෙකටම ගැලපෙන ලෙස මේ යතුරුපැදිය නිම කර ඇති මෙහි නමෙහි AX යන අකුරු දෙකෙන් A-On road ද X-Off road ද යන්න අදහස් වෙනවා.

ඕනෑම දුශ්කර මාර්ගයක පහසුවෙන් ධාවන කිරීමට මෙන්ම carpet මාර්ගයක උනත් 100+ වේගයකින් පහසුවෙ ගමන් කිරීමට හැකි ලෙස මේ යතුරුපැදිය නිමවා ඇති අතර මෙහි ඉදිරිපස ද ඒ වාතය හරහා හොදින් විරුද්ධව ගමන් කිරීමට සරිලන නිස නිම කර තිබෙනවා.traffic ධාවනයද ඉතාම පහසු අතර 810 mm (අඟල් 31.9) සීට් උස ඕනෑම උසක අයෙකුට ධාවනයට පහසු කරන අතර 5.5ට අඩු කෙනෙක්ට නම් සුලු අපහසුවක් හුරුවෙන තෙක් ඇති විය හැකි.

එමෙන්ම 250 mm (අඟල් 9.8) ක ground clearance එකක් ඇති ඕනෑම මාර්ගයක පහසුවෙන් ධාවන කිරීමට ද ඉඩ ලැබෙනවා.

Chassis එක ගැන කතා කලොත් ශක්තිමත් හා සැහැල්ලු Diamond, tubular steel double cradle frame එකක් ලබා දී ඇති අතර යතුරුපැදියේ මුලු බර 124kg වෙනවා.එනම් NX එකට වඩා 4kg පමණ බරින් අඩුයි.


Brakes ගැන කතා කලොත් ඉදිරිපස ඉදිරිපස හා පසුපස ඩිස්ක් break ලබා දී ඇති අතර NX හී නම් පසුපස drum break එකක් දැකගන්න ලැබෙන්නේ අලුතෙන් ax1 එකක් ගැනීමට බලාපොරොත්තු වෙනවා නම් මේ ගැන අවධානය යොමු කරන්න මොකද NX යතුරුපැදිය AX1 ලෙස Convert කර වැඩි මුදලට අලෙවි වූ අවස්තා ඇති නිසා.
කිසි විටකත් ඉදිරිපස පමණක් disc එකක් ඇති AX 1 නැත එය අනිවාර්යයෙන් convert කරන ලද NX එකක් විය හැකී.

Tyres ගැන කතා කලොත් ඉදිරිපස 90/100-19 55P ද පසුපස 120/90-16 63P ඇති අතර ටියුබ් රහිත AX1  වෙනුවෙන්ම විශේෂයෙන් නිම වූ ටයර් එකක් ලෙස මෙය හැදින්වෙනවා brand new original tyre මාරුවක් සදහා දෙපසටම 20000 කට ආසන්න මුදලක් වැය විය හැකි අතර 15000 කට අඩුවෙන් reconditioned tyre මාරුවකට යා හැකියි.

මෙහි head lamp එක සදහා lights 2 යොදාගෙන ඇති අතර තරමක එලිය අඩු කමක් මෙහි දැකගත හැකියි.

අවසාන වශයෙන් මේ යතුරුපැදිය ගැන කතා කලොත් ලෝකය පුරා ඉතා සාර්ථකත්ව අලෙවි වූ  අද්විතීය හොන්ඩා නිර්මාණයක් ලෙස මෙය පෙන්වා දිය හැකි අතර dual sports,Supermoto,enduro,adventure යන ඕනෑම කාණ්ඩයකට ගැලපෙන මේ යතුරුපැදිය මේ වෙන විට සම්පුර්ණයෙන් නිශ්පාදනය නවත්වා තිබෙනවා.මේ ලිපිය කියවන කවුරු හෝ AX 1 එකක් මිලට ගැනීමට සිතා සිටිනවා නම් අනිවාර්යයෙන් පලපුරුදු කාර්මික සහය පතන ලෙස ඉල්ලා සිට්නවා මොකද spoket එකේ සිට head එක දක්වාම නොයෙක් ලෙඩ රෝග මේ යතුරුපැදිය තුල දැකගත හැකි අතර යම් හෙයකින් කට වහරට කියන "මරණයකට" හසු උනිත් සිලින්ඩර හතරය යතුරුපැදියක අලුත්වැඩියාවට සමාන පිරිවැයක් දැරීමට සිදු විය හැක.

ඔබේ අදහස් යෝජනා චෝදනා හා ගැටලු අපේ FB පිටුවට යොමු කරන්න පහල තියෙන photos බලලා බයික් එක ගැන අදහසක් ගන්න.
අද රෑට දාන Ducati hypermotard onroad review එක බලන්න අපේ youtube channel එක subscribe කරලා එකතු වෙන්න.

කරුණාකර කතෘ අයිතිය සුරකින්න.

Wandi - වණ්ඩි©
















1 comment: