Brand New බයික් එකක් ගන්නද අදහස එහෙනම් පොඩ්ඩක් කියවලා බලන්න. - Wandi - වණ්ඩි

Wandi - වණ්ඩි

Sri Lanka's leading website about Motorcycles. Keep in touch with us...

Click here to read this post in ENGLISH


Saturday, December 9, 2017

Brand New බයික් එකක් ගන්නද අදහස එහෙනම් පොඩ්ඩක් කියවලා බලන්න.


අද කතා කරන්න හැදුවේ ටිකක් වෙනස් මාතෘකාවක් ගොඩක් අලුතෙන් බයික් ගන්න ඉන්න අය හ තමන්ගේ පලවෙනි brand new bike එක ගත්ත අය ඒ ගොඩක් අය bike එක maintain කරන්න තියෙන දැණුම අඩුයි ඒ වගේම තමන්ට ගැලපෙන බයික් එක මොකද්ද බයික් එකක් ගන්නේ කොහොමද වගෙ දේවල් ගැනත් සමහර අයට තියෙන්නේ බොහොම අල්ප දැණුමක් මේ නිසා හොර බොරු වංචා වලට අහු වෙන්නත් ඉඩ තියෙනවා.සල්ලි බයික් එකයි දෙකම නැති වෙන්න ඉඩ තියෙනවා වසර 5කට හෝ 2කට(bike brand එක අනුව) ලැබෙන warranty(වගකීම් සහතිකය) නැති වෙන්න පුලුවන්.

ඔය වගේ ගොඩක් දේ වෙන්න ඉඩ තියෙනවා මේ නිසා මගේ පුද්ගලික අත්දැකීම් හා සමාජයේ බහුලව සිදු වෙන සිදුවීම් එකට එකතු කරලා අද අලුතෙන් බයික් එකක් ගන්නේ කොහොමද් ගත්තට පස්සේ නඩත්තු කරන්නේ කොහොමද කියන දේ ගැන කතා කරමු.

බයික් එකක් ගන්න කලින් බලන්න ඕනේ දේවල්.

1.හොඳ බයික් එකක් තොරගන්න හොඳ තැන් මොනාද?

ලංකාවේ හොඳ brand new bike එකක් ගන්නවා නම් Honda,Yamaha,Suzuki,Bajaj,TVS,Hero වගේ bike manufacturers ලගේ Official dealers ලා ලංකාවේ ඉන්නවා. එයාලා ඉන්දියාවේ ඉදල මෙහෙට බයික්ස් ගෙන්නලා sub dearsලා හරහා බෙදා හරිනවා. උදාහරණයක් ගත්තොත් Honda bikes ගේන්නේ Stafford Motors කියන company එකෙන් එයාලා බයික් එක ගෙන්නලා රට වටේ sub dealers ලට බෙදා හරිනවා.උදාහරණයක් ගත්තොත් Stafford එකෙන් ඔයාගේ ගමේ තියෙන namal motors(උදාහරණයක් පමණි) කියන Honda sub dealer ට බයික්ස් ලබා දෙනවා.එයා බයික් එකක් විකිණුවම එයාට commission එකක් ලැබෙනවා ඒක බයික් එකෙන් බයික් එකට වෙන්ස් වෙන ගානක්.සමහර අය හිතනවා මේ පොඩි showroom වලින්ම බයික්ස් ගෙන්නලා එයාලම විකුනණවා කියලා එහෙම වෙන්නේ නෑ මම අර කලින් කිව්ව විදියටයි මේක වෙන්නේ බයික්ස් අයිති main dealer ට ඒ කිව්වේ හොන්ඩා නම් ස්ටැෆර්ඩ් මෝටර්ස් එකට ඔයා ෆිනෑන්ස් එකක් දාලා බයික් එක ගත්තම බයික් එක අයිති ෆිනෑන්ස් ආයතනයට අන්තිම වාරිකේ ගෙවනකම් බයික් එක අයිති එයාලට.

2.තමන්ට ගැලපෙන බයික් එක මොකද්ද ?

තමන්ගේ මාසික ආදායම, කරන රැකියාවේ ස්භාවය, තමන්ගේ උස මහත,බයික් එක මිලට ගන්න කාරණාව,දිනකට යතුරුපැදිය වෙනුවෙන් වෙන් කරන්න පුලුවන් මුදල වගේ සාධක මත මේක තීරණය වෙනවා.

ඔයා මාසෙට 25ක පඩියක් ගන්න අවිවාහක කෙනෙක් නම් 13000ට අඩු වාරිකයක් එන යතුරුපැදියක් තෝරගන්න.මොකද දස අතේ ණය වෙලා තියෙන ලොකුම බයිසිකලේ පොඩිම වාරිකේ දාලා අවුරුදු 4 ගෙවන්න ගත්තා කියමුකෝ ඇරියස් මාස 3 පැන්න ගමන් සීසර් ලා එනවා බයික් එක උස්සන්න ඔයාගේ අම්ම අප්පා මලාද උන්ට අදාල නෑ ගහලා හරි බයික් එක අරන් යනවා ඔයා ෆිනෑන්ස් agreement එක අත්සන් කරද්දි බයික් එකේ යතුරක් ඒ file එකත් එක්කම finance company එකට යනවා ඒ කියන්නේ ඔයා බයික් එක ඇරියස් කලා කියලා සීසර්ලට දැනුන් දුන්න ගමන් බයික් එක මොන තූත්ති කුඩුයේ තිබ්බත් දැක්ක ගමන් උස්සනවා.ඒ නිසා තමන්ට ගෙවන්න බැරි වාරික වලට බයික්ස් ගන්න එපා අන්තිමට ගෙව්ව වාරිකත් නෑ මූලික ගෙවීමත් නෑ ඔක්කොම සල්ලි වතුරේ කොල්ලෝ වස පවා බීලා තියෙනවා මේ වගේ දේවල් නිසා ලෝකේට පෙන්න නෙමෙ තමන්ට පුලුවන් දේ කරන්න බලන්න.

අනික ෆිනෑන්ස් එක ඕනාට වඩා දික් ගස්සන්න එපා පොලිය එකතු වෙන එකයි වෙන්නේ උපරිම අවුරුදු 3ක ෆිනෑන්ස් එකක්ට යන්න නැත්තම් ගෙවිලා එද්දි බයික්ස් දෙකක් ගන්න සල්ලි ගිහින් විකුණන්න යද්දි කුනුකොල්ලෙට යන්නේ ඉන්දියන් නිසා

ඔයාට දුර දුවන්න තෙල් වැඩ කරන්න බයික් එකක් ඕනේ නම් NS Hornet apache වගේ බයික් ගන්න එපා ඒව තෙල් කරන බයික්ස් නෙවේ ඒ වගේම දුර දුවන නිසා maintaining වැඩි ඒ නිසා Platina CT100 Star sports වගේ බයික් එකක් ගන්න බලන්න 80 විතර තෙල් කරන නැත්තම් මාසේ පඩිය තෙල් වලටයි ටයර් වලටයි සර්විස් එකටයි ඉවර වෙයි.

තමන්ගේ උස එහෙමත් බලන්න ගොඩක් උස කෙනෙක් නම් Avanger,V15 වගේ බයික්ස් හරියන්නේ නෑ Ground clearance එකයි seat height එකයි ගොඩක් පහත නිසා කොන්දට හා දනහිස් වලට අමාරු වෙන්න පුලුවන් මේ නිසා තමන්ගේ ශරීරයයේ ස්වභාවය තේරුන් අරන් බයික් එක තෝරගන්න ඕනේ.

3.බයික් එකක් ගන්න මොනාද ඕනේ ලියකියවිලි ?

ඉස්සර නම් ලයිට් බිල් වතුර බිල pay slips අරවා මේවා ගොඩක් දේ ඕනේ උනා ඒත් දැන් අවශ්‍ය වෙන්නේ ලංකාවේ වලංගු හැදුනුම්පතක්(ජාතික හැදුනුම්පත,විදේශ ගමන් බලපත්‍රය,රියදුරු බලපත්‍රය) බැංකු පොතේ ඉදිපස පිටුවේ කොපි එකක්(නම ඇඩ්‍රස් තියෙන කොටසේ) මොකක් හරි තමන්ගේ නමට තියෙන සක්‍රීය බැංකු ගිනුමක් උනා නම් ඇති සල්ලි තිබ්බත් නැතත් ඒක අදාල නෑ ඇප කාරයන්ටත් ඕනේ ඒ ටිකමයි හැබැයි ඔයා වත් ඔයාගේ ඇපකාරයන් වත් Crib එකේ ඉන්න බෑ ඒ කීවේ ගෙවන්න ගත්තු බඩු වාහන හිඟ තියලා සීස් කරලා එහෙම තිබ්බොත් ඔයාව crib එකට වැටෙනවා ඔයා වාහනයක් ගන්න ඕනේ නෑ වාහනයක් ගන්න කෙනෙක්ට ඇප වෙලා හිට්යත් ඇති එයා හිඟ කලොත් ඔයාට ක්‍රිබ් එකට වැටෙන්න ඒ නිසා ඇප කරුවෙක් වෙද්දි ඉතාම විශ්වාසවන්ත අයට විතරක් ඇප වෙන්න ඔයා හෝ ඔයාගේ ඇප කාරයෝ ක්‍රිබ් එකේ ඉන්නවා නම් NIC එක හරහා ඒක බලලා ඔයාට දැනුන් දෙනවා ඒ වෙලේම හෝ පසුවදා එතකොට ඔයට ඔයාගේ නමට බයික් එක ගන්න බෑ ඇපකාරය ක්‍රිබ් නම් එයාට ඇප වෙන්නත් බැහැ.

එතකොට ඔයාට ඔයාගෙ ලඟම නෑයෙක්ගෙ නමට හෝ යාලුවෙක් ගේ නමට තමා බයික් එක ගන්න වෙන්නේ.

ඒ වගේම හරියට අදාල Downpayment එක අරගෙන යන්න downpayment මුදල ෆිනෑන්ස් සමාගම අනුව වෙනස් වෙනවා වාරිකයත් ඒ අනුව වෙනස් වෙනවා.

ලබා දෙන හැම ලියකියවිලිල්ලම අත්සන් කරන්න කලින් කියවනවා නම් වඩා හොදයි මොකද සමහර ෆිනෑන්ස් කම්පනි වල බෙල්ල ගහලා යන විදියේ agreement තියෙනවා (නම් අහන්න එපා කියන්නේ නෑ)

ඊලඟට ඔයා ඔක්කෝම ගෙවීම අත්සන් කිරීම කලාම ඔයට බයික් එක ලැබෙනවා ලැබුනම මූලික දේවල් චෙක් කරගන්න හෝර්න් හෙඩ් එකේ high beam low beam සිග්නල් 4 මීටර් එක self start එක කික් එක engine kill එක ඔය දේවල් ටික බලන්න එකක් හරි වැඩ නැත්තම් අනිවා ඒ වෙලේම වෙන බයික් එකක් ඉල්ලන්න වඩා හොදයි ලියකියවිලි අත්සන් කරන්න කලින් බයික් එක චෙක් කරගන්න එක ඒකෙන් ඔයාගෙත් showroom එකේ අයගෙත් දෙපාර්ශවයේම කාලය ඉතුරු වෙනවා.මොකද ඔයා ඔක්කොම දේවල් අත්සන් කරලා එන්ජින් චැසි ලියලා බයික් එක වෙන් කලාට පස්සෙ ඔයා ඒක එපා කිවොත් බොහෝ දුරට අදුරන්නේ නැති showroom එකකින් නම් වෙන බයික් එකක් දෙන්නේ නෑ service එකේදෙ warranty claim කරන්නම් කියනවා ඒකයි.

ඒ වගේම මතක ඇතුව tool kit එකයි service book එකයිත් ඉල්ලගන්න හොන්ඩා බයික්ස් වල නම් first aid kit එකකුත් දෙනවා.

බයික් එක ශෝරූම් එකෙන් එලියට යද්දි ශෝරූම් එකෙන් insurance card එක එනක්ම් වලංගු වෙන cover note එකක් දාලා දෙනවා ඒක rs800 වගේ වෙන්නේ ඒකේන් ඔයාට පාරෙ පදින්න පුලුවන් බයික් එක ඒත් එන්ජින් චැසි නම්බර් ගහන් මහ පාරේ යන්න එපා දඩ ගහන්වා වෙලාවකට බයික් එක අරන් යනවා.ඒ නිසා ශෝරූම් එකේ ඉදන් කෙලින්ම ගෙදරට යන්න මගදි ඇල්ලුවොත් බිල පෙන්න්න අදයි ගත්තේ කියලා ඊට පස්සේ ආයේ නොදන්න පැති වල මහපාර වල පොතේ නම්බර් එක එනක්ම් පදින්න එපා.

ලියකියවිලි වලට අමතරව ලියාපදිංචි කිරීම සඳහා ඔයාගෙන් එයාල id size ෆොටෝ 3ක් ඉල්ලනවා ඒවත් බයික් එක ගන්න දවසට අරන් යන්න ඔයා ෆිනෑන්ස් එකක් දාලා නම් බයික් එක ගන්නේ ෆිනෑන්ස් සමාගම හරහා නොමිලේ වසරක full insurance එකක් හා registration එක කරලා දෙනවා මුදලින් කිව්වොත් 18000ක විතර වැඩක් (අනේ එයාල හරි හොදයිනෙ කියලා හිතන්න එපා ගානට ඒක වාරිකෙන් කපනවා) සති 2ක් ඇතුලත පොතේ කොපිඑකක් ඔයාට ළැබෙනවා එහෙම ලැබුනේ නෑ කියන්නෙ එක්කෝ ඔයාගෙ MT3 form එකේ මොනා හරි වැරදි RMV එකෙන් reject කරලා නැත්තම් showroom එක හරහා අදාල ගෙවීම වෙලා නෑ.මේ නිසා showroom එකට ඔයා එයාලට ඕනේ හැම තොරතුරක් ම හරියට ලබා දෙන්න නැත්තම් පොත එන්න කල් යාවි.

ඔයාට පොතේ කොපි එක ආවම නම්බර් එක ලැමිනේට් ගහන් පාරෙ පදින්න පුලුවන්. සති 3කින් වගේ ඇලිමීනියම් ප්ලේට් එක එනවා. ආවම ශෝරූම් එකෙන් ඔයාට දැනුම් දෙනවා.

ඒ වගේම ඔයාට බයික් එකේ පොතේ කොපි එක ආවම ඒක ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට දීලා ලයිසන් එක ගන්න වෙනවා (වාර්ශික ආදායම් බල පත්‍රේ අනිත් ලයිසන් එක නෙමේ) ඒකට රුපියල් 770 වගේ යන්නේ. පොත ආවම අනිවා ඒක ගන්න දැන් ඔයාට බයක් සැකක් නැතුව පාරේ යන්න පුලුවන් ලයිසන් තියෙනවා නම් සති 3 ප්ලේට් එක ආවා කියන්න ඔක්කෝම හරි

ආයෙත් සදහන් කරන්න ඕනේ ලොකු බයික් එකක් ගන්නවා නම් මාස 3ට වඩා වාරිකේ ඇරියස් කරන්න එපා මොකද වාරිකේ ගාන වැඩි නිසා ෆිනෑන්ස් එකේ අය දන්නවා කල් යන්න යන්න ඔයා තවත් හිර වෙන එකයි වෙන්නෙ ඒ නිසා උස්සන්න ඕනේ කියලා සමහර විට refinance එකක් දාමු බයික් එක අරන් එන්න.මාසෙක වාරිකයක් දාන්න ඉතුරු ටික සති දෙකෙන් දාන්න වගේ කතා කියලා ඔයාව ගෙන්නගෙන බයික් එක සීස් කරන්න(උස්සන්න ඉඩ තියෙනවා) මම මේ ලඟදි දැක්කා නීතියට අනුව එහෙම බයික්ස් උස්සන්න බෑ කියලා එහෙම බැරි නෑ ඔයාලා ගිවිසුම් ගත වෙලායි ඉන්නේ ඇරියස් උනොත් බයික් එක බාර දෙනවා කියලා(උස්සනවා කියලා දාලා නෑ) ඔයා ෆිනෑන්ස් එකේ අන්තිම සතේ ගෙවනකම්ම බයික් එක අයිති ෆිනෑන්ස් කම්පනි එකටයි ඒකනේ යතුරක් පවා එයාල ලඟ තියෙන්නේ ඔයා ෆිනෑන්ස් එක close කරන දවසට බයික් එකේ අයිතිය ඔයාට ලැබෙනවා ඔරිජිනල් පොතත් ලැබෙනවා ඒ වගේම අර යතුරත් ලැබෙනවා.

බයික් එක ඉස්සුවත් එයාල ඔයාලට කාලයක් දෙනව ඒක ෆිනෑන්ස් කම්පනි එකෙන් එකට වෙනස්. පුලුවන් නම් ඉස්සුවොත් හිග ගානයි දඩෙයි ගෙවලා බේරගන්න බලන්න.

Maintance

දැන් තියෙන්නේ Maintaining ගැන කතා කරන්න.

මූලිකම දේ බයික් එකේ 1st සර්විස් එක එනකම් 40ට 50ට අඩුවෙන් යන්න  RPM එකත් 5000-6000ට අඩුවෙන් තියාගන්න බයික් එකෙන් බයික් එකට 1st service එක වෙන්ස් වෙනවා ඒක showroom එකෙන් කියයි ඔයාට 750km, 1000km, 1500km වගේ වෙනස් වෙනව එක එක බයික්ස් වල ඒ වගේම අනිවා සර්විස් එකට යද්දි සර්විස් පොත අරන් යන්න 1st 2nd සර්විස් බොහෝ විට free කරන්නේ engine oil විතරක් අරගෙන යන්න ඒකත් ලූස් ගන්න එපා බයික් එකට ගැලපෙන හොද ඔයිල් බෝතලයක් අරන් යන්න.අනිවාර්යයෙන් සර්විස් එකත් අදාල bike manufacturer ගේ authorized service  dealer (බලයලත් අලෙවි නියෝජිත) කෙනෙක් ගෙන් කරගන්න ඔයා ගත්තේ බජාජ් පල්සර් එකක් නම් ගෙවල් පැත්තේ ලඟම බජාජ් බලයලත් අලෙවි සර්විස් නියෝජිත කෙනෙක්ගෙන්ම බයික් එකේ හැම සර්විස් එකක්ම කරගන්න ඇණයක් බුරුල් උනත් මොකද පිට තැනකින් කලොත් ඔයාගේ වසර 2හෝ 30000km වගකීම නැති වෙන්න පුලුවන්.

වසර දෙකක හෝ කිලෝමීටර 30000 කියන්නේ ඔයාට ඉස්සෙල්ලාම එන්නෙ 30000km නම් එතනින් වගකීම ඉවරයි නැත්තම් නිකම් එහෙ මෙහෙ පැදල 20000km වලින් විතර ගත්ත දවසේ ඉදන් අවුරුදු 2 ගියොත් ඒත් වගකීම ඉවර වෙනවා.
මීට වඩා වගකීම් කාලයක් සමහර Bike Manufactures ලා දෙනවා

ඊලගට බයික් එකට පිටින් අනවශ්‍ය ලයිට් ගහන්න එපා ඔරිජිනල් වයරින් එකට බයිපාස් දාන්න එපා ඒක බැටරි එකට හොදම නෑ ලයිට් එකක් ගහන්වා නම් කිසිම වයරින් එකක්ට ඩැමේජ් නොවෙන්න ඒක කරගන්න පලපුරුදු වාහන වයරින් කරන කෙනෙක් හරහා.

චේන් එකට ඔයිල් දාන්න ග්‍රීස් දන්න එපා වැලි ඇලවිලා ජේන් එක කැපෙනවා ස්පොකට් සෙට් එකත් කැපෙනවා එතකොට ලොකු වියදමක් දරන්න වෙනවා ඒවා ආයේ දන්න ඒ නිසා චේන් එකට චේන් ස්ප්‍රේ එකක් ගහන්න 750 වගේ වෙනවා හොද එකක් මස 3කට විතර ඇති හොදද්දි රින්සෝ දන්න සබන් දාන්න එප dash වගේ carwash එකක් පාවිච්චි කරන්න.බයික් එකේ යට ඉදන් උඩට හොදන්න එපා යට හරියේ වැලි දූවිලි වැඩී ඒ නිසා උඩට එද්දි ටැන්කිය පේන්ට් එක එහෙම කැපෙන්න පුලුවන් ඒ වගේම උඩ හෝදන්න ගන්න හා පිහිදන්න ගන්න රෙදි පහල එන්ජින් රිම් ටයර් මඩ්ගාඩ් වගේ ඒවා හොදන්න ගන්න එපා උඩට හා යටට වෙන වෙනම රෙදි හරි ස්පොන්ච් හරි පාවිච්චි කරන්න ස්ටීල් වූල් නම් ගන්නම එපා පේන්ට් එක කැපෙනවා.

මීටර් එක පැත්තට හයිප්‍රෙශර් වතුර ගහන්න එපා පොඩි හරි හිඩසක් තිබ්බොත් මීටරේ බෝඩ් එකට වතුර ගිහින් ශෝට් වෙන්න පුලුවන් එතකොට වොරන්ටි දෙන්නෙ නෑ.

හැම 3000km වලටම සැරයක් එන්ජින් ඔයිල් මාරු කරගන්න මේක බයික් එකෙන් බයික් එකට වෙන වෙන්න පුලුවන්. ටික දවස්ක් යද්දි ඒක ගෙදරදිම ඔයාට කරගන්න පුලුවන් විඩියො එකකින් කියලා දෙන්නම් පස්සේ දවසක.


බයික් එක පදිනකොට ක්ලච් එකට අත තියන් ඉන්න එපා (බයික් පැදල ලොකු පුරුද්දක් නැති කෙනෙක් නම් ක්ලච් එක අත ඇරලා යන්න එපා පුරුදු විදියට පදින්න) ක්ලච් එක අල්ලන් යද්දි පොඩ්ඩ පොඩ්ඩ හරි ඉක්මනින් ක්ලච් ප්ලේට් ගෙවෙනවා බ්‍රේක් ගැනත් ඒ ටිකම තමා කියන්න තියෙන්නේ.

කික් එකක් තියෙන බයික් එකක් නම් උදේට කික් එකෙන් ස්ටාර්ට් කරන එක ගොඩක් හොදයි ස්ටාර්ට් කරලා rpm 6000ට 7000 දෙපාරක් විතර රේස් කරලා එන්ජින් එකට නිකම් ඉන්න දෙන්න විනාඩි දෙකක් විතර ඊට පස්සේ ගියර් එක දාලා යන තැනක පරිස්සමට යන්න ස්ටාර්ට් වෙන්න හොරයි වගේ නම් චෝක් එක ඇදලා ස්ටාර්ට් කරන්න(මතක ඇතුව ආයේ චෝක් එක පල්ලෙහාට දාන්න )කික් එක නැති බයික් එකක් නම් 2වෙනි හරි 3වෙනි හරි ගියර් එකට දාල්ලා තල්ලුවක් දාල උඩ පනින්න බයික් එක ස්ටාර්ට් වෙයි රේස් කරල මීටර් 200 විතර ගිහින් එන්න බැටරිය චාර්ච් වෙන්න

පුලුවන් හැම වෙලේම Ocatane 95 ගහන්න efi නම් 95 ගොඩක්ම හොදයි (FZ gixxer sf වගේ බයික්ස් වල) සතියට දවසක් වත් full tank තෙල් ගහන්න බලන්න හැම වෙලේම පුලුවන් නම් ටැංකියෙන් භාගයක් වත් තෙල් මට්ටම තියාගන්න කලින් සතියට දවස්ක් හරි ෆුල්ටෑන්ක් ගහන්න කිව්වේ එතකොට ඇතුලෙන් මලකඩ කන සමහර ටැංකි මලකන එක පාලනය වෙනවා.

ඒ වගේම කහ රතු වගේ පාටවල් වල බයික්ස් අව්ව තියෙන තැන් වල පාක් කරන්න එපා පේන්ට් එක ෆේඩ් වෙනවා පාට අඩු වෙනවා කලු වගේ එකක් උනත් අවුවේ තියන්න එපා ගොඩාක් බයික් එක රත් වෙනවා ඒක හොඳ නැහැ.
වැස්සකට අහු උනොත් බයික් එකට උඩින් වතුර පාරක් අල්ලල දාන්න ලොකුවට හෝදන්න එපා මඩ ටික යන්න හේදුවම ඇති මොකද දැන් වැසි වතුරත් ගොඩක් කෙමිකල්ස් එක්ක එන්නෙ කියලා ලඟදි article එකක් දැක්ක වැහි වතුර නිසාත් පේන්ට් එක සවුත්තු වෙන්න පුලුවන් ඒ නිසා වැහි වතුර ටික හේදිලා මඩ ටික යන්න වතුර එකක් ගහලා දන්න.
ටයර් වලට හුළං ගහද්දි නයිට්‍රජන් ගහන්න ඒවා වාතයට වඩා සැහැල්ලුයි ඒ නිසා වලක වැටුනත් බම්ප් එකක වැටුනත් චැසි එකටයි ශොක් එකටයි ලැබෙන පිඩනේ පාලනය වෙනවා

දැනට ඔලුවට ආවා අදහස් ටික තමා ලිව්වේ මීට වඩා ගැටලු තියෙනවා නම් අපේ FB PAGE එකට මැසේජ් එකක් දන්න ඉක්මනින් REPLY කරන්නම් ස්තූතියි.

කරුණාකර කතෘ අයිතිය සුරකින්න.

Wandi - වණ්ඩි©

No comments:

Post a Comment