ලෝකෙටම හොඳ ලංකාවේ පොලීසියට නරක Ducati Hypermotard 796 - Wandi - වණ්ඩි

Wandi - වණ්ඩි

Sri Lanka's leading website about Motorcycles. Keep in touch with us...

Click here to read this post in ENGLISH


Sunday, December 10, 2017

ලෝකෙටම හොඳ ලංකාවේ පොලීසියට නරක Ducati Hypermotard 796


අද මාතෘකාව වෙන්නේ Supermoto කාණ්ඩයේ සුපිරි බලවතෙක් ගැනයි අවාසනාවට දැනට මේ බයික් එක නීත්‍යානුකූලව ලංකාවේ මහා මාර්ග වල ධාවනය කිරීමට ඉඩ ලැබෙන්නේ නැහැ.බයික් එකේ නම මොකද්ද කිව්වොත් Ducati Hypermotard 796

දැනට මේ සුපිරි යක්ශයා රේස් ධාවන පථයට හා රෑට රෑට හොරෙන් එලි බැහීමට පමණක් සීමා වී තිබෙනවා මේකට හේතුව අපි කලින් ලිපියක් මඟින් කතා කලා ඒක මෙතනින් කියවන්න.

මේ යතුරුපැදිය ගැන හැඳින්වීමක් කලොත් මුලින්ම Ducati Hypermotard කියන යතුරුපැදිය දැකගන්න ලැබෙන්නේ 2005 නොවැම්බර් මස EICMA රථවාහන ප්‍රදර්ශනයේදී ඉතාලියේ මිලානෝ නගරයේදි මේ සුපිරි යතුරුපැදිය නිර්මාණය කරන්නේ Pierre Terblanche (පියරේ ටර්බ්ලන්චි) විසින් ඒ Ducati Hypermotard 1100 යන නමින් 1078cc එන්ජින් ධාරිතාවක් යටතේ පසු දිනක මේ යතුරුපැදිය ගැන කතා කරමු අද කතා කරන Hypermotard 796 ඉපදෙන්නේ 2009 දි යතුරුපැදිය සතු අංග ගැන කතා කිරීමේදි මුලින්ම මෙහි හදවත එන්ජින් එක තුලින් කතාව ආරම්භ කරමු.

මෙහි එන්ජින් එක විදියට Ducati විසින් L- Twin 90° සිලින්ඩර් දෙකක 803cc වෑල්ව 2ක four-stroke එන්ජින් එකක් ලබා දී තිබෙනවා.මේ යතුරුපැදිය සතු පෙනුම හා බලය සමඟ සසදා බොහෝ දෙනෙක් මෙච්චර කල් බොහෝ විට මෙය වෑල්ව 4ක හෝ 8ක එන්ජින් එකක් සිතා සිටින්න ඇති කෙසේ වෙතත් එය එසේ නෙවෙයි මේ එන්ජින් එක සතු වෑල්ව ගනන දෙකයි ඒ වගේම එක සිලින්ඩර් එකකට එක වෑල්වයක් හා එක ස්පාර්ක් ප්ලග් එක බැඟින් ස්පාර්ක් ප්ලග් දෙකක් ද යොදා තිබෙනවා.

මෙම එන්ජින් එක සතු උපරිම බලය 81.00 HP  ලෙස සටහන් වෙන අතර උපරිම වේගය පැයට කිලෝමීටර 212 ලෙස සටහන් වෙනවා කෙසේ උනත් මෙහි හැඩය උස ප්‍රමාණවත් wind shield එකක් නොවීම වැනි කාරනා නිසා 180kmph වැනි වේගයකින් බොහෝ ධාවකයන් වේගය පාලයන කරගන්නවා.

මෙහි සිසිලන පද්ධතිය ලෙස Air/Oil cooling System එකක් යොදා ඇති අතර මේ ගැනද ඔබ පුදුමයට පත් විය හැකී අපි කලින් reviews වලදි කතා කලා 250 වලින් ඉහල බොහෝ යතුරුපැදි ද්‍රව සිසිලන පද්ධතියක් යොදා ගන්නේ එන්ජින් එක මත ඇතිවන අධික තාපය පාලනය කිරීමට මෙන්ම එන්ජින් එකේ කාර්යක්ෂමතාව රැක ගැනීමට කියා එසේ නම් මේ 800 අශ්වබල 81ක එන්ජින් එක වායු සිසිලන උනේ කෙසේද කියා ඔබා ප්‍රශ්න කිරීමට ඉඩ තිබෙනවා.

කෙසේ වෙතත් Ducati තාක්ෂණයට අනුව සාමාන්‍ය ද්‍රව සිසිලන පද්ධතියකට වඩා හොදින් මෙමගින් එන්ජින් එක සිසිල් කරන අතර ඉහල සිලින්ඩර් ධාරිතාව යටතේ මේ යතුරුපැදිය සමඟ තරගයට සිටින Aprilia Dorsuduro 750 එකට වඩා ඉතා හොදින් එන්ජින් එක මත තාපය පාලනය වෙනවා Dorsuduro හී ද්‍රව සිසිලන පද්ධතියට වඩා වැඩි කාර්යක්ෂමතාවක් Hypermotard oil සිසිලන පද්ධතිය තුල දැක ගන්න ලැබෙනවා කෙසේ වෙතත් Ducati පවුලේ තාක්ෂණය අතින් හා බලය අතින් පහලින්ම සිටින සාමජිකයෙක් ලෙසද Hypermotard 796 නම් කල හැකියි.

මෙහි ඉන්ධන සැපයුම වැඩි දියුණු කරණ ලද EFI පද්ධතියක් මගින් සිදුවෙන අතර ලීටර එකකට 15-18 වැනි කිලෝමීටර ප්‍රමාණයක් තමයි ධාවනය කරන්න ලැබෙන්නේ කිසිම විටක 600cc සිලින්ඩර් ධාරිතාවයෙන් ඉහල යතුරුපැදි වල ඉහල ඉන්ධන කාර්යක්ෂමතාවක් ලබා ගත නොහැකි බව මතක තබා ගන්න.

මෙහි ඉන්ධන ටැංකිය ලෙස ලීටර 12.40 ක ටැංකියක් ලබා දී ඇති අතර මෙය කාබන් ෆයිබර් හා ප්ලාස්ටික් වලින් ආවරණය වී තිබෙනවා.

Gear හා clutch ගැන කතා කලොත් ඉතාම සුමටව ඉහල පහල යෙදිය හැකි වේග 6ක ගියර් පද්ධතියක් හා Slipper clutch එකක් ලබා දී තිබෙනවා මේ clutch එකේ වාසි කලින් පෝස්ට් වල අපි කතා කලා සරලව කිව්වොත් එක ලඟ ගියර් පහතට යෙදීම, වංගුවල ගියර් මාරු කිරීම වැනි දේ පහසුවෙන් wet හො dry clutch එකකට වඩා හොදින් කරගන්න ලැබෙනවා ඒත් තරමක වැඩි අවධානයක් යතුරුපැදිය service කිරීමේදි මේ කොටසටත් ලබා දිය යුතුමයි මොකද යම් හානියක් නඩත්තුව පසු කිරීමෙන් සිදු උනොත් අමතර කොටස් මිලෙන් ඉතා අධිකයි.

මෙහි Design එක ගැන කතා කලොත් hypermotard 1100 ඉතාම සමාන ලෙස නිම කර ඇති අතර ප්‍රමාණයෙන් පමණක් තරමක් වෙනස් වෙනවා.ducati සතුව ඇති Multistrada,Scrambler Desert හැර අනෙකුත් සියලුම යතුරුපැදි වලට වඩා වැඩි ground clearance එකක්ද මේ යතුරුපැදිය තුල දැකගත ගැකි අතර එය ලංකාව වැනි රටකට ඉතාම උචිතයි මේ නිසා ඕනෑම මාර්ගයක ඉතා හොද වේගයක් තබා ගනිමින් පහසුවෙන් ධාවනය කිරීමට ඉඩ ලැබෙනවා එමෙන්ම මෙහි handle bars, foot pegs සියල්ල ඕනෑම උසකට සරිලන ලෙස නිම කර තිබෙනවා නමුත් seat height එක උසින් අඩු අඩි 5.8කට පමණ අඩු කෙනෙක්ට නම් තරමක අපහසුවක් ගෙන ඒමට ඉඩ තිබෙනවා. කෙසේ උනත් පසුපස ගමන්ගන්නා කෙනාට නම් pillion seat එකේ පිහිටීම හා pillion foot pegs වල පිහිටීම නිසා තරමක අපහසුතාවයක් දුර ගමන්වලදී විදීමට සිදු වෙනවා.

මෙහි ඉදිපස signal lights හා side mirrors නකල් ආවරණයටම සවි වී තිබෙන අතර මේ නිසා සුලු අනතුරකදී වූවද ඒවාට හානී වීමට ඇති ඉඩ වැඩියි.කෙසේ වෙතත් මේ නිසා ඉතා හොද පෙනුමක් ද යතුරුපැදියට ලැබී තිබෙනවා.

මෙහි Meter පද්ධතිය හා Indicators ගැන කතා කලොත් Ducati Monster එකටද තරමක් සමාන Meter එකක් යොදාගෙන ඇති අතර මෙහි Speed,odo,rpm,time,lap time, oil temp, battery voltage, A and B trips, fuel reserve trip, scheduled maintenance. Warning lights for: Neutral, turn signals, high-beam, rev-limit, oil pressure, fuel reserve. සියල්ල පෙන්නුම් කරනවා.මෙම මාදිලියේදි  riding modes හා Traction control modes දැකගන්න ලැබෙන්නේද නැහැ.

මෙහි චැසි එක ගැන කතා කලොත් Tubular steel Trellis frame වර්ගයේ චැසි එකක් තමයි Ducati යොදාගෙන තිබෙනේ ඉතා ස්තාවර ධාවනයක් හා හැසිරවීමේ පහසුවක් සලසා දෙන මේ චැසි එක  අනෙකුත් Ducati මාදියන්ට වඩා නම් තරමක දෙදරීම් ස්වභාවයක් RPM10000 පසුව පාද ආශ්‍රිතව ඇති වෙනවා එමෙන්ම එන්ජින් එක මත ඇති වෙන තාපයද කෙලින්ම පාද වෙත යොමු වෙනවා එය තරමක අඩුවක් ලෙස සදහන් කල හැකී.

මෙහි මුලු බර 167 kg ද Seat height එක 825 mm (අඟල් 32.5) ක් ද වෙනවා.

Suspension ගැන කතා කලොත් fully adjustable Marzocchi 43 mm USD Forks ද පසුපස සදහා achs monoshock එකක් ද තනි aluminum swing arm එකක්ද දැක ගත හැකී බොහෝ යුරෝපියානු යතුරුපැදි වල මේ තනි swing arm එක යොදා ගැනීම සුලබ දෙයක් මෙන්ම සමහර ජපන්‍ යතුරුපැදි වලද මේ තනි swing arm එක දැකගත හැකි.මේ suspension නිසා ඉතා පහසුවෙන් ඕනෑම මාර්ගයක ගමන් කිරීමට අවස්තාව ලබාගැනීමට hypermotard ධාවකයන්ට හැකි වෙනවා.

Breaking ගැන කතා කලොත් ඉදිපස 305mm ප්‍රමාණයෙන් යුතු ඩිස්ක් දෙකක් සමඟ BREMBO පිස්ටන් 4 කැලිපරයක් ද පසුපස 245mm ඩිස්ක් එකක් සමඟ BREMBO පිස්ටන් දෙකක කැලිපරයක් ද යොදා ගෙන තිබෙනවා ඉදිපස ඩිස්ක් දෙකක් යොදා ගැනිම නිසා ඉතාම ස්තාවර ව අඩු දුරකින් ආරක්ෂාකාරීව යතුරුපැදිය නවත්වා ගැනීමට පහසුව සැලසෙන නමුත් තරමක  අඩුවක් ලෙස ABS තාක්ෂණය ඇතුලත් නොකිරීම සදහන් කල හැකීයි.

TYRES ගැන කතා කලොත් Pirelli Diablo Rosso වර්ගයේ ටයර් ඉදිපස සදහා 120/70 ZR17 ප්‍රමාණයෙන් ද පසුපස සදහා 180/55 ZR17 ප්‍රමාණයෙන් ද යොදාගෙන ඇති අතර ස්තාවර ධාවනයට ඉහා වේගයක ස්තාවර ගමන්ගැනීමට හා හොඳ තිරිංග ප්‍රතිචාරයක් ලබා ගැනීමට මේ ටයර් උපකාර වෙනවා.

එමෙන්ම සුපිරි හඩක් ලබා දෙන Under seat twin exhaust system එකක්ද යොදා ගෙන තිබෙනවා නමුත්‍ බොහෝ යුරෝපීය යතුරුපැදිකරුන්ට නම් මේ හඬ 800cc යතුරුපැදියකට කොහෙත්ම නොගැලපෙන බව පවසන අතර ඔවුන් SC PROJECT ,AKRAPOVIC වැනි BEAT CANE යොදා ගැනිමට පෙලබෙනවා.

අවසාන වශයෙන් මේ යතුරුපැදිය ගැන කතා කලොත් 2009-2012 කාලය තුල මෙය නිශ්පාදනය වූ අතර ඉන් පසුව 821 යන මාදිලිය නිශ්පාදනය ඇරඹුනා මේ මාදිලිය සදහා ride by wire,ABS,Traction Control,liquid cooled වැනි අංගද එකතු කරනු ලැබුවා.දැනට Ducati brand new වෙලදපොලට එකතු කර ඇති මාදිලිය 939 හා 939SP ලෙස නම් කර ඇති අතර 1100,821,939 යන මාදිලියන් තුන ගැනම පසුවට සම්පූර්ණ විස්තරයක් රැගෙන එන්නම්.
මේ යතුරුපැදිය සමඟ තරගයට Husquvrna Nuda 900,Aprilia Dorsuduro750,MV Agusta Rivale 800 වැනි යතුරුපැදින් සිටිනවා. ඉදිරියට ඒ යතුරුපැදි
ගැනත් කතා කරමු.

මිල ගැන සදහන් කලොත් ලියාපදිංචිය නොකල 796 යතුරුපැදියක් ලක්ශ 6 සිට 7 දකවා මුදලකට අලෙවි වෙනවා.එමෙන්ම Ducati මාදලි අතරින් මිල අඩුම හා ලංකාවට ගැලපෙනම  යතුරුපැදියක් ලෙස Hypermotard පරම්පරාව සදහන් කල හැකී.

පහල තියෙන Photos බලලා bike එක ගැන අදහසක් ගන්න ඔබේ යෝජනා චෝදනා අපේ FB පිටුවට යොමු කරන්න ස්තූතියි.

කරුණාකර කතෘ අයිතිය සුරකින්න.

Wandi - වණ්ඩි©










No comments:

Post a Comment