පවුලේ ස්කූටරේ TVS Wego 110 SBS - Wandi - වණ්ඩි

Wandi - වණ්ඩි

Sri Lanka's leading website about Motorcycles. Keep in touch with us...

Click here to read this post in ENGLISH


Friday, September 29, 2017

පවුලේ ස්කූටරේ TVS Wego 110 SBS


ඉල්ලුමට හරියන සැපයුම දෙන වණ්ඩි අද අරගෙන ආවා TVS Wego 110 SBS Scooter එකේ review එකක්.

මේ ස්කූටර් එක ගැන එන්ජින් එකෙන්ම පටන් ගන්නම් TVS මේ scooter එකට එන්ජින් එක විදියට 109.7cc 4-stroke, CVTi, Single Cylinder, Air cooled, OHC එන්ජින් එකක් තමයි ලබා දී තියෙන්නේ මේ ස්කූටර් එකත් එක්ක තරඟෙට ඉන්න Hero Duet,Honda activa 3G වගේ ස්කූටර් වලත් මේ සමානම එන්ජින් එකකින් තමයි ඒ වගේම wego engine එකෙන් උපරිම බලය විදියට 8bhp බලයක් ලැබෙන අතර කලින් සදහන් කරපු ස්කූටර් දෙකෙත් 8bhp power output එකකින් තමයි එන්ජින් එකෙන් ලැබෙන්නේ.උපරිම වේගය විදියට 85kmph වේගයක් ඇති අතර ඒ වේගයට ලගා විමට තත්පර 17ක පමණ කාලයක් ගත වෙනවා.

තවත් දෙයක් සදහන් කලොත් මේ එන්ජින් එක  aircooled නිසා එක දිගට දුර දුවනවා නම් 70kms 70km වගේ එන්ජින් එකට rest එකක් දෙනවා නම් වඩා හොදයි.මොකද මේ බයික් එක ධාවනය කරද්දි දැනෙන සුවපහසුවට එක දිගටම යන්න තමයි හිතෙන්නේ.ඒත් එහෙම යනවා නම් green light එක පත්තු වෙන speed එකෙන් යන්න බලන්න එතකොට heat වෙනවා අඩුයි වගේම හොද ඉන්ධන කාර්යක්ෂමතාවක් බලාගන්නත් ලැබෙනවා ඒත් power light එක (රතු එක) දැල්වෙන වේගයකින් යනවා නම් කලින් කිව්වා වගේ 70-70 අතර වගේ එන්ජින් එක තරමක් කූල් වෙන්න දෙන එකයි හොද.

මේ ස්කූටර් එකට ඉන්ධන සැපයුම carburetor එකක් හරහා සිදුවෙන අතර 50-55 අතර කිලෝමීටර ප්‍රමාණයක් මේ ස්කූටර් එකට ලීටර් එකකින් ගමන් ගන්න පුලුවන් වගේම green light එක එහෙමත් නැත්නම් economic riding indicator එක දැල්වෙන වේගයකින් ධාවනය කලොත් 60km වගේ දුරක් ලීටර් එකකින් ගමන් කරන්න ඉඩ ලැබෙනවා.එමෙන්ම ලීටර් 5ක ඉන්ධන ටැංකියකින් යුක්තයි.

විශේෂාංග ගැන කතා කලොත් හොද ඉඩ කඩ සපිරි under seat cubby එකක් මෙන්ම ඉදිපසද කුඩා cubby එකක් පිහිටනවා ඒ වගේම mobile phone charger connecter එකක් ද සමන්විත වෙනවා මෙය දුර ගමනකදි අද කාලේ කාටත් බොහෝ සෙයින් උපකාර වෙන අංගයක් ඒ වගේම සමහර ස්කූටර් වල මෙන් සීට් එක යට ඉන්ධන සැපයුම ඇතුලත් නොකොට එය සීට් එකට ආසන්නව යොදා තිබෙනවා (external fuel filling) මේ නිසා ශෙඩ් එකදි ස්කූටර් එකෙන් බැහැලා ස්ටෑන්ඩ් ගහන් වද වෙන්න ඕනේ නෑ එය කාර්යබහුල අයට ලොකු වාසියක් වගේම පහසුවක්.


තව දුරටත් කතා කලොත් wego 2010 මාදිලියේදි Analog meter panal එකක් යොදා ගත්තත් 2017දී ඉතාම ආකර්ෂණීය හා වැඩිදියුණු කරන ලද fully digital meter panal එකක් යොදාගෙන තිබෙනවා.මෙහි speed,fuel gage අංග පෙන්නුම් කරනවා.

Design එක ගැන කතා කලොත් හොද ඉඩ කඩ පවතින විදියට සුවපහසුව දෙදෙනෙකුටත් අවශ්‍ය විටක 4දෙනෙකුට උනත් ගමන් ගත හැකි සුවපහසු දිග සීට් එකක් ලබා දි ඇති අතර ඉදිපස පාද තබා ගැනීමට මෙන්ම පාසල් බෑගයක් ගෑස් සිලින්ඩරයක් බඩු මල්ලක් වැනි දෙයක් පහසුවෙන් තබාගෙන යා හැකි ආකරයට නිම කර තිබෙනවා.මුලු bodykit එකම metal වලින් නිම කර ඇති අතර එය යම් තරමක අවාසියක් මොකද සීරීමක ලක්වූ විට මලකඩ පැල්ලම් ඇති වීම හදිසී අනතුරකදි යතාතත්වයට පත් කිරීමේ දී යන පිරිවැය සාපේක්ෂව වැඩි වීම වගේ දේ පෙන්නුම් කල හැකී.Honda Activa 3G body එකද මේ ලෙසමයි නිම කර තිබෙන්නේ.

ඒ වගේම TVS මේ ස්කූටර් එකට body balancing තාක්ෂණය යොදාගෙන තිබෙනවා. කෙසේ වෙතත් මගේ පුද්ගලික අත්දැකීමට අනුව මේ ස්කූටර් එක දුර දුවන්න පහසු උනාට Dio,ray zr,scooty pep වගේ traffic එකේ නම් සුවපහසුව ගෙන දෙනවා අඩුයි ස්කූටර් එකේ ප්‍රමාණයත් එක්ක තමයි ඒ අපසුව ඇති වෙන්නේ මොකද ඩියෝ වගේ මේ ස්කූටර් එක අස්සෙන් මුල්ලෙන් දාලා යන්න අමාරුයි.

108kg බරකින් යුක්ත වෙන මේ ස්කූටර් එක බරිනුත් Activa 3G එකට සමාන වෙනවා නමුත් අනෙත් තරගකරුවා වෙන hero duet 116kg බරකින් යුක්ත වෙනවා

මේ ස්කූටර් එක unisex(ගැහැනු පිරිමි දෙපාර්ශවයටම) tag එකෙන් tvs release කලත් කාන්තා පාර්ශ්වයටනම් ටිකක් මේ ස්කූර්ට් එක බරපතල වැඩීයි. ඒ වගේම ගොඩක් කොට කෙනෙක්ටත් මේ ස්කූටර් එක ගැපෙන්නේ නෑ

මේ ස්කූටර් එකේ suspension ගැන කතා කලොත් ඉදිපස In-line Telescopic හා පසුපස Unit swing with spring loaded hydraulic damper යොදා තිබෙනවා.

Breaking ගැන කතා කලොත් drum break model එකේදී 130mm Drum, Dia breaks ඉදිරිපස පසුපස දෙපසටම යොදා තිබෙනවා.
Disc model එකේදී ඉදිපස 220mm Disc එකක් හා පසුපස 130mm drum එකක් යොදා ඇති අතර SBS (sync breaking system) [CBS වලට සමාන බ්‍රේක් පද්ධතියක.]

Tyre හා rim ගැන කතා කලොත් 90/90 size tubeless tyre දෙපසම යොදා ඇති අතර අගල් 12ක ඇලෝයි රිම් එකකින් සමන්විතරයි.

අවසාන වශයෙන් ස්කූටර් එක ගැන සදහනක් කලොත් දැනට වෙලදපොලේ ඇති ස්කූටර් අතුරෙන් හොද ඉඩකඩ සපිරි ස්කූටර් එකක් විදියට මේ ස්කූටර් එක පෙන්නුම් කරන්න පුලුවන් හොද ඉන්ධන කාර්යක්ෂමතාව සුවපහසුව වගේ කාරණා නිසා මේ ස්කූටර් එක හොද අලෙවියක් පෙන්නුම් කරන අතර  තරුණ පිරිසක් නම් තරමක් මේ ස්කූට‍ර් එකට කැමත්ත දක්වන්නේ නෑ ඊට හේතුව මේ look එක කියලයි ගොඩක් අය කීවේ ඒ නිසා ඒ අය ray zr  dio වගේ ස්කූටර් වලට යොමු වෙනවා.

මිල ගැන සදහන් officially සදහනක් කරන්න ලැබෙන්නේ නෑ 2.50-60 වගේ මුදලක් කියා අනුමාන කල හැකියි.

ලිපිය ඉවර කරන්න කලින් කාරණා 2ක් කියන්න තියෙනවා ඒකත් කියලා ලිපිය අවසන් කරන්නම්.

1.අපේ පෝස්ට් කිසිම අවසරයකින් තොරව සමහර pages වල පල වෙනවා.අපි ඩේට කාගෙන videos බලලා කාගේ කාගේ හරි bikes පැදලා ඇඟිලි ගෙවෙනක්ම් ලිපි ලියන්නේ මිනිස්සුන්ට දෙයක් දැනගන්න තමයි ඒත් වෙන අය අපෙ කතෘ අයුතියවත් තියන්නේ නැතුව කොපි පේස්ට් කරන එක සදාචාරාත්මක නෑ නේද දැන් මේ ටික ඒ කොපි පේස්ට් කට්ටියත් කියන්වනවා ඈති අපිව ටැග් කරන්න මෙන්ශන් කරන්න ඕනේ නෑ පෝස්ට් එක යටම දාලා තියෙන "Wandi - වණ්ඩි" කොටස වත් තියනවා නම් සදාචාරාත්මකයි නේද මම මීට වඩා ඒ ගැන කතා කරන්නේ නෑ අපෙන් අහල හෝ අපේ tread mark එක තියලා අපේ පෝස්ට් ගන්න ඇඩ්මිලට අදාල නොවේ.

2. අපේ 200NS පෝස්ට් එකට එක සහෝදරයෙක් comment කරලා අහලා තිබ්බ DPMC එකෙන් කීයක් ගත්තද කියලා මුලින්ම් කියන්න ඕනේ අපිට අපේ ගෙදර මිනිස්සු ඩේටා කාඩ් එකකින් sponsor කරන එක විතරයි තියෙන්නේ එහෙම ලොකු ලොකු අය sponsorship දුන්නා නම් අර වදකාර popup ads දාන්නේ නෑ සයිට් එකේ ඒක දාල තියෙන්නේ මාසේ අන්තිමට ඩේටා කාඩ් එකේ ගාන වත් ශේප් කරගන්න.සල්ලි බලාගෙන මේක කලා නම් අපි සිංහලෙන් කරන්නෙ නෑ english වලින් කරල adsense දානවා ඒවා නොකර සිංහලෙන් දැම්මේ කොල්ලොන්ට දැනගන්න දෙයක් එකතු කරන්න.අපි ලඟ ලඟම බජාජ් බයික්ස් ම දාපු නිසා ඒ කෙනාට අපිට DPMC sponsor කරනවා කියලා දැනුන එක සාධාරණයි ඒත් අපි කලේ DPMC එක්ට ඕනේ දේ නේමේ කොල්ලෝ ඉල්ලන දේට සැපයුමයි දුන්නේ ස්තූති.

කරුණාකර කතෘ අයිතිය සුරකින්න.

Wandi - වණ්ඩි






No comments:

Post a Comment