සිලින්ඩර් 2යි අස්සයෝ 38යි CBR250RR 2017 - Wandi - වණ්ඩි

Wandi - වණ්ඩි

Sri Lanka's leading website about Motorcycles. Keep in touch with us...

Click here to read this post in ENGLISH


Sunday, September 24, 2017

සිලින්ඩර් 2යි අස්සයෝ 38යි CBR250RR 2017



අද මාතෘකාව හොන්ඩා පවුලට අලුතෙන්ම එකතු උන සාමාජිකයන් අතරින් හැඩකාර වැඩකාරයෙක් වෙන Honda CBR 250RR 2017

මේ බයික් එකේ එන්ජින් එක ගැන කතා කලොත් 249.7cc DOCH 4-Stroke, 8-Valve, Parallel Twin Cylinder එන්ජින් එකක් Honda ලබා දී තිබෙනවා. බැලු බැල්මටම පේනවානේ සුපිරි එන්ජින් එකක් කියලා  DOHC(double overhead cam shaft) නිසා හා සිලින්ඩර් 2කින් සමන්විත වෑල්ව 8ක එන්ජින් එක නිසා සුපිරිම මට්ටමක riding experience එකක් මේ බයික් එකෙන් ගන්න riderට අවස්ථාව ලැබෙනවා නමුත් කොහොම උනත් මේ එන්ජින් එකත් ටිකක් නඩත්තු වියදම් නම් වැඩි ඒත් CBR gullarm වගේ සිලින්ඩර් 4 නොවෙන නිසා සාපේක්ශ නඩත්තු වියදම් අඩුයි.

එන්ජින් එකෙන් ලැබෙන උපරිම බලය ගැන සදහන් කලොත් 38.2 Bhp බලයක් වෙනවා ගල්ලාම් එකට වඩා අශ්වබල 7ක් විතර අඩුයි මේක සිලින්ඩර 2 නිසා.
මේ එන්ජින් එකට 0-60kmph වේගයට ලගාවීමට තත්පර 3.5කුත් 0-100kmph  වේගයට ලගා වීමට තත්පර 6.8ක කාලයකුත් ගත වෙනවා. එමෙන්ම 185kmph උපරිම වේගයක් මේ බයික් එක මගින් ලබා ගන්න පුලුවන්කම ලැබෙනවා.

ඒ වගේම Honda මේ බයික් එකට TBW(throttle-by-wire),APS (Accelerator Position Sensor) වැනි නවීන තාක්ෂණයන් යොදාගෙන ඇති අතර මේ සියල්ල ECU (Engine Control Unit) එක මගින් පාලන කරනවා මේ නිසා riderට ඉතාම සුපිරි ධාවනයකට ඉඩ ලබා දෙන අතර යම් අවස්තාවකදී නඩත්තු කටයුත්තක් කිරීමට සිදු උනොත් ඉතාම පලපුරුදු යතුරුපැදි කාර්මික ශිල්පියෙකුගේ සහය අත්‍යාවශ්‍යයි වගේම පිරිවැයත් සාපේක්ෂව මිල වැඩියි.

මේ බයික් එකටත් liquid cooling සමග ස්වයංක්‍රීය Fan එකක් ලබා දි තිබෙනවා මේ වගේ එන්ජින් එකට ද්‍රව සිසිලන පද්ධතියක් අත්‍යාවශ්‍ය අතර හොන්ඩා තවත් ඉහල කාර්යක්ෂමතාව ලබා ගැනීමට පංකාවකුත්‍(fan) යොදා තිබෙනවා.(කැඩුනොත් හැප්පුනොත් සැප තමා ඉතින්)

එමෙන්ම මේ බයික් එකට Riding Modes 3ක් ලබා දී ඇති අතර එය
Comfort
Sport
Sport+
ලෙස වෙන් කර තිබෙනවා සාමාන්‍ය මාර්ගයක හො traffic තුල ධාවනයේදී comfort mode එක බොහෝසෙයින් යෝග්‍ය අතර හොදින් වේගය පාලනයක් හා ඉන්ධන පිරිමැස්මක් ලබා ගැනිමට හැකි වෙනවා.
Sport modeහීදී එන්ජින් එකේ පූර්ණ ක්‍රියාකාරිත්වයෙන් 80% පමණ ලැබෙන අතර
Sport+ හීදී එන්ජින් එකේ උපරිම බලය බයික් එකට ලැබෙන අතර ඉහත modes දෙකටම වඩා පැහැදිලි වෙනසක් මේ mode එකේදී දැනන අතර තත්පර 17කින් පමණ 180 වේගයට ලගා විමටද ඉඩ ලැබෙනවා.

Gear හා clutch ගැන කතා කලොත් වේග 6ක ගියර් පද්ධතියක් හා Multiplate Wet Clutch හා Coil Spring යොදාගෙන තිබෙනවා ඉතාම සුපහසු ලෙස ඉහලට මෙන්ම පහලටද ගියර් මාරු කිරීමේදී riderට පහසුවක් මේ නිසා ලැබෙනවා.ගියර් හිර වීම් හෝ පැනීමක් නැහැ.(මම පුද්ගලිකව පැද්ද කිසිම ජපන් බයික් එකක එහෙම වෙලත් නෑ Jade,hornet,tw,xr)

Fuel system එක විදියට PGM-FI system එකක් යොදා ඇති අතර ලීටර් එකකින් 25-28km වැනි දුරක් ධාවනයට තමයි ඉඩ ලැබෙන්නේ comfort mode එකේදී නම් 30km වගේ ලබා ගන්න පුලුවන් 250 බයික් එකකින් කිලෝමීටර්  30 දුවනවා කියන්නේ ලෙසි වැඩක් නෙමෙයි කියලා කට්ටිය දන්නවා ඇතිනේ.

ලීටර් 14.5 විශාල ඉන්ධන ටැංකියක් ලබා දි ඇති අතර දුර ධාවනයේදී ඉතාම වටිනා අංගයක් වෙන අතර rich and sporty පෙනුමටත් ලොකු උපකාරයක් කරනවා.

තවත් ඉදිරියට කතා කලොත් ඉතාම පැහැදිලි ලෙස නිර්මාණය කර ඇති fully digital panal එකක් යොදාගෙන ඇති අතට මෙහි speed,Odometer(මෙතෙක් ගමන්ගත් දුර),trip,gear position,rpm,time,mode,trip,fuel gageවැනි සියලුම ධාවනයට අවශ්‍ය කරුණු හා highbeam,ABS,service reminder,oil,signal වැනි  තොරතුරු light indicators මගින් පෙන්නුම් කරනවා.මේ නිසා ඉතාම පහසුවෙන් බයික් එක ධාවනයට ඉඩ සැලසෙනවා වගේම බයික් එකට premium look එකක් එනවා.

ඒ වගේම clipon handlebar යොදාගෙන ඇති අතර බයික් එකේ handing වලට මෙය ඉතාම හොදින් උපකාර වන අතර sporty riding position එකක් ලබා දෙනවා.එමෙන්ම බයික් එකක දැකගන්න ලැබෙන සාමාන්‍ය switches වෙන start,headlight control,signal, වැනි switches හා Engine kill switch එකකුත් දැකගන්න ලැබෙනවා.

Frame එක ගැන කතා කලොත් Truss Frame යොදාගෙන ඇති අතර මේ වෙනවිට මේ බයික් එක ධාවනය ඇති ridersලට අනුව 150kmph වැනි වේගයකට පමණ එනතෙක් දෙදරීමක් නැති අතර ඉන් පසුව තරමක දෙදරීමක් පාද ආශ්‍රිතව ඇති වෙන බව පවසනවා.

මුලු බර විදියට 165kg සදහන් වෙනවා.

Bike එකේ exhaust system එක ගැන කතා කලොත්  twin pipe (බට දෙකේ) exhaust system එකක් යොදාගෙන තිබෙනවා. මේ නිසා කැපී පෙනෙන සුපිරි sporty beat එකක් ලැබෙනවා.(බට සීයක් දැම්මත් පරන සිලින්ඩර් 4 සද්දෙ නම් ගන්න වෙන එකක් නෑ)

බයික් එකේ design එක ගැන කතා කලොත් සුලඟට විරුද්ධව හොදින් ධාවනය කල හැකි පරිදි ඉතාම ආකර්ෂණීය ලෙස නිමවා ඇති අතර මුලු bodykit එකම ප්ලාස්ටික් හා කාබන් ෆයිබර් එකතුවෙන් නිමකර තිබෙනවා මේ බොඩි කිට් එක පමණක් ලංකාවේ වලංගු මුදලින් රුපියල් ලක්ෂකට වඩා වැඩි මිලක් වෙනවා ඒ නිසා හදිසි අනතුරකදී යතා තත්ත්වයට පත් කරගැනීමට ඉහල පිරිවැයක් දැරීමට සිදුවන  අතර දැනට ලංකාවේ මේ කොටස් මිලට ගැනීමට තැනක් නැති නිසා ආනයන කර ඒවා ලැබෙන තුරුද බලා සිටීමට සිදු වෙනවා.

Suspension ගැන කතා කලොත් ඉදිරිපස Inverted Telescopic Front Suspension (USD) හා පසුපස Aluminum Swing Arm සමග 5 Adjustable Mono Suspension with Pro-Link System එකක් යොදාගෙන් තිබෙනවා USD හා Monoshock සමග riderට හා passengerට ඉතාම සුවපහසු ගමනකට ඉඩ ලැබෙන අතර තරමකට පසුපස යන කෙනාට පසුපස සීට් එකේ පිහිටීම හා ප්‍රමාණය නිසා දුර ගමනකදී තරමක අපහසුවක් දැනීමට ඉඩ තිබෙනවා.

Breaking ගැන අතා කලොත් ඉදිරිපස 310mm Hydraulic Disc, Dual Piston සමග පසුපස Rear: Single-piston caliper with single 240 mm disc එකක් යොදා තිබෙන අතර Dual channel ABS යොදා තිබෙනවා මේ නිසා ඉහල වේගයක සිට උනත් ධාවනය කර ඉතා කෙටි දුරකින් ආරක්ෂාකාරීව බයික් එක නවත්වා ගැනීමට ඉඩ පහසුව ලැබෙනවා.

Tyres ගැන කතා කලොත් ඉදිරිපස  Front: 110/70–17 54S (tubeless) හා පසුපස Rear: 140/70–17 66S (tubeless) යොදාගෙන ඇති අතර ඉතා සුවපසුව හා හොද පාලනයකින් යුතුව ධාවනයට අවස්තාව ලැබෙනවා.

Lighting ගැන කතා කලොත් halogen head lights 2  LED tail light එකක් හා LED signal lights ලබා දී තිබෙන අතර ඉතාම ආකර්ෂණීය ලෙස මේව නිර්මාණය කර ස්ථානගත කර තිබෙනවා.

අවසාන වශයෙන් මේ බයික් එක ගැන සදහන්ක් කලොත් මෙය සම්පූර්ණ ජපන් අධීක්ෂණය යටතේ ඉන්දුනීසියාවේ දී එකලැස් කරන අතර ලෝපුර බෙදා හැරිමද සිදු කරනවා.sport bike කාණ්ඩයේ මේ බයික් එකත් එක්ක තරගයට Yamaha R25,Kawasaki 250/300,KTM RC390 වැනි යතුරුපැදි සිටිනවා.

මම පුද්ගලිකවද ඉතාම කැමතී බයික් එක වෙන මේ බයික් එක ලංකාවේ දි Stafford Motors හරහා මිලට ගත හැකි අතර ආනයන බදු සමග ලක්ශ  1,490,000 මුදලක් වනවා.

එමෙන්ම 30% අත්තිකාරම් මුදලක් ගෙවා Finance පහසුකම යටතේ මේ යතුරුපැදිය ඔබට රැගෙන යාමේ හැකියාවද පවතිනවා.

එමෙන්ම දැනට Yamaha YZF-R3 හැර මිලට ගත හැකි එකම Brand new සිලින්ඩර දෙකේ යතුරුපැදිය මෙය වනවා.

පහල තියෙන photos බලලා බයික් එක ගැන අදහස්ක් ගන්න අදහස් යෝජනා චෝදනා අපේ FB page එකට යොමු කරන්න වණ්ඩි එක්ක සෙට් වෙලා ඉන්න ස්තූතී.

කරුණාකර කතෘ අයිතිය සුරකින්න.

Wandi - වණ්ඩි















1 comment:

  1. Pitipasse yana kenata allaganna කෑල්ලක් nadda meke

    ReplyDelete