Let's talk about The Good and The Bad of MADE IN INDIA Motorcycles - Wandi - වණ්ඩි

Wandi - වණ්ඩි

Sri Lanka's leading website about Motorcycles. Keep in touch with us...

Click here to read this post in ENGLISH


Tuesday, May 11, 2021

Let's talk about The Good and The Bad of MADE IN INDIA Motorcycles



හැඳින්වීම



වර්තමානයේ ලංකාවේ භාවිතා වෙන යතුරුපැදි වලින් 70%කට අධික ප්‍රමාණයක් ඉන්දියාවෙන් ආනයනය කරන ලද යතුරුපැදිය. එය එසේ වීමට හේතුව මොකද්ද? ඉන්දියන් යතුරුපැදි ජපන් සහ යුරොපියානු යතුරුපැදි අභිබවා එන්නෙ කොහොමද ඔය කියන තරන් ඉන්දියන් යතුරුපැදි ලෙඩ ද නැත්තම් හොද ද අපි අද කතා කරමු ඒ ගැන...


ඉතිහාසය



1990 ට පෙර මෙරට සමස්ථ යතුරුපැදි අතුරි  80% ඉක්මවා ජපන් යතුරුපැදි බලාගන්න පුලුවන් උනා මීට පෙර නිදහසට සහ නිදහසෙන් පසු කාලීනව කාලයක් ජපන් සහ යුරොපානු යතුරුපැදි බහුතරයක් දැගන්න ලැබුන උදාහරණ හැටියට Triumph, BSB, Royal Enfield  වගෙ සන්නාමයන් පෙන්නල දෙන්න පුලුවන්. නමුත් 80 දශකය පහු වෙත්ම ලංකාව ඉන්දියාව සමඟ ආරම්භ කරගන්න සම්බන්ධතා සහ වෙලඳ ගිවිසුම් එක්ක වගේම ඒ වෙනකොට රට තුල තිබ්බ ආර්ථික තත්වය එක්ක ඉන්දියන් යතුරුපැදි සහ ත්‍රීරෝද රථ ද අනෙකුත් රථ වාහනද ආනයනය ආරම්භ වෙනවා. එතන් පටන් ඉතාම ඉක්මනින් ඉන්දියන් යතුරුපැදි මෙරට වෙලඳපොල  ආක්‍රමණය කරනවා.


මෙලෙස සීග්‍රයෙන් වෙලඳපොල ආක්‍රමණයට හේතු ගැන අපි දැන් පොඩ්ඩක් කතා කරමු.



මිල - ජපන් යතුරුපැදියක් මිල වගේ 1/4කට ඉන්දියන් යතුරුපැදියක් මිලට ගන්න පුලුවන් කම ලැබුනා.


වගකීම - වසරක් හෝ දෙදක වගකීම් කාලයක් ලැබෙනවා එක්කම ජපන් යතුරුපැදි වලට වඩා ඉන්දියන් බයික් වලට පිරිස ඇදි ගියා.


කල් බදු(ෆිනෑන්ස්) ආයතන උනත් ඉතා විශාල ලාබ ලබන්න පුලුවන් බව වටහා ගත් නිසා ජපන් ‍යතුරුපැදි වලට වඩා ලේසියෙන් ෆිනෑන්ස් පහසුකම ලබා ගගන්න ඉඩ ඉන්දියන් බයික් වලට හදලා සාදා දුනි.


දැන් අපි කතා කරමු මෙ ඉන්දියන් බයික් වල ගුණ අගුණ ගැන.


ගුණ


ඉන්ධන කාර්යක්ෂමතාවය : ජපන් යතුරුපැදි වලට සාපේක්ෂව ඉතාම ඉහල ඉන්ධන කාර්යක්ෂමතාවයක් ඉන්දියානු යතුරුපැදියකින් ලබා ගැනීමට හැකියාව පවතිනවා. සාමාන්‍යයෙන් CT100,Platina,Metro වැනි යතුරුපැදි පෙට්‍රල් ලීටර එකක කිලෝමීටර් 80කට වඩා වැඩි දුරක් ධාවනය ඉඩ සලසනවා. එමෙන්ම 200cc කාණ්ඩයේ NS200,RTR 200 වැනි යතුරුපැදි ද පෙට්‍රල් ලීටර එකකට අවම වශයෙන් කිලෝමීටර් 30ක දුරක් වත් ධාවනය ඉඩ සලසනවා.



පහසු නඩත්තුව : අමතර කොටස් සොයාගැනීමේ පහසුව, සාමාන්‍ය කාර්මික දැනුමක් ඇති අයෙකුට අලුත්වැඩියා කිරීමට හැකි වීම, ජපන් යතුරුපැදි වලට සාපේක්ෂව අඩු මිලක් වැය කර අමතර කොටස් මිලට ගැනීමට හැකි වීම, ටයර් සඳහා සාපේක්ෂව අඩු පිරිවැයක් දැරීමට සිදුවීම පහසුවෙන් සේවා නඩත්තු ස්ථාන සොයාගැනීමට හැකි වීම වැනි කරුණු මේ යටතේ පෙන්වා දිය හැකියි.


නව තාක්ෂණය අත් විදීමට හැකි වීම : සාමාන්‍යයෙන් 600cc ධාරිතාවයෙන් ඉහල ජපන් සහ යුරෝපානු යතුරුපැදි වල දැකගත හැකි EFI තාක්ෂණය ABS බ්‍රෙක් තාක්ෂණය මෙන්ම රයිඩින් මොඩ්ස් මේ වෙන විට ඉන්දියානු 200cc හා 150cc යතුරුපැදි වලටත් එකතු වීම නිසා එම යතුරුපැදි වල මිලෙන් 1/5 කටත් අඩු මුදලකට ඉන්දියානු යතුරුපැදි මිලට එම අංගයන් අත් විදීමට හැකි වීමත් එක් කරුණක්. කෙසෙ වෙතත් ඉහත සඳහන් කල 600,1000 යතුරුපැදි වල තරම්ම මෙම උපාංග තාක්ෂණයෙන් ඉහල නොවන බවත් සටහන් කල යුතුයි.


අගුණ



සාපේක්ෂව කල් පැවත්ම අඩු බව : ජපන් සහ යුරෝපීය යපස් උණුකර ලබා ගන්නා නව යකඩ වලින් නිෂ්පාදනය කරනා නමුත් ඉන්දියන් යතුරුපැදි පිරිවැය අඩුකර ගැනීමේ උපායක් ලෙසට පැරණි යකඩ උණු කර ලබා ගන්නා යකඩ වලින් යතුරුපැදි නිෂ්පාදනය කරනවා. මේ නිසා ඉක්මනින් මේ යතුරුපැදි වල ටැංකි සහ සැකිල්ල මත දිරුම් ඇති වනවා. එමෙන්ම අඩු ගුණාත්මක බවක් සහිත තීන්ත යොදා ගන්නා නිසා සාපේක්ෂව ඉක්මනින් තීන්ත වල වර්ණය හීන වනවා.


තනි සිලින්ඩර එන්ජින් පමණක් නිෂ්පාදනය කිරීම : ඉන්දියන් යතුරුපැදි යනු බජට් එක ඉලක්ක කර නිෂ්පාදනය කරනා යතුරුපැදි නිසා ඔවුන් නිෂ්පාදන පිරිවැය අඩුම එන්ජිම වන තනි සිලින්ඩර එන්ජින් යොදාගැනිමට පෙලඹි සිටිනවා. මේ නිසා බලගතුම ඉන්දියානු යතුරුපැදිය වන ඩොමිනා 400 අශ්වබල 42කටත් උපරිම වේගය පැයට කිලෝමීටර් 180කට ආසන්නවත් සීමා වනවා.


සාරාංශය


ඉන්දියන් යතුරුපැදි යනු බජට් එකට හිතවත් මධ්‍යම පාන්තික සහ අඩු ආදායම් ලබන බොහො දෙනාට යෝග්‍ය යතුරුපැදිය. නිසි වෙලාවට නඩත්තු කටයුතු කරගන්නේ නම් අවම වශයෙන් වසර 7ත් 10ත් අතර කාලයක් විශාල නඩත්තුවකින් තොරව මෙම යතුරුපැදි ධාවනය කල හැකි අතර 2010 පෙර මෙරට කරළියට පැමිණි ඉන්දියානු යතුරුපැදි ඉන් පසුව පැම්ණි යතුරුපැදි වලටත් වඩා කල් පැවත්ම අතින් ඉදිරියෙන් සිටිනවා.


උදාහරණ ලෙස Bajaj Discover 135, Pulsar 150/180/200 පැරණි මාදිලි, Bajaj Caliber 115 K Tec, Hero Honda CD100 වැනි යතුරුපැදි පෙන්වා දිය හැකියි.

ජපන් සහ යුරෝපානු යතුරුපැදි හා සමානවම යතුරුපැදි නිෂ්පාදනයට ඉන්දියාව සතුව සියලුම තාක්ෂණය සහ අමුද්‍රව්‍ය තිබුනද ඔවුන් ඉලක්ක කරන්නේ ඉල්ලුමට සැපයුම දෙන අඩු පිරිවැයක්ට වැඩි දෙයක් දිය හැකි වෙලඳපොල පමණි. නමුත් ඉදිරි වසර 10 තුල මෙම තත්වය ද වෙනස් විය හැක මන්ද වර්ථමානයේ ලොව විශාලතම යතුරුපැදි නිෂ්පාදකයා ඉන්දියාව වන අතර ලොව විශාලතම යතුරුපැදි නිෂ්පාදනය සමාගම Hero මෝටර් කොර්ප් ලෙසට සටහන් වෙනවා. එමෙන්ම බජාජ් සහ TVS මෙම ශේණිගත කිරීම් වල පලමු 10 දෙනා අතර සිටිනවා.


ඉන්දියන් යතුරුපැදියක් මිලට ගන්නා ඔබ ඔබේ යතුරුපැදියෙහි තරම සහ එහි කාර්යය වටහා ගනිමින් නිසි ලෙස නඩත්තු කරගෙන භාවිතා කරනවා නම් ඉන් එහා කිසිඳු ගැටලුවක් නැත...


ජපන් , යුරෝපානු, මැලේසියන් ඉන්දියන් කුමක් වූවත් ඔබ පදින යතුරුපැදියට ආදරය කරන්න ආරක්ෂා කරන්න යතුරුපැදිකරුවන් එකිනෙකා හට ගෞරව කරන්න... ඉදිරියේදි අපි ජපන් සහ යුරෝපානු යතුරුපැදි ගුණ අගුණ ගැන කතා කරමු.


කරුණාකර කතෘ අයිතිය සුරකින්න.


Wandi - වණ්ඩි©







No comments:

Post a Comment