XR 250 Motard කතන්දරේ - Wandi - වණ්ඩි

Wandi - වණ්ඩි

Sri Lanka's leading website about Motorcycles. Keep in touch with us...

Click here to read this post in ENGLISH


Saturday, December 8, 2018

XR 250 Motard කතන්දරේ



අද මාතෘකාව ව්දියට මෙරට තවත් ප්‍රසිද්ධ 250 කාණ්ඩයේ යතුරුපැදියක් වන XR250 Motarad එසේ නැත්නම් Honda XR 250 Supermotard යතුරුපැදිය ගැන කතා කරන්න තීරණය කලා.

ප්‍රථමයෙන් Motard යතුරුපැදිය ගැන කතා කිරීමට පෙර මෙහි ඉතිහාසය හා විකාශනය ගැන සුලු වශයෙන් අවධානය යොමු කරමු.

මුල්ම වරට 1979 වසරේදී Honda සමාඟම හඳුන්වාදුන් මෙම XR250L හා R යතුරුපැදි මාදිලි Dual Sports යතුරුපැදි අතර විශාල වෙනසක් කිරීමට සමත් උනා එමෙන්ම මෙම මාදිලිය ඉතා සීග්‍රයෙන් පරිනාමය වූ අතරම තාක්ෂණය ද වැඩි දියුණු වුනා.මෙහි ප්‍රධානම වෙනස්කමක් ලෙස 1984 දී RFVC ( Radial Four Valve Combustion Chamber ) එන්ජිමක් යොදාගැනීම පෙන්වා දිය හැකි අතර එකල අශ්වබල 19.9ක බලයක් මෙම එන්ජිම ජණනය කර දුන්නා.පසුව ද යම් යම් වෙනස්කම් වූ අතර 2004 වසර වන විට XR පලමු පරම්පරාව වෙනස් මානයකට හැරුණි ඒ වන විට මෙම එන්ජින් අශ්වබල 24ක බලයක් ජණනය කරනා එන්ජින් විය.

2004 වසරෙන් පසුව අද මාතෘකාව වන Honda XR 250 Motarad හා XR 250 වෙනස්ම මුහුනුවරකින් වඩා ආකාර්ෂණීය හා වේගවත් අශ්වබල 30ක එන්ජිමක් ද සහිතව වෙලඳපොලට නිකුත් විය.මෙම XR හා XR Motarad යන මාදිලි දෙකෙහි මූලික වෙනස්කම් ලෙස ටයර් ප්‍රමාණයන්, රිම් ප්‍රමාණයන්, ප්‍රමාණයෙහි වෙනස්කම් පෙන්වා දිය හැකි අතර Factory Fitted SM යතුරුපැදිය Big Wheel එසේ නැත්නම් Enduro මාදිලියට වඩා ප්‍රමාණයෙන් කුඩා හා බරින් කිලෝග්‍රෑම් 1කට ආසන්නව වැඩි විය මීට හේතුව රිම් සහ ටයර් වල වෙනස් ප්‍රමාණයන්ය.

ප්‍රථමයෙන් මෙම යතුරුපැදියෙහි එන්ජිම දෙසට යොමු උනොත් 249cc SOHC, Four-Stroke, Four Valve තනි සිලින්ඩර එන්ජිමකින් බල ගන්වා ඇති මේ යතුරුපැදිය අශ්වබල 30ක බලයක් ලබා දෙනවා.එමෙන්ම මෙරට මෙම යතුරුපැදිය සමඟ තරඟයට සිටින අනෙකුත් Motarad යතුරුපැදිය වන KLX250D Tracker,WR250X වැනි යතුරුපැදි ද අශ්වබල 29 හා 30 යන අගයන් ගෙන් පිලිවෙලින් බලය ලෙස ජනනය කර දෙනවා.

කෙසේ වෙතත් මෙම මාදිලි දෙකට සාපේක්ශව තාක්ෂණය අතින් අඩු යතුරුපැදියක් වන මේ XR පැයට කිලෝමීටර් 150කට ආසන්න වේගයක් ලබා දෙනමුත් මෙහි ඇති කටු මීටරය 140Kmph වේගයෙන් පසුව පෙන්නුම් කිරීමක් කරන්නේ නැහැ. නමුත් ඉහත කී WRX හා D Tracker යන මාදිලි දෙකෙහීම Digital මිටර් දැකගත හැකි අතර සාපේක්ශව වැඩි වේගයක් ද වැඩි දියුණු කල මෙම එන්ජින් වලින් ලබා ගැනිමට ඉඩ සලසනවා.නමුත් Honda XR250 හා XR250 Motard වෙත Digital මීටර් යොදා නොදුන්නත් 2004ට පෙර සිටම XR හී සහෝදර යතුරුපැදියක් වන XR Baja250 හී නම් Digital Meter එකක් දැකගත හැකි විය එය එසේ Honda සිදු කල හේතුව නම් සඳහන් වන්නේ නැහැ.

XR හී සිසිලන පද්ධතිය ලෙස වායු සිසිලන පද්ධතියක් ඇති අතර මේ නිසා සිසිලන පද්ධතිය ආශ්‍රිත ගැටලු හෝ විශේෂ නඩත්තු කිරීමක් අදාල කාණ්ඩයේ අනෙකුත් 250 SM යතුරුපැදි වලට සාපේක්ශව සිදු කිරීමට අවශ්‍ය නොවන හෙයින් නඩත්තුව අවම හා වියදම් අවම යතුරුපැදියක් ලෙසද මෙය පෙන්වා දිය හැකියි. නමුත් ද්‍රව සිසිලන පද්ධතියක් නොමැති හෙයින් අනෙකුත් එම කාණ්ඩයේ යතුරුපැදි එන්ජින් වලට වඩා මෙම එන්ජිම රත් වීම වැඩි අගයක් ගන්නා නමුත් මෙම 250 තනි සිලින්ඩර එන්ජිමෙන් පිට වන තාපය ඉතා අධික නොවන නිසාත් හොදින් එන්ජිම තුලට මෙහි සැකැස්ම නිසා වාතය ගලා යන හෙයිනුත් මෙය නිශ්පාදනය වූ රට ජපානය හා මෙය අපනයනය කල අනෙකුත් රටවල් බොහෝමයක් ශීත කාලගුණයක් සහිත වන නිසාත් මෙම වායු සිසිලන එන්ජිම විශාල ගැටලු ඇති කරන්නේ නැහැ.

මෙහි ඉන්ධන සැපයුම එම කාල සීමාව තුල වු බොහෝ යතුරුපැදි වල මෙන්ම කාබ් එකක් හරහා සිදු විය.හොන්ඩා සමාගමට අනුව පැයට කිලෝමීටර 60ට අඩුව Low RPM වල ගමන් ගන්නවා නම් පෙට්‍රල් ලීටර එකකට කිලෝමීටර 40කට ආසන්නව දාවනය කල හැකිය.ප්‍රායෝගිකව ගත් කල මෙම යතුරුපැදිය පෙට්‍රල් ලීටර එකකට කිලෝමීටර් 35ක පමණ ඉන්ධන කාර්යයකෂමතාවක් ඇති යතුරුපැදියක් වන අතර කාබ් එකක් හරහා ඉන්ධන සැපයුම වන 250 කාණ්ඩයේ එන්ජිමකට මෙය ඉතාම හොඳ මට්ටමක් ලෙස පෙන්වා දිය හැකියි.

වේග පද්ධතිය ලෙස ගියර් 6ක වේග පද්ධතියක් සමඟ Wet Multi-Plate Disk Clutch එකක් යොදාගෙන තිබෙන මේ යතුරුපැදියෙහි ගියර් ඉහල පහල කිරීම ඉතාම සුමටයි.

මෙහි පෙනුම හා සැකැස්ම ගැන අවධාන යොමු කලොත් පෙර සඳහන් කල පරිදි 2004 මුල් වරට කරළියට එන මේ Motarad මාදිලිය පෙර මාදිලියන් වලට වඩා තරුණ ආකාර්ෂණ ලබා ගත හැකි ලෙස නිපදවා ඇති අතර මෙයට ප්‍රධාන වශයෙන් උල් ආකාරයෙන් ඉතා හොඳ තත්වයේ අමුද්‍රව්‍ය යොදා තැනු උල් ආකාරයේ දෙපස ටැංකි ආවරණ,ඉදිරිපස කෙටි ෆෙන්ඩර් එක, කුඩා ඉදිරිපස ලාම්පුව හා රත්රන් පැහැ රිම් යුගලය උපකාර වනවා.
ලීටර 9.5ක ඉන්ධන ටැංකියකින් එන මෙම යතුරුපැදියෙහි Frame එක Double Cradle Frame එකක් වන අතර මෙහි Ground Clearance එක අඟල් 9.4ක් හා Seat Height එක අඟල් 33.6 ලෙසට සටහන් වනවා එම නිසා යතුරුපැදිය යම් හුරුවක් නැති උසින් අඩු අයෙකුට හැසිරවීමට තරමක් අපහසු වනවා.එමෙන්ම මේ වැඩි ඉඩක් සහිත Ground Clearance එක නිසා ඕනෑම දුෂ්කර මාර්ගයක පහසුවෙන් ගමන් කිරීමට ඉඩ සලනවා මෙය SM හා Enduro යතුරුපැදි වලටම ආවේනික වූ විශේෂ ගතිලක්ෂණයක්. මෙහි මුලු බර කිලෝග්‍රෑම් 120ක් ලෙසට සටහන් වන අතර අදාල කාණ්ඩයේ බරින් අඩුම SM යතුරුපැදියක්ද වනවා.මේ නිසා හැසිරවීමට වඩා වැඩි පහසුවක් ධාවකයා වෙත ලැබෙනවා.

මෙහි මීටර් පද්ධතිය ඉතාම සරල Analog ආකාරයේ මීටරයක් ලෙස ඇති අතර මෙහි 20 ගුණාකාරයෙන් 140 දක්වා වේගය ද ගමන් කර ඇති මුලු දුර ද,Trip Meter එකද පමණක් පෙන්නුම් කරයි. Fuel Gauge, RPM වැනි අංග මෙහි අන්තර් ගත නොවන එක යම් අඩුවක් ලෙස පෙනුනද බොහෝ SM යතුරුපැදි වල මෙය සාමාන්‍ය දෙයක් නමුත් තවත් මෙය අනෙකුත් SM යතුරුපැදි මිටර් වලට වලට වඩා ප්‍රාථමිකයි.මේ නිසාම දෝශ ඇති වීමේ සම්භාවිතාවය මෙන්ම හදිසි අනතුරකදි නැවත අලුතෙන් මීටරයක් එකතු කර ගැනීම සාපේක්ශව අඩු මිලකට කර ගත හැකියි.

මෙහි Suspension ලෙස ඉදිරිපස 41mm KYB USD Forks ද පසුපස Honda Pro Link Suspension ද යොදාගෙන ඇති අතර මෙය Off - Road හා On - Road යන මාද්‍ය දෙකේහිම ඉතා හොදින් යතුරුපැදිය හැසිරවීමට මෙන්ම ධාවකයාට සුවපහසුව ලබා දීමට හැකි ලෙස යොදා ගැනීමට Honda සමත්ව තිබෙනවා.

Tyres ලෙසට ඉදිරිපස 110/70 ප්‍රමාණයෙන් ටයර් එකක් ද පසුපස 130/70 පමාණයෙන් පසුපසටද ටයර් Factory Fitted Standard වලට අනුව පිට වන අතර අඟල් 17ක රිම් යුගලයක් ඉදිරිපස හා පසුපසට යොදාගෙන තිබෙනවා.

Brakes දෙසට අවධානය යොමු කලොත් ඉදිරිපස 260mm Disk එකක් සමඟ Nissin Caliper එකක් ද පසුපස 220mm Disk එකක් සමඟ Nissin කැලිපරයක් ද යොදා ඇති අතර ඉතා හොඳ තිරිංග ප්‍රතිචාරයක් මෙමගින් ලබා ගැනීමට ඉඩ ලැබෙනවා.

අවසාන වශයෙන් මෙම යතුරුපැදිය ගැන සටහනක් කලොත් 2004 වසරට පෙරද වූ Big Wheel යතුරුපැදි Supermotard ලෙස වෙනස් කිරීමකට ලක් කොට වෙනත් රට වල හා මෙරටද ධාවනය කල අතර මෙම තත්වය නිසාම හොන්ඩා සමාගම කර්මාන්තශාලාවෙන්ම ඔරිජිනල් සුපර්මොටො යතුරුපැදියක් ලෙසට XR250 Motarad වෙලඳපොළට නිකුත් කරන්නේ.එමෙන්ම 2000 වසරෙන් පසුව Supermotard යන යතුරුපැදි කෙරෙහි බොහෝ රට වල වැඩි ඉල්ලුමක් ද ඇති වුනි.

මෙම XR 250 හී Factory Fitted SM යතුරුපැදි ලෙස XR250 හා 400 මාදිලි කරළියට ආ අතර 2007 වසරේදි මෙහි නිශ්පාදන කටයුතු නැවතුනි එතනින් පසුව 2000 වසරේ අරළියට ආ Digital Meter,PGM EFI, Liquid Cool වැනි අංග සමඟ එන CRF මාදිලිය පමණක් වැඩි දියුණු කර විවිධ මාදිලි කිහිපයක් යටතේ වෙලඳපොලට නිකුත් කිරීම හොන්ඩා විසින් සිදු කරන ලදි.

50cc සිට 650 දක්වා පුලුල් පරාසයක විහිදෙන මෙම XR පවුලේ තවමත් නිපදවෙන තවත් ජනප්‍රිය මාදිලියක්  ලෙසට XR650L නම් කල හැකි අතර ඉදිරියේදී මේ මාදිලිය ගැනත් කතා කරමු.

මෙම නඩත්තු අවම 100% ජපානයේ නිශ්පාදනය වූ සුපිරි 250 Supermotard යතුරුපැදිය රුපියල් ලක්ෂ 5 සිට 7ක වැනි පරාසය මිලකට වර්ථමානයේ අලෙවි වනවා.

ඔබේ අදහස් යෝජනා චෝදනා අපගේ FB පිටුවට යොමු කරන්න.Youtube Channel එකත් Subscribe කරන්න.යතුරුපැදිය ගැන අදහසක් හා මෙහි විකාශනයෙහිදි සිදු වු වෙනස්කම් පහල ඡායාරූප නරඹා ලබා ගන්න.

කරුණාකර කතෘ අයිතිය සුරකින්න.

Wandi - වණ්ඩි©













No comments:

Post a Comment